Home Tags Primitive Rock Art

Tag: Primitive Rock Art

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 11 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය III/III...

මානවයා විසින් ප‍්‍රධාන වශයෙන් වින්දනය අරමුණු කරමින් කලාව පිළිබඳ ආකල්පය ඇති කරගන්නා අතර මානවයාගේ මනසේ ඇතිවන්නා වූ සංවර්ධනයේ ඵලයක් වශයෙන් ද කලාව කෙරෙහි ආශක්ත වීමට අවස්ථාව ඇතිකර ගනී. ගෝලීය මට්ටමින් සලකා බැලූ විට මානවයා ඉහළ පුරාශිලා යුගයේ අත්කරගන්නා මානසික ප‍්‍රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකෘති නිර්මාණය කරන බව පුරාවිද්‍යාඥයින් හා කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ලොක් ප‍්‍රකට දකුණු ප‍්‍රංශයේ ලැස්කෝස් ගුහා (අදින් වසර 20,000 පමණ) හා උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවන්හි (ක‍්‍රිස්තු පූර්ව 34,000-12,000) ඇතුළු භිත්ති මත සටහන් කර ඇති සත්ව රූ මේ සම්බන්ධයෙන් ඇති ලෝ ප‍්‍රකට සිතුවම් අතර පවතී. ඊට අමතරව ලෝකයේ විවිධ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වී ඇති පැස්බර බිත්තර කටුවල සටහන් කර ඇති සැරසිලි සටහන් මෙන් ම මැටියෙන් සකස් කළ මවුදෙවඟන නිරූපණය වේ යැයි සැලකෙන කාන්තා ස්වරූපි රූ කම් ද ඉහළ පුරාශිලා යුගයේ මානවයාගේ කලාත්මක චින්තනය ප‍්‍රකට කරන නිදර්ශක අතර පවතී. මේ නිර්මාණ කාලනීර්ණ වශයෙන් සලකා බැලූ විට ලංකාවේ මධ්‍යශිලා යුගය හා සැසදෙන 35,000-20,000ක් පමණ කාලයට ගමන් ගන්නා බව ද පෙනී යයි.

ප‍්‍රාථමික ශෛලියේ සිතුවම් හා අම්පාර, හුලංනුගේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය අදින් වසර එක්ලක්ෂ විසිපන්දාහකට පෙර ආරම්භ වී ක‍්‍රියාත්මක වී ඇති බව හඳුනාගෙන ඇත (දැරණියගල, 1991:25-26). මෙම යුගයේ ජිවත් වූ මානවයින් තමන්ගේ වාසස්ථාන ලෙස තෝරාගන්නා ලද්දේ ගල් ලෙන් හා විවෘත භූමි ය. මේ පිළිබඳ සාධක මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක කැනීම් හා ගවේෂණයන්ගෙන් ලැබි ඇත. ෆා-හියංගල, කිතුල්ගල, බටදොඹලෙන, දොරවක ආදි ගුහා ක්ෂේත‍්‍රයන් හා  බුන්දල, පතිරාජවෙල, උස්සන්ගොඩ යන එළිමහන් භූමිත් එහි දී වැදගත් වේ. චාල්ස් ඩාවින්ගේ සත්ත්ව සම්භවයත් මානව පරිණාමයත් පිළිබඳ ව නව ඉගැන්විම් සමාජගත විමත් සමඟ ප‍්‍රාග් මානව සමාජයන් පිළිබඳ ව පුළුල් ව අධ්‍යනය කිරීම ඇරබි අතර එහි ප‍්‍රථිඵලයක් ලෙස ලංකාවේ ජීවත් වන වැදි ජනතාව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ජිවත් වූ බලංගොඩ මානවයන්ගෙන් පැවත එන ජන කොටසක් බව හඳුනාගැනීම සඳහා විවිධ පර්යේෂණ සිදු කර ඇත.
X
X