Home Tags Siran Upendra Deraniyagala

Tag: Siran Upendra Deraniyagala

දකුණු ආසියාතික ඉතිහාසය හා පුරාවිද්‍යාව වෙනුවෙන් විප්ලවීය ශ‍්‍රී ලංකා ගිනිපුපුර

ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, නේපාලය, තිබ්බතය හා ගිණිකොණදිග ආසියාතික කලාපයේ බොහෝ ප‍්‍රදේශවල වර්තමානිකයින්ගේ මුතුන්මිත්තන් විසින් බ‍්‍රාහ්මී නමින් හඳුනාගන්නා අක්‍ෂර මාලාව භාවිත කරන ලදී. මෙම බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාව ඉන්දියාවේ අසෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමයට අනුයාත ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවස කාලයේ දී ප‍්‍රභවය වූ බව මේ දක්වා පිළිගෙන ඇති මතයයි.

අන්දරවැව, මෙගලිතික සුසානයෙන් හමු වූ බ‍්‍රාහ්මී ලේඛන හා ශී‍්‍ර ලංකාවේ පැරණිම...

සිරාන් දැරණියගල විසින් 1988 වර්ෂයේ දී අනුරාධපුර ඇතුළුපුරයේ සිදුකරන ලද AMP 88 හා රොබින් කනිංහැම් විසින් සිදු කර ඇති AMP 88 කැනීමෙන් සොයාගෙන ප‍්‍රකාශයට පත්කර ඇති ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන කි‍්‍රස්තු පූර්ව 500-600 කාලයට අයත් වන බවට දැරණියගල විසින් ප‍්‍රකාශයට පත්කර ඇති කරුණ, අන්දරවැව මෙගලිතික සුසාන ආශ‍්‍රිත කැනීමෙන් හමු වූ මැටි බඳුන් මත පිළිස්සීමෙන් පසුව සටහන් කර ඇති බ‍්‍රහ්මී අක්‍ෂරවලින් තහවුරුවන බව පෙන්වා දිය හැකිය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 11 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය III/III...

මානවයා විසින් ප‍්‍රධාන වශයෙන් වින්දනය අරමුණු කරමින් කලාව පිළිබඳ ආකල්පය ඇති කරගන්නා අතර මානවයාගේ මනසේ ඇතිවන්නා වූ සංවර්ධනයේ ඵලයක් වශයෙන් ද කලාව කෙරෙහි ආශක්ත වීමට අවස්ථාව ඇතිකර ගනී. ගෝලීය මට්ටමින් සලකා බැලූ විට මානවයා ඉහළ පුරාශිලා යුගයේ අත්කරගන්නා මානසික ප‍්‍රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකෘති නිර්මාණය කරන බව පුරාවිද්‍යාඥයින් හා කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ලොක් ප‍්‍රකට දකුණු ප‍්‍රංශයේ ලැස්කෝස් ගුහා (අදින් වසර 20,000 පමණ) හා උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවන්හි (ක‍්‍රිස්තු පූර්ව 34,000-12,000) ඇතුළු භිත්ති මත සටහන් කර ඇති සත්ව රූ මේ සම්බන්ධයෙන් ඇති ලෝ ප‍්‍රකට සිතුවම් අතර පවතී. ඊට අමතරව ලෝකයේ විවිධ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වී ඇති පැස්බර බිත්තර කටුවල සටහන් කර ඇති සැරසිලි සටහන් මෙන් ම මැටියෙන් සකස් කළ මවුදෙවඟන නිරූපණය වේ යැයි සැලකෙන කාන්තා ස්වරූපි රූ කම් ද ඉහළ පුරාශිලා යුගයේ මානවයාගේ කලාත්මක චින්තනය ප‍්‍රකට කරන නිදර්ශක අතර පවතී. මේ නිර්මාණ කාලනීර්ණ වශයෙන් සලකා බැලූ විට ලංකාවේ මධ්‍යශිලා යුගය හා සැසදෙන 35,000-20,000ක් පමණ කාලයට ගමන් ගන්නා බව ද පෙනී යයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 9 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය –...

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. හැඳින්වීම මානව අතීතය අධ්‍යයනය කිරීමේ දි හමුවන සංස්කෘතික යුග අතුරින් පුරාශිලා හෙවත් පැලියෝලිතික...

ශී‍්‍ර ලංකාවේ පුරාණ මැටි බඳුන් (පුරාවිද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ විමසුමක්)

ලෝක මැටි බඳුන් භාවිතය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක දී විශේෂ අවධානයක් යුරෝපියානු කලාපයට හිමි වේ. මැටි බඳුන් නිර්මාණය හා භාවිතය කෙරෙහි මානවයා නව ශිලා යුගයේ දී යොමු වන්නනට ඇති බව විශ්වාස කරන අතර එය යුරෝපියානු කාලාපය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූවක් බව විද්වත් පිළිගැනීම යි. ලෝක මැටි බඳුන් නිෂ්පාදනයේ සකපෝරුව සොයා ගත් ශිෂ්ටාචාරය ලෙස ඊජිප්තු ශිෂ්ටාචාරය හඳුනා ගැනීම ද ඒ අතර විශේෂ වේ. ආසියානු කලාපයේ පුරාණ මැටි බඳුන් භාවිතය පිළිබඳව පැරණිම සාධක අදින් වසර 12,000ක් පැරණි බව විද්වත් පිළිගැනීමයි. යුරෝපය වාසය කළ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයා ආසියාතික කලාපයට විසරණය වීමත් සමග මැටි බඳුන් තාක්‍ෂණය ද සංක‍්‍රමණය වන්නට ඇත. ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය ආසියානු කලාපයේ සෙසු රටවල් සමග සැසදීමේ දී සම කාලීන වේ. ඇතැමෙක් එය නවශිලා යුගයේ සිදුවූවක් බව තර්ක කළ ද පිළිගැනීමට ප‍්‍රමාණවත් සාධක මෙතෙක් නොමැති තරම් ය. දකුණු ඉන්දියානු කාල රක්ත මැටි බඳුන් හා සම කාලීන ව ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය සිදු වූ බව පිළිගැනීම යුක්ති සහගත ය.

පුරාවිදු කතිකා, ප්‍රශ්න අංක 2 : අාචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

ප්‍රශ්න අංක 2 : ආචාර්යතුමනි, යම්කිසි විෂයක ප්‍රවීනයෙකු වීමේ දී ලබා ගන්නා විධිමත් අධ්‍යාපනය එ තුමාට බලපානවා. සමහර විට විධිමත් අධ්‍යාපනයනට වඩා වැඩියෙන් අවිධිමත්...

පුරා විදු කතිකා, ප්‍රශ්න අංක 1 : අාචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

ප්‍රශ්න අංක 1 :  අපි කැමතියි මුළින් ම දැන ගන්න, කුඩා කාලයේ ඔබ තුමාගේ පිය තුමා යටතේ හා එයින් පරිබාහිර ව පුරාවිද්‍යා විෂය සම්බන්ධයෙන් ලැබූ...

අනුරාධපුර, ඇතුළුනුවර හා පුරාවිද්‍යා පර්යේෂණ

සටහන හා ඡායාරුප චන්දිම බණ්ඩාර අඹන්වල විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර දසදහස් ගණනකින් සමන්විත ශ්‍රී ලංකාවේ එම පුරාවිද්‍යා ස්ථාන අතුරින් බෙහෙවින් වැදගත් පුරාවිද්‍යා භූමියක්...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 6 : පුරාශිලා යුගය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. පුරාශිලා යන වචනයෙන් හැඟවෙන ආකාරයෙන් ම මෙ මගින් කියැවෙන්නේ පැරණි ශිලා යුගය (old stone...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 5 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නූතන අවධිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, සාමාජීය විද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේණ අතීතය පිළිබඳ ව...
X
X