
දුර්ලභ හා සොයාගැනීමට අපහසු ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව හා බැඳුණු පොත්පත්, ප්‍රකාශන හා වෙනත් දෑ ඔබ වෙත පහසුවෙන් සමීප කරලීම archaeoSTORE සේවාවේ අරමුණයි. මෙම සේවාව මඟින් කෘති හා ප්‍රකාශන ඔබ වෙත ලබා දීමේ දී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලකට ඒවා ලබාදීමට සිදුවන බව කාරුණිකව සලකන්න. අදාළ පොත්පත් ලබා ගැනීම, ගබඩා කිරීම, ඇසිරීම හා ඒවා ඔබ වෙත ලබා දීම මෙන් ම වෙබ් අඩවි, සයිබර් අවකාශ පවත්වාගැනීම සඳහා ඒ අමතර වටිනාකම් එකතු කිරීමට සිදු වේ. මෙම සේවාව තුළින් ආදායමක් ලැබෙන්නේ නම් එය නැවත ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්රයේ උන්නතිය සඳහා ම යොදවනු ලැබේ. මෙම සේවාව පිළිබඳව ඔබගේ අදහස් info@archaeology.lk ඔස් සේ අප වෙත දන්වා එවන්න.
archaeology.lk කණ්ඩායම
Events
december, 2019
No Events