Wednesday, November 13, 2019
Home Tags Sri Lanka

Tag: Sri Lanka

අනුරාධපුර, ඇතුළු නුවර

එන්.එච්. සමරසිංහ ක්‍රිස්තු පූර්ව පස් වන සියවසේ දී පමණ පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුර නගරය හා බලකොටුව ඉදිකරන්නට ඇතැයි සැලකේ. පසු කාලීනව අනුරාධපුර ඇතුළු නුවර බලකොටුව...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 12 : ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ...

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳ උනන්දු අයගේ විශේෂ අවධානයට පාත‍්‍ර වී ඇති යුගයකි, ගල් යුගයේ මෑතම කාලපරිච්ඡේදය වන නවශිලා යුගය. මානව පරිණාම ගමන් මාර්ගයේ තවත් එක් විශේෂ යුගයක් වන මෙය අලුත් ගල් යුගය යන අරුත ගෙන එන අයුරින් නවශිලා හෙවත් නියෝලිතික කාලපරිච්ඡේදය (Neolithic Period) යනුවෙන් නම්කර ඇත. 'නියෝ' (Neo) යන්නෙන් නව හෙවත් අලුත් (New) යන්නත් 'ලිතික්' (Lithic) යන්නෙන් ගල් (Stone) යන්නත් අදහස් කර ඇත. ශබ්දකෝෂ හා විශ්වකෝෂයන්ගේ මෙම වචනය පිළිබඳ පරික්ෂා කිරීමේ දී හඳුනාගත හැක්කේ මානව පරිණාමයේ හමුවන ශිලා තාක්ෂණික යුගයේ අවසාන කාලපරිච්ඡේදය මෙම යෙදුමෙන් පැහැදිලි වන බවයි. ලංකාවේ දී නවශිලා යුගය, නියෝලිතික යුගය හා අලුත් ගල් යුගය වැනි විවිධ යෙදුම්වලින් මෙම කාලපරිච්ඡේදය හඳුන්වන බව දැකගත හැකි වේ.

archaeology.lk ‌‌සමාජ සත්කාරයක් : භූගෝලීය තොරතුරු පද්ධති වැඩමුළුවේ ගාස්තු‌වෙන් 40%ක් ....

පසුගිය 2019 අගෝස්තු 31 දින හා සැප්තැම්බර් 1 වැනි දින කොළඹ 7 පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR) විසින් 'පුරාවිද්‍යා දත්ත දෘශ්‍යකරණය හා විශ්ලේෂණය...

පොළොන්නරුව, ගල් විහාරයේ ප‍්‍රතිමා

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගල් විහාරය නමැති උත්කෘෂ්ඨ මනරම් බුද්ධ ප‍්‍රතිමා පන්තියකින් සමන්විත සිද්ධස්ථානය බිහි විය. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්ථය සහිත 'උත්තරාරාමය' යන නමින් හඳුන්වා ඇත. විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් පසු කාලයේ මෙම සිද්ධස්ථාන 'ගල් විහාරය' යන නමින් මහජනතාව අතර ප‍්‍රචලිත වන්නට ඇති බව මහැඳුරු ආරිය ලගමුවගේ අදහසයි (ලගමුව 1999:142). මහාවංසයේ මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකර වූ බව පැහැදිලිව සඳහන්ව ඇත.

මහනුවර, නාගරික උරුම සංරක්ෂණය හා ප‍්‍රජා සහභාගීත්වය

උරුම සංරක්ෂණය බහුවිධ පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීමෙන් සිදු වන කි‍්‍රයාදාමයක් වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් උරුම ක්ෂේත‍්‍රය තුළ සහ හාත්පස ජීවත් වන ප‍්‍රදේශීය ප‍්‍රජාව නො සලකා හැරීමේ හෝ ප‍්‍රතිලාභ අහිමි වීමේ තත්වයකට මුහුණ පෑමට සිදු වී ඇත. උරුම කළමනාකරුවන් හා සැලසුම්කරුවන් මුහුණ දී ඇති ප‍්‍රබල අභියෝගයක් වන්නේ උරුම සම්පත් සංරක්ෂණය සහ ප‍්‍රජා යහසාධනය අතර තුලනයක් ඇති කිරීම ය. දියුණු වෙමින් පවතින රටවල උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණයේ දී සහ සංවර්ධනයේ දී පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම හා සහයෝගය ප‍්‍රවර්ධනය කිරීම සඳහා විවිධ කි‍්‍රයාමාර්ග ගෙන ඇති අතර සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇත්තේ ඉන් අතළොස්සක් පමණි.

බුදුරුවගල පුද බිම

ශ්‍රී ලංකාවේ ගල් කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රථිමාව ඇත්තේ  බුදුරුවගල පුදබිමේ ය. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකින විට බැතිබර සිත් පුබුදුවාලයි....

නයිගල විහාරය යනු අතීත ‘කාලපබ්බත’ වෙහෙර ද?

රෝහණ රාජධානියට අයත් බෞද්ධ සිද්ධස්ථාන අතර නයිගල ආරාම සංකීර්ණයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ජනප‍්‍රවාද තොරතුරුවලට අනුව මහානාග හා ගෝඨාභය රජවරුන්ගේ අනුග‍්‍රහයෙන් මෙම ආරාම සංකීර්ණයේ ආරම්භය හා සංවර්ධනය  සිදු වේ.කෙසේ නමුත් ආරාම පරිශ‍්‍රයේ දක්නට ලැබෙන සෙල්ලිපිවල එහි පැරණි නාමය කාලපබ්බත විය හැකි බව දක්ව

අභිලේඛන මඟින් අනාවරණය වන කණිට්ඨතිස්ස රජු ගේ ජීවන චරිතය

බැරගම සද්ධානන්ද හිමි පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම ඉතිහාසය යනු, අතීත සිද්ධීන් පිළිබඳ විස්තරයක් හෙවත් යටගියාව පිළිබඳව වර්තමානයේ සිදුකෙරෙන අධ්‍යයනයක් ලෙස ගිනිය හැකි...

‘ඓතිහාසික ස්මාරක ස්ථාන ආශ්‍රිත කුරුටු සටහන් සංකේත’ කෘතිය පිළිබඳ සටහනක්

 “ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බොහෝ ස්මාරක ස්ථානවල අපට වසර දහස් ගණනක සිට නිශ්චිත අර්ථනිරූපණය කරන ශිලා ලේඛන සාධක විශාල ප්‍රමාණයක් හමුවී...

තිරියායේ පිහිටි ගිරිහඬු සෑ පුද බිම

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ ‌වෙළෙඳුනට වැදගත් ‌වෙළෙඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ වෙළඳාමට පැමිණි වෙළඳුන් දෙ දෙනෙකුගෙන් වෙළඳ භාණ්ඩ වලට වඩා ඉමහත් වටිනාකමකින් යුත් දායාදයක් ශ්‍රී ලාංකිකයනට ලැබී ඇත. ඒ අද ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් බවට පත්ව ඇති, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි.
X
X