ඕමානයේ මුහුදු වෙරළක මහත් පරිශ්‍රමයක් දරා පාරම්පරික තාක්ෂණය උපයෝගී කරගනිමින් ගොඩනගන ලද Jewel of Muscat නැමති රුවල් යාත්‍රාව උත්සවශ්‍රීයෙන් 2010 අප්‍රේල් 19 වන දින ගාලූ වරායට සැපත්විය. 9 වන ශතවර්ශයට අයත් පැරණි රැවල් යාත්‍රාවක අනුරුවක් ලෙස මෙම යාත්‍රාව සකසා තිබේ. එම යාත්‍රාව මැදපෙරදිග නිපදවන ලදුව චීනය බලාගොස් ආපසු පැමිණෙමින් තිබියදී විනාශයට පත්වූවකි. ඉන්දුනීසියාවේ වෙරළ තීරයේ ගිලී තිබියදී 1998 වසරේ දී සොයාගන්නා ලද මෙම යාත්‍රාවේ අවශේෂ හා පුරාක්ෂේත්‍රය පිරීක්සා බැළූ පුරාවිද්‍යාඥයින් එම පැරණි සාම්ප්‍රදායන් අනුගමනය කරමින් එම යාත්‍රාවේ ප්‍රමාණයටම අනුරුව නිර්මාණය කර තිබේ.

jevel-of-muscat-mau-galle-rasika-mutukumarana-sri-lankaගාලූ වරායට සැපත් වූ රුවල් නෞකාව
සිංගප්පූරුවේ හා ඕමානයේ සංස්කෘතික සබඳතාවය මත ගොඩනැගුණු ව්‍යාපෘතියක් වන මෙහි අවසන් අදියර වන්නේ ඕමානයේ සිට පැරණි වෙළෙඳ මාර්ගය ඔස්සේ සිංගප්පූරු සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය වෙත ලඟාවීමය. ඉන්පසු ජලයෙන් ගොඩගෙන වියලා සංරක්ෂණය කර එහි අළුත් නවාතැන වන කෞතුකාගාරයේ නරඹන්නන් සඳහාම සැකසුණු විශේෂ ආකර්ශණීය මැදිරියක තැන්පත් වනු ඇත. නවීන තාක්ෂණික උපාංගයන්ගේ උපකාරයකින් තොරව පැරණි උපකරණ දිශාදර්ශක හා උපක්‍රම භාවිත කරමින් යාත්‍රා කරණ මේ රුවල් නෞකාව ඉන්දියාවේ කොචින් වරායටත්, ශ්‍රී ලංකාවේ ගාලූ වරායටත් මැලේසියාවටත් ලඟාවීමට නියමිතය.

jevel-of-muscat-mau-galle-rasika-mutukumarana-sri-lanka (1)සිංගප්පූරු කෞතුකාගාරයේ ඇති වීන පිඟන් බඳුන්
ඛෙලිටුන්ග් නිධානය හා ඛෙලිටුන්ග් එකතුව (Belitung Collection) වශයෙන් හඳුන්වන ප්‍රදර්ශන මැදිරිය සිංගප්පූරු සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති ආකාර්ෂණීය අංගයකි. එම මැදිරිය පුරා ප්‍රදර්ශණය කර ඇත්තේ ඉහත කී පැරණි යාත්‍රාවෙන් සොයා ගන්නා ලද කෞතුක වස්තූන් දහස් ගණනකි. 9 වන ශතවර්ෂයට අයත් දුර්ලභ චීන පෙන්සීලේස් එකතුවක් සහ අලංකාරව කැටයම් කරන ලද රන්ල රිදී හා තඹ බඳුන් රාශියකගෙන් සැදුම්ලත් මෙම මැදිරියට එක්වන නවතම ආකර්ශණය වන්නේ Jewel of Muscat යාත්‍රාවයි.

යාත්‍රාව ගාලූ වරායට පිළිගැනීමෙන් පසුව ගෙවුණු දින කිහිපයේදීම මේ යාත්‍රාව හා එහි අසීරු චාරිකාව පිළිබඳව නොයෙක් දේශන හා නව නව තොරතුරු ඉදිරිපත් කරණ ලදී. යාත්‍රාව ඉදි කිරීමේ මූලිකයා වූ පුරාවිද්‍යාඥ ටොම් වොස්මර් මහතාත්, යාත්‍රාව නිර්මාණය කළ ශිලිපීන් හා එහි යාත්‍රික කණ්ඩායමත්, ඕමානය නියෝජනය කරමින් පැමිණි රාජතාන්ත්‍රිකයන් හා ව්‍යාපෘතියේ සංවිධායකවරුන් ද මේ පිළිබඳව නොයෙක් තොරතුරු දන්වන ලදී. පැරණි යාත්‍රා ඉදිකිරීමේ තාක්ෂණය, යාත්‍රාව නැවත ගොඩනැංවූ ආකාරය, පැරණි වෙළෙඳවරාය, මැදපෙරදිග හා චීනය අතර, පැවති වෙළෙඳ සබඳතා හා ඕමානයේ සිට සිංගප්පූරුව දක්වා රුවල් භාවිත කරමින් සුළගේ ආධාරයෙන් පමණක් යන මේ අසීරු චාරිකාව පිළිබඳ වූ මේ තොරතුරු අතරතුර ඉන්දුනීසියානු වෙරළේ ගිලී තිඛෙන පැරණි යාත්‍රාව පිළිබඳව කිසිවක් සඳහන් නෙවීය. මෙම යාත්‍රාව 1998 දී ඉන්දුනීසියාවෙන් හමු වූ බව පමණක් විටින් විට සඳහන් විය. සාගර නීතිය අනුව ඉන්දුනීසියානු මුහුදු තීරයේ පවතින සියළු පුරාක්ෂේත්‍රයෙන් හා පුරාවස්තූන් එම රටට අයත් වේ. එම රටෙන් හමු වූ මෙම යාත්‍රාවල පුරා ක්ෂේත්‍රය හෝ දහස් ගණනක් වූ වටිනා පුරාවස්තූන් ගැන සඳහන් කිරීමේ දී ඒවා අයත් රට ගැන සඳහන් නොවන්නේ කුමක් නිසාදරෑ මේ කතාවේදී ඕමානයට හෝ සිංගප්පූරුවට වඩා අයිතියක් ඉන්දුනීසියාවට නොමැතිද? සැබැවින්ම මේ නොකියවුණු කාන්තාරය පිටුපස සැඟව පවතින්නේ ඛේදවාචකයකි. තම උරුමයන් මුදලට විකුණූ රටක අවාසනාවන්ත කතාවකි. 1998 වසරේ දී ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා බෝර්නියෝ අතර පිහිටි ඛෙලිටුන්ග් නම් දූපත අසලින් මෙම පැරණි යාත්‍රාවේ අවශේෂ සොයාගන්නා ලදී. ස්වදේශීය මසුන් මරන්නන් විසින් සොයාගන්නා ලද මෙම ස්ථානයේ චීන පිඟන්බඩු සම්භාරයක් තිඛෙන බව සොයා ගැනීමෙන් පසු ප්‍රසිද්ධියට පත්විය. සමුද්‍ර පුරාවිද්‍යාව වෙනුවෙන් ක්‍රියාත්මක වන වගකිවයුතු ආයතනයන් නොවූ ඉන්දුනීසියාවට සහාය දීමට ජර්මානු පෞද්ගලික සමාගමක් ඉදිරිපත් විය.

jevel-of-muscat-mau-galle-rasika-mutukumarana-sri-lanka (2)බෙලිටුන්ග් වලින් සොයාගන්නා ලද රන් බඳුනක්
jevel-of-muscat-mau-galle-rasika-mutukumarana-sri-lanka (3)රන් ආලේපිත අරාබි කිණිස්සක්
ටිල්මන් වෝල්ටෆෑන්ග් (Tillman Walterfang) නැමැත්තෙකුගේ ප්‍රදානත්වයෙන් යුතු සීඛෙඩ් එක්ස්ප්ලොරේෂන්ස් (Seabed explorations) නැමති මෙම සමාගම මේ පුරාක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු කිරීමටත් පුරාවස්තූ ගොඩගැනීමටත් සම්පූර්ණ සහාය හා අරමුදල් යෙදවීමට ඉන්දුනීසියානු රජයට පොරොන්දු විය. එහෙත් මේ මුදල් යෙදවීම පිටුපස තවත් සැඟවුණු එකඟතාවක් විය. එනම්, ගොඩගන්නා ලද පුරාවස්තූන්ගෙන් 50% හෝ එහි වටිනාකම ඉන්දුනීසියාවට ලබා දී ඉතිරිය එම සමාගමට ලබාගැනීමේ භයානක එකඟතාවයයි. ඉන්දුනීසියාවට ලංකාවට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් ගණනාවකට සංස්කෘතිය වෙනුවෙන් අවශ්‍ය තරම් වියදම් කිරීමට මුදල් නොමැත. සමුද්‍ර පුරාවිද්‍යාවට අනෙක් අංශයන්ට තරමටවත් මුදල් නොලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්න් එලෙසම තබා ගැනීමට හෝ රැක ගැනීමට විනා ඒවා මුදලට විකිණීමට පෙළඹී නොසිටීම සතුටට කරුණකි. ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ගණනාවක් විවිධ නම් වලින් හා පර්යේෂණ සමාගම් වල නාමයෙන් එන මේ නිධන් සොරුන්ගෙන් ග්‍රහනයට හසු වී තිබේ. එරට ජලාශ්‍රිත පුරාවිද්‍යා ක්ෂේත්‍ර රැක ගැනීමට හෝ පර්යේෂණය කිරීමට මුදල් නොමැති හෙයින් විවිධ පෞද්ගලික ආයෝජකයින්ට විකිණීම ඉන්දුනීසියානු රජයේ ප්‍රතිපත්තියක් බවට පත්ව තිබේ.

jevel-of-muscat-mau-galle-rasika-mutukumarana-sri-lanka (4)පුරා ක්ෂේත්‍රයේ පිඟන් බඳුන් තැන්පත්ව තිබූ අයුරු
1998 වසර අගදී වහවහා වැඩ ඇරඹූ මෙම ජර්මාණු සමාගම පුරාක්ෂේත්‍රයෙන් දුර්ලභ ගණයේ චීන පිඟන් බඩු 60,000 කට අධික ප්‍රමාණයක් ගොඩ ගන්නා ලදී. ඊට අමතරව වෙනත් වටිනා පුරාවස්තූන් ද විය. මේ පුරාක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු හා වාර්ථා කටයුතු සඳහා ප්‍රකට සමුද්‍ර පුරාවිද්‍යාඥයෙකු වූ මයිකල් ෆ්ලිකර් (Michael Flecker) නැමැත්තාව බඳවා ගන්නා ලදී. මෙම පුරාවස්තු ගොඩගැනීම අතරතුර ඔහු විසින් පුරාක්ෂේත්‍රයේ තොරතුරු සටහන් කරගන්නා ලදී. අවාසනාවකට මෙන් මෙම සමාගම්වල අරමුණ වන්නේ පුරාක්ෂේත්‍රය විද්‍යානුකූලව පර්යේෂණයට ලක් කිරීමට වඩා එයින් හැකිතරම් පුරාවස්තූන් ප්‍රමාණයක් ගොඩ ගැනීමයි. මීටර 14 පමණ ගැඹුරේ පැවති මෙම යාත්‍ර්‍රාවේ අවශේෂ වැඩි ප්‍රමාණයක් ඉතා සුරක්ෂිතව පැවතිණ. යාත්‍රාවේ දැව පිරිද්දුම් පරීක්ෂා කිරීමේ දී ඒවා කිසිදු ලී හෝ ලෝහ ඇණවල භාවිතයකින් තොරව ලණුවලින් පමණක් බැඳ ඇති බවත් ලී එකිනෙකට සවිකර ඇති ආකාරය අනුව අනිවාර්යෙන් බටහිර ඉන්දියානු හෝ මැදපෙරදිග සම්භවයක් ඇති බවත් පෙනීගොස් තිබිණ. ලබාගත් දැව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු මේ යාත්‍රාවේ මැදපෙරදිග සම්භවයත් කාල වකවානුවත් තහවුරු විය. යාත්‍රාව පිරී තිබුණේ වෙළෙඳ ද්‍රව්‍ය ලෙස චීනයේ සිට ප්‍රවාහණය කෙරුණු පිඟන් බඳුන් වලිනි. වැල්ලෙන් වැසී ආරක්ෂාව තිබූ යාත්‍රාවේ කොටස් හා නිර්මාණය තාක්ෂණය මනාව සටහන් කර ගැනීමට ඵසජය්ැක ත‍කැජනැර හැකියාව ලැබිණ. වසර කිහිපයක් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියේ අවසාන සොයාගනු ලැබූ පුරාවස්තූන් තක්සේරු කරන ලදී. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් විය. ඒ අනුව පුරාවස්තූනගෙන් 50% හෝ වටිනාකමින් 50% ඉන්දුනීසියානු රජයට හිමි විය. අවාසනාවන්ත ලෙස ඔවුන් තෝරාගනු ලැබුවේ මුදලයි. සමාගම විසින් ඇමරිකානු ඩොලර් 2.5 ක් රජයට ගෙවන ලද අතර, එම පුරාවස්තූන්ගේ අයිතිය සමාගමට හිමි විය.

jevel-of-muscat-mau-galle-rasika-mutukumarana-sri-lanka (5)දුර්ලභ වර්ගයේ චීන බඳුනක්
තම ඉලක්කය සපුරා ගත් සමාගම වසර කිහිපයකින් තම පුරාවස්තූ එකතුව සිංගප්පූරු කෞතුකාගාරයකට ඉතා අධික මුදලකට එනම් ඇ.ඩො. මිලියන 32 මුදලකට විකුණා අධික ලාභයක් ලබා ගන්නා ලදී. සිංගප්පූරු කෞතුකාගාරයේ නරඹන්නන් පිනවන මේ චීන පුරාවස්තු එකතුව ඉන්දුනීසියාවට අහිමි වූයේ එලෙසය. තම අනාගතය හා ආර්ථිකය සැලසුම් කරගත් සිංගප්පූරු ජාතිකයින් අධික මුදලක් ආයෝජනය කර ලබාගත් මෙම පුරාවස්තු ප්‍රදර්ශණය කර වසරක්පාසා ආයෝජනය කළ මුදලට සරිලන ලාභයක් උපයති. එහි නියම උරුමකරුවන් වූ ඉන්දුනීසියානුවන් මිලියන 2.5 ක්ෂණික ලාභයක් ලබාගෙන අදත් සිංගප්පූරුවට ගොස් මුදල් ගෙවා මැදිරියක ප්‍රදර්ශණය කර ඇති තමන්ගේම උරුමයන් දෙස බලා පැමිණෙයි. මුදල වෙනුවට පුරාවස්තූන් ලබාගත්තේ නම් වටිනා පුරාවස්තූන් 30,000 පමණ ඔවුන්ටද හිමිවේ. එය අයෝජනය කර ප්‍රදර්ශණය කිරීමට ඔවුන්ට ද හැකියාවක් ඇතිවනු ඇත. එසේ තම උරුමය විකුණා දැමූ ඉන්දුනීසියානුවෝ තම පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සිදු වූ දරුණු ඛේදවාචකයක් ලෙස මේ සිදුවීම අදත් හඳුන්වති.

උරුමය යනු භෞතික සාධකයක් පමණක් නොව ඒ වටා ගොඩනැගුණු සංස්කෘතීන් හා දැනුම වේ. ඛෙලිටූන්ග් පැරණි යාත්‍රාවේ තිබූ අනර්ග පුරාවස්තූන් ද යාත්‍රාව හා එහි ඉදිකිරීම් පිළිබඳව වූ දැනුමද ඉවත්කර ගැනීමෙන් පසු ඉන්දුනීසියාව ගැන කතා කිරීමට කිසිවකුටත් අවශ්‍ය නොවීය. පුරාකෘති එකතුවෙහි හිමිකරුවා වූ සිංගප්පූරුව පැරණි යාත්‍රා ඉදිකිරීම තවමත් යම්මට්ටමකින් රැකගත් ඕමානය හා එක්ව න‍ැඇක දෙ ඵමිජ්එ තැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මයිකල් ෆ්ලිකර්ගේ පර්යේෂණ තොරතුරු අධ්‍යනය කල ටොම් වොස්මර් මහතා එය නිර්මාණය කිරීමේ වගකීම භාර ගන්නා ලදී. ඕමානයෙන්, ඉන්දියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් සොයාගත් දක්ෂ ශීල්පීන් රැසකගේ එකතුවෙන් යාත්‍රාව ප්‍රතිනිර්මාණය කරන ලදී. එහෙත් මේ කණ්ඩායමේ කිසිවෙකුත් ඉන්දුනීසියාවේ ගිලීගිය සැබෑ යාත්‍රාවේ අවශේෂ දැක නොමැත. ඉන්දුනීසියාව, පිලිපීනය, මලයාසියාව ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල් ගණනාවක්ම මේ ඛේදවාචකයට ගොදුරු වී සිටී. ඔවුන් එයින් ගොඩ ඒමට යම් යම් උත්සාහයන් දරමින් සිටියත් ඔවුන්ට සටන් කිරීමට සිදු වී ඇත්තේ කෝටි ගණනින් මුදල් වියදම් කරන නිධන් සොරුන් හා ඔවුන් ඉතසිතින් පිළිගන්නා දුෂිත රාජ්‍යපාලනයත් සමඟය. එහෙත් එම රටවල පවතින සංස්කෘතික උරුමයට සම්බන්ධ විවිධ ආයතන හා පුද්ගලයින් තම උරුමයන් රැක ගැනීමට වෙහෙස වී කටයුතු කරයි. ආයතන ගණනාවක සමුද්‍ර පුරාවිද්‍යාව පිළිබඳව අංශයන් පිහිටුවා ඇති අතර, සමුද්‍ර පුරාවිද්‍යාඥයින් පුහුණු කිරීමේ කටයුතු වලද නිරතව සිටී. තමන්ට අහිමිව ගිය අනර්ග ඛෙලිටුන්ග් එකතුව ගැනත් එහි ජනප්‍රියත්වය ගැනත් කණගාටු වන ඉන්දුනීසියාව එම යාත්‍රාවෙන් සොයාගත් ඔවුන් සතුව පවතින පිඟන් බඳුන් කිහිපය හා තවත් අවශේෂ වලට විශේෂ අවධානයක් යොමුකර කෞතුකාගාරයක තැන්පත් කර ඇත. එම පුරාක්ෂේත්‍රය ඇතුළු තවත් පුරා ක්ෂේත්‍ර ගණනාවක් පුරාවිද්‍යා උරුම ස්ථාන ලෙස ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත. සමාගම් සමඟ එකතුව සිදුකරන ව්‍යාපෘතීන් වඩාත් පරීක‍ෂාකාරීව පාරදෘශ්‍යභාවයෙන් කිරීමට පෙළඹී සිටී. එමෙන්ම ජලාශ්‍රිත පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීමේ වැදගත් කම ජනතාවට කියාදීමේ මහඟු කර්තව්‍යයේද ඉන්දුනීසියානු පුරාවිද්‍යා ආයතන නිරතව සිටී. මේ සියල්ලටම සමගාමීව නිදන් හොරුන්ද ක්‍රියාත්මක වී සිටී. පසුගිය අවුරුදු කිහිපය පුරා විවිධ ව්‍යාපෘති මඟින් සොයාගත් පුරාවස්තූන් 10,000 කට අධික ප්‍රමාණයක් 2010 වසර මැද දී ඉන්දුනීසියානු රජය සමඟ ඒකාබද්ධව ප්‍රසිද්ධියෙන් වෙන්දේසි කිරීමට පියවර ගන්නා ලදී. විවිධ රටවල පුරාවිද්‍යාවට ආදරය කරන පිරිස් හා ආයතන කෙතරම් විරෝධය පෑවද එය නතර කිරීමට අපොහොසත් විය. උරුමය විකිණීමට මෙන්ම ඒවා මිළදී ගැනීමට ද පිරිස සූදානම් ව සිටීම එයට හේතුව විය. මේ සිද්ධියට විරෝධය පාමින් ඕස්ට්‍රෙලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය ඉන්දුනීසියානු සංස්කෘතික අමාත්‍යාංශය හා එක්ව ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ජලාශ්‍රිත පුරාවිද්‍යා දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවන ලදී. UNESCO සංවිධානයද මේ පිළිබඳව දිගින් දිගටම එම රජයට විරෝධය පා සිටී. මේ විරෝධයන්ගේ ප්‍රතිඵලයක් ලෙස වෙන්දේසි දිනයේදී මේ පුරාවස්තු එකතුව ඉන්දුනීසියාව තුලම තබාගැනීමට එකඟවන සමාගමකට හෝ ධනවතෙකුට අළෙවි කිරීමට ඇති හැකියාව සොයාබැලීමට රජය තීරණය කරන ලදී

jevel-of-muscat-mau-galle-rasika-mutukumarana-sri-lanka (6)වෙන්දේසි කිරීම සඳහා එකතු කල ඉන්දුනීසියාවෙන් හමුවූ පුරාවස්තු සම්භාරයක්
Jewel of Muscat යාත්‍රාව පිළිබඳ වූ අවසන් සම්මන්ත්‍රණයේදී විශේෂ දේශණයක් කල විශ්‍රාමික නාවික හමුදා නිළධාරී සෝමසිරි දේවේන්ද්‍ර මහතා තම දේශණය අවසානයේ ඉන්දුනීසියාවේ මේ ප්‍රතිපත්තිය පිළිබඳව පවසා පැමිණ සිටි ඕමානයේ හා ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රිකයිනට හා ආයතන ප්‍රධානීන්ට ප්‍රශංසාවක්, අනතුරු හැඟවීමක් මෙන්ම අවවාදයන් ද දෙන ලදී. ඕමානයත් ශ්‍රී ලංකාවත් තම උරුමයන් රැක ගැනීම පිළිබඳව ප්‍රශංසා කළ එතුමා මයිකල් ෆ්ලිකර් ඇතුළු ඔහුගේ කණ්ඩායම පසුගිය දශකයේ ලංකාවට පැමිණ ව්‍යාපෘති ආරම්භ කිරීමට උනන්දුව දැක් වූ ආකාරයත් අපේ උරුමයන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තිය හා පවතින පුරාවිද්‍යා නීතීන් හේතුවෙන් එම පිරිස පෙරළා යැවූ බවත් සඳහන් කරන ලදී. ඉන්දුනීසියාවේ තත්ත්වය මේ දෙරටේම ඇති නොවීමට නොපමාව කටයුතු කරන ලෙස දැනුම් දෙන ලදී. පැරණි වෙළෙඳ මාර්ගය ඔස්සේ යාත්‍රාකරණ Jewel of Muscat යාත්‍රාව තම පැරණි ගිමන් හලක් වූ ලංකාවටද පැමිණ තිබේ. ඔවුන් ඒ සමගම මහඟු පණිඩුඩයක් ද අපට ලබා දී තිබේ. උරුමය නොවිකුණා එයආරක්ෂා කර ගැනීමෙන් ද ආර්ථීක ලාභ ලබා ගැනීමට හැකි බව අප වටහා ගත යුත්තකි. අපගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමටත් එය මතු පරපුරට උරුමකර දීමත් අප සතු වගකීම නැවත නැවතත් අලුත් කර ගැනීමට මෙය විශේෂ අවස්ථාවකි.

රසික මුතුකුමාරණ සමුද්‍ර පුරාවිද්‍යාඥ, සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.