තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී කතා පුවත් වලට සම්බන්ද කොට ඇති බව ග්‍රීක, රෝම හා ඉන්දියානු ආදී පුරාවෘත කියවීමේ දී අපට පෙනී යයි. සිංහලයන්ගේ ආරම්භය ගැන ද හයවන සියවසේ දී පමණ ලියු වංශ කතාවල ද සඳහන් කොට ඇත්තේ අද්භූත සිද්ධීන්ගෙන් සපිරි උත්පත්ති කතාවන්ය. විශ්වාස කළ නොහැකි සිද්ධි ගණනාවක් වංශ කථාවල ඇතුළත් වුවත් ක්‍රිස්තු පුර්ව පස්වන සියවසේ දී පමණ උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්ය භාෂාවක් කතාකළ ඉන්දු ආර්ය ජනතාවක් මේ දිවයිනේ පදිංචි වූ බව නම් සත්‍යයකි. ඔවුන් සිංහලයන් ලෙස හැඳීන් වූ අතර ඔවුන් වාසය කළ දිවයින සිංහලද්වීප යනුවෙන් පැරණි සංස්කෘත පොත් වල සඳහන් කොට ඇත.

ඉන්දියාවේ අශෝක රජතුමා මෞර්ය රාජ්‍යය පුළුල් කිරීමට යාමේ දී මිනිසුන්ට සිදු වූ විපත් ගැන කලකිරී යුද කටයුතු අතහැර බුද්ධ ධර්මය කෙරෙහි යොමුව එය ප්‍රචාරය කිරීම මගින් දේශයන් දිනා ගැනීමට කටයුතු කරනු ලැබිණ. අශෝක රජු සිංහලයේ පාලකයා වූ තිස්ස සමග විශේෂ සබඳතාවයක් පවත්වා ඇත. ඔහු තිස්සට රාජාභිෂේකය සඳහා අවශ්‍ය සියලු උපකරණ ප්‍රදානය කොට තිස්ස සිංහලයේ රජු ලෙස රාජාභිෂේක කරවන්නට සහාය විය. සිංහලයේ රාජාභිෂේක ලත් පළමු වැන්නා බවට තිස්ස පත්විණ. ‘දෙවියන්ට ප්‍රිය වූ’ යන අරුතින් (දේවානම් පිය) දෙවන පෑ යන නාමය ද ඔහුගේ නමේ මුලට යෙදී දේවානම් පියතිස්ස නැතහොත් දෙවන පෑ තිස් නමින් ඔහු හැඳින්විණ (දේවානම් පිය යන නාමය අශෝක රජුගෙන් පසු වසර 200 ක් පමණ වනතුරු සිංහලයේ රජවරු භාවිත කොට ඇත).

බුදු දහම අනුගමනය කල අශෝක රජු තම හිතවත් සිංහලයේ තිස්ස රජු ද බුදු දහමට නැඹුරු කරවීම සඳහා ඔහුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල ආදී රහතන් වහන්සේලා පිරිසක් ක්‍රිස්තු පුර්ව 247 පොසොන් මස පුර පසළොස්වක පෝය දින සිංහලයට එවන ලදී. මේ පිරිස තිස්ස රජුට හමුවුයේ මිහින්තලේ දි ය. තිස්ස රජුගේ බුද්ධිය පරික්ෂා කොට ඔහුට පළමුවන ධර්ම දේශනය වූ චුල්ලහත්තපදෝපම සුත්‍රය දේශනා කරන ලද්දේ මිහින්තලයේ සිටයි. මිහිඳු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සිංහලයට පැමිණීමෙන් පසුව වාසය කලේ මිහින්තලයේ ය. එහෙයින් සිංහලයන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරය ආරම්භ වූ ස්ථානය මිහින්තලයයි. මිහින්තලේ සෑ ගිරිය හා චේතිය පබ්බත විහාරය නමින් ද හඳුන්වා ඇත.

අනුරාධපුර නගරයට කිලෝමීටර් 15ක් පමණ නැඟෙනහිරින් මිහින්තලය පිහිටා ඇත. මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1,000ක් පමණ උස ශේෂ කඳු ගැට හතරක් ඇත. මිහින්තලා කන්දේ දේවානම් පියතිස්ස රජතුමා විසින් විහාර ගෙයක් හා භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ලෙන් කුටි 68ක් කරවා ඇත. මිහින්තලය නැගීමට පියගැටපෙළක් තනවා ඇත.

ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ද මෙහි රෝපණය කරවා ඇත.

වර්තමාන බෝධිය

වෙදහල්, දන්හල්, ආරාම, චෛත්‍ය ආදී විශේෂ වාස්තුවිද්‍යාත්මක ස්මාරක රැසක නටබුන් මිහින්තලේ ඇත. මේ ප්‍රදේශයෙන් සොයාගන්නා ලද වටිනා පුරාවස්තු රාශියක් මිහින්තලේ පිහිටුවා ඇති කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

පියගැට පෙළ

දෙපස වූ අරලිය ගස්වලින් සෙවන වී ඇති පියගැට පෙළ මිහින්තලේ අනන්‍යතා ලක්ෂණයකි. අද්විතීය නිර්මාණයකි. මේ පියගැට පෙළ කොටස් කීපයකින් යුක්ත ය. ඒ කන්ද පාමුල සිට මැද මලුව තෙක්, එතැන් සිට කණ්ටක චේතිය දක්වා, මැද මලුවේ සිට අම්භස්තලය දක්වා, උඩ මළුවේ සිට මහා සෑය දක්වා ආදී වශයෙනි. මිහින්තලේ මුළු පියගැට පෙළ ගණන 1840ක් පමණවේ. මේවා අතර ස්වාභාවික ගලේ නෙලන ලද පියගැට පෙළ 150ක් පමණ ද ඇත.

පුරාණ රෝහල

බෙහෙත් ඔරුව

උණුවතුර ස්නානය කළ ස්ථානය

කෞතුකාගාරය ඉදිරිපස කාමර ගණනාවකින් යුත් පැරණි රෝහලක නටබුන් දැකිය හැකි ය. බෙහෙත් ඔරුවක්, උණුවතුර ස්නානය කිරීම සඳහා පිළියෙළ කළ ස්ථානයක් අදද මෙහි දක්නට ලැබේ. මෙහි සිදුකළ කැනීම් වලදී ශල්‍ය උපකරණ, පර්සියානු තඹ භාජන ආදිය හමුවී ඇත. 10 වන සියවසේ දෙවන සේන රජතුමාගේ කාලයේ ඉදිකරන ලද බවට සැලකෙන මෙය ලෝකයේ පැරණිතම සංවිධිත රෝහල් සංකීර්ණය බව පුරාවිද්‍යඥයන්ගේ අදහසයි.

කණ්ටක චේතිය

වාහල්කඩ

මිහින්තලා කන්ද මඳ දුරක් නගින විට කුඩා කඳු ගැටයක් මත බෞද්ධ සිද්ධස්ථාන අතර ඉතා සැලකිය යුතු පුරාවිද්‍යා ස්මාරකයක් වන කණ්ටක චේතිය හමු වේ. පාදමේ වට ප්‍රමාණය අඩි 425ක් පමණ හා දැනට ශේෂව ඇති උස අඩි 40ක් පමණ වන, ගඩොළු හා හුණුගල් වලින් නිමවා ඇති මේ චෛත්‍යය කුමන රජකෙනෙකුන් විසින් ඉදිකරන ලද්දේදැයි අවිනිශ්චිත වන අතර එය කිස්තු පුර්ව පළමු වන සියවසට පෙර සූරතිස්ස රජු විසින් ඉදිකරන ලද්දක් බව අනුමාණ කෙරේ. ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැන වූ බව මහාවංශයේ සඳහන්ව ඇත. මේ ස්ථූපය විශේෂ කොට සලකා ඇති අතර ඒ සඳහා ගිරිහන්ඩ පුජාව නමින් විශේෂ පූජා පැවැත් වූ බව සඳහන් ‌‌වේ. මේ දාගැබේ සිව් දිසාවට වූ වාහල්කඩ හතරෙන් දෙකක් හොඳින් ආරක්ෂා වී ඇත. මිහින්තලේ අනෙක් කුඩා ස්තුපවල වාහල්කඩක් ඉදිකොට තිබු බවක් නොපෙනේ.


වාහල්කඩේ කැටයම්

ගල් කණු

සිංහ මුර්තිය

මේ වාහල්කඩ වාමන, හංස, ඇත් ආදී ඉතා කලාත්මක කැටයම් වලින් අලංකාරවී තිබේ. වාහල්කඩේ ගල් කණුවල ද ලියකම්, සත්ව රූප, මිනිස් රූප ආදිය කැටයම් කොට ඇත.මේ කැටයම් හුනුගල්වල නෙලා ඇති බැවින් මේ වන විට කැටයම් ගෙවී ගොස් ඇති බව පෙනේ. සිව් දිසාවේ ගල් කණු මත ඇත්, සිංහ, අශ්ව හා ගොන් මුර්ති පිහිටුවා ඇත. ලංකාවේ බෞද්ධ වාස්තු විද්‍යා නිර්මාණ හදාරන්නන්ට මේ වාහල්කඩ ඉතා හොඳ නිදර්ශනයකි.

අට සැට ලෙන්

මිහින්තලේ ඇති පැරණිතම ස්මාරක වන්නේ කණ්ටක චේතිය වටා කඳු බැවුමේ ඇති අට සැට ලෙන්ය. භික්ෂුන් වහන්සේලාගේ වාසය පිණිස දේවානම් පිය තිස්ස රජුගේ නියමයෙන් රජ පවුලේ සාමාජිකයන්ගේ ද අනුග්‍රහයෙන් මේවා කටාර කොටා නිම කොට ඇත.

බ්‍රාහ්මීය අකුරින් ලියා ඇති වගන්ති

මේ ලෙන් වල බ්‍රාහ්මීය අකුරින් ලියා ඇති වගන්ති වලින් රජ පවුලේ අයගේ, ප්‍රාන්ත ප්‍රභූන්ගේ තොරතුරු හා සිංහල අක්ෂර මාලාවේ සහ භාෂාවේ ආරම්භක අවස්ථාව ගැන තොරතුරු අනාවරණය වේ

සිංහ පොකුණ

සිංහ පොකුණේ කැටයම්

ආරාම නටබුන්

කණ්ටක චේතිය දකුණු පස වන තැනිතලා භුමියේ ආරාම නටබුන් අතර සත්ව රූප, මිනිස් රූප ආදී මනරම් කැටයමින් යුත් සිංහ පොකුණ නමින් හැඳින්වෙන සිංහ මුඛයකින් ජලය ගලා එන ලෙස පිළියෙළ කල වාස්තු විද්‍යාත්මක ස්මාරකයක් දක්නට ඇත. සිංහ රුපයක් ලෙස නිර්මාණය කර ඇති මේ නිර්මාණය විශිෂ්ට කලා නිර්මාණයකි.

දාන ශාලාව

බත් ඔරුව

 

කැඳ ඔරුව

DSC07650

ජලය සැපයූ නල

මිහින්තලාවේ මැද මළුවේ මිහින්තලා වාසි භික්ෂුන් වහන්සේලා දන් වැලඳු දාන ශාලාව හමුවේ. මෙය දිගින් අඩි 114ක් හා පළලින් අඩි 77ක් පමණ වන මැද මිදුලකින් යුත් පොලවට ගල් පුවරු ඇතිරූ ගොඩනැඟිල්ලකි. වහල දරා සිටි ගල්කණු වල හා ජලය සැපයූ නල මාර්ගයේ අවශේෂ, කුඩා කැඳ ඔරුවක්, ලොකු බත් ඔරුවක්, ආදිය මෙහි දක්නට ලැබේ.

සන්නිපාත ශාලාව

මැද ආසනයක් සහිත එක පැත්තක් අඩි 63ක් පමණ දිග සම චතුරශ්‍රාකාර සිව් දෙසට ම දොරටු ඇති, භික්ෂුන් වහන්සේලා රැස්ව සාකච්චා කරන්නට ඇතැයි සැලකෙන සන්නිපාත ශාලාව දාන ශාලාව ආසන්නයේ ඇත.

ධාතු මන්දිරය

මිහින්තලේ ධාතු මන්දිරය ලෙස සැලකෙන චතුරශ්‍රාකාර ගොඩනැඟිල්ලක නටබුන්ද මැද මළුවේ දක්නට ඇත. සතර කෙනා කුඩා ස්තුප හතරක් ද ඇත.

මිහිඳු රජුගේ පුවරු ලිපිය

මිහින්තලේ ධාතු මන්දිරයට ඇතුළුවන දොරටුව දෙපස හතරවන මිහිඳු රජු විසින් කොටස් දෙකකින් යුක්තව පිහිටුවන ලද පුවරු ලිපිය ඇත. මෙහි විහාර පාලනයට අදාළ තොරතුරු, බික්ෂුන් වහන්සේලා පිළිපැදිය යුතු සිරිත්විරිත්, උන් වහන්සේලාට රජයෙන් දැක්විය යුතු ගරු බුහුමන්, ආරාමයේ සේවය කරන්නන්ට ගෙවිය යුතු වැටුප් ප්‍රමාන ආදී තොරතුරු ඇතුළු වේ.

මිහින්තලේ ගිරි ලිපිය

මහා දාඨික මහානාග රජ සමයේ (ක්‍රි.ව. 9-21) අපර බ්‍රාහ්මි අක්ෂරයෙන් පැරණි සිංහලයෙන් ලියා ඇති මෙහි මිහින්තලා විහාරයේ වාසය කරන භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පුජා කරණ ලද වැව් ආදිය ගැන හා මිහිඳු හිමියන් උත්තිය හිමියන් ආදීන්ගේ ප්‍රතිමා නඩත්තුව සඳහා කරන ලද ප්‍රධාන ගැන සඳහන් ‌වේ.

ගිරිභන්ඩ සෑය

ගිරිහන්ඩ සෑය ධාතු ගර්භය

ධාතු ගර්භ සිතුවම්

දාන ශාලාවට මඳක් ඊසාන දෙසට වන්නට ගිරිභන්ඩ සෑය නමින් හඳුන්වන චෛත්‍යයක නටබුන් ඇත. වට ප්‍රමාණය අඩි 88ක් පමණ වේ. කවුරුන් විසින් ඉදි කරන ලද්දේදැයි අවිශ්චිතය. 8 වන සියවසේ පමණ ඉදිකරන්නට ඇතැයි සැලකේ. මේ දාගැබ කැනීමේ දී ධාතු ගර්භ තුනක් හමු වී ඇත. මේවායේ තිබී රන් මලක්, මහා මේරු ගලක්, හක් ගෙඩියක් සතර මහාද්වීප දැක්වෙන සංකේත ආදිය තිබී ඇත. මෙහි දිව්‍ය ලෝකයේ දෙවියන් වලාකුල් අතර ගැවසෙන අයුරු නිරුපනය කරන විසිතුරු සිතුවම් වලින් සපිරි ධාතු ගර්භය කොටස මිහින්තලේ පුරා විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

වටදාගේ

අම්භස්තල දාගැබ නැතහොත් සේල චෛත්‍යය ලෙස හැඳින්වෙන වටදාගෙය මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින්ම මුණගැසුන ස්ථානයේ හා බුදුරජානන් වහන්සේ තුන්වැනි වර මෙහි වැඩම කල අවස්ථාවේ පන්සියයක් මහා රහතන් වහන්සේලා සමග ටික වෙලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයේ ඉදිකර ඇති බවට බවට විශ්වාස කෙරේ. මහාදාඨික මහානාග රජු විසින් පළමුවන සියවසේ මෙය කරවන ලදැයි සැලකේ. දෙවන සියවසේ දී කනිට්ඨතිස්ස රජතුමා වටදා ගෙය කරවූ බවටත් පසු කාලයන්හි දී තවත් රජවරුන් එය ප්‍රති සංස්කරණය කළ බවත් සඳහන්වේ. මෙහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටුවා තිබේ.

චන්ද්‍රකාන්ති පාෂාණය

නිම නොකළ කර්මාන්තයක්

ආරාධනා ගල

මිහිඳු හිමියන් දේවානම් පියතිස්ස රජුට ‘තිස්ස’ කියා ඇමතුවේ මෙහි සිට යයි කියති. මේ මුදුනට නැගී විට අවට ප්‍රදේශය මනාව දර්ශනය වේ.

මිහිඳු ගුහාව

වටදා ගෙයින් නැඟෙනහිර බැවුම ඔස්සේ ටික දුරක් ගියවිට මිහිඳු හිමියන් විවේකිව සිටි බවට විශ්වාස කෙරෙන මිහිඳු ගුහාව හමුවේ. මේ ලෙන මිහින්තලේ සියලු ලෙන් අතර වඩාත්ම පුජනිය ලෙන ලෙස පිළිගැනේ.

මහා සෑය

මිහින්තලා පුදබිම් සංකීර්ණයේ ඇති විශාලතම දාගැබ මහාථූපය, මහාචේතිය නම් වලින් ද හඳුන්වනු ලබන විෂ්කම්භය අඩි 136ක් පමණ හා උස අඩි 153ක් පමණ වන මහදාඨික මහානාග රජතුමා විසින් කරවා ඇති මේ මහා සෑයයි. පුජාවලියේ හා හතරවන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ අම්බුළු දාගැබ ලෙස හඳුන්වා ඇති මේ දා ගැබේ බුදුරජානන් වහන්සේගේ ඌර්න රෝම ධාතුව නිධන් කොට ඇති බව කියවේ.


බුද්ධ ප්‍රතිමාව

මිහිඳු සෑය

මිහිඳු සෑය

මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උත්තිය රජු විසින් ක්‍රිස්තු පුර්ව දෙවන සියවසේ ඉදිකරන ලද්දකි මිහිඳු සෑය.

නාග පොකුණ

අම්බස්තලය දාගැබට බටහිර දෙසින් නාග පොකුණ පිහිටා ඇත. ක්‍රිස්තු වර්ෂ 575-608 කාලයේ රජකළ පළමු වන අග්ගබෝධි රජු විසින් සිංහ පොකුණ, දාන ශාලාව ආදී ස්ථාන සඳහා සහ මිහින්තලා වාසි භික්ෂුන වහන්සේලාගේ ජල වුවමනාව සැපිරීම සඳහා නාග සොන්ඩි නම් විල සංවර්ධනය කොට ඇත. දැන් එය නාග පොකුණ හැඳින්වේ.

ඇත් වෙහෙර

මිහින්තලාවේ උසම ස්ථානය ඇත් වෙහෙර කන්දයි. නාග පොකුණේ සිට පියගැට 600ක් පමණ ඉහලට නැඟිවිට ඇත් වෙහෙර හමුවේ. දා ගැබේ විෂ්කම්භය මීටර් 27ක් පමණ වේ.

ඉඳිකටු සෑය

මිහින්තලයේ වැඩ විසු භික්ෂුන් වහන්සේලාගේ චීවර මසා ගැනීමට භාවිත කළ ඉඳිකටු තැන්පත්කොට මේ ස්තුපය ඉදිකළ බව ජනප්‍රවාදයේ එයි. ක්‍රිස්තු වර්ෂ 8-9 සියවස්වල ඉදිකරන්නට ඇති බවට සැලකෙන මේ ස්තුපය අඩි 20ක් පමණ විශ්කම්භයෙන් යුක්ත ය. මේ ආසන්නයේ මහායාන නිර්මාණ ලක්ෂණ ඇති පංචාවාස ගොඩනැඟිල්ලක, ප්‍රතිමා ගෘහයක හා ජන්තාඝරයක නටබුන් හා පොකුණක් දක්නට ඇත.

කටු සෑය

ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මිහින්තලා ආරාමය ඉදිකිරීමට භාවිත කළ ආයුධ තැන්පත් කොට මේ කටු සෑය ඉදිකළ බවයි. මේ ස්ථානයෙන් මහා යාන සුත්‍ර පාඨ ඇතුලත් තඹ තහඩු හමු වී ඇති බැවින් මෙයද 8-9 සියවස්වල ඉදි කරන ලද මහායාන සම්ප්‍රදායේ විහාර සංකීර්ණයක් බවට විශ්වාස කෙරේ.

කළු දිය පොකුණ

පොකුණේ ඇති ජලය කළුවන් පැහැයට පෙනෙන බැවින් කළුදිය පොකුණ නම් ලද පොකුණ ආසන්නයේ පිහිටි ගල් ලෙන්, ස්නානාගාර, දාගැබ්, පිරිවෙන් භාවනා ශාලා ආදියේ නටබුන් හා සෙල් ලිපිවල සටහන් අනුව මේ ස්ථානයේ ද ආරාම සංකීර්ණයක් තිබී ඇති බව පැහැදිලි වේ. ක්‍රිස්තු වර්ෂ 898-914 කාලයේ රජ කළ හතරවන කාශ්‍යප රජතුමා විසින් ධම්මරුචි සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකොට ඇති ‘හදසුන්හ විහාරය’ බව විශ්වාස කෙරේ. පරිසරයට හානියක් නොවන පරිදි ගොඩනැඟිලි ඉදිකිරීමේ සම්ප්‍රදායික තාක්ෂණය නිරුපනය වන හොඳම ස්ථානය ලෙස කළුදිය පොකුණ හඳුන්වයි.

රාජ ගිරි ලෙන කන්ද

මේ කුඩා කඳු ගැටයේ ද ගල් ලෙන් කීපයක් හා පොකුණක් ඇත. මේ ලෙන් වාසස්ථානය කොට ගෙන සිටින්නට ඇත්තේ තවුස් දිවියක් ගතකල භික්ෂුන් වහන්සේලායි. මේ ලෙන් වලද බ්‍රාහ්මි අක්ෂර වලින් ලියා ඇති ලිපි හමු වී ඇත. ඊට අමතරව 9 වන සියවසට අයත් නගරි අක්ෂර වලින් ලියු ටැම් ලිපියක්ද හමු වී ඇත.

සිංහලයාගේ බෞද්ධ සංස්කෘතියේ නිජබිම වූ මිහින්තලේ තවම සම්පුර්ණයෙන් නිරීක්ෂණය කොට අවසන් කර නැත. 3 වන සියවසේ අග භාගය පමණ වනතුරු මේ විහාරය මහා විහාරයට අයත්ව තිබුන ද, මහසෙන් රජු විසින් එය අභයගිරි විහාරයට පවරා දී ඇති බව පෙනේ. ෆාහියන් හිමියන් 5 වන සියවසේ දී මිහින්තලේ 2000ක් පමණ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බව සඳහන්කර ඇත. වැඩිම ස්තුප ගණනක් තිබුණු ආරාමය වී ඇත්තේ මිහින්තලේ ය. 12 වන සියවසේ දී මහා පරාක්‍රමබාහු රජතුමා ස්තුප 64ක් ප්‍රතිසංස්කරණය කළ බව කියති.

මේ භුමියේ සැඟ වී ඇති සිංහලයාගේ සංස්කෘතික සලකුණු කවදා හෝ හෙළි කරගනු ඇතැයි අපි විශ්වාස කරමු.

Advertisements

13 COMMENTS

  1. මිහිඳු හිමියන් මිහින්තලේට වැඩි බවටත් ලංකාවට ප්‍රථම වරට බුදු දහම ගෙනා බවටත් පුරාවිද්‍යාත්මක සාධක තියෙනවා ද

  2. This is a very important blog and people who are interested in reading the history and our heritage consider this as an asset. I found this very useful especially for persons who are specialized in other subjects related to history such as ancient irrigation, agriculture, ecology etc.

    Appreciate much the efforts you made to update frequently this blog.

  3. රාජ් සෝමදේවයන් විසින් මෑතකදී බලංගොඩ ආශ්‍රිතව සොයාගත් නවතම පුරාවිද්‍යා සාධක මත සිව්හෙල බෞද්ධ සංස්කෘතික තොටිල්ල කූරගල, කල්තොට, බුදුගල හා බුදුන් වැඩි මහී අංගනයට (මහියංගනය ) සමපාත වෙනව නේද ?

    • ඒ පිළිබඳ ගැටලු තියෙනවා. මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කරන අදහස් පිළිබඳ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් අතර සාකච්ඡාකර පිළිගැනීමකට ලක් වී නොමැත. එමනිසා ප්‍රකාශ කරනා කරුණු පිළිගැනීම පිළිබඳ ගැටලු මතු වේ.

  4. බෙහෙවින්ම ස්තුති.වචනවලින් කිව නොහැකි තරමෙි ස්තුතියක් පුද කරමි.

  5. I have been an enthusiastic supporter of Archaeology.lk from its inception, having briefly met and had discussions and telephone and email conversations with some of the academics who originated this blog. However, I find this particular article not meeting some of the rigorous standards usually applied by our archaeologists and related scholars (anthropologists, paleontologists, historians – second to none in the world). Perhaps it is because this particular writer is not at all a scholar in any form. My complaint is about (a) the wholly unnecessary ethno-centrism in the introductory essay (b) the totally outdated racism inherent in the presentation of ‘Aryan’ racial settlers from a northern ‘Aryan Indian’ migrants. Even the Mahavansa/Dipavamsa mythology does not name the settlers as ‘Sinhala’ as such – in it the settlers are described as descendents of a Lion. More importantly, what was once described by 19th century and early 20th century European archaeologists as the ‘Aryan’ invasion/settlement of Northern India has long been totally debunked by modern scientific archaeology (both Indian and Western) as mistaken interpretation of early excavation findings in northern India. In modern historiography, anthropology and archaeology there is no such thing as an ‘Aryan race’ or Aryan language. Even the Hindutva ultra nationalists in modern Indian do not use such pseudo history. It is a pity that a respectable blog managed by scholars has allowed such a perpetuation of such unscientific falsehoods among a populace that is easily inflamed by modern ethno-political nationalism. It is the affirmation of Avijjaa that then orients the populace towards barbarism (as we saw with the Vanda Pethi riots). As Sinhalese and Sri Lankans (majority supposedly rational Buddhists), we should strive to educate our people about the glorious facts/truths of our real island heritage. Of course, the wonderful legends that are woven into our ancient, classical historiography must be presented to current generations of Sri Lankans. But they must be presented as glorious literature and not as factual ‘truths’ as stipulated by this writer (vide first para of Introductory essay). Overall, this essay and, especially the array of photographs, is valuable for popular reading and I congratulate the author. I do wish, however, that the moderators of this blog had exercised their editorial responsibility by suitable editing and adapting the essay when submitted by the author. I am certain that none of the archaeologists involved in this blog would identify with or defend those fallacies presented by the author. Being a non-academic, the author himself cannot be expected to be extensively knowledgeable of our current understanding of Lankan history. It is up to the blog management to ensure accuracy of content. I make this criticism while upholding the overall immense value of this blog and complimenting the hard work of its managers in sustaining it. – Lakshman Gunasekara

    • Thank you for your feedback and our editor will do the needful. This article series is based on the travel experiences of Mr. NH Samarasinghe. We wanted to encourage people to write similar articles, at least these articles will record our heritage sites.

      • “We wanted to encourage people to write similar articles, at least these articles will record our heritage sites.” I really appreciate this idea and in the meantime I would rather suggest and adhere Mr. Lakshman Gunasekara’s idea as well.

  6. Mr. Lakshman Gunasekera’s comments are consistent with my reaction to Mr.Samarasinghe’s introductory statement. Quite apart from the implied racism- perhaps involuntary- the introduction also limits the historiography of Sri Lanka to the alleged arrival of Vijaya, as much as the Mahawamsa has done. Perhaps such presentations, especially from individuals who are clearly neither historians, nor archaeologists, should be accompanied by an explanatory commentary from the blog curators who, I presume, are experts/specialists in relevant fields. It is still a useful and informative presentation on Mihintale, though.

    • Thank you for your comment. As we said earlier, this is sharing the travel experience of Mr.Samarasinghe with others. We know some facts are debatable, but we want to encourage the general public to write their experiences. In the next century, this write up may provide valuable information for the general public as well as academics.

  7. ස්තුතියි ඔබලාගේ දැනුවත්කිරීම් ගැන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.