Saturday, March 28, 2020
Home Tags ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

Tag: ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

පුරාවිද්‍යා කැනීමක් සැළසුම් කිරීමේ දී අවධානය යොමුකළ යුතු අංශ

පුරාවිද්‍යා කැණීමක් යනු විනාශකාරි ක්‍රියාවකි․ කැණීමක් සිදු කිරීමෙන් අනතුරුව එම භූමිය තුළ වන තැන්පතුව සම්පූර්ණ වශයෙන්ම ඉවත් වන බැවින් කුමන අයුරකින් හෝ එම භූමිය නැවත ප්‍රතිනිර්මාණය කිරිමට හැකියාවක් නොමැත․ එම නිසා පුරාවිද්‍යා කැණීමක් විනාශකාරී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය․ පුරාවිද්‍යා කැණීමකින් සිදුවන මෙම විනාශය අවම කරගැනීම සඳහා පුරාවිද්‍යා කැණීමක් මැනවින් සංවිධානය කිරිම සිදුකළ යුතු අතර ඒ සඳහා පුරාවිද්‍යාඥයා විසින් මනා විධිමත් සැලසුමක් සකසා ගත යුතු වේ․ විශේෂයෙන්ම පුරාවිද්‍ය කැණීම් කටයුතු සංවිධානය කිරීමේ දී ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වන බැවින් අනිවාර්යෙන්ම ඒ සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කළ යුතුය․

අන්දරවැව, මහාශිලා සුසානයෙන් හමුවන වීදුරු පබළු හා ලෝහ මෙවලම්

ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් ජනාවාස තොරතුරු අධ්‍යනයේ දී එම ජනාවාස හා සුසාන ආශ‍්‍රිත ව ලැබෙන්නා වූ පබළු පිළිබඳ අධ්‍යයනය කිරීම ද අතිශයින්ම වැදගත් වේ. විශේෂයෙන් ම මෙහි දී කානීලියන් හා ඇගේට් පාෂාණය මෙන් ම වීදුරු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති පබළු වැඩි වශයෙන් වාර්තා වී තිබේ. මෙම පබළු අතර වීදුරු පබළු පූර්ව ඓතිහාසික යුගයේ දී මෙරට නිර්මාණය කළ බවට තොරතරු සුසාන ආශි‍්‍රත ව ලැබී ඇති පබළු හා පබළු නිශ්පාදනයට අදාළ කාර්මික ශේෂ තුළින් පැහැදිළි වේ. ඒ අතර විවිධ හැඩයන්ගෙන් සමන්විත විදුරු පබළු රාශියක් හමු වී තිබේ. ඒවා නිල්, කොළ, දුඹුරු හා සුදු ආදී වර්ණවලින් නිර්මාණය කර ඇති බව හමු වී ඇති සාධක තුළින් පැහැදිලි වේ. අනුරාධපුරයේ වීදුරු පබළු නිර්මාණය සම්බන්ධ ව පැරණිතම කාලනීර්ණ දැනට ලැබී ඇත්තේ කහටගස්දිගිලිය, කොක්එබේ මෙගලිතික සුසානය ඇසුරිනි. එම සුසානයෙ 2016 වර්ෂයේ සිදුකරන ලද කැනීම්වල දී ක‍්‍රිස්තු පූර්ව 790ට දින නියම වී ඇති සුසානය තුළින් නිල් කොළ හා දුඔුරු වර්ණයෙන් නිරිමිත වීදුරු පබළු ලැබී තිබේ

ලියාපදිංචි වන්න – ‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’...

‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ සංවාදාත්මක ජාතික කථිකාව සඳහා ලියාපදිංචිය වන්න(පහත ඇති පෝරමය පුරවන්න) 2019 ජනවාරි 30 වැනි බදාදා දහවල් 12.00 දක්වා ලියාපදිංච් විය හැක 2019 ජනවාරි...

බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවෙන් අනාවරණය වි ඇති සාධක...

මහාවංසය වැනි පාළි වංසකාවල දැක්වෙන අදහස් හා අනුගත වෙමින් පෙරදිග බොහෝ විද්වතුන් විසින් පිළිගනු ලැබූයේ ලංකාවේ ලේඛන ක‍්‍රමය ඇති මූල ඓතිහාසික යුගයේ ආරම්භය දේවානම්පියතිස්ස රජ සමයේ දී සිදු වූ බවයි. එනම් ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසෙන් ලංකාවේ මූල ඓතිහාසික යුගය සනිටුහන් වන බවයි. එහෙත් අනුරාධපුර ඇතුළු නගරයෙන් අනාවරණය වූ සාධක අනුව මේ වන විට ලංකාවේ මූල ඓතිහාසික යුගය ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවස දක්වා සියවස් තුනක් ආපස්සට ගමන් කරන බව තහවුරු වී ඇත. පසුගිය දශක තුනක පමණ කාලය තුළ දී ඉන්දීය විද්වතුන් විසින් මේ තත්ත්වය පිළිගැනීමට මැළිකමක් දැක් වුව ද පසු කාලීනව දකුණු ඉන්දියාවේ සිදුකරන ලද කැනීම් තුළින් ලද සාධක අනුව ඔවුන් දැන් ඒ මතය පිළිගැනීමට ඉදිරිපත් වී ඇත. මේ අතුරින් ප‍්‍රකට විද්වතෙකු වූ ඉරවතම් මහාදේවන් හා කේ. රාජන් පෙරමුණ ගෙන ඇත. එබැවින්, මූල ඓතිහාසික යුගයේ ආරම්භය පිළිබඳ ව පිළිගෙන සිටි ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ සිට අවම වශයෙන් තවත් වසර තුන් සියයක් ආපස්සට ගෙන යාමට කලාපීය වශයෙන් කෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව හැකි වී ඇති බව පිළිගත යුතු ව ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ භාවිත ශවෝපාචාර ක‍්‍රම

ශ‍්‍රී ලංකාවේ මානව ජනාවාසකරණය පිළිබඳ ව තතු විමර්ශනය කිරීමේ දී එහි සමාරම්භය පුරා ශිලා යුගයෙන් (Paleolithic period) ආරම්භ ව මධ්‍ය ශිලා යුගය (Mesolithic period), ප‍්‍රාථමික යකඩ යුගය (Early Iron Age) ඔස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේශන හා කැනීම්වලින් තහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992:709-710; Deraniyagala 2007:4). මධ්‍ය ශිලා අවධියට පසුව එළිඹිය යුතු නව ශිලා යුගය පිළිබඳ යම් සාධක ප‍්‍රමාණයක් දොරවක ලෙනෙන් හා හෝර්ටන් තැන්නෙන් මෙන් ම මාන්තායිවලින් වාර්තාවන බව පර්යේෂකයින් (Premathilaka 2003; Wijepala in Deraniyagala  2007:59; Wijepala 2007:97-120).
X
X