Friday, March 27, 2020
Home Tags මධ්‍යම සංස්කෘතික අරමුදල

Tag: මධ්‍යම සංස්කෘතික අරමුදල

ටැම්පිට විහාර හා ඒවායේ බිතුසිතුවම්

ටැම්පිට විහාර මහනුවර යුගයේ දී වඩාත් ප‍්‍රචලිත වූ සම්ප‍්‍රදායකි. මෙම පිළිම ගෙවල් ඉදිකරන ලද්දේ බුුදුන් වහන්සේ වෙනුවෙන් අද පූජා කිරීම සඳහා වන අතර ඒවා පිළිබඳව අදහස් ඉදිරිපත් කරන එස්.යු. දැරණියගල මහතා පවසන්නේ "මෙම ටැම්පිට විහාර ඒවා නිර්මාණය කර ඇති අවදියට අයත් දේශීය ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් සහ මූර්ති කලාව මෙන්ම බිතුසිතුවම් ද ආරක්ෂා වී පවතින කුඩා කලාගාර වැනිය." යනුවෙනි.

පුරාවිද්‍යා කැනීමක් සැළසුම් කිරීමේ දී අවධානය යොමුකළ යුතු අංශ

පුරාවිද්‍යා කැණීමක් යනු විනාශකාරි ක්‍රියාවකි․ කැණීමක් සිදු කිරීමෙන් අනතුරුව එම භූමිය තුළ වන තැන්පතුව සම්පූර්ණ වශයෙන්ම ඉවත් වන බැවින් කුමන අයුරකින් හෝ එම භූමිය නැවත ප්‍රතිනිර්මාණය කිරිමට හැකියාවක් නොමැත․ එම නිසා පුරාවිද්‍යා කැණීමක් විනාශකාරී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය․ පුරාවිද්‍යා කැණීමකින් සිදුවන මෙම විනාශය අවම කරගැනීම සඳහා පුරාවිද්‍යා කැණීමක් මැනවින් සංවිධානය කිරිම සිදුකළ යුතු අතර ඒ සඳහා පුරාවිද්‍යාඥයා විසින් මනා විධිමත් සැලසුමක් සකසා ගත යුතු වේ․ විශේෂයෙන්ම පුරාවිද්‍ය කැණීම් කටයුතු සංවිධානය කිරීමේ දී ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වන බැවින් අනිවාර්යෙන්ම ඒ සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කළ යුතුය․

ආචාර්ය රෝලන්ඩ් සිල්වා : උරුමය රැකි උත්කෘෂ්ට මානවවාදියා

ක්‍රීෂේන් ‌මෙන්ඩිස්, කසුන් ජයසුරිය, ප්‍රසාද් ‌ෆොන්සේකා වාස්තු විද්‍යාව, පුරාවිද්‍යාව හා උරුම සංරක්‍ෂණය ගැන ශ්‍රී ලංකාවේ ප්‍රවීණයෙකු වූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා විද්වතාණන් අද දින දැයෙන් සමුගනී....

මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ මඟින් අනාවරණය කරගත් දකුණු මුහුදේ ගිලී ගිය දැව...

ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිටම ශ‍්‍රී ලංකාවේ නාවුක ගමනාගමනය සිදු වූ බවට සාක්‍ෂි සාහිත්‍ය මූලාශ‍්‍රයන් හී සඳහන් වේ. විජයාගමනයේ සිට සිදුවූ විවිධ සංක‍්‍රමණ පිළිබඳ ව එහි ලා සඳහන්ය. එකී පැමිණීම් ආගමික, සංස්කෘතික, දේශපාලන හා ආක‍්‍රමණික අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා සිදු වී ඇත. ඒ අතර විශේෂ වන්නේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ලූ නෞකාවේ නැවේ කුඹය, කෙනිපතය හා පළපත චූලංගන, මහාංගන, සිරිවඞ්ඩන යැයි මන්දිර තුනක් කරවා තැම්පත් කිරීමයි (මහාවංශය 19 68-70) මෙය විශේෂ වැදගත්කමක් හිමිවන සිදුවීමකි. ලොව සමුද්‍ර කෞතුකාගාර සංකල්පය පිළිබඳ සඳහන් පළමු සිදුවීම වන නිසාවෙනි. මෙරට ඉතිහාසයේ යාත‍්‍රාවන්ගේ කොටස් සඳහන් වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
X
X