Home Tags Polonnaruva

Tag: Polonnaruva

පුරාණ ලංකාවේ බලකොටු හා ඒ හා බැඳුණු ආරක්‍ෂක ක‍්‍රමවේද

පුරාතන සහ වර්තමාන ලෝකයේ බිහි වු ආරක්‍ෂක විශේෂඥයින් අනේකවිධ හේතු මත විවිධාකාර හැඩයෙන්, විශාලත්වයෙන් යුතු බලකොටු ඉදිකලහ. ඒවායේ ආරක්‍ෂාවට විවිධාකාර ආරක්‍ෂක ක‍්‍රමවේද අනුගමනය කළහ. ඇතැම් විට දේශපාලනික හෝ සමාජාර්ථික හේතු මත විවිධ උපක‍්‍රම යොදා බලකොටු අත්පත් කොට ගත්හ. සාහිත්‍ය සහ පුරාවිද්‍යා මුලාශ‍්‍රයවලට අනුව ලෝක ඉතිහාසයේ පැවති බලකොටු හෝ බලකොටු නගර අතර ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පිහිටි ඇලමෝ (Alermo) බලකොටුව, ග‍්‍රීසියේ ඇතන්ස් (Athens) බලකොටු නගරය, ඉතාලියේ රෝමය (Rome), ඉන්දියාවේ දෞලතාබාද්, ගවාලියෝර්, රතු බලකොටුව, පාටලීපුත‍්‍රය, මධ්‍යම ආසියාවේ සමර්කාන්ඩ්, චීනයේ තහනම් නගරය, මැදපෙරදිග මැසඩා (Mazada) බලකොටුවට සිහියට නැගෙයි

පොළොන්නරු යුගයේ ලංකාවේ පැවති රාජ්‍යය ආරක්ෂ‍ක සංවිධානය

ප‍්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව. පොළොන්නරු යුගයේ රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් එවකට සිටි රජවරුන් විසින් අනුගමනය කළ ක‍්‍රියා මාර්ග සහ එහි සංවිධානය කෙසේ...

පොළොන්නරුව ආළාහන පරිවෙණ හා තදාශ‍්‍රිත ලෝහ කර්මාන්තය (නිස්සාරණය, නිෂ්පාදනය හා භාවිතය...

සමස්ත අධ්‍යයනයෙහි ලා ඉස්මතු වූ විශේෂ කරුණක් වන්නේ පොළොන්නරුව ආළාහන පරිවෙණ ආශ‍්‍රිත ව වර්ධනය වූ ආරාමික ලෝහ තාක්‍ෂණ සම්ප‍්‍රදායයක් පැවැති බවයිි. මන්දයත් හමු වී ඇති ලෝහ භාණ්ඩයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් මෙම කොටසින් ලැබුණු ඒවා ය. එම ලෝහ භාණ්ඩ සංචිතය තුළ වූ සියලුම ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කරන උපකරණ ආරාමික ක්‍ෂේත‍්‍රය තුළින් හමුවීම මේ සඳහා තුඩුදුන් ප‍්‍රධාන සාධකය වේ. ආගමික සංකේත සහිත ශී‍්‍ර සංඛ කාසිය ආරාමික නිෂ්පාදිත පරිශ‍්‍රයන්හි නිෂ්පාදනය කළ බවට සාධක හමු වේ. ආරාමික ලෝහ කර්මාන්තයක් තිබුණු බැව් තහවුරු වන නමුත් එම කාර්යය සිදු කරනු ලැබුවේ භික්ෂූන් ද නැතහොත් ගිහියන් ද නැතහොත් භික්ෂු උපදේශකත්වය යටතේ ගිහියන් විසින් සිදුකළේ ද යන්න පිළිබඳ නිරවුල් කරගත හැකි සාධක නොවී ය. අභයගිරිකයන් විසින් රැකගෙන ආ එම සම්ප‍්‍රදාය පොළොන්නරු යුගයේ ආළාහන පරිවෙණ කේන්ද්‍ර කොටගෙන ද වර්ධනය වන්නට ඇති බව නිගමනය කළ හැකි ය.

ප‍්‍රාග් ඓතිහාසික, මූල ඓතිහාසික හා ඓතිහාසික යුගයන්හි පොළොන්නරුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්

පොළොන්නරුව කියූ පමණින් ම අප බොහෝ දෙනෙකු දන්නේ චූලවංශයේ වීරයන් වූ මහා පරාක‍්‍රමබාහු රජුගේ මහාවිජයබාහු රජුගේ යුගයේ බිහි වූ පොළොන්නරුවේ සමෘද්ධිමත් යුගය ගැන පමණි. කොටින්ම කියතොත් පොළොන්නරුව රාජධානියක්ව පැවැති 12 වැනි සියවස දක්වා පමණි. නමුත් පොළොන්නරුව යනු, ගල් අවි භාවිත කරමින් දඩයමින් හා ආහාර එකතු කිරීමෙන් ජීවත්වූ ගල් යුගයේ මිනිසුන් මෙන්ම පූර්ව ඓතිහාසික යුගයේ විවිධ තාක්‍ෂණික පෙරළි කළ කෘෂි කාර්මික ජනතාවක් විසින් පරිහරණය කළ භූමියක් වග බොහෝ දෙනෙකු නොදනී. ඒ අනුව පොළොන්නරුව යනු හුදෙකලාව ම නිර්මාණය වූ රාජධානියක් නොව කාලාන්තරයක් තිස්සේ ජනාවාසකරණයට නතු වූ ප‍්‍රදේශයකි. ඓතිහාසික යුගයෙන් ඔබ්බට වසර දහස් ගණනක් ඈතට දිව යන ඉතිහාසයක උරුමක්කාරයන් වීමේ භාග්‍යය අපට ද හිමි ව ඇත. 2001 වසරේ සිට මේ දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණ සහ කැනීම් මෙන්ම ම විසින් සිදුකළ ස්වාධීන පර්යේෂණ ඔස්සේ ඓතිහාසික සඳහන්වලින් ඔබ්බට ගොස් පුරාවිද්‍යාත්මක සාධක මත තහවුරු කිරීමට දැරූ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි.

පොළොන්නරුවේ කඳුරුවෙල බලකොටුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් : 2009 -10 වර්ෂවල මධ්‍යම...

ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී හා ව්‍යාපාති කළමනාකරු, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව. පර්යේෂණ අරමුණ චන්ද්‍රිකා ඡායාරූප පරීක්‍ෂා කිරීමෙන් භූමියෙහි මතුපිට කිසියම් වාස්තුවිද්‍යානුකූල සැළස්මක් පෙන්නුම් කළ අතර...

පොළොන්නරුව නගරයේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ (ඇතුළු නගරය) ජල කළමනාකරණය

ඩී.එම්. සුදර්ශන දිසානායක පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය. මානව සංහතියේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය වු සාධක අතුරින් ජලයට ලැබනුයේ ප‍්‍රධානම ස්ථානයකි. මානව සංහතියට පමණක් නොව සමස්ත ජෛව...

කාර්මික පුරාවිද්‍යාවේ ආරම්භය හා විකාශනය

කේ.එච්. තිලිණි දුමින්ද්‍යා පුරාවිද්‍යා නිලධාරි, කැනීම් අංශය, ආළාහණ පරිවෙන ව්‍යාපෘතිය, පොළොන්නරුව. හැඳින්වීම සංකීර්ණ සමාජ සංකල්පය තුළ බිහි වී ඇති ප‍්‍රධාන අධ්‍යයන ක්ෂේත‍්‍රයක් ලෙස මානව සංස්කෘතිය හැඳින්විය හැකි ය. එහි එක්...

පොලොන්නරුව, කන්දේගම ප‍්‍රාකෘතික ශෛල සිතුවම්

එල්.එම්. දිනේෂ් කුමාර විමලසේන මූළ පද : පොලොන්නරුව, කන්දේගම, ප‍්‍රාකෘතික ශෛල සිතුවම්, උත්කීර්ණ (Engraving) ශිල්ප ක‍්‍රමය, සන්නිවේදන අර්ථ 1. අධ්‍යයන සංක්‍ෂිප්තය පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් නැගෙනහිර පළාතේ අම්පාර...
X
X