Home Tags Siran Deraniyagala

Tag: Siran Deraniyagala

ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ ඛනිජ සම්පත් පරිහරණය

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විවිධ කාල පරාසවල මානව ජනාවාසකරණය සම්බන්ධයෙන් ඉතා වැදගත් වූ භුමි ප‍්‍රදේශයක් ලෙස ඌව පලාත හැදින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කරන ලද ගිහිපැවිදි විද්වත්හු ශ‍්‍රී ලංකාද්වීපයේ ආදිතම මානව ජනාවාස වීම් සම්බන්ධව ඉතිහාසයේ වැදගත් භූමි ප‍්‍රදේශ ලෙස සළකනු ලැබ ඇත්තේ උතුරු මැද පලාත මුල් කරගත් අනුරාධපුරය හා මාගම මුල් කරගත් තිස්සමහාරාමය ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශ වේ. එම නිසා ශ‍්‍රී ලංකාවේ ආදිතම ඉතිහාසයට අයත් මධ්‍යම කඳුකරය හා ඌව පලාත තුළ වූ ආදිතම ජන පැළපදියම් වීම් හා එහි සම්පත් පරිහරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ඉතිහාසය ලියා ඇති ඉපැරණි මූලාශ‍්‍රය ග‍්‍රන්ථ තුළ තොරතුරු අන්තර්ගත වන්නේ මද වශයෙන් නිසා මෙම භූමි ප‍්‍රදේශයේ ආදිතම ඉතිහාසයට අයත් තොරතුරු ආන්තිකකරණයකට ලක්වී තිබේ. විශේෂ භූ රූපණයක් සහිත මධ්‍යම කඳුකරයේ කොටසකට හා අන්තර් මධ්‍යම මෙන්ම වියළි කලාපයට අයත්ව ඌව පලාත පිහිටා තිබේ. මෙම පලාතට අයත් ප‍්‍රධාන දිස්ත‍්‍රික්ක වන්නේ බදුල්ල හා මොනරාගල දිස්ත‍්‍රික්කයන්ය. ඌව පලාත තුළ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මෙම ප‍්‍රදේශවල මුල් ජන පැලපදියම් වීම් හා සම්පත් පරිහරණ ක‍්‍රියාවලියට අදාළ පුරාවිද්‍යා සාධක උතුරු මැද පලාතට වඩා බොහෝ පැරණි වන බව හඳුනාගෙන තිබේ. මෙම රචනය තුළින් සාකච්ඡාවට බඳුන් වන්නේ ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික සංස්කෘතික අවධිවල සිදු වූ මායව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණයේ ඉතිහාසය පිළිබඳවය.

පුරාවිද්‍යාඥයින් පිරිසක් ජනාධිපති සම්මානයට පාත්‍ර වේ

2018 වසර සඳහා අදාළ "විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාණ" උළෙලෙ දී ලංකාවේ ප්‍රමුඛපෙළේ පුරාවිද්‍යාඥ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ඇතුළු පිරිසක් සම්මාණයට පාත්‍ර වි ඇත. ඒ අනුව, ආචාර්ය එච්. නිමල් පෙරේරා, ඔෂාන් වෙදගේ, ආචාර්ය සිරාන් දැරණියගල, ජූඩ් පෙරේරා හා සමන් ඇරෑගම යන පුරාවිද්‍යාඥයින් මෙලෙස සම්මාණයට පාත්‍ර වී ඇත.  ඔවුන් විසින් පසුගිය වසරේ දී ලෝකයේ ප්‍රමුඛ පෙළේ සඟරාවක් වූ  Journal of Human Evolution 2017 හි පළ කරන ලද Fruits of the forest: Human stable isotope ecology and rain forest adaptations in Late Pleistocene and Holocene (∼36 to 3 ka) Sri Lanka ලිපිය සඳහා මෙම සම්මාණයට පාත්‍ර වී ඇත. මෙම පර්යේෂණාත්මක ලිපිය සඳහා Patrick Roberts, Nimal Perera, Oshan Wedage, Siran Deraniyagala, Jude Perera, Saman Eregama, Michael D. Petraglia, Julia A. Lee-Thorp යන විද්වතුන් තම දායකත්වය සපයා ඇත.

බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවෙන් අනාවරණය වි ඇති සාධක...

මහාවංසය වැනි පාළි වංසකාවල දැක්වෙන අදහස් හා අනුගත වෙමින් පෙරදිග බොහෝ විද්වතුන් විසින් පිළිගනු ලැබූයේ ලංකාවේ ලේඛන ක‍්‍රමය ඇති මූල ඓතිහාසික යුගයේ ආරම්භය දේවානම්පියතිස්ස රජ සමයේ දී සිදු වූ බවයි. එනම් ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසෙන් ලංකාවේ මූල ඓතිහාසික යුගය සනිටුහන් වන බවයි. එහෙත් අනුරාධපුර ඇතුළු නගරයෙන් අනාවරණය වූ සාධක අනුව මේ වන විට ලංකාවේ මූල ඓතිහාසික යුගය ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවස දක්වා සියවස් තුනක් ආපස්සට ගමන් කරන බව තහවුරු වී ඇත. පසුගිය දශක තුනක පමණ කාලය තුළ දී ඉන්දීය විද්වතුන් විසින් මේ තත්ත්වය පිළිගැනීමට මැළිකමක් දැක් වුව ද පසු කාලීනව දකුණු ඉන්දියාවේ සිදුකරන ලද කැනීම් තුළින් ලද සාධක අනුව ඔවුන් දැන් ඒ මතය පිළිගැනීමට ඉදිරිපත් වී ඇත. මේ අතුරින් ප‍්‍රකට විද්වතෙකු වූ ඉරවතම් මහාදේවන් හා කේ. රාජන් පෙරමුණ ගෙන ඇත. එබැවින්, මූල ඓතිහාසික යුගයේ ආරම්භය පිළිබඳ ව පිළිගෙන සිටි ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ සිට අවම වශයෙන් තවත් වසර තුන් සියයක් ආපස්සට ගෙන යාමට කලාපීය වශයෙන් කෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව හැකි වී ඇති බව පිළිගත යුතු ව ඇත.
X
X