ඒ. එම්. ඒ දයානන්ද හා මහින්ද කරුණාරත්න,

 

මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල.

පර්යේෂණ පසුබිම

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන මධ්‍යම සංසකෘතික අරමුදලට (Centarl Cultural Fund/CCF) අයත් ව්‍යාපෘතියක් ලෙසින් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit/ MAU) හැදින්විය හැකි ය. 1992 වර්ෂයේ දී ගාලූවරාය ආශ‍්‍රීත ව සිඳුකළ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ වලින් පසුව 2001 වර්ෂයේ ස්ථාපිත කළ මුහුදු පුරාවිද්‍යා ඒකකය ගාලූවරාය මුල් කරගනිමින් මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු රැසක් ක‍්‍රියාවට නැංවීය. ආරම්භක අවධියේ දී ගාලූවරාය ආශ‍්‍රිත ව ගවේෂණ කටයුතු වසර කීපයක්ම සිඳුකළ ද එම පර්යේෂණ ගාල්ල ප‍්‍රදේශයෙන් ඔබ්බට රැගෙන යමින් මුළු දිවයින පුරා මුහුදු තීරය ආවරණය වන පරිදි සිඳුකිරීමට සැලසුම්කරන ලදි. ඒ අනුව 2008 වර්ෂයේදී යුනෙස්කෝ ආධාර මත ආසියානු පැසිපික් කලාපයේ මුහුදු පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර පාසල ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට තීරණය කරමින් ඒ සඳහා අවශ්‍ය පුහුණු කටයුතු සඳහා උචිත දියයට පුරා ක්ෂේත‍්‍රයක් සෙවීම සඳහා සිඳුකළ පර්යේෂණ මත හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ කිරින්ද හා අම්බලන්තොට ගොඩවාය පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර අශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රිත ව පර්යේෂණ කටයුතු සිදුකරන ලදි. එහි දී මහාරාවණ පරය (Great Basses) ආශ‍්‍රිත ව ගිලී ඇති පුරා ක්ෂේත‍්‍ර තුනක පර්යේෂණ කටයුතු සිඳුකොට ඇත. එනම් රිදී කාසි නැව (Silver Wreck), බෝතල් නැව (Bottle Wreck), තඔ නැව (Copper Wreck) උදාහරණ ලෙසින් දැක්විය හැකි වේ. මෙම කටයුතු වලින් පසු ව කුඩා රාවණ පරය (Little Basses) ආශ‍්‍රිත ව යකඩ නැව ආශ‍්‍රිත පර්යේෂණ ද වැදගත් වේ.

2008 වර්ෂයේ සිඳුකළ වැදගත් පර්යේෂණයක් ලෙසින් අම්බලන්තොට ගොඩවාය පැරණි වරාය සිට කිලෝමීටර 3ක පමණ දුරින් හා නව වරායේ මුවදොර සිට කිලෝමීටර 4ක පමණ දුරින් ගැඔුරු මුහුදේ ගිලී ගොස් ඇති, මෙතෙක් ලංකාවෙන් සොයාගෙන ඇති පැරණි ම නෞකාව (ක‍්‍රිස්තු පූර්ව 2 – ක‍්‍රිස්තු වර්ෂ 2 වන සියවස් වලට කාලනීර්ණය කොට ඇත) පිළිබඳ පර්යේෂණ වැදගත් සංදිස්ථානයක් ලේසින් හැදින් විය හැකි ය.

2008 වර්ෂයේ දී ගාල්ලට නුදුරු හික්කඩුව හා අම්බලන්ගොඩ මුහුදු තීරයේ ගිලී ගිය වික්ටරි (Victory), අර්ල් ඔෆ් සාෆ්ට්ස්බරි (Earl of Shaftsburry), එස. එස්. කොන්ච් (S. S Conch), යන නෞකාවල පර්යේෂණ සිඳුකිරීම ද වැදගත් වේ.

2012 වර්ෂය වනතෙක් ශ‍්‍රී ලංකාවේ දකුණූ මුහුදු තීරයට පමණක් සීමාව පැවති මුහුදු පුරාවිද්‍යා පර්යේෂණයන් වයඔ දිග මුහුදු තීරයට විහිදුවා ලීම වැදගත් අවස්ථාවක් ලෙසින් දැක්විය හැකි වේ. ඒ අනුව හලාවත සිට මන්නාරම තෙක් සිඳුකළ මූලික ක්ෂේත‍්‍ර ගවේෂණය හා ද්වීතීක ව ක‍්‍රියාට නැංවූ දියයට දුරස්ථ සංවේදක (Remote Sensing Survey) පර්යේෂණය වැදගත් විය. එම පර්යේෂණ කටයුතු වලින් මෙතෙක් හඳුනානොගත් දියයට සංස්කෘතික උරුමයන් කිහිපයක්ම හඳුනාගැනීමට හැකියාව උදා වි ය. එහි දී මුහුද හා කලපු ආශ‍්‍රිත ව සිඳුකළ පර්යේෂණයන් ඔස්සේ කල්පිටිය කුඩාව මුහුදු තීරයේ ගිලී ඇති දැවමය නෞකාව හා පුත්තලම කලපුව ආශ‍්‍රිත ව දෙවන ලෝක යුධ සමයට අයත් ප‍්‍රහාරක යානා දෙකක සාධක සොයා ගනු ලැබී ය.

ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාත ආශ‍්‍රිත නව පර්යේෂණ

2012 වර්ෂය සඳහා මුහුදු පුරාවිද්‍යා පර්යේෂණයන් පිළිබඳ ව ඇස්තමේන්තු ගත වැඩ සැලැස්මට අනුව ශ‍්‍රි ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය ආශ‍්‍රිත ගවේෂණ කටයුතු ආරම්භකිරීමට සැලසුම් කරන ලදි. ඒ අනුව 2012 වර්ෂයේ ජූලි මස 13 වන දින සිට අගෝසතු මස 26 දින දක්වා ත‍්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රීක්කයනට අයත් වෙරළ තීරයේ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ සිඳු කිරීමට නියමිත ව ඇත. නැගෙනහිර කලාපයේ ආරම්භ කළ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ ප‍්‍රධාන අධියර 3ක් ඔස්සේ ක‍්‍රියාත්මක වේ.

1 ත‍්‍රීකුණාමල ප‍්‍රදේශය ආශ‍්‍රීත ගවේෂණය
2 මඩකලපු දිස්ත‍්‍රීකකය අවට ගවේෂණය
3 අම්පාර දිස්ත‍්‍රීකයේ පොතුවිල් ආශ‍්‍රිත ගවේෂණය

මෙම පර්යේෂණයට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ මුහුදු පුරාවිද්‍යාඥයන් වන ඩබ්. එම් චන්ද්‍රරත්න (ස්ථානභාර නිලධාරි), එස්. එම්. නන්දදාස, ඒ. එම්. ඒ දයානන්ද, රසික මුතුකුමාරණ, නදීකා කුමාරි, රුක්ෂාන් පියන්දන, ඉන්දික හේවගේ, සමීර ප‍්‍රසංග, චමල්. කේ. ගමගේ, මහින්ද කරුණාරත්න යන දසදෙනකුගෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් සහභාගී වේ.

නැගෙනහිර ගවේෂණයට සම්බන්ධ වූ මුහුදු පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම

1 ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශය ආශ‍්‍රීත ගවේෂණය

ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශය දියයට පුරාවිද්‍යා පර්යේෂණ 2012 ජුලි මස 13 වන දින සිට 31 වන දින දක්වා සිඳුකරන ලදි. එහි දී දියයට පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර ලෙසින් උප්පුවේලි හා ඉරක්කන්ඩි ආශ‍්‍රිත ව ගිලී ගිය නෞකාවන් දෙකක් පිළිබඳ ව පර්යේෂණ කටයුතු සිඳුකොට ඇත. එයට අමතර ව ස්වාම් රොක් ලෙසින් හඳුන්වන කෝණේෂ්වරම් කෝවිල හා වරාය ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශය ගවේෂණයට ලක්කරන ලදි.

උප්පුවේලී ප‍්‍රදේශයෙන් හමු වූ HMS Diomede නෞකාව

ත‍්‍රීකුණාමලය උප්පුවේල ප‍්‍රදේශයේ සිල්වර් බීච් ලෙස හඳුන් වන, මුහුදුතීරය සිට කිලෝමීටර 3ක් පමණ දුරින් අඩි 140ක පමණ ගැඔුරේ පිහිටි නෞකාවක අවශේෂ මුහුදු පුරාවිද්‍යාඥයන්ට අනාවරණය කොට ගැනීමට හැකි වි ය. සංචාරකයිනට මඟපෙන්වන්නකු ලෙස කටයුතු කරන ප‍්‍රියන්ත හෙවත් කළු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තාගේ තොරතුරු වලට අනුව, එම ස්ථානය ගවේෂණයට ලක්කිරීමේ දී දැව නැවක අවශේෂ අනාවරණය කරගැනීමට හැකි වි ඇත. මෙම පුරා ක්ෂේත‍්‍රයේ ගවේෂණ කටයුතු සිදුකරන අතරතුර සිදුකළ පුස්තකාල ගවේෂණයෙන් එම නෞකාව පිළිබඳ ව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි විය. ඒ අනුව 1960 දශකයේ ද ආතර් සී ක්ලාක්, මයික් විල්සන් ඇතුළු කණ්ඩායම ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශයේ පරවි දූපත අසල දියයට ඡායාරූප ගත කිරීම (Underwater Filming) සිදුකර ඇත. එම කටයුතු වල දී HMS Diomede නැව සොයා ගැනීමට උත්සහා කොට ඇත (Clerk and Wilson 1964, 200). එහි දී ඔවුන් දක්වන පරිදි Diomede rock ලෙසින් හඳුන්වන ගල්පරය ආශ‍්‍රීත ව මෙම නැව සොයාගැනීමට උත්සහා දැරුව ද ඔවුන්ගේ උත්සහය අසාර්ථක වී ඇත (Clerk and Wilson 1964, 200). ඔවුන් දක්වන පරිදි ක‍්‍රිස්තුවර්ෂ 1795 වර්ෂයේ දී ශ‍්‍රී ලංකාවේ ත‍්‍රීකුණාමලය වරායට HMS Diomede නෞකාව Suffolk, Centurion, Heroine නමැති නෞකා 3 සමඟ පැමිණ ඇති අතර ඔවුන් ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශය පාලනය කළ ආණ්ඩුකාර වරයාට තමනට යටත් වන ලෙසට ඉදිරිපත් කරන ලද ඉල්ලීමට ආණ්ඩුකාරවරායා සුභවාදී ප‍්‍රතිචාරයක් දැක්වූ බව සඳහන් වේ. මෙම ගමනේ දී HMS Diomede නෞකාව අවාසනාවන්ත ලෙස හඳුනා නෙගත් ගල් පරයක වැදුණූ බව ද, නැව බේරාගැනීම සඳහා එහි කාර්ය මණ්ඩලය විසින් එහි සියලූ කාලතුවක්කු මහුදට දැමූ බව ද සඳහන් වේ. එහෙත් නැව බේරාගැනීමට දැරූ උත්සහයන් නිෂ්ඵල කරමින් නැව මුහුදු බත් වී ඇත. ආතර් සී. ක්ලාක් පවසන පරිදි මෙම නෞකාව ටොන් 887ක බරින් යුක්ත වූ බව ද කාලතුවක්කු 44කින් සමන්විත වූ බව ද පැවසේ (Clerk and Wilson 1964, 200).

HMS Diomede සම්බන්ධයෙන් අන්තර්ජාලයෙන් සිඳුකළ තොරතුරු ගවේෂණයේ දී නව තතු අනාවරණය කරගැනීමට හැකි වී ඇත. ඒ අනුව මෙම නැව නිර්මාණය සඳහා ඇණවුම් කොට ඇත්තේ 1779 වර්ෂයේ අගෝස්තු 14 වැනි දා ය. එහි නිර්මාපක ආයතනය වනුයේ ජේම්ස් මාටින් හිල් හවුස් නමැති ආයතනයයි. එහි සම්ප‍්‍රර්ණ වැඩ නිම කොට දියත්කිරීම සිඳුකොට ඇත්තේ 1781 වර්ෂයේ ඔක්තෝම්බර් 18 වැනි දා ය.

Career (Great Britain)
Name: HMS Diomede
Ordered: 14 August 1779
Builder: James Martin Hillhouse, Bristol
Laid down: March 1780
Launched: 18 October 1781
Completed: 14 March 1782
Fate: Struck a rock on 2 August 1795 and sank almost immediately
General characteristics
Class and type: 44-gun Roebuck-class two-decker fifth rate
Tons burthen: 88737⁄94 (bm)
Length: 140 ft (42.7 m) (overall) 115 ft 6 in (35.2 m) (keel)
Beam: 38 ft 2 1⁄2 in (11.6 m)
Depth of hold: 16 ft 4 in (4.98 m)
Sail plan: Full-rigged ship
Complement: 300
Armament: As built:

  • Upper deck: 22 9-pounder guns
  • Lower deck: 20 18-pounder guns
  • Fc: 2 6-pounder guns

(මූලාශ්‍රය – http://en.wikipedia.org/wiki/HMS_Diomede_(1781))

 

මෙම නෞකාව විශේෂයෙන් ම නිරිමාණය කොට ඇත්තේ ඇමරිකානු පුනරුද යුධ සමයේ දී එරට වෙරළ සේවා කටයුතු සඳහා ය. මෙම නෞකාව මඟින් සිඳුකළ මෙහෙයුම් දෙකක් පිළිබඳ ව වාර්තා වේ. එනම් 1782 වර්ෂයේ දකුණු කැරලිනා ප‍්‍රදේශය අත්පත් කරගැනීම, 1794 වර්ෂයේ ඉන්දීය සාගරය අත්පත් කරගැනීම ය.

HMS Diomede නෞකාවේ වාර්තාගත කිරීම යටතේ ඡායාරූපගත කිරීම, වීඩියෝගත කිරීම සිඳුකළ අතර මිනුම් කටයුතු හා කටුසටහන් ඇදීම සිඳුකරන ලදි. එමෙන්ම එහි විසිරී ඇති කාලතුවක්කු 18ක් පමණ අංක ගත කරන ලදි. විශාල ප‍්‍රදේශයක පැතිර ඇති කුඩා ප‍්‍රමාණයේ තුවක්කු උණ්ඩ විශාල ප‍්‍රමාණයක්, කැඞී විසිරීගිය බෝතල් විශාල ප‍්‍රමාණයක් ද, දැව හා ලොහමය කොටස් ද හඳුනා ගැනීම ට හැකි වි ය.

අනාවරණය වූ කාලතුවක්කුවක්

විවිධ පරිමාණයේ කාලතුවක්කු උණ්ඩ

ඡායාරූප – රසික මුතුකුමාරණ හා නන්දදාස සමවීර, මුහුදු පුරාවිද්‍යා ඒකකය, ගාල්ල.

ඉරක්කණ්ඩි ප්‍රදේශයෙන් හමු වූ නෞකාව

අංක 234 ඉරක්කණ්ඩි ග‍්‍රාම නිලධාරි වසමේ නිලාවේලි ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ කොටකුඹ් ගංගාව ආශ‍්‍රිත ව ඇති ඇති ඉරක්කණ්ඩි කලපුවේ සිට කිලෝමීටර 2.5ක් පමණ දුරින් යුත් කොරල් දූපත් අසල මීටර් 7ක පමණ ගැඹුරක ස්ථාන ගත ව ඇත. මෙම නෞකාව පිළිබඳ ව සිඳුකළ පර්යේෂණ කටයුතු වල දී මිනුම කටයුතු, ඡායාරූප ගැනීම හා සැලසුම් ඇදීම සිඳුකරන ලදි.

කෙසේ වුව ද, මිනිසුනට පහසුවෙන් ළගාවිය හැකි නොගැඹුරු මුහුදේ නැව ස්ථානගත ව ඇති බැවිනි විශාල වශයේන් නැවට හානි සිදු වී ඇත. ඒ අනුව නැව පිළිබඳ ව හඳුනා ගැනීමට තිබූ සාධක බොහෝමයක් යකඩ එකතු කරන්නන් හා මසුන් මැරීමට පුපුරන ද්‍රව්‍ය මඟින් සිදුකරන ලද ක‍්‍රියාදාමයන් නිසා විනාශ වී ඇත.

දිගින් මීටර 90ක් පමණ වන නෞකාව යකඩ භාවිතයෙන් නිර්මාණය වූවකි. නැව හඳුනා ගැනීමට තිබෙන සාධක බොහෝමයක් විවිධ මානව ක‍්‍රියාකාරකම් නිසා අහිමි වී ඇත. නෞකාවේ ඉදිරිපස කොටස (Bow) හා පසු පස කොටස (Stern) පහසුවෙන් හඳුනාගත හැකි අතර අවර පෙත්ත (Propeller) ද පැහැදිලිව හඳුනාගත හැකි වේ. නැවේ බඳ කොටස් දෙපසට කඩා වැටී ඇති නමුත් ඇතැම් කොටස් මනා ව ආරක්ෂා වී ඇත. නැවේ එන්ජිමේ කොටස් තැන තැන විසිරී ඇත. නැංගුරම් 3ක් දැකගත හැකි අතර මෙහි රැගෙන ගිය භාණ්ඩ පිළිබඳ ව හෝ එහි උපයෝගිතාව පිළිබඳ ව මේ දක්වා තොරතුරු ලබාගැනීමට නොහැකි වී ඇත. ආශ‍්‍රිත කලාපයේ විහි දී යන ගල් පරයේ වැදීමෙන් මෙම නැව මුහුදු බත් වන්නට ඇතැයි ගල් පරය දෙපසට වැටී ඇති නෞකාවේ කොටස් අනුව අනුමාන කළ හැකි ය. ප‍්‍රදේශයේ ධීවරයෙක් වන අබ්දුල් කරීම් පවසන පරිදි ඔහුගේ පියා වන මොහොමඞ් අබ්බ‍්‍රහීම් 1936 වර්ෂයේ දී මෙම නෞකාව ගිලීයන ආකාරය තම දෑසින් දැක ඇත (2012 ජූලි 19 දින-සම්මුඛ සාකච්ඡාව).

කෝණේෂ්වරම් ආශ‍්‍රිත ස්වාමී රොක්

ත‍්‍රීකුණාමලය කෝණේෂ්වරම් දේවාලය ආශ‍්‍රිත ස්වාමී රොක් (Swami Rock) ලෙසින් හැදින්වෙන ස්ථානයේ පර්යේෂණ කටයුතු සිදුකිරීමේ දී වැදගත් සාධක රැුසක් හඳුනා ගැනීමට හැකියාව උදා විය. එහි දී ශිලා ස්ථම්භ මුදුන් කොටස් කිහිපයක සාධක, මැනවින් සකසන ලද මටසිලූටු ගල් පුවරු හා පැරණි ලෝහ නැංගුරමක් අනාවරණය කොටගෙන ඇත. මෙම තොරතුරු දින දෙකක දියයට ගවේෂණයකින් ලබාගන්නා ලද තොරතුරු වේ.

1960 දශකයේ දී ආතර් සී. ක්ලාක් හා මයික් විල්සන් ඇතුළු කණ්ඩායම ස්වාමි රොක් ආශ‍්‍රිත ව පර්යේෂණ රැගෙන ගොස් ඇත. එහි දී ඔවුන් ස්ථානයේ මුහුදු පත්ල ආශ‍්‍රිත ව ඡායාරූපමය වාර්තාකරණයක සිඳුකොට ඇත. එහි දී අලංකාර නෙළුම් මල් හැඩය සහිත ගල් කුළුණූ කොටස් ඡායාරූපයට නගා ඇත (Clerk, The Reefs of Taprobane 1956, 142).

ස්ථානයේ ඉතිහාස කථාන්දරය අනුව ගල් කුළුණූ 1,000ක් සමන්විත වූ ආගමික ස්ථානයක් පැවති බවත් පෘතුගීසීන් විසින් විසින් එය කඩා විනාශකොට ස්වාමි පර්වතයෙන් පහළට දැමූ බවත් සඳහන් වේ (Clerk, The Reefs of Taprobane 1956, 140-145).

මුහුදු පුරාවිද්‍යා ඒකකය විසින් සිදුකරන මෙම පර්යේෂණ මඩකලපුව හා අම්පාර දිස්තී‍්‍රක්කයේ ස්ථාන කිහිපයකට දිගැලි කිරීමට නියමිත ය. එය ඉදිරි දින කිහිපයේ සිඳුකිරීමට නියමිත ව ඇත. එහිදී තවත් බොහෝ නව තතු අනාවරණය කිරීමට හැකියාව උදාවනු ඇත.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

Clerk, Arther C. The Reefs of Taprobane. Hapor and Brothers, 1956.
Clerk, Arther C, and Mich Wilson. The Tresure of the Great Reef. New York: Harper and Row, 1964.
http://en.wikipedia.org/wiki/HMS_Diomede_(1781)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.