blank

ඉතිහාස මුලාශ්‍රය අතුරින් ප්‍රබලම මූලාශ්‍රය වන්නේ සෙල්ලිපි කියන එකයි මගේ වැටහීම. ලංකාව පුරා සෙල්ලිපි 5,000ක් විතර ඇති මයේ හිතේ්. තව අනාවරණය කරගත්තේ නැති සෙල්ලිපිත් ඕන තරම් රට පුරාම විසිරිලා. ලංකාවේ සෙල්ලිපි අතර සංස්කෘත බසින් රචනා කර ඇති ඒවා හෝ ඒවායේ කොටස් වශයෙන් ගත්තොත් තියෙන්නේ 20ක් විතර. මිහින්තලේ, ත්‍රිකායස්ථව ලිපිය, අභයගිරියේ සංස්කෘත ලිපිය වගේ සංස්කෘත සෙල්ලිපි ගැන සමහර විට ඔයාලා අහලත් ඇති. මේ කෙටි ලිපියෙන් මම කියන්න යන්නෙත් අපේ රටෙන් හමුවන සංස්කෘත සෙල්ලිපියක් ගැනයි. මේ ලිපිය තියෙන්නේ ලංකාවේ නැෙඟනහිර පැත්තේ කුච්චවේලි කියන ස්ථානයේ. එතැන පැරණි බෞද්ධ විහාරයක්. තිරිකුණාමලේ සිට කිලෝමීටර් 30ක් විතර උතුරු පැත්තට යන්න ඕන මෙතැනට ලඟාවෙන්න නම්. මේ ස්ථානය මුහුදත් එක්ක පිහිටල තියෙන බොහොම ලස්සන හරියක්. මම කළින් සටහනක කියල තියෙන කුච්චවේලි කියන්නේ මේ ආසන්න කලාපයම තමා. මේ භූමිය කීප විටක්ම කැනීම් කරලත් තියෙනවා.
මේ සෙල්ලිපිය ගැන පළ වෙලා තියෙන්නේ 1933 දී පළ කළ Epigraphia Zelanica කෘතියේ III වැනි ෙවළුෙම් 158-161 පිටුවල. මෙය සංස්කරණය කර ඇත්තේ ලක් මව බිහිකළ විශිෂ්ඨ විද්වතෙක් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිඳුයි. මේ ලියමන කරන කාලයේ මෙතුමා ලංකා පුරාවිද්‍යා සමීක්‍ෂණයේ ‘අභිලේඛන සහකාර’ ලෙසයි සේවය කරල තියෙන්නේ. වැඩි දැනුමක් ගන්න කැමති අය ඒ මුල් ලිපිය හොයාගෙන කියවන එකත් බොහොම වටිනවා.
මේ පරණ පන්සලේ තියෙන ස්වභාවිකව හැඳුණු ගල් කුලකයි, මේ සෙල්ලිපිය සටහන් කරල තියෙන්නේ. ඒ ගල් කුළ දැන් පැත්තනට පෙරළිලා තියෙන්නේ. ඉස්සර නම් කෙළින් අතට තියෙන්න ඇති. මෙහි එක් පැත්තක් සියුම් විදිහට ඔප මට්ටම් කරල සමාන කොටු 16කට බෙදල ඒ තුළ කුඩා කුඩා ස්තූප 16ක් අල්ප උන්නත ආකාරයෙන් මතුකරලා. මේ ස්තූප නෙලළ සිදුකළ පිනෙන් ලැබිය යුතු දේත් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රාර්ථනයත් තමා මේ සෙල්ලිපියේ තියෙන්නේ. ඒ ස්තූප රූපවලට දකුණු පැත්තෙත් බොහෝම කුඩාවටයි මේ ලිපිය සටහන් කරල තියෙන්නේ. මේ රූපයේ රතුපාටින් කොටු කරල තියෙන තැනයි ලිපිය තියෙන්නේ. මෙම ලිපිය තියෙන්නේ පේළි අටයි. බොහෝම පොඩියටයි අකුරු තියෙන්නේ. අපේ අත් අකුරුවලට වඩා ටිකයි විශාල. සම්පූර්ණ ලිපියම ගත්තොත් අඟල් 11×8.5 ප්‍රමාණයක් පමණයි ආවරණය වෙන්නේ. දකුණු ඉන්දියාව් පල්ලව ග්‍රන්ථ අක්‍ෂරවලට සමාන අකුරින් තමා මේ ලිපිය ලියල තියෙන්නේ. මහායාන දහමේ බලපෑම අපිට තදින් ලැබුණු කාලයක් ඒක. මේ ලිපියේ බස සංස්කෘතය. පරණවිතානයන්ට අනුව මේ ලිිපියේ අකුරු අයත් කාලය ත්‍රිස්තු වර්ෂයෙන් හත් වැනි සියවසේ පමණ. ඒ නිසා මේ ලිපිය අයිති ඒ කාලයට. ඒ කියන්නේ ලංකාවෙන් ලැබිල තියෙන පැරණිම සංස්කෘත බසින් ලිවුව ලිපියත් මෙයයි. මේ ලිපියේ බස නිසාත්, පිහිටලා තියෙන තැන නිසාත්, අකුරු හැඩ වගේම අන්තර්ගතය අනුවත් මේ ලිපිය මහායාන බුදුදහම සමඟ බැදුණු ලිපියක් විදිහට ඇදින ගන්න පුළුවන්.
මේ ලිපිය ශ්ලෝක නැත්නම් කවි දෙකක් විදිහටයි තියෙන්නේ. මහැඳුරු පරණවිතානයන් පෙන්වා දී ඇති පරිදි ඒ දෙකෙන් පළමු වැන්න ‘උපජාති’ කියන විරිතින් හා දෙ වැන්න ‘වසන්තතිලකා’ කියන විරිතින් තමා ප්‍රබන්ධ කරල තියෙන්නේ.
මේ ලිපියේ පෙළ අද අපි භාවිත කරන සිංහල අකුරින් ලිවුවොත් පහත පරිදි දක්වන්න පුළුවන්. ඒහි සරළ අර්ථය තමා ඊටත් පහළින් දක්වලා තියෙන්නේ. මේ සංස්කෘත ලිපියේ සිංහල අර්ථය සරළ සුගම විදිහට සකසන්න Shantha Kumara කියන මගේ මිත්‍රයා උදවු කළා. දැන් ඉන්න අපි බොහෝ දෙනෙකුට සංස්කෘත බස ගැන හරිහමං දැනුමක් නෑනේ. ඉතිං මෙවැනි පෙරදිග භාෂා ගැන අවබෝධයක් ඇත්තන් ජාතික සම්පතක් වශයෙන් සලකන්න වෙන කාලය වැඩි ඈතක නෑ.
මේ තියෙන්නේ පෙළ:
අනෙන දුඃඛං ව්‍යපනීය සර්වං – පුණ්‍යෙන ලොකස්‍ය සුඛං සමග්‍රං
දාතුං ප්‍රභූර් ජන්මනි ජන්මනි ස්‍යාං – සදා ක්‍ෂමාවී කරුණාන්විතො හං
පුන්‍යේන මාර දොස රිපුන් අනෙන – ජිත්වා පරාම් සමාධිගම්‍ය ජිනේන්ද්‍රතාම් තාම්
සංසාර පංක විසරාද් අහං උද්ධරෙය – මාර්තාම් ජගන්මම මහා කරුණා කරෙන
සරළ අර්ථය :
මා මේ කළ පිනින් හෑම ආත්මයක දී ම ලෝක සත්වයා දුකින් මුදාලීමට හැකි වෙම්වා! ලෝකයාට පූර්ණ සුවය ලබා දීමට හැකි වෙම්වා! ඉවසීම හා කරුණාව මා තුළ පිරී තිබේවා.
මේ පිනින් මරුවා නම් නොයෙක් ෂතුරන් පරාජය කර බුදුබව ලබාවා! මහා කරුණාව නම් අතින් සසර නම් මඩින් විපතට පත් වූ ලෝකයා එයින් මුදවා ගනිමි!
මේ ලිපියේ අන්තර්ගතය අනුව මෙහි රචකයා කවුද කියල හඳුනාගන්න බෑ. හැබැයි බුදු බව පතපු කෙනෙක්. බුදුබව පතමින් සියලු සත්වයා සසරින් එතෙර කිරීම මහායාන ආගම අදහන අයගේ සිතිවිල්ලක්. ඒ නිසා මේ මහායාන බුදුදහම සමඟ බැඳුණක් බව නම් පැහැදිලියි. ඉතිහාසය රචනා කරද්දි මූලාශ්‍රයක් වශයෙන් මේ ලිපියේ අන්තර්ගතය විශාල වටිනාකමක් නැහැ. යම් පුද්ගලයෙක් තමන් කරපු පිනක් හා ප්‍රාර්ථනයක්නේ ගැබ් වෙලා තියෙන්නේ. හැබැයි ලංකාවේ මහායානවාදය ගැන කතාකරද්දි හා අකුරු ගැන කතාකරද්දි නම් යම් වටිනාකමක් මේ ලිපියට තියෙනවා.
මේ වගේ එකක් ලංකාවේ වෙන තැනක ඇත්තෙත් නෑ. ඉතිං මේ ලෙඩරෝග දුරු වුනාට පස්සේ ඔබ තිරුකුණාමලේ පැත්තේ යනව නම්, අරිසිමලේ පැත්තේ යනව නම්, මෙතැනට ගිහිං මේ ස්ථානය දැකබලාගන්නත් අමතක කරන්න එපා. පාර අද්දරමයි තියෙන්නේ. මේ ස්ථානය දැකබලාගන්න එකත් අමතක නොවන අද්දැකීමක් වේවි.
චන්දිම අඹන්වල
Previous article11. අතීතය කාලපරිච්ෙජ්දකරණය
Next article09. රඹුක්කන, පදවිගම්පොල ගල්මැස්ස
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.