Sunday, July 26, 2020
Home Tags චන්දිම අඹන්වල

Tag: චන්දිම අඹන්වල

02. ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළම්

මේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළමක්.‍ සෙන්ටිමීටර් 3ක් විතර ඇති. 'බලංගොඩ උල් මෙවළම්' (Balangoda Point) කියල කියන්නේ මෙවට. ජ්‍යාමිතික නොවන හැඩයක් තියෙන 'ක්ෂුද්‍ර ශිලා'...

06.ආසියාවේ පැරණිම බ්‍රාහ්මී ලේඛන අනුරපුරයෙන්

බ්‍රාහ්මී අක්ෂර කියන්නේ අපේ කලාපයේ පරණම අකුරු පද්ධතියක්. මෙම අකුරු ජනප්‍රිය වුනේ මෞර්ය අසෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 268-232) තමන්ගේ ධර්ම ලිපි සඳහා මේ අක්ෂර පද්ධතිය...

03. සත්ව අස්ථි මෙවළම්

මෙන්න මෙවුවට තමා කියන්නේ 'සත්ව අස්ථි මෙවළම්' කියල. මේ තියෙන්නේ ගම්පහ අලවල පොත්ගුල් ලෙණ කැනීම අතරවාරයේ ඒ කියන්නේ 2010 විතර අනාවරණය වූ මානව කෘතක කීපයක්.

08. පී.ඊ.පී. දැරණියගල

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පළමු ස්වදේශීය අධ්‍යක්‍ෂ වශයෙන් 1939 දී ස්ථිරව පත් වූ මෙතුමා එහි 1963 දක්වා එම තනතුරේ සේවෙය කළා. 1961 සිට 1964 දක්වා කාලයේ විදේ්‍යා්දය සරසවියේ පීඨාධිපති වශයෙන් ද සේවය කරල තියෙනවා.

05.අනුරාධපුර, ඇතුළු නගරය

අනුරාධපුරයේ ඇතුළු නුවර හා යම් ආකාරයකින් සමාන විය හැකි සංස්කෘතික ස්ථරණයක් තියෙන්න පුළුවන් ස්ථාන කීපයක් ලංකාවේ තියෙනවා. ඒ උතුරින් කඳුරුගොඩ, නැඟෙනහිරින් කුච්චවේලි, දකුණින් තිස්සමහාරාම, අකුරුගොඩ හා බටහිර දෙසින් පිහිටි මාතොට කියන ස්ථානයි.

09. රඹුක්කන, පදවිගම්පොල ගල්මැස්ස

විශාල ගල් වලින් විවිධ ස්මාරක ඉදිකළ මහාශිලා හෙවත් මෙගලිතික (Megalithic) සම්ප්‍රදායට අයිති නිර්මාණයක් කියලයි ඔවුන් පෙන්වලා දෙන්නේ. ඔය කිවුව මෙගලිතික කියන සම්ප්‍රදායට අයිති නිර්මාණ විශාල ප්‍රමාණයක් තියෙනවා දකුණු ඉන්දියාවේ.

10. කුච්චවේලි ගිරි ලිපිය

දකුණු ඉන්දියාව් පල්ලව ග්‍රන්ථ අක්‍ෂරවලට සමාන අකුරින් තමා මේ ලිපිය ලියල තියෙන්නේ. මහායාන දහමේ බලපෑම අපිට තදින් ලැබුණු කාලයක් ඒක. මේ ලිපියේ බස සංස්කෘතය.

11. අතීතය කාලපරිච්ෙජ්දකරණය

මධ්‍යම ගල් යුගය යන අදහසින් මධ්‍යශිලා යුගය (Mesolithic period) නම් කරල තියෙනවා. යුරෝපය ගැන හිතද්දි අදින් වසර 10,000 සිට 2000 දක්වා කාලය තමා මෙයට ගැනෙන්නේ. ජ්‍යාමිතික හැඩයේ ක්‍ෂුද්‍රශිලා මෙවළම් තමා මේ කාලය හඳුනා ගන්න භාවිත කරන තාක්‍ෂණ විධිය.

12. ශ්‍රී ලංකා ප්‍රාග් ඉතිහාසයේ ගුරු පොත

පොතක් ගැන යමක් කියන්නයි මේ සටහන. ඒ ආචාර්ය සිරාන් යු. දැරණියගල මැතිතුමාගේ රචනයක් වන Prehistory of Sri Lanka, An Ecological Perspective නම් කෘතිය ගැනයි. 1992 දි වසරේ දි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සිහිවටන කෘති මාලාවේ 8 වැන්න විදිහට ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ මේ කෘතිය.

13. මිහින්තලේ අසළ පිහිටි මහකනදරාව ගල් පාලම

පැරණි අනුරාධපුර ඇතුළු නගරයේ සිට නැඟෙනහිර දෙසට ගමන්ගත් මාර්ගය එ නම් අනුරාධපුරයේ සිට ගෝකණ්ණ තිත්ථ අද විදිහට කිවුවොත් ත්‍රිිකුණාමලය දක්වා ගමන් ගත් මාවතට අයත් තුන් වැනි ගල්පාලම විදිහට තමා මහකනදරාව ගල් පාලම හඳුනාගන්න පුළුවන් වෙන්නේ.
X
X