ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන ජාතික පුරාවිද්‍යා සමුළුව සඳහා වන සාරාංශ පත්‍රිකා කැදවීම මේ වන විට අරඔා ඇත.

මෙවර ජාතික පුරාවිද්‍යා සමුළුවෙහි මාතෘකාව වශයෙන්,

“පුරාවිද්‍යාව විද්‍යාවක් ලෙස – අතීතය, වර්තමානය සහ අනාගතය.”

“Archaeology as a Science – Past, Modern and Future”

ජාතික පුරාවිද්‍යා සමුළුව සදහා සාරාංශ පත්‍රිකා ඉදිරිපත් කිරීම සදහා ඔබ පහත සුදුසුකම්වලින් එකක් හෝ සපුරා තිබිය යුතුය.

  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය අංශ නියෝජනය කරන නිලධාරියෙකු වීම.
  • විශ්ව විද්‍යාලවල පුරාවිද්‍යා හා ඉතිහාස අධ්‍යනාංශවල, මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා අධ්‍යයනාංශය හෝ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්යවරයෙකු හෝ ආචාර්යවරියක වීම.
  • ජාතික කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල dhe පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල පුරාවිද්‍යා විෂයට අදාළ නිලධාරියෙකු හෝ විද්වතෙකු වීම.
  • පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හෝ පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයෙකු වීම.
  • පුරාවිද්‍යාව හා ඒ හා සම්බන්ධ විෂයන්ට අදාළ උපාධිධාරීන් හා පශ්චාත් උපාධිලාභියෙකු වීම.
  • පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ අධිසාමාජිකයින් විසින් සහතික කරනු ලබන දේශණ පත්‍රිකා ද මේ සදහා සලක බලනු ලැබේ.

සාරාංශ පත්‍රිකාවල කර්තෘත්වය පහත පරිදි විය යුතුය.

  • කර්තෘන් දෙදෙනෙකුට වැඩි ප්‍රමාණයක් කර්තෘත්වය දරණ සාරාංශ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ දී එක් එක් සමකර්තෘවරයාගේ ශාස්ත්‍රීය විශේෂඥතාව සදහන් කර එවිය යුතුය. සාරාංශ පත්‍රිකා පිළිගැනීමේදී ඒ ඒ කර්තෘවරයාගේ දායකත්වය පත්‍රිකාවෙන් පිළිබිඹු වන ආකාරය වෙත අවධානය යොමු වේ. එසේ පිළිබිඹු නොවන අවස්ථාවල එම සාරාංශ පත්‍රිකාව ප්‍රතික්ෂේපවීමට හේතු වන බව දක්වා ඇත.

සාරාංශ පත්‍රිකාවන් හි,

  • වචන ප්‍රමාණය : 250 කට නොවැඩි විය යුතුය.
  • A4 කඩදාසියක එක් පසක සාරාංශ පත්‍රිකාව ද එහි අනෙක් පස කර්තෘන්, සමකර්තෘන් පිළිබද තොරතුරුද අඩංගු විය යුතුය.
  • මුඛ්‍ය පද ප්‍රමාණය : 5 කි.
  • භාෂාව : සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන් භාවිතා කල හැකිය.
  • එක් අයෙකුට උපරිම සාරාංශ පත්‍රිකා 02 ක් ඉදිරිපත් කල හැකිය.
  • සාරාංශ පත්‍රිකාව සමුහයක් විසින් ඉදිරිපත් කරන්නේ නම් එම සියලු දෙනා ඔවුන්ගේ කැමැත්ත සහතික කර යැවිය යුතුය(එසේ නොවන සාරාංශ පත්‍රිකා ප්‍රතික්‍ෂේප කෙරේ).

සාරාංශ පත්‍රිකා යොමු කිරීම,

  • සාරාංශ පත්‍රිකා 2019 පෙබරවාරි මස 15 වන දින හෝ එදිනට ප්‍රථම පහත ලියාපදිංචි ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට (E-Mail) යොමු කල යුතුය.
  • ලියාපදිංචි ලිපිනය : වැ.බ. අධ්‍යක්ෂක (ප්‍රවර්ධන)පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,කොළඹ 07.
  • විද්‍යුත් ලිපිනය (E- Mail) : arch.promotion2017@gmail.com
  • දුරකථන අංකය : 011 – 2688326 / 011 – 2665882 (දිල්හානි දිල්රුක්ෂිකා මහත්මිය)

(ඔබ සාරාංශ පත්‍රිකාවක් යොමු කිරීමෙන් අනතුරුව ඉහත දුරකථන අංකය වෙත ඇමතුමක් මගින් දැනුවත් කරන්න.)

පර්යේෂණ පත්‍රිකා තෝරා ගැනීම සම්බන්ධ තොරතුරු,

  • පර්යේෂණ පත්‍රිකා තෝරා ගැනීම විද්වත් මණ්ඩලයක් මගින් සිදුකරනු ලැබේ.
  • 2019 පෙබරවාරි මස අවසන් සතිය හෝ 2019 මාර්තු මස ඇතුලත සාරාංශ පත්‍රිකා තෝරා ගැනීම පිලිබදව දන්වනු ලැබේ.
  • 2019 අප්‍රේල් මස මුල් සතිය වන විට සම්පුර්ණ පත්‍රිකා කැදවා අවසන් කරනු ලැබේ.
  • ප්‍රමාද වී කරනු ලබන ඉල්ලීම් ප්‍රතික්ෂේප වේ.
reklamat

LERË NJË PËRGJIGJE

Ju lutemi shkruani komentin tuaj!
Ju lutemi shkruani emrin tuaj këtu

Kjo faqe përdor Akismet për të reduktuar spamin. Mësoni se si përpunohet komenti juaj.