Advertisements
Home Tags Rev.Beragama Saddhananda

Tag: Rev.Beragama Saddhananda

සමාජ නව්‍යයකරණය හේතුවෙන් අභාවයට යන පොල්ලේබැද්ද ආදිවාසීන්ගේ සංස්කෘතික උරුමය

දානිගල, හේනේබැද්ද සහ බිංගොඩ සාම්ප‍්‍රදායික නිජභූමි අහිමි ව 1940 සිට වරින්වර පැමිණ පොල්ලේබැද්ද  ග‍්‍රාමයේ ජීවත් වන වැදිජනතාවගේ වර්තමාන ස්වරූපය අධ්‍යයනය කිරීමයි. සමාජ නවීකරණය හමුවේ වෙනස් වූ සිරිත්විරිත්, චාරිත‍්‍ර වාරිත‍්‍ර, ආර්ථික පසුබිම, භාෂා ව්‍යවහාරය හා වර්තමාන සමාජ ගැටලූ  පිළිබද ව අවධානය යොමු කිරීම..

1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනත : අන්තර්ගතය හා එහි...

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම ඕනෑම සමාජ ව්‍යුහයක පැවැත්ම හා ආරක්‍ෂාව පිණිස තත්කාලීන සමාජ සන්දර්භයට ගැලපෙන නෛතික පසුබිමක්...

පුරාණ ලංකාවේ ක‍්‍රියාත්මක බැංකු ක‍්‍රම පිළිබඳව කියැවෙන තෝනිගල සෙල්ලිපිය

වව්නියාවේ සිට හොරොව්පොතානට පිවිසෙන මාර්ගයේ 6 වැනි සැතපුම් කණුවට මදක් නුදුරින් උතුරු දිශාවට වන්නට උතුර - උතුරු මැද දෙ පලාත වෙන් කරන සීමාවෙහි තිලක්කුලම නම් පෙදෙසේ පිහිටි ගල් තලාවක් මත තෝනිගල සෙල්ලිපිය සටහන්ව ඇත. එසේම ‘නාගරගල’ යන නමින්ද මෙම ස්ථානය ගම් වැසියෝ හඳුන්වනු ලබති. සෙල්ලිපිය පිහිටි පර්වතය හාත්පස බෙහෙවින් විනාශයට පත්ව ඇති විවිධ ආරාමික වාස්තු විද්‍යාත්මක අවශේෂයන් බොහොමයක් දැක ගත හැකි ය. මෙම නටඹුන් වලට ආසන්නව ගල්තලාවේ වෙන් වෙන්ව සටහන් කල සෙල්ලිපි තුනක් දැකගත හැකි ය. මින් එකක් අපගේ මාතෘකාවට අදාල සෙල්ලිපිය වන අතර අනෙක එම සෙල්ලිපියේම තවත් පිටපතක කොටසකි. ඇතැම්විට ප‍්‍රථමයෙන් ලියන්නට පටන් ගන්නට ඇත්තේ දෙ වැනියට කී සෙල්ලිපිය විය හැකි ය. එය කෙටීමේ දී සිදු වූ කිසියම් දෝෂයක් නිසාවෙන් ලිපිය බාගෙට සටහන් කර නවතා දමා නව ලිපිය සම්පූර්ණ වශයෙන් සටහන් කළා වීමට පිළිවන. අනෙක් තුන්වැනි ලිපිය තෝනිගල ප‍්‍රධාන ලිපියට සියවස් කිහිපයකට පෙර ලියන ලද තනි අක්‍ෂර පෙලකින් යුතු ලිපියකි. මෙම ලිපිය මෙතෙක් පලකළ බවට සාධක නැත. සෙනරත් පරණවිතාන පවා දැක ඇත්තේ මුලින් සදහන් කළ ලිපි දෙක පමණි (Paranavitana 1933:197).  නමුත් මෙහි දී අපගේ අවධානය යෙමුවන්නේ අක්‍ෂර පේළි 17කින් යුතු ප‍්‍රධාන ලිපිය පිළිබඳව ය. මෙහි මුල් අක්‍ෂර පේළි හතර අඩි 9ක් දිගින් ද පහේ සිට දහසය දක්වා ඇති පේළි අඩි 8ක් හා අවසාන පේළිය අඩි 2ක් දිගින් යුක්ත ය. අඩි 10ක පමණ ප‍්‍රදේශයේ පැතිරුණු ලිපියෙහි එක් අක්‍ෂරයක සාමාන්‍යය ප‍්‍රමාණය වන්නේ අඟල් 3ක් පමණ ය.

ශී‍්‍ර ලංකාවේ පුරාණ මැටි බඳුන් (පුරාවිද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ විමසුමක්)

ලෝක මැටි බඳුන් භාවිතය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක දී විශේෂ අවධානයක් යුරෝපියානු කලාපයට හිමි වේ. මැටි බඳුන් නිර්මාණය හා භාවිතය කෙරෙහි මානවයා නව ශිලා යුගයේ දී යොමු වන්නනට ඇති බව විශ්වාස කරන අතර එය යුරෝපියානු කාලාපය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූවක් බව විද්වත් පිළිගැනීම යි. ලෝක මැටි බඳුන් නිෂ්පාදනයේ සකපෝරුව සොයා ගත් ශිෂ්ටාචාරය ලෙස ඊජිප්තු ශිෂ්ටාචාරය හඳුනා ගැනීම ද ඒ අතර විශේෂ වේ. ආසියානු කලාපයේ පුරාණ මැටි බඳුන් භාවිතය පිළිබඳව පැරණිම සාධක අදින් වසර 12,000ක් පැරණි බව විද්වත් පිළිගැනීමයි. යුරෝපය වාසය කළ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයා ආසියාතික කලාපයට විසරණය වීමත් සමග මැටි බඳුන් තාක්‍ෂණය ද සංක‍්‍රමණය වන්නට ඇත. ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය ආසියානු කලාපයේ සෙසු රටවල් සමග සැසදීමේ දී සම කාලීන වේ. ඇතැමෙක් එය නවශිලා යුගයේ සිදුවූවක් බව තර්ක කළ ද පිළිගැනීමට ප‍්‍රමාණවත් සාධක මෙතෙක් නොමැති තරම් ය. දකුණු ඉන්දියානු කාල රක්ත මැටි බඳුන් හා සම කාලීන ව ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය සිදු වූ බව පිළිගැනීම යුක්ති සහගත ය.
X
X