Sunday, March 29, 2020
Home Tags D. Thusitha Mendis

Tag: D. Thusitha Mendis

පුරාවිද්‍යා කැනීමක් සැළසුම් කිරීමේ දී අවධානය යොමුකළ යුතු අංශ

පුරාවිද්‍යා කැණීමක් යනු විනාශකාරි ක්‍රියාවකි․ කැණීමක් සිදු කිරීමෙන් අනතුරුව එම භූමිය තුළ වන තැන්පතුව සම්පූර්ණ වශයෙන්ම ඉවත් වන බැවින් කුමන අයුරකින් හෝ එම භූමිය නැවත ප්‍රතිනිර්මාණය කිරිමට හැකියාවක් නොමැත․ එම නිසා පුරාවිද්‍යා කැණීමක් විනාශකාරී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය․ පුරාවිද්‍යා කැණීමකින් සිදුවන මෙම විනාශය අවම කරගැනීම සඳහා පුරාවිද්‍යා කැණීමක් මැනවින් සංවිධානය කිරිම සිදුකළ යුතු අතර ඒ සඳහා පුරාවිද්‍යාඥයා විසින් මනා විධිමත් සැලසුමක් සකසා ගත යුතු වේ․ විශේෂයෙන්ම පුරාවිද්‍ය කැණීම් කටයුතු සංවිධානය කිරීමේ දී ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වන බැවින් අනිවාර්යෙන්ම ඒ සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කළ යුතුය․

ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ ඛනිජ සම්පත් පරිහරණය

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විවිධ කාල පරාසවල මානව ජනාවාසකරණය සම්බන්ධයෙන් ඉතා වැදගත් වූ භුමි ප‍්‍රදේශයක් ලෙස ඌව පලාත හැදින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කරන ලද ගිහිපැවිදි විද්වත්හු ශ‍්‍රී ලංකාද්වීපයේ ආදිතම මානව ජනාවාස වීම් සම්බන්ධව ඉතිහාසයේ වැදගත් භූමි ප‍්‍රදේශ ලෙස සළකනු ලැබ ඇත්තේ උතුරු මැද පලාත මුල් කරගත් අනුරාධපුරය හා මාගම මුල් කරගත් තිස්සමහාරාමය ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශ වේ. එම නිසා ශ‍්‍රී ලංකාවේ ආදිතම ඉතිහාසයට අයත් මධ්‍යම කඳුකරය හා ඌව පලාත තුළ වූ ආදිතම ජන පැළපදියම් වීම් හා එහි සම්පත් පරිහරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ඉතිහාසය ලියා ඇති ඉපැරණි මූලාශ‍්‍රය ග‍්‍රන්ථ තුළ තොරතුරු අන්තර්ගත වන්නේ මද වශයෙන් නිසා මෙම භූමි ප‍්‍රදේශයේ ආදිතම ඉතිහාසයට අයත් තොරතුරු ආන්තිකකරණයකට ලක්වී තිබේ. විශේෂ භූ රූපණයක් සහිත මධ්‍යම කඳුකරයේ කොටසකට හා අන්තර් මධ්‍යම මෙන්ම වියළි කලාපයට අයත්ව ඌව පලාත පිහිටා තිබේ. මෙම පලාතට අයත් ප‍්‍රධාන දිස්ත‍්‍රික්ක වන්නේ බදුල්ල හා මොනරාගල දිස්ත‍්‍රික්කයන්ය. ඌව පලාත තුළ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මෙම ප‍්‍රදේශවල මුල් ජන පැලපදියම් වීම් හා සම්පත් පරිහරණ ක‍්‍රියාවලියට අදාළ පුරාවිද්‍යා සාධක උතුරු මැද පලාතට වඩා බොහෝ පැරණි වන බව හඳුනාගෙන තිබේ. මෙම රචනය තුළින් සාකච්ඡාවට බඳුන් වන්නේ ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික සංස්කෘතික අවධිවල සිදු වූ මායව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණයේ ඉතිහාසය පිළිබඳවය.

අන්දරවැව, මහාශිලා සුසානයෙන් හමුවන වීදුරු පබළු හා ලෝහ මෙවලම්

ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් ජනාවාස තොරතුරු අධ්‍යනයේ දී එම ජනාවාස හා සුසාන ආශ‍්‍රිත ව ලැබෙන්නා වූ පබළු පිළිබඳ අධ්‍යයනය කිරීම ද අතිශයින්ම වැදගත් වේ. විශේෂයෙන් ම මෙහි දී කානීලියන් හා ඇගේට් පාෂාණය මෙන් ම වීදුරු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති පබළු වැඩි වශයෙන් වාර්තා වී තිබේ. මෙම පබළු අතර වීදුරු පබළු පූර්ව ඓතිහාසික යුගයේ දී මෙරට නිර්මාණය කළ බවට තොරතරු සුසාන ආශි‍්‍රත ව ලැබී ඇති පබළු හා පබළු නිශ්පාදනයට අදාළ කාර්මික ශේෂ තුළින් පැහැදිළි වේ. ඒ අතර විවිධ හැඩයන්ගෙන් සමන්විත විදුරු පබළු රාශියක් හමු වී තිබේ. ඒවා නිල්, කොළ, දුඹුරු හා සුදු ආදී වර්ණවලින් නිර්මාණය කර ඇති බව හමු වී ඇති සාධක තුළින් පැහැදිලි වේ. අනුරාධපුරයේ වීදුරු පබළු නිර්මාණය සම්බන්ධ ව පැරණිතම කාලනීර්ණ දැනට ලැබී ඇත්තේ කහටගස්දිගිලිය, කොක්එබේ මෙගලිතික සුසානය ඇසුරිනි. එම සුසානයෙ 2016 වර්ෂයේ සිදුකරන ලද කැනීම්වල දී ක‍්‍රිස්තු පූර්ව 790ට දින නියම වී ඇති සුසානය තුළින් නිල් කොළ හා දුඔුරු වර්ණයෙන් නිරිමිත වීදුරු පබළු ලැබී තිබේ

බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවෙන් අනාවරණය වි ඇති සාධක...

මහාවංසය වැනි පාළි වංසකාවල දැක්වෙන අදහස් හා අනුගත වෙමින් පෙරදිග බොහෝ විද්වතුන් විසින් පිළිගනු ලැබූයේ ලංකාවේ ලේඛන ක‍්‍රමය ඇති මූල ඓතිහාසික යුගයේ ආරම්භය දේවානම්පියතිස්ස රජ සමයේ දී සිදු වූ බවයි. එනම් ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසෙන් ලංකාවේ මූල ඓතිහාසික යුගය සනිටුහන් වන බවයි. එහෙත් අනුරාධපුර ඇතුළු නගරයෙන් අනාවරණය වූ සාධක අනුව මේ වන විට ලංකාවේ මූල ඓතිහාසික යුගය ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවස දක්වා සියවස් තුනක් ආපස්සට ගමන් කරන බව තහවුරු වී ඇත. පසුගිය දශක තුනක පමණ කාලය තුළ දී ඉන්දීය විද්වතුන් විසින් මේ තත්ත්වය පිළිගැනීමට මැළිකමක් දැක් වුව ද පසු කාලීනව දකුණු ඉන්දියාවේ සිදුකරන ලද කැනීම් තුළින් ලද සාධක අනුව ඔවුන් දැන් ඒ මතය පිළිගැනීමට ඉදිරිපත් වී ඇත. මේ අතුරින් ප‍්‍රකට විද්වතෙකු වූ ඉරවතම් මහාදේවන් හා කේ. රාජන් පෙරමුණ ගෙන ඇත. එබැවින්, මූල ඓතිහාසික යුගයේ ආරම්භය පිළිබඳ ව පිළිගෙන සිටි ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ සිට අවම වශයෙන් තවත් වසර තුන් සියයක් ආපස්සට ගෙන යාමට කලාපීය වශයෙන් කෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව හැකි වී ඇති බව පිළිගත යුතු ව ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ භාවිත ශවෝපාචාර ක‍්‍රම

ශ‍්‍රී ලංකාවේ මානව ජනාවාසකරණය පිළිබඳ ව තතු විමර්ශනය කිරීමේ දී එහි සමාරම්භය පුරා ශිලා යුගයෙන් (Paleolithic period) ආරම්භ ව මධ්‍ය ශිලා යුගය (Mesolithic period), ප‍්‍රාථමික යකඩ යුගය (Early Iron Age) ඔස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේශන හා කැනීම්වලින් තහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992:709-710; Deraniyagala 2007:4). මධ්‍ය ශිලා අවධියට පසුව එළිඹිය යුතු නව ශිලා යුගය පිළිබඳ යම් සාධක ප‍්‍රමාණයක් දොරවක ලෙනෙන් හා හෝර්ටන් තැන්නෙන් මෙන් ම මාන්තායිවලින් වාර්තාවන බව පර්යේෂකයින් (Premathilaka 2003; Wijepala in Deraniyagala  2007:59; Wijepala 2007:97-120).

අනුරාධපුරය හා එහි නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශය අතර පූර්ව හා මුල් ඓතිහාසික...

ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය සම්භවන (හැඩගැසීමේ) යුගය වශයෙන් හැඳින්විය හැකි ය (Seneviratne 1996:265). මෙම සංස්කෘතික අවධිය ඇසුරෙන් ශ‍්‍රි ලංකාවේ මානව ආයතනවල ඉස්මතු වීම සම්බන්ධ ද්‍රව්‍යාත්මක සංස්කෘතික තොරතුරු ප‍්‍රාග් ඓතිහාසික යුගය හා සසඳන විට සාපේකෂ වශයෙන් වැඩි ප‍්‍රමාණයක් හඳුනාගැනීමට හැකි ව තිබේ. ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී එම සංස්කෘතිය විවිධ කාල පරාසයන් තුළ ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්තව තිබූ බව විකිරණමාන දින නියම කිරීම් මඟින් ලබාගත් කාලානුක‍්‍රම මඟින් තහවුරු කර ඇත. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙන ආකාරයට මෙම තාක්ෂණික සංස්කෘතියේ ව්‍යාප්තිය උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ දිග, උත්තර මලය රට, බස්නාහිර මෙන් ම අග්නිදිග ශ‍්‍රි ලංකාව ආදී ප‍්‍රදේශ ඇසුරෙන් හඳුනාගත හැකි ය (Seneviratne 1984:237-265). සෙනෙවිරත්නගේ හා ජයරත්නගේ පර්යේෂණ තොරතුරුවලට අනුව මෙම

යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්තවීමේ මෝස්තරය පිලිබඳ පුරාවිද්‍යා...

යාන් ඔය නිම්නයේ ස්ථානගත වී ඇති සුසාන ආශ‍්‍රිත වාස්තුවිද්‍යාව අධ්‍යයනය තුළින් එක්තරා ආකාරයකට පැහැදිලි වන්නේ එම සමාජය සංවර්ධනය කරා ලගාවීමේ දී එකිනෙකට වෙනස් සුසාන ආකෘති හඳුන්වා දීම සිදු කර ඇති බව ය. යාන් ඔය නිම්නයේ දක්නට ලැබෙන සුසාන ආකෘති අතරින් බහුතර සුසාන ආකෘතිය වන්නේ ශිලා මංජුසා සුසාන ආකෘතිය වේ. මේ වන විට එම සුසාන ආකෘතියට අයත් සුසානවලින් පැරණිතම කාලනීර්ණ ලැබී ඇත්තේ කොක්එබේ ශිලා මංජුසා සුසානයකිනි. එහි කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 790 වේ.

අන්දරවැව, මෙගලිතික සුසානයෙන් හමු වූ බ‍්‍රාහ්මී ලේඛන හා ශී‍්‍ර ලංකාවේ පැරණිම...

සිරාන් දැරණියගල විසින් 1988 වර්ෂයේ දී අනුරාධපුර ඇතුළුපුරයේ සිදුකරන ලද AMP 88 හා රොබින් කනිංහැම් විසින් සිදු කර ඇති AMP 88 කැනීමෙන් සොයාගෙන ප‍්‍රකාශයට පත්කර ඇති ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන කි‍්‍රස්තු පූර්ව 500-600 කාලයට අයත් වන බවට දැරණියගල විසින් ප‍්‍රකාශයට පත්කර ඇති කරුණ, අන්දරවැව මෙගලිතික සුසාන ආශ‍්‍රිත කැනීමෙන් හමු වූ මැටි බඳුන් මත පිළිස්සීමෙන් පසුව සටහන් කර ඇති බ‍්‍රහ්මී අක්‍ෂරවලින් තහවුරුවන බව පෙන්වා දිය හැකිය.

කොක්එබේ, මෙගලිතික සුසානය කැනීමේ අනාවරණ හා මධ්‍ය යාන්ඔය නිම්නයේ පුරාණ මානව...

ආචාර්ය ඩී. තුසිත මැන්දිස් ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ්‍. හැඳින්වීම මධ්‍ය යාන්ඔය නිම්නයට ආශ‍්‍රිත ව මානව ජනාවාසකරණය පිළිබඳ ව තතු...
X
X