Advertisements
Wednesday, November 14, 2018
Home Tags Anuradhapura

Tag: Anuradhapura

අනුරපුරයේ අභයගිරි විහාරය

පුළුල් භුමි ප්‍රදේශයක් පුරාම විවිධ පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ රාශියක් දැකිය හැකි නගරයක් ලෙස අනුරාධපුරය ලෝකප්‍රකට ය. ක්‍රිස්තු පුර්ව පමණ සමයේ සිට 12 වන සියවස පමණ කාලය දක්වා විවිධ කාලවල ඉදිකරන ලද ආරාම සංකීර්ණ රාශියක් අනුරාධපුරයේ තිබූ බව දැකිය හැකි ය. මේ අතර පුජාභූමි ප්‍රදේශයේ පිහිටි අභයගිරි විහාර සංකීර්ණයට හිමිවන්නේ වැදගත් තැනකි. එය අනුරාධපුරයේ පැවති විහාරාම අතරින් විශාලතම ආරාම සංකීර්ණයයි. කලාත්මක වාස්තු විද්‍යාත්මක ආදී විවිධ මානයන්ගෙන් බලන විට අනුරාධපුරයේ පිහිටි ආකර්ශනීය ස්මාරකයන් බොහෝමයක් අයත්වන්නේ අභයගිරි සංකීර්ණයට බව පෙනේ.

අනුරාධපුර යුගයේ පැවතුණු කලා සම්ප්‍රදාය පිළිබඳ සාධකයක් : වාමන රූ

අයි. එ්. කුමාර රිටිගල ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල කලාව යනුවෙන් හැදින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් ක‍්‍රියාකාරකම් සහ මානව කෘතීන් රැසකි. සංගීතය සහ සාහිත්‍යයට පමනක් සීමා නොවූ...

අනුරාධපුරය හා එහි නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශය අතර පූර්ව හා මුල් ඓතිහාසික...

ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය සම්භවන (හැඩගැසීමේ) යුගය වශයෙන් හැඳින්විය හැකි ය (Seneviratne 1996:265). මෙම සංස්කෘතික අවධිය ඇසුරෙන් ශ‍්‍රි ලංකාවේ මානව ආයතනවල ඉස්මතු වීම සම්බන්ධ ද්‍රව්‍යාත්මක සංස්කෘතික තොරතුරු ප‍්‍රාග් ඓතිහාසික යුගය හා සසඳන විට සාපේකෂ වශයෙන් වැඩි ප‍්‍රමාණයක් හඳුනාගැනීමට හැකි ව තිබේ. ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී එම සංස්කෘතිය විවිධ කාල පරාසයන් තුළ ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්තව තිබූ බව විකිරණමාන දින නියම කිරීම් මඟින් ලබාගත් කාලානුක‍්‍රම මඟින් තහවුරු කර ඇත. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙන ආකාරයට මෙම තාක්ෂණික සංස්කෘතියේ ව්‍යාප්තිය උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ දිග, උත්තර මලය රට, බස්නාහිර මෙන් ම අග්නිදිග ශ‍්‍රි ලංකාව ආදී ප‍්‍රදේශ ඇසුරෙන් හඳුනාගත හැකි ය (Seneviratne 1984:237-265). සෙනෙවිරත්නගේ හා ජයරත්නගේ පර්යේෂණ තොරතුරුවලට අනුව මෙම

යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්තවීමේ මෝස්තරය පිලිබඳ පුරාවිද්‍යා...

යාන් ඔය නිම්නයේ ස්ථානගත වී ඇති සුසාන ආශ‍්‍රිත වාස්තුවිද්‍යාව අධ්‍යයනය තුළින් එක්තරා ආකාරයකට පැහැදිලි වන්නේ එම සමාජය සංවර්ධනය කරා ලගාවීමේ දී එකිනෙකට වෙනස් සුසාන ආකෘති හඳුන්වා දීම සිදු කර ඇති බව ය. යාන් ඔය නිම්නයේ දක්නට ලැබෙන සුසාන ආකෘති අතරින් බහුතර සුසාන ආකෘතිය වන්නේ ශිලා මංජුසා සුසාන ආකෘතිය වේ. මේ වන විට එම සුසාන ආකෘතියට අයත් සුසානවලින් පැරණිතම කාලනීර්ණ ලැබී ඇත්තේ කොක්එබේ ශිලා මංජුසා සුසානයකිනි. එහි කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 790 වේ.

අන්දරවැව, මෙගලිතික සුසානයෙන් හමු වූ බ‍්‍රාහ්මී ලේඛන හා ශී‍්‍ර ලංකාවේ පැරණිම...

සිරාන් දැරණියගල විසින් 1988 වර්ෂයේ දී අනුරාධපුර ඇතුළුපුරයේ සිදුකරන ලද AMP 88 හා රොබින් කනිංහැම් විසින් සිදු කර ඇති AMP 88 කැනීමෙන් සොයාගෙන ප‍්‍රකාශයට පත්කර ඇති ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන කි‍්‍රස්තු පූර්ව 500-600 කාලයට අයත් වන බවට දැරණියගල විසින් ප‍්‍රකාශයට පත්කර ඇති කරුණ, අන්දරවැව මෙගලිතික සුසාන ආශ‍්‍රිත කැනීමෙන් හමු වූ මැටි බඳුන් මත පිළිස්සීමෙන් පසුව සටහන් කර ඇති බ‍්‍රහ්මී අක්‍ෂරවලින් තහවුරුවන බව පෙන්වා දිය හැකිය.

අනුරාධපුරයෙන් හමු වූ කුරුස රූපය

අනුරාධපුර කුරුසිය පිළිබඳව අපගේ මාතෘකාවට ප‍්‍රවේශ වීමට මත්තෙන් කුරුසිය සංකේතයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීම වටනේ ය. කුරුසිය සලකුණෙහි බිහිවීම මානව ඉතිහාසයෙහි ආරම්භය තරම්ම දුරකට දිවේ. ප‍්‍රාථමික ආර්යය ශිෂ්ටාචාරයන්හි ශුද්ධ ගින්න, සූර්යයා, විදුලි කෙටීම හා උෂ්ණත්වය සංකේතවත් කිරීමට කුරුසිය සලකුණ යොදාගත් බව දැක්වේ

පුරාණ ලංකාවේ ක‍්‍රියාත්මක බැංකු ක‍්‍රම පිළිබඳව කියැවෙන තෝනිගල සෙල්ලිපිය

වව්නියාවේ සිට හොරොව්පොතානට පිවිසෙන මාර්ගයේ 6 වැනි සැතපුම් කණුවට මදක් නුදුරින් උතුරු දිශාවට වන්නට උතුර - උතුරු මැද දෙ පලාත වෙන් කරන සීමාවෙහි තිලක්කුලම නම් පෙදෙසේ පිහිටි ගල් තලාවක් මත තෝනිගල සෙල්ලිපිය සටහන්ව ඇත. එසේම ‘නාගරගල’ යන නමින්ද මෙම ස්ථානය ගම් වැසියෝ හඳුන්වනු ලබති. සෙල්ලිපිය පිහිටි පර්වතය හාත්පස බෙහෙවින් විනාශයට පත්ව ඇති විවිධ ආරාමික වාස්තු විද්‍යාත්මක අවශේෂයන් බොහොමයක් දැක ගත හැකි ය. මෙම නටඹුන් වලට ආසන්නව ගල්තලාවේ වෙන් වෙන්ව සටහන් කල සෙල්ලිපි තුනක් දැකගත හැකි ය. මින් එකක් අපගේ මාතෘකාවට අදාල සෙල්ලිපිය වන අතර අනෙක එම සෙල්ලිපියේම තවත් පිටපතක කොටසකි. ඇතැම්විට ප‍්‍රථමයෙන් ලියන්නට පටන් ගන්නට ඇත්තේ දෙ වැනියට කී සෙල්ලිපිය විය හැකි ය. එය කෙටීමේ දී සිදු වූ කිසියම් දෝෂයක් නිසාවෙන් ලිපිය බාගෙට සටහන් කර නවතා දමා නව ලිපිය සම්පූර්ණ වශයෙන් සටහන් කළා වීමට පිළිවන. අනෙක් තුන්වැනි ලිපිය තෝනිගල ප‍්‍රධාන ලිපියට සියවස් කිහිපයකට පෙර ලියන ලද තනි අක්‍ෂර පෙලකින් යුතු ලිපියකි. මෙම ලිපිය මෙතෙක් පලකළ බවට සාධක නැත. සෙනරත් පරණවිතාන පවා දැක ඇත්තේ මුලින් සදහන් කළ ලිපි දෙක පමණි (Paranavitana 1933:197).  නමුත් මෙහි දී අපගේ අවධානය යෙමුවන්නේ අක්‍ෂර පේළි 17කින් යුතු ප‍්‍රධාන ලිපිය පිළිබඳව ය. මෙහි මුල් අක්‍ෂර පේළි හතර අඩි 9ක් දිගින් ද පහේ සිට දහසය දක්වා ඇති පේළි අඩි 8ක් හා අවසාන පේළිය අඩි 2ක් දිගින් යුක්ත ය. අඩි 10ක පමණ ප‍්‍රදේශයේ පැතිරුණු ලිපියෙහි එක් අක්‍ෂරයක සාමාන්‍යය ප‍්‍රමාණය වන්නේ අඟල් 3ක් පමණ ය.

අනුරාධපුර, පන්කුලිය (අශෝකාරාමය) බුද්ධ ප‍්‍රතිමා වහන්සේ හා මහායාන දර්ශනය

ශ‍්‍රී ලාංකේය මානව ශිෂ්ටාචාරයේ ආරම්භය අදින් වසර 125,000 දක්වා දිව යන බව ආචාර්ය සිරාන් දැරණියගල සඳහන් කරයි. එහෙත් මෙරට සංස්කෘතිය ක‍්‍රමවත් ආකාරයෙන් සකස් වීම ආරම්භ වන්නේ ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී දේවානම්පිය තිස්ස (ක‍්‍රි.පූ. 250-210) රාජ්‍ය සමයේ සිදුවන මහින්දාගමනයත් සමඟ බව පිළිගැනීම වේ. පසුව මහාවිහාරය කේන්ද්‍රගත වෙමින් ශ‍්‍රී ලාංකේය භික්ෂු සංස්කෘතියත් ඒ හා බැදුණු මානව සංස්කෘතියෙත් විකාශනය සිදු විය. ඒ අනුව අනුරාධපුර මහාවිහාරය කේන්ද්‍ර ගත වෙමින් විහාර ආරාම නිර්මාණය වීම සිදු වී ඇත. සියවස් තුනක් පමණ අඛණ්ඩ ලෙස ගලා ආ භික්ෂු පරපුර වට්ටගාමිණි අභය (ක‍්‍රි.ව. 87-76) රාජ්‍ය සමයේ දි මහාවිහාරය සමඟ ගැටුම් ඇතිවන අතර මහායානික අදහස් ලාංකේය සමාජය තුළ ව්‍යාප්ත වන අතර (මව. xxxvii, ගාථා:1-16) මහාවිහාරය, අභයගිරිය වෙනම නිකායන් වශයෙන් ථේරවාද, මහායාන ලෙස බෙදී යන අතර විහාර ආරාම දෙක පදනම්ව අනු ආයතන ගණනාවක් බිහිවීම දැකගත හැකි ය. 6 වැනි සියවස වන විට ලාංකේය භික්ෂු සංවිධානයේ ප‍්‍රධානම ලක්ෂණය වූයේ ද මහාවිහරය, අභයගිරිය හා ඡේතවනාරාමය ලෙස විහාර තුනෙහි නායකත්වය යටතේ නිකාය නමින් වෙන වෙනම කණ්ඩායම් වලට සකස් ව පැවතිමයි (ගුණවර්ධන, 1993:7). 5 වැනි සියවසට අයත් වන බොහෝ අභිලේඛන හා සාහිත්‍ය මුලාශ‍්‍ර හි දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවතින විහාරස්ථාන හැඳින්වීමේ දී මෙම ප‍්‍රධාන නිකායන් තුනෙන් එකකට අයත් බව දැක්වීමට කටයුතු කර ඇති බව හඳුනාගත හැකි ය. මෙහි දී වර්ථමානයේ පන්කුලිය අශෝකාරාමය ලෙස හැඳින්වෙන පබ්බතාරාම ගණයට වැටෙන විහාරය පිළිබඳවත් එහි විශේෂ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පිළිබඳවත් විමසීමට ලක්කරනු ලැබේ.

අනුරාධපුර ගල්කිරියාගම, වනසිංහාරාම රජමහා විහාරයේ සිතුවම් පිළිබඳ අධ්‍යයනයක්

අශෝකා සිරිවර්ධන1, සමීර ප‍්‍රසංග2, චන්දිම බණ්ඩාර අඹන්වල3 1 ප්‍රධාන පුස්තකාලය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. 2 ඉතිහාස අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ. 3 පුරාවිද්‍යා හා...

පුරාණ වාස්තු ශ‍්‍රාස්ත‍්‍රයේ කොරවක්ගල් භාවිතය හා විකාශනය පිළිබඳ විමර්ශනයක්: අභයගිරි පුරාවිද්‍යා...

ඞී.එම්. නිෙරා්ෂා උදයංගනී පර්යේෂණ නිලධාරිණි (පුහුණු වන), මධ්‍යම සංස්කෘතික අරමුදල, අභයගිරි විහාර ව්‍යාපෘතිය, අනුරාධපුරය. dm.niroshaudayangani@gmail.com පුරාණ ශී‍්‍ර ලාංකීක වාස්තු විද්‍යාවේ කොරවක්ගලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. තිරස් අතට පිහිට...
X