අරුණ රාජපක්ෂ

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

ආචාර්ය අරුණ රාජපක්ෂ

හැඳින්වීම

පසුගිය දශක කීපය තුළඋරුමය ගෝලීයකරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ජගත් උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම සංරක්ෂණ ප‍්‍රතිපත්ති මූලධර්ම සහ ප‍්‍රවේශ ඍජුවම බටහිර බලපෑමට ලක් වී ඇතග බටහිර සංස්කෘතික සන්දර්භයන් තුළ ඉතා හොඳින් භාවිත කළ හැකි යැ යි ඔවුන් විශ්වාස කරන සමහර න්‍යාය සහ සංකල්ප වෙනත් සංස්කෘතික පසුබිම් තුළ සාර්ථකව යොදා ගැනීම අපහසුයග මෙහි අරමුණු වන්නේ බටහිර උරුම සංරක්ෂණ ප‍්‍රතිපත්තිල මූලධර්ම ප‍්‍රවේශ සහ කි‍්‍රයාවලින් ශී‍්‍ර ලංකා පූජනීය උරුම ක්ෂේත‍්‍ර සන්දර්භය තුළ කෙතරම් ප‍්‍රායෝගිකව භාවිත කළ හැකි ද යන්න පරීක්ෂා කිරීමයගමෙම අධ්‍යයනට බඳුන්වන පූජනීය නගරය වන අනුරාධපුරය ජගත් පරිමාණයෙන් ඉතා වැදගත් ජීවමාන පූජනීය උරුම නගරයක් (Living sacred heritage city) වන අතර, ආසියාකරයේ ආගමික උරුම ස්ථානයන්ගේ සුවිශේෂත්වයක් වන ජීවමාන බව (Livingness) සහ පූජනීයත්වය (Sacredness) මෙන්ම ඒ හා බැඳුනු සංස්කෘතික අගයන් ප‍්‍රකට කෙරෙන ලෝක උරුම ස්ථානයක් ද වේගඅනුරාධපුර පූජා නගරයේ එදා මෙදාතුර සංරක්‍ෂිත ප‍්‍රධාන ස්මාරක 4ක් ප‍්‍රත්‍යෙක අධ්‍යයන ලෙස තෝරාගෙන සිදුකරන ලද අධ්‍යයන තුළින් අපේක්‍ෂා කරනුයේ මධ්‍යස්ථ දෘෂ්ටිකෝණයකින් උරුම සංරක්‍ෂණයේ සාර්ථකත්වය, තිරසාරභාවය තත් උරුමයේ බහුවිධ හවුල්කරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් ඇගයීමකට ලක් කිරීම ය.

උරුම කළමනාකරණ ක්ෂේත‍්‍රය තුළ ඉතා විවේචනාත්මකව සංවාදයට බඳුන්ව වන ගැටලූ වන්නේ උරුමය කාගේ ද?කවුරුන් විසින් නිර්වචනය කරනු ලබන්නේ ද?කවුරුන් සඳහා ද? කෙසේ සංරක්ෂණය කළ යුතු ද? සංරක්ෂණය කළ යුත්තේ ඇයි ? කවුරුන් සඳහා සංරක්ෂණය කරන්නේ ද? ආදියයි.1 දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මට්ටමින් හා ජාතික මට්ටම්වලින් උරුමය ආරක්ෂා කිරීම හා කළමනාකරණය සම්බන්ධ වන නීති රීති සහ සම්මුති සකස් වීමේ ප‍්‍රවණතාවක් දැක ගත හැකි අතර, එම බටහිර කේන්ද්‍රීය ද්‍රව්‍ය මූල සංරක්ෂණ ප‍්‍රවේශයන්ගේ සුවිශේෂත්වයක් වන්නේ ඇතැම් ආගමික පූජනීය උරුම ක්ෂේත‍්‍රයන්ගේ සංකීර්ණ ජීවමාන මානය ආමන්ත‍්‍රණය කිරීමට සමත් නො වන සරල සහ රේඛීය භාවයයිග මෑත කාලීනව ජාත්‍යන්තර හා කලාපීය මට්ටමින් ආගමික පූජනීය හා ජීවමාන උරුමයන් පිළිබඳව සැළකිය යුතු සංවාදයක් දියත් වී ඇතත්,2 ප‍්‍රායෝගිකව බටහිර උරුම සංරක්ෂණ හා කළමනාකරණ සංකල්ප මත පදනම් වූ උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණයේ දී හා කළමනාකරණයේ දී තවමත් සංරක්ෂණ වෘත්තිකයින් විසින් දේශීය ප‍්‍රජාවන් හා දේශීය ඇගයුම් ආන්තිකකරණයට ලක් කිරීමක් සිදු වෙමින් පවත්නා බව පිළිගත් මතයකි.

1962 වසරේදී දියත් වූ වැනිස් ප‍්‍රඥප්තිය ශී‍්‍ර ලංකාව ද ඇතුළු බොහෝ රටවල උරුම සංරක්ෂණයේ හස්තසාර ලේඛනය වූ අතර, 1972 ජගත් උරුම ප‍්‍රඥප්තිය හරහා උරුමය සංකල්පය ගෝලීයකරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජගත් සංරක්ෂණ ප‍්‍රමිතීන් හා නිර්ණායකයන්ගේ ආධිපත්‍යය යුනෙස්කෝ (UNESCO), අයිකොමොස් (ICOMOS) වැනි ජාත්‍යන්තර ආයතන හරහා ස්ථාපිත වන්නට වියග මෙසේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති හා සම්මුති හරහා ස්ථාපිත වන ජගත් උරුම සංරක්ෂණ ප‍්‍රතිපත්ති සහ මූලධර්ම තුළින් උරුමයේ භෞතික මානය සංරක්ෂණය කිරීම අවධාරණය කෙරුණ ද, ඒ හා බැඳුනු අර්ථය කෙරෙහි සැලකිල්ලක් නො දැක්විණිග පසුගිය දශක කීපය තුළලොව පුරා විවිධ රටවල සංස්කෘතික උරුමයේ විවිධත්වය නොසලකා බටහිර ගුරුකුලයේ සංරක්ෂණ ප‍්‍රතිපත්ති සහ මූලධර්ම යොදා ගැනිනග මෙම විද්‍යාත්මක ද්‍රව්‍යමූල සංරක්ෂණ ප‍්‍රතිපත්ති ඒවා කි‍්‍රයාවට නැගුණු රටවල උරුමය හා ප‍්‍රජාව අතර පැවති සහජීවන සහසම්බන්ධතාව යම් ප‍්‍රමාණයකට දුරස් වීමට හේතු විය.3 රාජ්‍ය උරුම අධිකාරින් විසින් පූර්ණ ලෙස ජීවයක් නොමැති ස්මාරක හා ක්ෂේත‍්‍ර සඳහා අනුගත ප‍්‍රතිපත්ති ආගමික පූජනීය ජීවමාන උරුම ස්මාරක හා ක්ෂේත‍්‍ර සඳහා වෙනසකින් තොරව යොදා ගැනීමට යාම අර්බුද රැුසකට මුල විය.

සාකච්ඡාව

‘උරුමය’ සහ ‘උරුම සංරක්ෂණය’ අනෝන්‍ය වශයෙන් අවියෝජනීය සංකල්පයන් දෙකක් ලෙස විවිධ සන්දර්භයන් තුළ ඇගයීමටල විවේචනයටල විවාදයට බඳුන් වූ මාතෘකා දෙකකිගපසුගිය දශක කීපය තුළඋරුම සංකල්පය ජගත් තලයේ මෙන් ම ශී‍්‍ර ලංකාවේ ද ප‍්‍රභල විචලනයන්ට භාජනය වියග මේ සඳහා ජාත්‍යන්තර ආයතන වන යුනෙස්කෝ (UNESCO), අයිකොමොස් (ICOMOS) සහ අයික්‍රොම් (ICCROM) වැනි ආයතන මෙන් ම ජගත් උරුම සංකල්පය ද හේතු වියග අනුරාධපුර ජගත් උරුම ක්ෂේත‍්‍රයේ උරුමය නිර්වචනය කිරීමේ දී අනුගමනය කර ඇති ප‍්‍රවේශය සහ ප‍්‍රතිපත්ති පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුවේගඑහි දී දැනුමින්ල බලයෙන්ල තාක්ෂණික විශේෂඥතාවෙන් සමන්විත විශේෂඥයින් විසින් සිය මතවාදී ආධිපත්‍යය භාවිතා කිරීම දැකගත හැකි යගඅනුරාධපුර උරුමය හා සිංහල බෞද්ධ අනන්‍යතාව අතර සම්බන්ධතාව ජගත් උරුමයක් ලෙස නිර්ණායක II, III හා VI යටතේ ප‍්‍රකාශයට පත් කිරීමේ දී අයිකොමොස් සංවිධානයේ අවධානයට හා නිර්දේශයට ලක් වී ඇත. 4 මේ අනුව පැහැදිලි වන්නේ ජගත් උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ දී අනුරාධපුර නගරය හා අනුබද්ධ උරුමයේ සිංහල බෞද්ධ ලකුණ ප‍්‍රබල ලෙස හේතු වී ඇති බවයි. එහි දී දැනුමින්, බලයෙන්ල තාක්ෂණික විශේෂඥතාවෙන් සමන්විත විශේෂඥයින් විසින් සිය මතවාදී ආධිපත්‍යය භාවිතා කිරීම දැකගත හැකි ය. මෙය Laurajane Smith සඳහන් කරන ආකාරයටිඅධිකාරීමය උරුම සංකථනයේ’ (Authorized heritage discourse) ප‍්‍රතිඵලයකි. ඓතිහාසික,5 පුරාවිද්‍යාත්මක ප‍්‍රබල කථා පුවත් මත උරුමය නිර්වචනය කිරීම මෙහි සුවිශේෂත්වයකි. ඒ අනුව යමින් ඓතිහාසික ප‍්‍රබල වෘත්තාන්තයන් ලෙස ස්ථාපිත වූ,

  • පණ්ඩුකාභය රජ දවස අනුරාධපුර නගරයේ සංවිධිත සැලසුම්කරණය
  • අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු හිමියන්ගේ ආගමනය සහ බුදු දහම හඳුන්වා දීම
  • සංඝමිත්තාගමනය සහ දුමින්දාගමනය
  • දක්ෂිණ භාරතීය ද්‍රවිඩ ආක‍්‍රමණ
  • දුටුගැමුණු රජු විසින් ද්‍රවිඩ ආක‍්‍රමණිකයින් පැරදවීම
  • මිරිසවැටිය සහ රුවන්වැලි ස්තූප ඉදිකිරීම
  • චෝළ රාජ රාජ ආක‍්‍රමණය සහ විනාශය

වැනි වෘතාන්ත මත පදනම් ව ක්ෂේත‍්‍රයේ වැදගත්කම හඳුන්වා දී ඇත.6 ශී‍්‍ර ලාංකේය ඉතිහාසකරණයේ දී වංසකතාකරුවන් සහ ඉතිහාසඥයින් විසින් ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයන්ට අනුව මතු කර දැක් වූ ප‍්‍රබල ඓතිහාසික වෘත්තාන්ත ජගත් උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ දී නිර්ණායකයන්ගේ යුක්තිියුක්ත බව පැහැදිලි කිරීම පිණිස යොදා ගැනීම කෙතෙක් දුරට සාධාරණ ද යන්න ගැටලූ සහගත යග ශී‍්‍ර ලංකාවේ පසුගිය දශක තුනක් තුළ පැවති ජනවාර්ගික අර්බුදයේ දී ජගත් උරුම භූමිවල ප‍්‍රබල සංස්කෘතික සංකේතයන් වන අනුරාධපුර ශී‍්‍ර මහා බෝධියල මහනුවර දළදා මාළිගාව වැනි උරුම ස්ථාන ත‍්‍රස්ත ප‍්‍රහාරක ඉලක්ක බවට පත් වූයේ උරුම ස්ථානවල විශ්වීය අර්ථය පිළිබඳ අගය සන්නිවේදනය නො වීම සහ ඒවා කිසියම් ජනවර්ගයක් හෝ ආගමික කණ්ඩායමක් සතු උරුමයන් ලෙස අනවශ්‍ය ලෙස හුවා දැක්වීම සහ සාවද්‍ය භාවිතාව හේතුවෙනි.

පූජනීය නගරයක උරුමය ජගත් උරුම නිර්ණායකයන් II, III, VI ඔස්සේ පැහැදිලි කිරීමේ දී විශේෂ ද්‍රව්‍යාත්මක භෞතික ස්මාරකමය උරුම සාධකයන් පමණක් අවධාරණය කරන අතර ඒ හා බැඳුනු අස්පර්ශනීය උරුම ගති ලක්ෂණයන්ගේ පැවැත්ම හෝ ජීවමාන බව සඳහන් නො කිරීම ද ගැටලූ සහගතයග III වන ජගත් උරුමය නිර්ණායකය යටතේ භාවිතා වනිසිංහල ශිෂ්ටාචාරය (Sinhalese civilization) යන යෙදුම සහිශී‍්‍ර ලංකාවේ සංස්කෘතිය’ (Culture of Sri Lanka) යන යෙදුම් දෙකක් හඳුනා ගත හැකි ය.7 ඒ තුළින් ගම්‍ය වන අදහස් නම් ශී‍්‍ර ලංකාවේ සංස්කෘතිය තුළ සිංහල ශිෂ්ටාචාරය ප‍්‍රබල සහ එකම උරුම නියෝජනයක් බවයිග මේ තුළ උරුමය වාර්ගික දෘෂ්ටිකෝණයකින් නිර්වචනය කිරීමට පෙළඹී ඇති බව පෙනේග III වන සහ VI වන නිර්ණායකයන් තුළ පූජනීය නගරයේ ජීවමාන ආගමික සම්ප‍්‍රදායන් සඳහන් කිරීමේ අවස්ථාව පැවතිය ද ඒ පිළිබඳ ව කිසිවක් සඳහන් නො වීම ද උරුම ක්ෂේත‍්‍රයේ ජීවමාන මානය නොසලකා හැරීමකිගඋක්තිශිෂ්ටාචාරය’ නැමැති වචනයේ භාවිතය වැනිසියේ ප‍්‍රඥප්තිය තුළින් හා ජගත් උරුම ප‍්‍රඥප්තිය තුළින් යුරෝපීය දෘෂ්ටිවාදයන්ට අනුගත වීමකිග මෙලෙස වැනීසියේ ප‍්‍රඥප්තිය සහ ජගත් උරුම ප‍්‍රඥප්තියේ උරුමය පිළිබඳ නිර්වචන හා නිර්ණායකයන්ට අනුව සෙසු රාජ්‍යයන් සිය උරුමයන් නිර්වචනය කිරීමට යාම තුළින් යුනෙස්කෝව වැනි ජාත්‍යන්තර ආයතනයන්ගේ බල අධිකාරිය ඉස්මතුව ඇති ආකාරය පැහැදිලි ය.

ඓතිහාසික ව මෙන් ම වර්තමානයේ ද ලෝක උරුම සංරක්ෂණයේ දී ප‍්‍රධාන සංකල්පමය සහ දාර්ශනික මෙන් ම විවාදාපන්න මාතෘකාවක් වන්නේ තථ්‍යතාව (Autheticity) පිළිබඳ කාරණයයි.8 යුරෝපීය ස්මාරක සංරක්ෂණ ඉතිහාසයේ පුනරුද සමයේ මෙන් ම ඉන් අනතුරුව 19 වන සියවසේ දී දැඩි සංරක්ෂණවාදී දෘෂ්ටිවාදයන් වර්ධනය කළ ජොන් රස්කින් (John Ruskin) සහ විලියම් මොරිස් (William Morris) වැන්නවුන් ඓතිහාසික කාලය හා බැඳුනු තථ්‍යතාවේ වැදගත්කම වෙනත් ඓතිහාසික සංස්කෘතික සන්දර්භයක දී ප‍්‍රතිනිෂ්පාදනය කළ නො හැකි බව අවධාරණය කළේයග ඉන් අනතුරුව කැමිලෝ බොයිතෝ (Camilo Boito) විසින් 1883 කෙටුම්පත් කරන ලද ඉතාලියානු සංරක්ෂණ ප‍්‍රඥප්තිය (Italian charter of conservation) හරහා උක්ත තථ්‍යතා සංකල්පය තවදුරටත් ප‍්‍රවර්ධනය වියග ඉන්පසුව ලෝක යුධ වාතාවරණයන්ගෙන් පසුව විචාරාත්මක ඓතිහාසික ඇගයීම් මත පදනම් වූ විචාරාත්මක සංරක්ෂණ (restauro critico) ප‍්‍රවේශ හරහා නිර්මාණය වන පදනම විවිධ රාජ්‍යයන් හි සංස්ංකෘතික උරුමයන්ගේ විශ්වීය අගයන් ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම අරමුණු කර ජාත්‍යන්තර ප‍්‍රඥප්ති නිර්මාණය විය.10 මෙකී සන්දර්භය මත නිර්මාණය වන වැනීසියේ ප‍්‍රඥප්තිය11 (Venice Chater 1964) හා ඒ මත පදනම් වූ 1972 ලෝක උරුම සම්මුතිය12 (World Heritage Convention) තුළ තථ්‍යතා සංකල්පය මූලික මූලධර්මයක් වූ අතර ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම උදෙසා “තථ්‍යතා පරීක්ෂණය” (Test of authenticity) අත්‍යවශ්‍ය විය. තථ්‍යතාව බොහෝ කලක් අගයන් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ලෙස සැලකුන ද පසුව පසක් වූ කරුණක් වූයේ මෙම ඇගයීම් සංස්කෘතියෙන් සංස්කෘතියට මෙන් ම එකම සංස්කෘතිය තුළ වුව ද වෙනස් වන බවයිග මේ නිසා වසර ගණනක් තිස්සේ සංස්කෘතික සම්ප‍්‍රදායන්ගේ විවිධත්වය සහ අවශ්‍යතාවන් හඳුනා ගැනීමට අපොහොසත් වීම මත උක්ත ප‍්‍රඥප්ති විවේචනයට බඳුන් වූ අතර සමාජ සංස්කෘතික විවිධත්වයට මෙන් ම අවශ්‍යතාවන්ට ගරු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස 1994 තථ්‍යතාව පිළිබඳ නාරා ලේඛණය13 (Nara document on authenticity) සම්පාදනය කෙරිණි.

පසුගිය දශක තුන තුළ ජගත් උරුම සංකල්පය හරහා අන්තර්ජාතික හා දේශීය ආයතන මෙන්ම වෘත්තිකයින් විසින් උරුමය සඳහා සපයන ලද අර්ථ විග‍්‍රහයන්ල නිර්වචනයන් හරහාිඋරුමය’ සහිසංරක්ෂණය’ මතවාදී ලෙස වෙනසකට පත් වී ඇතග ජගත් උරුම සංකල්පය හරහා අද්විතීය විශ්වීය අගයල තථ්‍යතාවල ඒකාබද්ධතාවල ස්මාරකල ක්ෂේත‍්‍රල ස්පර්ශනීයල ද්‍රව්‍යාත්මක බව ආදී සංකල්ප තුළ දෝලනය වෙමින් ප‍්‍රබල ජාතීන්ගේ ආකල්ප මත නිර්වචනය වූ උරුම සංකල්පයේ බලපෑම ශී‍්‍ර ලංකාව ද ඇතුලූ විවිධ සංස්කෘතීන්ට ප‍්‍රබල බලපෑමක් වියග ලෝකයේ විවිධ රටවල ස්වදේශී ජන කණ්ඩායම්වලට සහ සාම්ප‍්‍රදායික සමාජයන්ට මේ තත්ත්වය නිසා ප‍්‍රබල අසාධාරණයකට මුහුණ දීමට සිදු වියග මානවවිද්‍යාත්මක ප‍්‍රවේශයකින් (Anthropological approach) සංස්කෘතික උරුමය දෙස නො බලා උරුම සංරක්ෂණයන් කි‍්‍රයාත්මක වීම තුළ උරුමය සහ ප‍්‍රජාව අතර සමීප සබඳතාවට තර්ජන එල්ල වන්නට වියග සංස්කෘතික විවිධත්ව හා උරුමයේ පුළුල් අරුත් නොසලකා හරිමින් ඒකීය මෙන් ම අනම්‍ය උරුම හා සංරක්ෂණ න්‍යායන් හා සංකල්ප භාවිත කිරීම ශී‍්‍ර ලංකාවේ ආගමික පූජනීය උරුමයන් සම්බන්ධයෙන් ද වෘත්තිකයින් අතර මතභේදාත්මක තත්ත්ව නිර්මාණය වීමට බලපා ඇත.

මේ අනුව ජගත් උරුම සන්දර්භය තුළ දේශීය මෙන් ම විදේශීය වෘත්තීමය මැදිහත්වීම් හා ප‍්‍රඥප්තිල සම්මුති ආධිපත්‍ය තුළ ජීවමාන ආගමික ක්ෂේත‍්‍ර තුළ සිදු වූ ද්‍රව්‍ය මූල සංරක්ෂණ මැදිහත්වීම් ප‍්‍රවේශය තුළින් දේශීය සන්දර්භය තුළ ගැටලූ රැුසක් නිර්මාණය වී ඇති බව පැහැදිලි වේග ස්මාරක සංරක්ෂණයේ දී මැදිහත් වීමේ ප‍්‍රමාණ සංකල්පය ප‍්‍රායෝගික සංරක්ෂණයන්හි දී කි‍්‍රයාවට නැගීමට යාමේ දී ශී‍්‍ර ලාංකේය සන්දර්භය තුළ ද ගැටලු මතු කර ඇති බව පසුගිය දශක කීපය තුළ සිදු කරන ලද සංරක්ෂණ කි‍්‍රයාදාමයන් නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි යග වැනිස් ප‍්‍රඥප්තියල ජගත් උරුම ප‍්‍රඥප්තිය හා පුරාවිද්‍යා උරුම කළමනාකරණ ප‍්‍රඥප්තිය තුළින් අවධාරණය කරන තථ්‍යතා (Authenticity) සංකල්පය සංරක්ෂණයේ සාර්ථකත්වය මැනීම සඳහා භාවිතා වන මිනුම් දණ්ඩක් වන අතර, එය ශී‍්‍ර ලාංකේය සන්දර්භය තුළ ප‍්‍රායෝගිකව පරිවර්තනය කිරීම සම්බන්ධ ප‍්‍රත්‍යෙක අධ්‍යයන මගින් පැහැදිලි වූයේ ජීවමාන ආගමික උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම සංරක්ෂණයේ දී ගැටලූ ජනිත කරවන බවයිග ආගමික ස්ථානවල ජීව ගුණය සංරක්ෂණයේ දී තථ්‍යතා සංකල්පය පදනම් කරගත් ද්‍රව්‍යමූලල අවම මැදිහත්වීමේ ප‍්‍රවේශය යෝග්‍ය නොවන බවත්ල ඒ තුළින් උරුමය සහ ආගමික ප‍්‍රජාව අතර සහ සම්බන්ධතාව මෙන් මල උරුමයේ අවිච්ýන්නතාවට මෙන් ම අස්පර්ශනීය සංස්කෘතික කි‍්‍රයාකාරකම් අකර්මණ්‍ය කිරීමට ඍජුව හා වක‍්‍රව බලපෑම් කරන බවත් ප‍්‍රත්‍යෙක අධ්‍යයන තුළින් පැහැදිලි වේගඋරුමයල සංරක්ෂණය සහ ප‍්‍රජාව කෙරෙහි අවධානය යොමු කරන විට ප‍්‍රධාන ගැටලූ සහගත තත්ත්ව රැුසක් හඳුනා ගත හැකි විය. ඒවා නම්,

  • පූජනීය උරුමය සහ පූජනීයත්වය සංරක්ෂණය අභියෝගයට ලක් වීම
  • සංස්කෘතික උරුමය සහ ප‍්‍රජාව අතර සබඳතාව දුරස් වීම
  • උරුමය සහ ආයතනගත වෘත්තීමය ආධිපත්‍යය අතර සබඳතාව ස්ථාපිත වීම හරහා සංරක්ෂණ වෘත්තිකයින්ගේ සංරක්ෂණයක් බවට පත් වීම
  • වෘත්තිකයින් සහ ප‍්‍රජා රුචිකත්ව අතර විඝටනය
  • උරුමයේ ස්ථානීය අගය නොසළකා හැරීම
  • උරුමයේ සාම්ප‍්‍රදායික සංරක්ෂණ යාන්ත‍්‍රණය අකර්මණ්‍ය වීම
  • සාම්ප‍්‍රදායික ඇගයීම් පරයා ඒ මත නූතන අගයන් ආරෝපිත වීම
  • උරුමය වාණිජකරණය වීම තුළ ප‍්‍රජා සංස්කෘතික අයිතිවාසිකම් උල්ලංඝනය වීම
  • උරුමයේ අඛණ්ඩතාව සහ තිරසාරභාවය අර්බුදයට
    ලක්වීම ආදියයි.

1960 දශකයෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සංරක්‍ෂණය සම්බන්ධයෙන් නෛතික අධිකාරිය ලෙස අනුගමනය කරන ලද බොහෝ ප‍්‍රතිපත්තිමය ප‍්‍රවේශයන් නිර්මාණය කිරීමෙහිලා 1960 සිට 1991 දක්වා එම ආයතනයේ වාස්තුවිද්‍යා සහකාර කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු මෙන් ම කොමසාරිස් ලෙස කටයුතු කළ රෝලන්ඞ් සිල්වාගේ කාර්යභාරය තීරණාත්මක සාධකයක් විය. 1960 දශකයෙන් පසු එළඹෙන දශක කිහිපයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්මාරක සංරක්‍ෂණ මූලධර්මන්හි ප‍්‍රතිපත්තිමය දිශානතිය බටහිර සංකල්ප මත පදනම් ව සකස්වන ආකාරය රෝලන්ඞ් සිල්වා විසින් 1969 සම්පාදනය කරන ලද Conservation of ancient monuments under tropical conditions with special reference to Ceylon14 නම් ලේඛනයෙන් පැහැදිලි ය. පසුගිය දශක තුන තුළ සිදුකරන ලද ස්මාරක සංරක්‍ෂණ ව්‍යාපෘති සඳහා මෙම සංරක්‍ෂණ ප‍්‍රතිපත්ති සහ මූලධර්ම කෙසේ බලපෑවේද යන්න පිළිබඳව අපගේ අවධානය යොමුවිය යුතු වේ. මෙම ප‍්‍රතිපත්ති මූලධර්ම තුළ ද බටහිර ද්‍රව්‍ය මූල ප‍්‍රවේශය කැපී පෙනේ. මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්මාරක සංරක්‍ෂණ ප‍්‍රතිපත්ති සහ මූලධර්ම ක‍්‍රියාවට නැගුණු ස්තූප සංරක්‍ෂණ ලෙස කතරගම කිරිවෙහෙර, යටාල ස්තූපය, දෙමටමල් විහාර ස්තූපය, මිරිසවැටි ස්තූපය පෙන්වා දිය හැකි ය.

සංරක්‍ෂණ ව්‍යාපෘති අතර අනුරාධපුර පූජා නගරයේ එදා මෙදා තුළ ක‍්‍රියාවට නැගුණු ප‍්‍රධාන සංරක්ෂණ ව්‍යාපෘති කීපයක් එ්වාගේ සුවිශේෂත්වය මත අපගේ අවධානයට ලක් වේ. එ් අතර,

1 ප‍්‍රජා සංරක්‍ෂණ සමාගම් විසින් සිදු කළප‍්‍රජා මූල ප‍්‍රතිසංස්කරණමැදිහත්වීම්
(රුවන්වැලි සෑය) 1920 – 30
2 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප‍්‍රතිසංස්කරණ
(මිරිසවැටි ස්තූපය) 1980 – 1992
3 මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංරක්ෂණ වෘත්තිකයින් විසින් සිදුකළ ප‍්‍රතිසංස්කරණ
(ජේතවන ස්තූපය සහ ක්ෂේත‍්‍රය) 1980-2013
4 (අභයගිරි ස්තූපය සහ ක්ෂේත‍්‍රය) 1990 – 2015 (රූප සටහන 1)

ප‍්‍රත්‍යෙක අධයයන 1: රුවන්වැලි සෑ ප‍්‍රතිසංස්කරණ – ප‍්‍රජා මූල ප‍්‍රතිසංස්කරණ මැදිහත්වීම්
මූලාශ‍්‍රවලට අනුව ක‍්‍රි. පූ. දෙවන සියවසේ දී දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරවන ලදැ යි සැලකෙන රුවන්වැලි සෑයශ‍්‍රී ලංකාවේ ප‍්‍රමාණයෙන් විශාල ස්තූප නිර්මාණකරණයේ වාර්තාගත පළමු නිදර්ශනයයි. පළමු ඉදිකිරීමෙන් අනතුරුව රජවරු කීපදෙනෙකු විසින් විශාල කරන ලද මෙය අවසන් වරට 12 වන සියවසේ දී I පරාක‍්‍රමබාහු රජු විසින් ප‍්‍රතිසංස්කරණය කළ බව සඳහන් වේ. රුවන්වැලි සෑයේ නව ප‍්‍රතිසංස්කරණ කටයුතු 19 වැනි සියවසේ අගභාගය දක්වා විහිද යයි. නාරංවිට සුමනසාර ස්වාමීන් වහන්සේ එහි පිළිසකර පටන් ගන්නේ් 1873 දී ය.16 නාරංවිට සුමනසාර හිමියන් හමු වූ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා 1902 අගෝස්තු 19 වනදා ප‍්‍රතිසංස්කරණ කටයුතු ස්ථිර පදනමක් මත කරගෙන යාමට කටයුතු සම්පාදනයට පුරෝගාමී විය. රුවන්වැලි සෑ මළුවේ ප‍්‍රසිද්ධ රැුස්වීමක් පවත්වා රුවන්වැලි සෑ චෛත්‍ය වර්ධන සමිතිය ආරම්භ කිරීමටයෝජනා කළේ ය.ඒ අනුව චෛත්‍ය වර්ධන සමාගම පිහිටුවා නාරංවිට සුමනසාර හිමි අනුශාසක ලෙසත්, හරිශ්චන්ද්‍රතුමා සභාපති ලෙසත් කටයුතු කළේ ය.රුවන්වැලි සෑ චෛත්‍ය වර්ධන සමිතියේ ශාඛාවක් රංචාපොල විහාරයේ පිහිටුවා ගත්තේ ය. ඉන් අනතුරුව එහි ශාඛා දිවයිනේ නොයෙක් පළාත්වල පිහිටුවා කටයුතු ඉක්මනින් ඉදිරියට ගෙන යාමට මහජනතාවගේ ආධාර ලබාගන්නා ලදිග එහි ශාඛා අතරින් අම්බලන්ගොඩ ශාඛාව වැඩිම මුදලක් එකතු කර දීමට කටයුතු කළ බව පැවසේග මේ සඳහා සියම් රටින් ආධාර ලබාගැනීමට ද කටයුතු කර ඇත.

ප‍්‍රත්‍යෙක අධයයන 2: මිරිසවැටි ස්තූප ප‍්‍රතිසංස්කරණ – සංරක්‍ෂණ වෘත්තික මැදිහත්වීම්

මූලාශ‍්‍රගත තොරතුරුවලට අනුව ක‍්‍රි. පූ. දෙවන සියවසේ දී දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරවන ලදැ යි සැලකෙන මෙම ස්තූපය ඉන් අනතුරුව රජවරු කීපදෙනෙකු විසින් විශාල කරන ලද අතර, අවසන් වරට 12 වන සියවසේ දී ප‍්‍රතිසංස්කරණයට ලක්විය. ඉන් අනතුරුව 19 වන සියවසේ අගභාගයේ දී බි‍්‍රතාන්‍ය පාලකයින් විසින් පළමු වරට රාජකීය ආසියාතික සංගමයේ ඉංජිනේරුවෙකු වූ ඕර්ටෙල් (Oertel 1890) හරහා ප‍්‍රතිසංස්කරණ සැලැසුම් සකස් කර සංරක්ෂණ කටයුතු සිදුකරන ලදි.

රූප සටහන 1-සියවසක්තුළඅනුරාධපුර ස්තූප සංරක්‍ෂණයේ දිශානතිය

ඉන් අනතුරුව නැවතත් 1979 දී පුරාවිද්‍යාදෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සැලසුම් සකස් කර ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකළත් එහි දුර්වලතා හේතුවෙන් 1989 දී ගර්භය ගරා වැටුණි.මේ ස`දහා 1976 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකසන ලද ප‍්‍රතිසංස්කරණ සැලසුම් දේශපාලන යාන්ත‍්‍රණයේ සහාය ලබාගැනීමේ අරමුණින් කඩිනම් අනුමැතිය ලබාගත් අතර, ඉන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ එවක රජයේ ජනපති සාමාජිකත්වය දැරූ ප‍්‍රතිසංස්කරණ සමාගමට භාරදුනි. නැවත ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූයේ 1991 වසරේ දී ය. කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විධිමත් පරීක්‍ෂණයෙන් තොරව සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස හතරැස් කොටුව දක්වා නිමවූ ස්තූප ගර්භය හදිසියේ බිඳවැටුණි. මෙම ගරාවැටීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ප‍්‍රතිසංස්කරණ සමාගම්වල විශ්වසනීය බව පිළිබඳව ගැටලු මතු කළේය.19

මිරිසවැටි ස්තූපය රක්‍ෂිත ස්මාරකයක් වූ බැවින් එහි භාරකරුවන් නැවත එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීමට ප‍්‍රතිෙක්‍ෂප කළ අතර ඉංජිනේරුමය සැලැස්මක් ඉංජිනේරුවෙකු හරහා සිදුවිය. මෙහි දී පුරාවිද්‍යාත්මක අගය පිළිබඳව සැලකිලිමත් වීමට වඩා කොන්ක‍්‍රීට් සහ ගඩොල් භාවිතයෙන් සැකසූ ආවරණයන් මගින් ගර්භයේ අවසන් පෙනුම, 1992 වනවිට නිර්මාණය කිරීමට සමත් විය.

මෙම ස්තූප සංරක්‍ෂණයේ දී ව්‍යූහය පිළිබඳව පුරාවිද්‍යාත්මක අධ්‍යයන සඳහා යම් ප‍්‍රමුඛතාවක් දුන් අතර එය ඊට පෙර ප‍්‍රතිසංස්කරණ සමාගම් විසින් රුවන්වැලි සෑය ප‍්‍රතිසංස්කරණයේ දී නොසලකා හරින ලද්දකි. ස්තූපය හා සම්බන්ධ පෞරාණික සාධක වෙන්කොට හඳුනාගත හැකි පරිදි ප‍්‍රතිසංස්කරණය කළ ද එහි සෞන්දර්යාත්මක පෙනුමටද ඒ හරහා හානියක් වී නොමැත. සියලු ඓතිහාසික අවධීන් ද මතුපිටට ආවරණය තුළින් සුරක්‍ෂිත වී ඇති අතර ප‍්‍රතිවර්ත්‍යතාව ද (නව එකතු කිරීම් අවශ්‍ය විටෙක ඉවත් කිරීම) ගැටලුවක් නොවේ. සංරක්‍ෂණයේ දී මුල් ද්‍රව්‍ය සියල්ල පූජනීය ලෙස හා කෞතුක වස්තු සේ සලකා මතුපිට හැඩය සහ උස සංසන්දනාත්මක අධ්‍යයන සහ උපකල්පන මත රඳා පවතී.

ජීවමාන උරුම ක්ෂේත‍්‍රයක පූජනීය, සංස්කෘතික ගතිලක්‍ෂණයන් වන ආගමික අගය, උපයෝගීතා අගය, සංකේතාත්මක අගය හා අධ්‍යාත්මික අගයන් ප‍්‍රතිස්ථාපනය කිරීමත් ප‍්‍රතිසංස්කරණය තුළින් සිදු වී ඇති බව වර්තමාන ක්ෂේත‍්‍රයේ පූජනීය භාවිතාව හා හැසිරීම නිරීක්‍ෂණය කිරීම තුළින් පැහැදිලි වේ. අපගේ නිරීක්‍ෂණය තුළින් වටහාගත හැකි වූයේ ස්තූපය ජීවමාන බුදුන් සේ සලකා මහත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් සැදැහැති ප‍්‍රජාව ඒ වටා විවිධ ආගමික ක‍්‍රියාකාරකම්හි නිරත වන බවකි.

ප‍්‍රත්‍යෙක අධයයන 3 : ජේතවන ස්තූප ප‍්‍රතිසංස්කරණය – මධ්‍යම සංස්කෘතික අරමුදලේ වෘත්තීමය සංරක්‍ෂණ

ජේතවන ආරාම සංකීර්ණයේ ප‍්‍රධාන ස්මාරකය වන්නේ අක්කර 08ක භූමි භාගයක තනා ඇති ස්තූපයයි. ආරාම සංකීර්ණයත්, ස්තූපයත් මහසෙන් රජු විසින් කරවන ලදැයි සී.ඩබ්ලිව්. නිකලස්, ආර්.එල්.එච්. ගුණවර්ධන වැනි විද්වත්හු විශ්වාස කරති. මෙම ස්තූපය තවදුරටත් මිත්තසේන, ධාතුසේන (ක‍්‍රි.ව. 459-477), මහානාග (ක‍්‍රි.ව. 565-571), I අග්ගබෝධි (ක‍්‍රි.ව. 569-571), III මොග්ගල්ලාන (ක‍්‍රි.ව. 614-619) ආදී රජවරුන්ගේ විවිධාකාර සංවර්ධන ක‍්‍රියාදාමයන්ට ලක්වූ අතර, එය අවසන් වරට I පරාක‍්‍රමබාහු රජු විසින් ප‍්‍රතිසංස්කරණය කළ බව සඳහන් වේ.20

යටත්විජිත පාලන සමය තුළ ද එච්.සී.පී. බෙල් යටතේ මෙම ස්තූපයේ සංරක්‍ෂණ කටයුතු සඳහා විවිධ මැදිහත්වීම් සිදු කර ඇති බව ස්තූප හතරැුස් කොටුව සහ කොත් කැරැල්ල ආශ‍්‍රිත ශේෂයන්ගෙන් පැහැදිලි ය. 1885 වසරේ දී ස්තූපයේ කොටසක් කඩා වැටුණු බවත් එය පසුව එච්.සී.පී. බෙල් විසින් ප‍්‍රතිසංස්කරණය කළ බවත් වාර්තා වේ.21

1980 න් පසුව යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ වැඩසටහනේ ප‍්‍රමුඛ ම ව්‍යාපෘතියක් ලෙස සැලකුණේ ජේතවන ස්තූප සංරක්‍ෂණයයි. මේ සඳහා දෙන ලද ප‍්‍රමුඛත්වයේ තරම 1980 ජනවාරි මස 1 වන පුර පසළොස්වක පොහෝ දින ජේතවන ස්තූපය කේන්ද්‍ර කරගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයක් සහිතව ආරම්භ කරන ලද යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ වැඩසටහනේ සමාරම්භක උත්සවයෙන් පැහැදිලි වේ. සංස්කෘතික ත‍්‍රිකෝණ වැඩසටහන යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල සංරක්‍ෂණ සැලසුම් සම්පාදනය ආරම්භ කළ අතර ඒ සඳහා දේශීය සහ විදේශීය විශේෂඥ සහාය ලබාගන්නා ලදි. සංරක්‍ෂණ පදනමීය කාරණයක් ලෙස එහි පවත්නා තත්ත්වය පිළිබඳව නිරීක්‍ෂණය කර තත්ත්ව වාර්තාවක් සහ සංරක්‍ෂණය සඳහා සංකල්පමය යෝජනා ලබාගැනීම සිදු වී ඇති අතර මෙම කාර්යය සඳහා අන්තර්ජාතික සංරක්‍ෂණ විශේෂඥයෙකු වූ ඉක්රෝම් (ICCROM) ආයතනයේ සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජුකා ජොකිලෙතෝ (Jukka Jokilehto), එක්සත් රාජධානියේ ව්‍යූහාත්මක ඉංජිනේරුවරයෙකු වූ ඇලන් බැක්ස්ටර් (Alan Baxter) සහ එක්සත් රාජධානියේ පුරාවිද්‍යාඥයෙකු වූ රිචර්ඩ් හ්‍යුස් (Richard Hughes) විසින් සිය පරීක්‍ෂණ වාර්තා සපයනු ලැබ ඇත.22 (වගුව 1)

ජුකා ජොකිලෙතෝ (Jukka Jokilehto) – සංරක්‍ෂණ විශේෂඥ ඇලන් බැක්ස්ටර් (Alan Baxter) – ඉංජිනේරු රිචර්ඞ් හි්‍යුස් (Richard Hughes) – පුරාවිද්‍යාඥ
මූලධර්ම
සංරක්‍ෂණ දෘෂ්ටිකෝණයෙන් ස්මාරකය සමස්තයක් ලෙස තේරුම් ගැනීම :ගර්භය, උපරි ව්‍යූහය, වේදිකා, සැකැස්ම  අලූත්වැඩියාවන් පවත්නා ද්‍රව්‍ය සහ ව්‍යූහය (material and structure) සමග මනාව ගැළපීම. භෞතික සහ පුරාවිද්‍යා සාදක නොමැතිව ප‍්‍රතිනිර්මාණ නොකිරීම.
සමස්තයටම ගැළපෙන පරිදි ප‍්‍රතිකර්ම සමබර විය යුතු ය. ස්තූප ගර්භයේ ව්‍යූහාත්මක සංරක්‍ෂණයේදී අක‍්‍රීය ප‍්‍රවේශය (passive approach) අවශ්‍ය වේ. මුල් ව්‍යූහය සහ ද්‍රව්‍ය උපරිම ලෙස තබාගැනීම.
ඓතිහාසික තථ්‍යතාව (Authenticity) සහ ක්ෂේත‍්‍රයේ වැදගත්කම සංරක්‍ෂණය. නූතන ද්‍රව්‍ය අවම ලෙස භාවිත කිරීම
ජගත් උරුම ප‍්‍රඥප්තියේ අභිලාෂයන්ට අනුව මුල් ව්‍යූහයට (original structure) ගැළපෙන පරිදි ප‍්‍රතිසංස්කරණය කිරීම.
මුල් ද්‍රව්‍යයන්ට ගැළපෙන පරිදි ප‍්‍රතිසංස්කරණය.මුල් ව්‍යූහයේ සාධක (original evidence) ආරක්‍ෂා කිරීම.
ස්තූපයේ ආගමික අගය (religious significance) සහ මුල් ද්‍රව්‍ය සංරක්‍ෂණය පූර්ණ ලෙස ගැළපීම.
ක්ෂේත‍්‍රයේ පිදීම් කටයුතු ස`දහා සංරක්‍ෂණය හා අර්ධ ප‍්‍රතිසංස්කරණය (conservation and partial restoration) අත්‍යවශ්‍ය වේ.
ප‍්‍රතිවර්ත්‍යතාව (reversibility) සහිතව නූතන ද්‍රව්‍ය යෙදීම.

වගුව 1 – ජේතවන ස්තූප සංරක්ෂණය සඳහා විදේශීය සංරක්ෂණ විශේෂඥයින්ගේ යෝජනා

මෙම අන්තර්ජාතික සංරක්‍ෂණ විශේෂඥයින්ගේ වාර්තාවන් විශ්ලේෂණාත්මකව නිරීක්‍ෂණය කර බලන විට පැහැදිලි වන කරුණක් වන්නේ ඒවායේ සංකල්පමය කරුණු එවකට වැනිස් ප‍්‍රඥප්තිය (Vanice Charter 1964) සහ ජගත් උරුම ප‍්‍රඥප්තිය (World Heritage Convention 1972) මගින් ස්ථාපිත කරන ලද බටහිර සංරක්‍ෂණ මූලධර්ම මත රඳා පවතින බවයි.

ස්තූප සංරක්‍ෂණය සඳහා යොදා ගන්නා ලද සංකල්පමය ප‍්‍රවේශ සහ ප‍්‍රතිපත්ති නිරීක්‍ෂණය කර බලන විට පැහැදිලි වන්නේ මෙතෙක් ස්තූප ප‍්‍රතිසංස්කරණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත රාමුවෙන් තීරණාත්මක ලෙස වෙනස් ද්‍රව්‍ය මූල බටහිර සංකල්ප පදනමීය ප‍්‍රවේශයක් වෙත විතැන් වීම ය. අනුරාධපුර පූජා නගරය ලෝක උරුම භූමියක් වීම සහ ජේතවන ස්තූපය යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ වැඩසටහනේ ප‍්‍රමුඛ ම ව්‍යාපෘතියක් වීම නිසා අන්තර්ජාතික අවධානය ඒ කෙරෙහි යොමුවීම එහි සංරක්‍ෂණ දිශානතිය තීරණය කිරීමට බලපෑම් ඇති කළේ ය. යථාර්ථවාදීව බලන කල උරුමය ගෝලීයකරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස සම්බන්ධ වූ අන්තර්ජාතික ප‍්‍රඥප්ති, ආයතන, එසේ ම ඒ හරහා ගොඩනැගුණු වෘත්තීමය ආධිපත්‍යය මගින් සංරක්‍ෂණ දිශානතිය තීරණය කරන ලද බව පෙනේ. රණවීර (2006)23 පවසන පරිදි, මිරිසවැටි ස්තූප සංරක්‍ෂණයෙන් පසුව අවම මැදිහත්වීමකින් (minimum intervention) හමු වූ ආකාරය (as found) ආරක්‍ෂා කිරීමේ සංරක්‍ෂණමය ප‍්‍රවේශයකට චින්තනය වෙනස් වූ බව අප විසින් තේරුම්ගත යුත්තේ සාපේක්‍ෂව ය.මීට පෙර ප‍්‍රජා මූල ප‍්‍රතිසංස්කරණ සමාගම්, එමෙන් ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සිදුකරන ලද ප‍්‍රතිසංස්කරණයන්ට වඩා පුරාවිද්‍යාත්මක, ඓතිහාසික අධ්‍යයන කෙරෙහි යොමුවකින් කටයුතු සිදු කෙරිණි.

ගවේෂණ / සමීක්‍ෂණ කැණීම් පර්යේෂණ විශේෂ පර්යේෂණ සංරක්‍ෂණ තීරණ
සමෝච්ච රේඛා පිට ප‍්‍රාකාරල දොරටු, වැලි මළුව, ඇතුළු පවුර, සලපතල මළුව, පේසා වළලූ, ගර්භය හතරැුස් කොටු කැණීම් පැළෑටි හා ශාක අධ්‍යයන (උද්භිද විද්‍යාඥයින්) ද්‍රව්‍ය මූල (material based) ප‍්‍රවේශයකි.
හායනකාරක හඳුනාගෙන ප‍්‍රමුඛතා පෙළ ගැස්වීම ආයක සහ පාදම ආශ‍්‍රිත පරික්ෂණ, කැණීම්. ඉංජිනේරුවන් විසින් ස්තූපයේ ප‍්‍රත්‍ය බලය අධ්‍යයනය විශේෂඥ මූලික (expert driven)
ගඩොල් පිළිබඳ අධ්‍යයන නූතන විද්‍යාත්මක සංරක්ෂණ ප‍්‍රවේශයකි (modern scientific  conservation)
භූගර්භ විද්‍යාත්මක අධ්‍යයන අවම මැදිහත්වීම (minimum intervention)

වගුව 2 – විද්‍යාත්මක ගවේෂණ කැණීම් හා විශේෂ පර්යේෂණ

ගවේෂණ, කැණීම් එමෙන් ම සුවිශේෂ අරමුණු සහිත පර්යේෂණ රැසක් විශේෂඥ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර සංරක්‍ෂණ තීරණ බොහොමයක් එම අධ්‍යයන මත ගන්නා ලදි.24

ස්තූප ගර්භය කඩ ගඩොල් නිමාවෙන් තැබීම

  • ආගමික ප‍්‍රජාවට අවශ්‍ය අවසාන හැඩය / පෙනුම ප‍්‍රමුඛ නොවීම
  • කොත් කැරැල්ල සම්පූර්ණ නොකිරී
  • හතරැස් කොටුව ප‍්‍රතිනිර්මාණය කිරීම
  • සියලු ඓතිහාසික මැදිහත්වීම් හා අවධි (බි‍්‍රතාන්‍ය අවධියේ මැදිහත්වීම් ද ඇතුළුව) සංරක්‍ෂණය කිරීම

සංරක්‍ෂණයේ දී මුල් සාධක සහ නව මැදිහත්වීම් වෙන්කොට හඳුනාගත හැකිවන පරිදි නූතන සංරක්‍ෂණ ක‍්‍රමවේද අනුව සිදුකර ඇත. එසේ ම සෑම ඓතිහාසික සාධකයක්ම ආරක්‍ෂා කිරීමේ ප‍්‍රතිපත්තිය මත කටයුතු කර ඇත. ඒ අනුව යටත්විජිත පාලන සමයේ එච්.සී.පී. බෙල්ගේ මැදිහත්වීමෙන් ඉදි කළ හතරැස් කොටුවේ සහ කොත් කැරැුල්ලේ ස්ථාවර කොටස් ද ආරක්‍ෂා කිරීමට කටයුතු කර ඇත. මුල් ව්‍යූහයේ අස්ථාවර ප‍්‍රදේශවල ද්‍රව්‍ය ඉවත් කරමින් එම ප‍්‍රදේශ ශක්තිමත් නව ද්‍රව්‍ය භාවිතයෙන් ශක්තිමත්ව බන්ධනය කර ඇතත්ල එහි දී අවම මැදිහත්වීම් සහ ප‍්‍රතිවර්ත්‍යතා මූලධර්ම (අවශ්‍ය වුවහොත් මුල් ව්‍යූහයට හානි නොවන ලෙස ඉවත් කිරීම) ගරු කරමින් මැදිහත්වීම් සිදු කර ඇත. ජේතවන ස්තූප සංරක්ෂණ ප‍්‍රතිපත්ති විග‍්‍රහ කරන මණ්ඩාවල එ්වා බටහිර සංරක්‍ෂණ මැදිහත්වීම් ප‍්‍රමාණ සංකල්පයන්ට අනුව සිදු කර ඇතිබව පෙන්වාදෙයි. බැලූ බැල්මට සමස්ත සංරක්‍ෂණ ක‍්‍රියාවලිය ම ද්‍රව්‍ය මූල විශේෂඥ දැනුම් පදනමීය විද්‍යාත්මක සංරක්‍ෂණ ක‍්‍රියාවලියක් ලෙස පෙනේ.

ශ‍්‍රී ලාංකේය බෞද්ධ ස්තූපය යනු හුදෙක් භෞතික, ද්‍රව්‍යාත්මක, විද්‍යාත්මක සංරක්‍ෂණයක් තහවුරු කිරීමෙන් පමණක් සාර්ථකත්වය ළඟා කරගත හැකි ආගමික, ආධ්‍යාත්මික සංකේතයක්ද? යන්න නොවිසඳුණු ගැටලූවකි. කිසිම පුරාවිද්‍යාඥයෙකුට හෝ සංරක්‍ෂකයෙකුට ස්මාරක සංරක්‍ෂණයක සාර්ථකත්වය ඇගයීමේ දී ප‍්‍රජා ඇගයීම සහ භාවිතාව නිර්ණායකයක් ලෙස ප‍්‍රතික්ෂේප කළ නොහැකි ය. එහෙයින් අප විසින් මෙකී ප‍්‍රත්‍යෙක අධ්‍යයනය පාදක කරගනිමින් මෙබඳු ආගමික අනන්‍යතාවක් සහිත උරුමයක පාර්ශ්වකරුවන් වන වෘත්තිකයින්, අනුබද්ධ ප‍්‍රජාව සහ සංචාරකයින්ගේ දෘෂ්ටිකෝණයෙන් සංරක්‍ෂණයේ සාර්ථකත්වය පිළිබඳව සහේතුක සාධනීය පිළිතුරක් සැපයීමට අපේක්‍ෂා කෙරේ. බෞද්ධ ආගමික උරුම ක්ෂේත‍්‍රයයන්ගේ තිරසාරභාවය හුදු භෞතික ක‍්‍රියාදාමයකට පමණක් සීමා නොවන සංස්කෘතිකමය කාරණයක් ද වන බැවිනි.

ප‍්‍රත්‍යෙක අධයයන 4: අභයගිරි ස්තූප සංරක්‍ෂණය (මධ්‍යම සංස්කෘතික අරමුදලේ වෘත්තීමය සංරක්ෂණ)

ක‍්‍රිස්තු වර්ෂ පළමු වන සියවසේ වළගම්බා රජු (ක‍්‍රි. ව. 88 – 76) විසින් ඉදි කරන ලදැ යි විශ්වාස කරන අභයගිරි ස්තූපය ක‍්‍රි. ව. පළමු වන සියවස ගජබාහු රජු විසින් විශාල කරන ලදැයි පැවසේ. ක‍්‍රිස්තු වර්ෂ 12 වන සියවසේ දී I පරාක‍්‍රමබාහු රජු විසින් ද ප‍්‍රතිසංස්කරණය කරන ලද ස්තූපය නැවත 1910 – 12 කාලය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එහි හතරැුස් කොටුව සහ කොත් කැරැුල්ල තහවුරු කිරීමකට ලක්කරන ලදි. 1926 වසරේ අභයගිරි විහාරයේ විසූ භික්‍ෂූන් වහන්සේ නමක් එහි තුන් මහල් පේසාවන් අලුත්වැඩියා කිරීමට පටන්ගෙන මූල්‍යමය අර්බුද නිසා අතහැර දමා ඇත. අවසන් වරට අභයගිරි ස්තූපයේ සංරක්‍ෂණ කටයුතු සඳහා යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධ වන්නේ 1990 වසරේ දී ය. එවකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් රෝලන්ඩ් සිල්වා යටතේ පුරාවිද්‍යාඥයින්, වාස්තුවිද්‍යාඥයින් සහ ඉංජිනේරුවන්ගෙන් සමන්විත විශිෂ්ඨ වෘත්තිකයින් පිරිසක් එහි සංරක්‍ෂණ කටයුතු සැලසුම් කිරීම උදෙසා පත් කරන ලදි. මෙම සංරක්‍ෂණ ක‍්‍රියාදාමය සඳහා පූර්ණ මූල්‍යමය දායකත්වය දරන ලද්දේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි.

සංරක්‍ෂණ සැලැස්මට අනුව පසින් සහ ශාකවලින් වැසී පැවති පේසා වළලූ කැණීම් මගින් නිරාවරණය කර විධිමත්ව වාර්තාකරණය කරන ලදි. එහි ශේෂිත කපරාරුව ඒ අයුරින්ම සංරක්‍ෂණය කර ඇත. ගර්භයේ වැවී ඇති ශාක ඉවත් කිරීමට පෙර ඩිජිටල් ඡුායාරූපකරණය හරහා වාර්තාකරණය කොට විශාල ශාක ඉවත් කොට නැවත එම ප‍්‍රදේශ ඡුායාරූප සහ ටෝටල් ස්ටේෂන් (Total station) ක‍්‍රමයට වාර්තාකරණය කරන ලදි.

ගර්භයේ පාදමට සමීප ප‍්‍රදේශයේ ශේෂිත හොඳ ගඩොල් ව්‍යූහයන් සහ කපරාරු බදාම (plaster) ඒ අයුරින්ම සංරක්‍ෂණය කිරීම ප‍්‍රතිපත්තිය විය. ගර්භය සංරක්‍ෂණයේ දී හැකිතාක් හොඳින් සුරැකී ඇති පැරණි ව්‍යූහයන් ඉවත් නොකොට ඒ අයුරින්ම ආරක්‍ෂා කරන ලද අතර, නව ගඩොල් අවම වශයෙන් එකතු කිරීමට වග බලාගෙන ඇත. එහෙත් ගරා වැටීම නිසා නිර්මාණය වී ඇති හිඩැස් ප‍්‍රදේශ සැලකිය යුතු මට්ටමකට නව ගඩොලින් පිරවීම සිදුකර ඇත. ගර්භයේ අස්ථාවර බුරුල් ගඩොල් අංකනය කිරීමෙන් පසු ගලවා නැවත භාවිත කර ඇත. ඉවත් කළ ගඩොල් නැවත ව්‍යූහයට සම්බන්ධ කිරීමේ දී විශේෂයෙන් සකසන ලද බදාම මිශ‍්‍රණයක් වූ හුණු, වී පොතු, හුඹස් මැටි සහ උළු කුඩු මිශ‍්‍රණය 1 : 1 : 2 : 2 අනුපාතයට භාවිතකර ඇත. මෙහිදී පැරණි ද්‍රව්‍ය, පැරණි ව්‍යූහ ඒ අයුරින්ම භාවිතය සහ ආරක්‍ෂා කළ යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කර ඇති බව පෙනේ. එනම් අවම මැදිහත්වීමේ ප‍්‍රතිපත්තිය අනුගමනය කළ බව පෙනේ. හතරැුස් කොටුව සංරක්‍ෂණයේ දී මෑත කාලීනව පැරණි ව්‍යූහයට නොගැළපෙන ලෙස සිදුකර ඇති සකස් කිරීම් ඉවත් කිරීමට කටයුතු කරන ලද අතර, විශේෂයෙන් උතුරු මුහුණතෙහි මැද කොටසේ ගරා වැටී ඇති කොටස් වාර්තාකර ගලවා නැවත සවිකර ඇත. හතරැුස් කොටුවේ ඌණ ප‍්‍රදේශ ශේෂිත දත්ත භාවිත කරමින් නව ගඩොල් භාවිතයෙන් සම්පූර්ණ කරන ලදි. කොත් කැරැුල්ලේ අස්ථාවර ගඩොල් අංකනය කර ගලවා නැවත විශාල බදාම භාවිතයෙන් සවි කර ශක්තිමත් කර ඇත.

මෙම සංරක්‍ෂණ ක‍්‍රියාවලිය ද සමස්තයක් ලෙස ද්‍රව්‍ය මූල ආයතන ආධිපත්‍ය සහිත විශේෂඥ දැනුම් රැු තීරණ පදනමීය විද්‍යාත්මක සංරක්‍ෂණ ක‍්‍රියාදාමයක් ලෙස හැඳින්විය හැකි ය. මෙම ස්තූප සංරක්‍ෂණයේ දී මූලාදර්ශයක් කරගෙන ඇත්තේ ජේතවන ස්තූප සංරක්‍ෂණය බවට විද්වතුන්ගේ අදහස් වලින් ගම්‍ය වේ. එයට හේතුව සංරක්‍ෂණ තීරණ ගැනීම සඳහා සම්බන්ධ වූ පුරාවිද්‍යාඥයින්ල වාස්තුවිද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් ජේතවන ස්තූප සංරක්‍ෂණය සඳහා ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ වූ පිරිස්ම වීමයි.

මෙම ස්තූප සංරක්‍ෂණය පිළිබඳව ද විවිධ පාර්ශ්වයන් අතර නේක විධ මතිමතාන්තර පැවති බව පෙනේ. මෙහි සංරක්‍ෂණය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව නිගමනයක සිට ඇති බව ඉංජිනේරුමය උපදෙස් සැපයීම සඳහා සම්බන්ධ වූවන් විසින් දක්වන ලද අදහස්වලින් පැහැදිලි වේ. එසේ ම ස්තූපය සම්පූර්ණයෙන් බදාමයෙන් ආවරණය කොට සුදු හුණු ගෑම සඳහා ද අදහසක් මතු වී ඇති බව පෙනේ. සුදු හුණු ගෑමේ යෝජනාව හුදු ආගමික අවශ්‍යතාවකට ලඝුකර දැක්වීම ද ගැටලූ සහගත ය. එය විද්‍යාත්මක සංරක්‍ෂණ අවශ්‍යතාවක් ද වේ. සාපේක්‍ෂව සුදු හුණු ආලේපිත ස්තූප විද්‍යාත්මක සංරක්‍ෂණ දෘෂ්ටිකෝණයෙන් සංරක්‍ෂණ අවශ්‍යතාව ද ඉටු කරයි. ස්තූපයේ පූජනීයත්වය හා බද්ධ අනන්‍යතාව තුළ සුදු හුණු වාර්ෂිකව හෝ කාලානුරූපීව ආලේප කිරීම (සුධාකමම) එහි අඛණ්ඩතාව, ප‍්‍රජා මැදිහත්වීම සම්බන්ධ අර්ථයෙන් කුසල කර්මයකි. එමෙන් ම පෙර සිරිතකි. විද්‍යාත්මක අර්ථයෙන් නැතහොත් සංරක්‍ෂණ දෘෂ්ටිකෝණයෙන් ස්තූප ස්කන්ධය ජලයෙන් ආරක්‍ෂා කිරීම, උද්භිදකාරකයන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා ද හේතු වන්නකි.

කෙසේවෙතත් ස්තූප සංරක්‍ෂණය අවසන් වූ විට මතු වූ පූර්ණ ප‍්‍රතිසංස්කරණයක් පිළිබඳව සංවාදයේ දී වෘත්තිකයින් සිය සංරක්‍ෂණ තීරණයන්ගේ පදනම සාධාරණීකරණයට උත්සාහ කර ඇති අතර, නැවත මෙම සංරක්‍ෂණය උපකල්පිත මුල් හැඩයට ගැනීම තුළින් පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට පරිවර්තනය කරන්නේ නම් එහි බරපතල බව ද පෙන්වා දී ඇත. මෙම සංරක්‍ෂණය ස`දහා සම්බන්ධ වූ ව්‍යාපෘති පුරාවිද්‍යා අධ්‍යක්‍ෂගේ අදහස වී ඇත්තේ ස්තූපය බදාමයෙන් ආවරණය කර සුදු හුණු ආලේප කිරීමට ගියේ නම් මුල් ස්තූපයේ ඉතා විශාල කොටසක් ඉවත් කිරීමට සිදුවන බව හා ඒ හරහා එහි මුල් ලක්‍ෂණයට හානියක් ද වන බවයි. එහිදී, ස්තූපය එහි මුල් හැඩය ගැනීම සඳහා මෙම පවත්නා සංරක්‍ෂිත ව්‍යූහයට විශාල ගඩොල් ප‍්‍රමාණයක් එකතු කළහොත් අනිවාර්යයෙන්ම පැරණි ව්‍යූහයෙන් පසුව එකතු කළ ව්‍යූහය පිපිරී වෙන් විය හැකි බව, එහි මුල් හැඩය ගැනීම සඳහා කටයුතු කරන්නේ නම් පසුගිය දශක එක හමාර තුළ සිදු කළ මුළු ගඩොල් සංරක්‍ෂණ ආවරණය ඉවත් කළ යුතු බව, බර දැරීමට තවදුරටත් ගර්භයේ පහළම ප‍්‍රදේශයෙන්් අඩි 15 – 20 ප‍්‍රමාණයකට පැරණි ව්‍යූහය ඉවත් කර ගර්භය නව ගඩොලින් හතරැුස් කොටුව දක්වා ඉදිකළ යුතු බව යන කරුණු පෙන්වා දී ඇත. මේ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 500 පමණ වැය විය හැකි බවත් ගත වූ කාලයට වැඩි කාලයක් සංරක්‍ෂණය සඳහා ගත විය හැකි බවත් අවධාරණය කර තිබේ. අභයගිරි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කගේ අදහස වූයේ අභයගිරිය සහ ජේතවන ස්තූප ලෝකයේ විශාලතම ගඩොල් ස්මාරක වීම ලෝක උරුම ලෙස ප‍්‍රකාශ කිරීමට හේතු වූ බවත්, එම තත්ත්වයට පූර්ණ ප‍්‍රතිසංස්කරණයක් තුළින් හානි පැමිණිය හැකි බවත්, ඒ නිසාම එහි මුල් පැරණි ලක්‍ෂණ වියැකී යාම හේතුවෙන් විදේශීය සංචාරකයින්ගේ පැමිණීම ඌණ විය හැකි බවත් ය. ඔහු තවදුරටත් නරඹන්නන් සහ සැදැහැවතුන්ගේ ආකර්ෂණය සඳහා ස්තූපය සුදු හුණු ආලේප කළ යුතුය යන අදහසට විරුද්ධව තර්ක කරමින් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ සාංචි ස්තූපය වසර පුරා නරඹන්නන් මිලියන ගණනකගේ නැරඹීමට ආකර්ෂණයට ලක්වන්නේ එහි සුදු හුණු ආලේපනයක් නොමැතිව බවයි. ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ වන්දනය සඳහා මිරිසවැටියේ සහ රුවන්වැලිසෑයේ මෙන් අභයගිරි ස්තූපයේ ධාතු තැන්පත්ව ඇති බවක් සඳහන් නොවන බව ය. වෘත්තිකයින්ගේ මෙම තර්ක තුළින් පැහැදිලි වන්නේ වර්තමාන මෙම සංරක්‍ෂණය පූර්ණ ප‍්‍රතිසංස්කරණයක් දක්වා හැරවිය නොහැකි බවත්, එසේ කිරීම ජගත් උරුම අනන්‍යතාවට මෙන් ම විදේශීය සංචාරක ආකර්ෂණයට හානිකර විය හැකි බවත්, පෞරාණිකත්වය ශේෂ නොකිරීම මතු පරම්පරාවට කරන අසාධාරණයක් බවත් ය.

උක්ත තර්ක කෙරෙන් පැහැදිලි වන්නේ පූර්ණ ප‍්‍රතිසංස්කරණයක් පිළිබඳව විකල්ප අදහසක් මතු වී ඇති බවකි. එම අදහස වෘත්තිකයින් විසින් සිය දෘෂ්ටිකෝණයෙන් සහේතුකව නිෂේධනය කිරීම හරහා විකල්ප පූර්ණ ප‍්‍රතිසංස්කරණ අදහස යටපත් කිරීමට කටයුතු කර ඇත. අප විසින් සැලකිය යුතු කරුණක් නම් මෙම විකල්ප අදහස දරන්නේ කවරහුද යන්න ය. එම පිරිස ද ජිවමාන කේන්ද්‍රීය බෞද්ධ උරුමයේ ප‍්‍රබල හවුල්කරුවන් පිරිසක් වන භික්‍ෂූන් සහ සාමාන්‍ය ප‍්‍රජාව වන්නේ නම් සංරක්‍ෂණයේ සාර්ථකත්වය තක්සේරු කිරීමේ දී ද්‍රව්‍යාත්මක, විද්‍යාත්මක, වෘත්තීමය සංරක්‍ෂණයක් වූ පමණින් එම සංරක්‍ෂණය මීට දශක කිහිපයකට පෙර ගොඩකුඹුරෙ මතු කළ ප‍්‍රශ්නය වන විද්‍යාවේ අවශ්‍යතාව සහ ආගමේ අවශ්‍යතාව සංකලනය කිරීමේ වැදගත්කම ස්මාරක සංරක්‍ෂණයේ නිරත නූතන වෘත්තිකයින් සාර්ථක කරගෙන නැත යන්නට කදිම නිදසුනකි. අභයගිරි ස්තූප සංරක්‍ෂණයත් තවත් එක අධිකාරිලත් අභිමතයට අනුකූල සංරක්‍ෂණයක් පමණක්ද? එපමණකින් බෞද්ධ උරුමයේ තිරසාරභාවය සහතික කළ හැකිද? ආදී ප‍්‍රශ්න මධ්‍යස්ථව ව මේ දෙස බලන්නෙකුට නැගෙන සාධාරණ ප‍්‍රශ්න කිහිපයකි.

පෘථුල සැලසුම් ප‍්‍රවේශ තුළින් පූජනීය උරුමයන් සංරක්ෂණය කිරීම පිළිබඳව ශී‍්‍ර ලංකාවට ඇත්තේ දිගු ඉතිහාසයකිගඅනුරාධපුර පැරණි නගරය හා සම්බන්ධ උරුම සැලසුම්කරණ ඉතිහාසය තුළ සම්පාදනය වූ හා කි‍්‍රයාත්මක වූ 1949 අනුරාධපුර සංරක්ෂණ සැලැස්මල 1984 අනුරාධපුර පූජා නගර සැලැස්ම සහ නූතනයේ කි‍්‍රයාත්මක වෙමින් පවත්නා 1999 විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක‍්‍රමය ආදී සැලසුම් තුළ නගරයේ ආගමික පූජනීයත්වය හා පූජනීය උරුමය සංරක්ෂණය කිරීම ප‍්‍රධාන අරමුණක් වී ඇති බව පැහැදිලි ය.

පැරණි නගරයේ පූජනීයත්වය මෑතකාලීනව සැලසුම් ප‍්‍රවේශයක් තුළින් සංරක්ෂණය කිරීමේ ප‍්‍රථම ප‍්‍රයත්නය ලෙස 1942 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද අනුරාධපුර සංරක්ෂණ පනත හා ඉන් අනතුරුව සැකසෙන අනුරාධපුර සංරක්ෂණ සැලැස්ම පෙන්වා දිය හැකි යග 1940 වන විට යටත් විජිත පාලනය තුළ මුළු පූජනීය ප‍්‍රදේශයම පූජනීයත්වයට නොගැලපෙන පරිදි ජරාජීර්ණ වී සැදැහැවතුන් කම්පා කරවන අයුරින් සමාජ ආර්ථික කි‍්‍රයාකාරකම්වලින් ගහනව පැවති අතර, ඉන් මුදවා ගැනීම අරමුණු කොට පැරණි නගරයෙන් පිටත තදාසන්නව නව නගරය ස්ථාපිත කිරීමට සැලසුම් කොට, 1949 මාර්තු 13 සිට එම සැලැස්ම කි‍්‍රයාත්මක කිරීම ආරම්භ වියගමෙම කටයුතු 1961 අංක 32 දරණ අනුරාධපුර සංරක්ෂණ මණ්ඩල පනත මගින් පිහිට වූ 1964 අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය හරහා කි‍්‍රයාත්මක කෙරිණි.

පූජනීය උරුම ක්ෂේත‍්‍ර සැලසුම් ප‍්‍රවේශයක් තුළින් ආරක්ෂා කිරීමේ දෙවන ප‍්‍රවේශය වූයේ 1984 අනුරාධපුර පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමයයි. මෙම සැලැස්ම තුළින් සුවිශේෂ සැලසුම් ප‍්‍රවේශයක් හරහා පූජනීයත්වය ආරක්ෂා කිරීම උදෙසා සැලසුම් කෙරිණිග සැලසුම්කරණ ඉතිහාසයේ පූජා නගර සැලසුම් (Sacred city plans) පිළිබඳ ප‍්‍රථම වතාවට අසන්නට ලැබෙන්නේ අනුරාධපුර පූජා ප‍්‍රදේශ යෝජනා ක‍්‍රමයත් (Sacred area scheme) සමගයග මේ සැලස්ම තුළ නිරීක්ෂණය වූ විශේෂත්වයක් නම් ස්පර්ශනීය උරුමය නියෝජනය කරන ඓතිහාසික ස්මාරක ආරක්ෂා කිරීමට කටයුතු කිිරීමත්, එහි පූජනීයත්වයට අහිතකර ලෙස බලපාන කි‍්‍රයාකාරකම් පාලනය කිරීමට කටයුතු කිරීම හා ජීවමාන පූජනීය උරුමයේ තිරසාර භාවය උදෙසා සැලැස්ම මගින් සැදැහැවතුන් හා සංචාරකයින් උදෙසා පහසුකම් සම්පාදනයත් යග පූජනීයත්වය සංරක්ෂණය කිරීමේ සැලසුම් ප‍්‍රවේශයක් ලෙස සැලැස්ම තුළ නව නගරය හා පූජා ප‍්‍රදේශය වෙන් කොට, ඉන් පූජා ප‍්‍රදේශය නැවත පූජනීයත්වයේ සංවේදීත්වය අනුව අතිශයින් පූජනීය සංවේදී කලාපය (Sacred area inner core) මධ්‍ය ප‍්‍රදේශය හා තදානුබද්ධ අන්තර් ප‍්‍රදේශය හා බාහිර ප‍්‍රදේශය (Sacred area outer core) ලෙස බෙදා කේන්ද්‍රීය මධ්‍ය ප‍්‍රදේශය නියෝජනය කරන ඇතුළුනුවර, මහා විහාරයල ජේතවනාරාමයල අභයගිරිය විහාරය, දකුණු දාගැබ සහ මිරිසවැටි විහාරය ඇතුළු කලාපය පූජනීයත්වය ආරක්ෂා කිරීමේ විශේෂ ප‍්‍රතිපත්ති තුළ සංරක්ෂණය කිරීමට සැලසුම් කිරීම වැදගත් වේ. එසේ ම අන්තර් හා බාහිර ප‍්‍රදේශය තුළ ද පූජා ප‍්‍රදේශයට ආවේණික නොවන කි‍්‍රයාකාරකම් ඉවත් කිරීමේ ප‍්‍රවේශයක් අනුගමනය කර ඇති අතර ප‍්‍රදේශයේ පූජනීයත්වයට ගැලපෙන කි‍්‍රයාකාරකම් තවදුරටත් පවත්වා ගෙන යාමට කටයුතු කර ඇත.

පූජා නගරයේ ස්මාරක ආරක්ෂා කිරීම මෙම පෘථුල සැලැස්මේ මුඛ්‍ය පරමාර්ථය වූ අතර එම අරමුණු සාධනය කර ගැනීමෙහි ලා විවිධ ස්මාරක සංරක්ෂණ ව්‍යාපෘති කි‍්‍රයාත්මක වන්නට වියග අනුරාධපුර මිරිසවැටි ස්තූප සංරක්ෂණය, මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජේතවන, අභයගිරි හා මහා විහාර ආරාම සංරක්ෂණයන්හි මහා පරිමාණයෙන් පුරාවිද්‍යා ගවේෂණල කැනීම් හා සංරක්ෂණ ව්‍යාපෘති දියත් වියග මෙම ස්මාරක සංරක්ෂණ කි‍්‍රයාකාරකම් කෙතෙක් දුරට පූජා නගර සැලැස්ම තුළින් අපේක්ෂිත අරමුණු හා ස්මාරකයන්හි ආගමික පූජනීයත්වයල ජීවමාන බවල සංරක්ෂණය කිරීමට සමත් වී ඇති ද ? යන්න පිළිබඳව මෙම පර්යේෂණය තුළ සාකච්ඡා කර ඇත.

අනුරාධපුර සංරක්ෂණ සැලැස්ම (1949) හා අනුරාධපුර පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමය (1984), 1999 වන විට කි‍්‍රයාත්මක කොට අඩ සියවසක් ගත වීමෙන් අනතුරුවත් පූජා නගරයේ නිසි පරිදි සංරක්ෂණ කටයුතු සිදු කිරීමට නො හැකි වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ උතුරුමැද පළාත් පරිපාලනය සකස් කළ අනුරාධපුර නගර සංවර්ධන සැලැස්මෙහි (2020) සඳහන් වේ.32 1949 සිට වර්තමානය දක්වා මධ්‍යම රජයේ නගර හා ග‍්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවල මධ්‍යම සංස්කෘතික අරමුදලල අනුරාධපුර සංවර්ධන මණ්ඩලයල අනුරාධපුර නගර සභාව ආදී ආයතනික මැදිහත්වීමෙන් මෙම සැලසුම් කි‍්‍රයාත්මක වීම සිදු වුවත් මෙතෙක් මෙම කි‍්‍රයාවලිය සම්පූර්ණයෙන් අවසන් වී නැත. පූජා නගරය තුළ තවමත් යළි පදිංචි කරවීමේ කටයුතු අවසන් වී නොතිබීම මීට කදිම නිදසුනකිගමේ නිසා ම සංචාරකයන්ගේ වන්දනාකරුවන්ගේ නො මඳ අවධානයට හා ගෞරවයට ලක්වන පූජා භූමි ප‍්‍රදේශය මේ අනුව තවමත් අදාළ සංකල්පයට අනුව තහවුරු කිරීමේ හැකියාවක් නො මැති තත්වයක පවතින බව පෙනේග අනුරාධපුර නගරය ජාතික හා ලෝක උරුම නගරයක් ලෙස කි‍්‍රයාත්මක වනුයේ මෙම පූජා නගරය නිසා බව සැළසුම්කරණයේ දී අවධාරණය කර ඇති අතර ඒ නිසා අදාළ ගැටළු කඩිනමින් විසඳීම සිදු කළ යුතුවේග ඒ සඳහා පූජනීය නගරයේ පරමාර්ථවලට හා අවශ්‍යතාවලට නොගැලපෙන භාවිත හා කාර්යයන් ඉවත් කිරීමත් අනිවාර්ය වේ.

උක්ත පසුබිම තුළින් පැහැදිලි වන්නේ පූජා නගරයේ සංකීර්ණ ගැටලු විසඳීමට මෙතෙක් සැළසුම් ප‍්‍රවේශ පූර්ණ ලෙස අසමත් වී ඇති හෙයින් ඒ සඳහා නව සැලැස්මක අවශ්‍යතාව පසක් ව පැවති බවයිග මේ අවශ්‍යතාව 1991 වසරේ සිට හඳුනාගෙන තිබූ බව සඳහන් වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම 2020 සම්පාදනය වී ඇති අතර එහි සඳහන් ආකාරයට,

පූජා භූමියේ ප‍්‍රශ්න විසඳීම සඳහා නගර හා ග‍්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව මගින් අදාළ අනෙකුත් ආයතනවල සහභාගීත්වයෙන් ඉදිරිපත් කර ඇත. අනුරාධපුර නගර සංවර්ධන සැලසුම් යෝජනා ක‍්‍රමය මෙම සැලැස්ම මගින් හඳුන්වා දෙනු ලැබේ34

පූජා ප‍්‍රදේශ තුළ ඇති එම සංකල්පයට පටහැනි කාර්යයන් තවදුරටත් ඉවත් කිරීමටත් ස්මාරක ආරක්ෂා කිරීමල තහවුරු කිරීම හා සංචාරකයින්ට හා බැතිමතුන්ට නිසි පරිදි එම ස්ථාන නැරඹීමට නිතර වන්දනා කිරීමට යාමට අවශ්‍ය පහසුකම් සැලසීමත් අවශ්‍ය වේ.35

මේ අනුව පූජනීය සංකල්පයට පටහැනි දෑ ඉවත් කිරීම හා පූජනීත්වයට අදාළ ස්මාරක තහවුරු කිරීමත්ල පූජනීයත්වයේ ජීවමාන බවල අවිච්ඡින්නතාව අදාළ ව බැතිමතුන් සඳහා පහසුකම් සැපයීමත් ප‍්‍රමුඛ කොට ගත් සැලසුම් ප‍්‍රවේශයක වැදගත්කම උක්ත සඳහන තුළින් අවධාරණය වේ. උක්ත සැලැස්ම තුළ කලාපීයකරණ ප‍්‍රතිපත්ති යටතේ පුරාවිද්‍යා හා පූජනීය කලාපය පිළිබඳ අනුමත භාවිතාවන් සඳහන් කිරීමේ දී ක්ෂේත‍්‍රයේ පූජනීය හා ආගමික ජීව ගුණය ආරක්ෂා වීමට බලපාන ආකාරය හා සංචාරක පහසුකම්, එමෙන් ම ඓතිහාසික ආරාමවලට අයත් සංඝාවාස පවත්වාගෙන යාමත් අනුමත කර තිබීම වැදගත් වේ. එසේ ම පැරණි නගරය අවට පිහිටි පුරාණ ගම්මාන හා කුඹුරු ඒ අයුරින් ම පවත්වාගෙන යාම ද දිරිගන්වා ඇත.

1999 වසරේ දී ප‍්‍රදේශයේ පුළුල් සංවර්ධණ අරමුණු සහිතව හඳුන්වා දෙනු ලබන “විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක‍්‍රමය” පූජනීය පරිසරය සංරක්ෂණය කිරීම අරමුණු කර ඇතත්, එහි සඳහන් වන්නේ අනුරාධපුර සංරක්ෂණය පිළිබඳව අත්‍යවශ්‍ය අනුරාධපුර පූජා ප‍්‍රදේශ සංවර්ධන යෝජනා ක‍්‍රමයේ ප‍්‍රතිපත්ති හා මාර්ගෝපදේශ තුළ පූජනීයත්වය සංරක්ෂණය සඳහා විවිධ පියවර ගෙන ඇති බවකි.

වන්දනාකරුවන්ගේ අවශ්‍යතා හා බලාපොරොත්තු සම්පූර්ණ කිරීම

පැරණි ශී‍්‍ර විභූතිය දක්වන පූජනීය නගරය පිළිබිඹු කිරීම

පූජා භූමියට හානිවන වෙළඳාම් නැවැත්වීම36 ඒ අතර වේ.

මේ සැලැස්මෙ විෂය පථය සංරක්ෂණයට වඩා සංවර්ධනය කෙරෙහි යොමු වී ඇති බව සැලැස්මේම අදහස වේ.

අනුරාධපුර සංරක්ෂණය පිළිබඳ අනවශ්‍ය හුවා දැක්වීමකින් තොරව සංවර්ධන අංශය පිළිබඳව අවධානය යොමු කිරීමක් සිදුවන බව පිළිගන්නා ලදී37

ඒ අනුව මෙකී සැලැස්මේ විෂය පථය හා අන්තර්ගතය තුළ පැරණි නගරයේ පූජනීයත්වය සංරක්ෂණය කිරීම පිළිබඳ අවධාරණය මීට පෙර සැලසුම්වලට සාපේක්ෂව ඌණ බව පෙනේග එම සැලැස්මේ 5 වන පරිච්ඡේදය තුළ පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතු කරුණු දැක්වීමේ දී පුරාවිද්‍යා ස්මාරකල රක්ෂිත සංරක්ෂණයල පුරාවිද්‍යා සංරක්ෂණයල ඒකාබද්ධ සංරක්ෂණය, පුරාවස්තු, පුරාවිද්‍යා තොරතුරු සඳහා පහසුකම් සැපයීම, අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම, ප‍්‍රකාශන හා කෞතුකාගාර, තොරතුරු මධ්‍යස්ථාන වැනි අංශ අවධාරණය කරමින් ජීවමාන පූජනීය ක්ෂේත‍්‍රයක සංරක්ෂණයකට වඩා පුරාවිද්‍යාත්මක ප‍්‍රවේශයකින් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.

මේ අනුව 1949 සිට මේ දක්වා කි‍්‍රයාත්මක සැලසුම් ප‍්‍රවේශ හා ඒවායේ අන්තර්ගතය නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන්නේ ක‍්‍රමානුකූලව ක්ෂේත‍්‍රයේ පූජනීයත්වයල ජීවමාන බව හා ස්ථානීය අගයන් සංරක්ෂණය කිරීමේ ප‍්‍රයත්නයෙන් ක‍්‍රමානුකූල ඉවත් වී සංවර්ධන හා විද්‍යාත්මක පුරාවිද්‍යා සංරක්ෂණ දිශානතියක් කරා නැඹුරු වන බවයි. එහි උච්චතම අවස්ථාව විසල් අනුරාධපුර සංවර්ධන සැලැස්ම ය. ඒ තුළ මෙතෙක් පූජා නගරය සඳහා සැලසුම්වල වූ විශේෂ අවධානය පෘථුල ප‍්‍රදේශයක් දෙසටත්, සංරක්ෂණයමය ප‍්‍රවේශය විද්‍යාත්මක සංරක්ෂණයටත් නැඹුරු වී ඇති බව කිවහැකි යගමෙම සැලැස්මේ ප‍්‍රවේශයට සමගාමී ප‍්‍රවේශයක් පසුගිය කාලය තුළ කි‍්‍රයාත්මක ජේතවනල අභයගිරි වැනි ස්තූප සංරක්ෂණ තුළින් ද හඳුනා ගත හැකි වියග මෙහි සඳහන් පුරාවිද්‍යා සංරක්ෂණ අරමුණුල ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් තුළ පූජා නගරයක පූජනීය බවල ජීවමාන බව සංරක්ෂණය කිරීමට වඩා පැරණි නගරයක නටබුන් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීම අරමුණු කර ඇති බව පර්යේෂකයාගේ අදහසයි. මේ තත්ත්වය සැලසුම්කරණයේ හා සංරක්ෂණයේ වෘත්තීමය ආධිපත්‍යය, අන්තර්ජාතික ප‍්‍රඥප්ති හා සම්මුතිවල බලපෑම, ගෝලීයකරණ ප‍්‍රවණතා ආදී පෘථුල සන්දර්භයක් තුළ සිදු වූ පරිවර්තනයක් සේ සැලකීම වඩා යෝග්‍ය ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 80 සහ 90 දශකවල මිරිසවැටි ප‍්‍රතිසංස්කරණය සංස්කෘතික සන්ධාරය (උපයෝගීතාව, ප‍්‍රජා සහ සම්බන්ධතාව සහ අවිච්ඡින්නතාව) පිළිබඳ ඇගයීමකින් අනතුරුව සිදු කරන ලද ප‍්‍රතිසංස්කරණයකි.එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවංක විශ්වාසය වූයේ ප‍්‍රතිසංස්කරණය තුළින් ආගමික ප‍්‍රජා අවශ්‍යතා තෘප්තිමත් කිරීමයග මෙහි දී දේශීය ආගමික ප‍්‍රජාව පිළිබඳව වෘත්තිකයින් සංවේදී වී ඇති අතර සංරක්‍ෂණ විද්‍යාත්මක සහ තාක්‍ෂණික ක‍්‍රමවේදයන්හි අරමුණ ද ප‍්‍රජා අවශ්‍යතාව ආමන්ත‍්‍රණය කිරීම ය.

රූප සටහන 2- කාලත‍්‍රය තුළ ජීවමාන උරුමයේ පැවැත්මේ ගාමක බලවේග

ඒ තුළින් අනුරාධපුර අටමස්ථාන උරුම සංකල්පය තුළ අවිඡින්නතාව ගතිකත්වය ආරක්‍ෂා වී ඇති බවත්, ස්මාරකය සමග ප‍්‍රජා සහ සම්බන්ධතාව සහ ආගමික ක‍්‍රියාකාරකම් නිරීක්‍ෂණ ඔස්සේ පර්යේෂකයාට තහවුරු කරගත හැකි විය. අනුරාධපුරයට පැමිණෙන විදේශීය, දේශීය සංචාරකයින්ගේ නැරඹීමට ලක්වන සංස්කෘතික අගයෙන් උසස් ජීවමාන ක්ෂේත‍්‍රයකි. දේශීය බැතිමතුන්ගේ අටමස්ථාන සංකල්පය තුළ තවමත් ජීවමාන සක‍්‍රීය ආගමික ක්ෂේත‍්‍රයක් ශ‍්‍රී ලාංකේය උරුම සන්දර්භය තුළ සංස්කෘතිය සහ ස්මාරක සංරක්‍ෂණය පිළිබඳ සංකථනයේ විශේ්ෂ සන්ධිස්ථානයක් මෙම ස්මාරක සංරක්‍ෂණය තුළින් ප‍්‍රකට කර ඇති බව පර්යේෂකයාගේ අදහසයි. උක්ත රුවන්වැලි සෑ ප‍්‍රතිසංස්කරණය සහ මිරිසවැටි ප‍්‍රතිසංස්කරණ සාර්ථක සංරක්‍ෂණ ප‍්‍රවණතා දෙකකි. රුවන්වැලි සෑය තුළින් ප‍්‍රජා අවශ්‍යතාවන් ප‍්‍රජාව විසින්ම සමූහ සංගතව මුදුන් පමුණුවා ගැනීමත්, මිරිසවැටිය ප‍්‍රතිසංස්කරණය තුළින් සංරක්‍ෂණ වෘත්තිකයින් රාජ්‍ය යාන්ත‍්‍රණය හරහා ප‍්‍රතිපාදන ආයෝජනයෙන් ඉටු කිරීමට ගත් ප‍්‍රයත්නයත් පිළිබිඹු වේ.

ජේතවනය සහ අභයගිරිය ස්තූප සංරක්‍ෂණ 90 දශකයේ සිට ආරම්භ වන්නේ උරුමය ගෝලීයකරණය වූ පසුබිමකය. එමෙන් ම උරුම සංරක්‍ෂණය සහ කළමනාකරණය දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් ආයතනගත වූ, වෘත්තීමය කාර්යයක් ලෙස නිර්වචනය වූ පසුබිමක ය. 1980 ජනවාරි මස 1 වන දින ජේතවනාරාම පුදබිමේ ස්තූපය අභියස යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය නිල වශයෙන් උත්සවාකාරයෙන් ආරම්භ වීමේ අවස්ථාව සංකේතවත් කරනු ලබන්නේ උරුමය සංරක්‍ෂණය පිළිබඳ ජගත් යාන්ත‍්‍රණය ශ‍්‍රී ලංකාවේ ජීවමාන ස්මාරක වන ස්තූප සංරක්‍ෂණය කිරීම උදෙසා ආරෝපණය කිරීමකි. මෙම ජාත්‍යන්තර සංරක්‍ෂණ ප‍්‍රවේශයට අවතීර්ණ වීම කාලීනව සිදුවන්නේ ඊට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ප‍්‍රජා මූල ස්තූප සංරක්‍ෂණ රැුසක අත්දැකීම් මත ය. මෙම සුවිශේෂ ප‍්‍රවේශය එතෙක් ශ‍්‍රී ලාංකිකයින් උරුම සංරක්‍ෂණ ක්ෂේත‍්‍රයට ආවේණික නොවූ ‘සංස්කෘතික ත‍්‍රිකෝණ’, ‘මධ්‍යම සංස්කෘතික අරමුදල’ සංකල්පමය සහ නෛතික ආයතනික ප‍්‍රවේශයක් තුළ සිදුවීමද සුවිශේෂය. මීට පෙර සංරක්‍ෂණයන්හි දී මුහුණදුන් ප‍්‍රජා ගැටලු, නෛතික ගැටලු, ආයතනික ගැටලු, සංකල්පමය ගැටලූ හා මූල්‍යමය ගැටලූ මෙන් ම වෘත්තීමය ගැටලු රැසක් එකවර නව යාන්ත‍්‍රණයක් තුළ දැවැන්ත ආකාරයෙන් ආමන්ත‍්‍රණය වීමක් මේ හරහා සිදු විය.

ජේතවන ස්තූප සංරක්‍ෂණය සඳහා අනුගත ප‍්‍රවේශය ද්‍රව්‍යමූල, ද්විතීයික ඇගයීම් පාදක, වෘත්තීමය ආධිපත්‍ය සහිත ප‍්‍රවේශයක් වීම තුළ අප මීට පෙර සඳහන් කරන ලද සංස්කෘතික සන්ධාරය පිළිබඳ අවතක්සේරුවක් සිදුවූයේ කෙසේද? යන්න විමසා බැලිය යුතු වේ. දශක තුනකට අධික කාල පරාසයක් තුළ නිමා වූ මෙම ස්තූප සංරක්‍ෂණ තුළඅධිපත්‍යවාදී උරුම සංකථනයේලක්‍ෂණ රැුසක් පිළිබිඹුවන බව පර්යේෂකයාගේ අදහසයි. එනම් සෞන්දර්යාත්මක, ද්‍රව්‍යාත්මක ස්ථාන රැු ක්ෂේත‍්‍ර සංරක්‍ෂණය සඳහා තෝරාගැනීම, වෘත්තීමය ආධිපත්‍ය සමස්ත සංරක්‍ෂණ ක‍්‍රියාදාමය පුරාම ක‍්‍රියාත්මක වීම, විශ්වීය උරුම අගයන් සහ සංරක්‍ෂණ මූලධර්ම මත හා අන්තර්ජාතික ප‍්‍රඥප්ති මත පදනම් වීම, උරුමයේ ද්‍රව්‍යමූල පදනම මත පිහිටා කටයුතු කිරීම, උරුමය සමග සක‍්‍රීයව බද්ධ වීමකට වඩා අකී‍්‍රයව සම්බන්ධ වීමට ඇරයුම් කරන දුරස් පසුබිමක් තුළ උරුමය ඉදිරිපත් කිරීම සහ නරඹන්නන්, සංචාරකයින් අරමුණු කර සරල අර්ථකථනයක් කරා ගමන් කිරීම, විද්වතුන්, උරුම ක්ෂේත‍්‍රය සහ නරඹන්නන් අතර උපරි අධෝ සබඳතාවන් ස්ථාපිත කිරීම හඳුනාගත හැකි ය.උක්ත ප‍්‍රවේශයන්හි ප‍්‍රතිඵලයක් ලෙස සංස්කෘතික සන්ධාරයට (උපයෝගීතාව, ප‍්‍රජා සහසම්බන්ධතාව හා අවිඡින්නතාව) යම් ආකාරයකට අහිතකර ලෙස බලපා ඇති බව පාර්ශ්වකරුවන් සමග කළ සම්මුඛ සාකච්ඡුා මෙන් ම ක්ෂේත‍්‍ර නිරීක්‍ෂණයෙන් ද පැහැදිලි වේ.

රූප සටහන 3- ජීවමාන උරුමය හා ප‍්‍රජා සබඳතාවය

වගුව 3- අනුරාධපුර ස්තූප සංරක්‍ෂණය සඳහා අනුගමනය කළ ප‍්‍රවේශ සංකල්ප හා මූලධර්ම

ද්‍රව්‍ය මූල සංරක්‍ෂණ ප‍්‍රවේශය සහ අභියෝග

උරුමස්ථාන සංරක්‍ෂණයේ දී අනුගමනය කෙරෙන ද්‍රව්‍ය පදනමීය ප‍්‍රවේශය ‘අධිපත්‍යවා දී උරුම සංකථනය’ ලෙස ද හඳුන්වනුලබන අතර එහිදී ද්‍රව්‍ය ආරක්‍ෂා කිරීම අරමුණු කෙරේ. එය 19 වන සියවසේ යුරෝපයේ කේම්බි‍්‍රජ් කැම්ඩන් (Cambridge Camden) සංගමය මෙන් ම ජෝන් රස්කින්, විලියම් මොරිස් වැන්නන්ගේ පුරෝගාමීත්වයෙන් ජනිත වන සංරක්‍ෂණ ව්‍යාපාරය තුළින් 20 වන සියවසේ තුන්වන කාර්තුවේ වැනිස් ප‍්‍රඥප්තිය (Venice charter) සහ ලෝක උරුම ප‍්‍රඥප්තිය හරහා ජාත්‍යන්තරකරණයට ලක් විය. උක්ත ජාත්‍යන්තර ප‍්‍රඥප්ති ද්වය තුළ මෙම ද්‍රව්‍යාත්මක ප‍්‍රවේශය මැනවින් ප‍්‍රකට වේ.

රූප සටහන 4 – ද්‍රව්‍යමූල සංරක්‍ෂණ ප‍්‍රවේශය
ද්‍රව්‍ය මූල ප‍්‍රවේශය ඓතිහාසිකව විශේෂඥ මූලික ප‍්‍රවේශයක් වන අතර එහිදී අනුබද්ධ ප‍්‍රජාව යම් ප‍්‍රමාණයකට නොසලකා හැරේ. උරුමයේ අගය ද්‍රව්‍ය මූලිකව පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ සෞන්දර්යාත්මක දෘෂ්ටිකෝණයන්ගෙන් සලකා බැලේ් (රූප සටහන 4). එහිදී නූතන විද්‍යාත්මක සංරක්‍ෂණ මූලධර්ම සහ භාවිතාවන් තුළින් උරුමයේ ආරක්‍ෂාව පමණක් සංරක්‍ෂණ වෘත්තිකයින්ගේ අපේක්‍ෂාව වේ. උරුමයේ භෞතික ව්‍යූහය ආරක්‍ෂා කිරීම උදෙසා අවම මැදිහත්ම අපේක්‍ෂා කරන අතර, ද්‍රව්‍යාත්මක ව්‍යූහය නවීකරණය කළ නොහැකි සම්පතක් (Non-renewable resource) ලෙස සැලකේ. සංරක්‍ෂණයේ මූලික අරමුණක් වන්නේ අතීත උරුමයට වර්තමාන ප‍්‍රජාවගෙන් එල්ලවන අහිතකර බලපෑම් වලින් බේරාගනිමින් අනාගතය වෙත බාරදීමේ අපේක්ෂාවයි.

මේ හරහා වර්තමාන ප‍්‍රජාව සහ ආගමික ස්මාරක අතර සබඳතාව වියුක්ත කිරීමක් සිදුවීම නොවැළැක්විය හැකි ය. මෙම ප‍්‍රවේශය කාරණා කීපයක් මත විවේචනයට ලක් වේ. එනම්,

  • සංරක්‍ෂණ ක‍්‍රියාවලිය සහ එහි ප‍්‍රතිඵල සංරක්‍ෂණ වෘත්තිකයින් මත පමණක් තීරණය වීම
  • ප‍්‍රජා සහයෝගය මත නොව රාජ්‍ය ආධාර මත රඳා පැවතීම
  • සංරක්‍ෂණ ක‍්‍රියාවලිය හෝ එහි අවසන් ඵලය ක්ෂේත‍්‍රයට සම්බන්ධ දේශීය ආගමික ප‍්‍රජාව විසින් වැළඳ නොගැනීම
  • කළමනාකරණ යාන්ත‍්‍රණය මෙන් ම නඩත්තුව තිරසාර නොවීම
  • අවසන් ප‍්‍රතිඵලය ලෙස උරුමය සහ ප‍්‍රජාව අතර සබඳතාව දුරස් වීම මත දිගුකාලීනව ක්ෂේත‍්‍රයේ පැවැත්මට අභියෝග එල්ල වීම

ශ‍්‍රී ලංකාවේ අනුරාධපුර ලෝක උරුම නගරය තුළ පසුගිය දශක තුන තුළ සංරක්‍ෂණය කරන ලද දැවැන්ත ආරාම සංකීර්ණ දෙකක් වන ජේතවන සහ අභයගිරි විහාර සංකීර්ණයන්හි ස්තූප සංරක්‍ෂණයන් උක්ත අවදානම් සහගත තත්ත්වයනිට මුහුණ දී ඇති බව කිව හැකි ය.

අගය මූලික ප‍්‍රවේශය

අගය මූලික ප‍්‍රවේශයේ මූලික අරමුණ වන්නේ උරුමයන් හා සම්බන්ධ විවිධ පාර්ශ්ව / කණ්ඩායම් නියෝජනය කරනු ලබන සමාජයේ ඇගයීම් (Values) පිළිබඳ සංවේදීව කටයුතු කිරීම ය. පසුගිය දශක කීපය තුළ වර්ධනය වූ පශ්චාද් සන්තතික පුරාවිද්‍යාව සහ පශ්චාද් නූතනවාදී සංකල්ප ඔස්සේ පුරාවස්තු අර්ථකථනයේ දී සහ සංරක්‍ෂණයේ දී ඇගයීම් දෘෂ්ටිකෝණයන්ගේ වැදගත්කමි විද්වතුන් අවධාරණය කර ඇති අතර මෙම ප‍්‍රවේශය වර්තමානයේ වඩාත්ම වැදගත් ප‍්‍රවේශයක් ලෙස උරුම සංරක්‍ෂණයේ දී සැලකේ. මේ සම්බන්ධයෙන් මෑත කාලයේ දී ජගත් වෘත්තිකයින්ගේ අවධානය 1999 ඕස්ටේ‍්‍රලියානු අයිකොමොස් බරා ප‍්‍රඥප්තිය (Burra Charter 1999)40 තුළින් මෙන් ම ගෙටී සංරක්‍ෂණ ආයතනයේ සහ ඉක්රෝම් (ICCROM) වැනි අන්තර්ජාතික උරුම සංරක්‍ෂණ ආයතනයන්ගේ ව්‍යාපෘති තුළින් ද ක‍්‍රියාවට නැගීමට ප‍්‍රයත්න දරා ඇත. ඇගයීම් පාදක ප‍්‍රවේශ සන්දර්භය තුළ උරුමය හා සම්බන්ධ පාර්ශ්ව කණ්ඩායම් මෙන් ම ප‍්‍රජාව සහ ඔවුන්ගේ ඇගයීම් සංරක්‍ෂණයේ දී මුඛ්‍ය කොට සැලකේ (රූප සටහන 5). ද්‍රව්‍ය මූල ප‍්‍රවේශයේ දී මෙන් නොව මෙහි දී ප‍්‍රජාව සහ පාර්ශ්ව කණ්ඩායම් උරුමය මත ආරෝපණය කරන නිර්වචන සහ ඇගයුම් වැදගත් වන අතර එය සමාජ ක‍්‍රියාවලියක්ද වේ. ඒ නිසාම උරුමය ආරක්‍ෂා කිරීම යනු අවම මැදිහත්වීමක් තුළින් සිදු කෙරෙන හුදු භෞතික සංරක්‍ෂණයක් පමණක්ම අදහස් නොවන අතර උරුමයේ පාර්ශ්ව කණ්ඩායම් ඒ මත ආරෝපිත ඇගයුම් ආරක්‍ෂා කිරීම සිදුවිය යුතු වේ.

රූප සටහන 5 -අගය මූලික ප‍්‍රවේශය

මේ හරහා සංරක්‍ෂණ ක‍්‍රියාවලිය තුළින් සියලු පාර්ශ්ව හා බද්ධ වෙමින් විවිධ ඇගයීම් තුලනය කරමින් මතුවිය හැකි විඝටනාත්මක තත්ත්වයන් අවම කරගැනීමට කටයුතු කෙරේග

රූප සටහන 6 – ජීවමානඋරුම සංරක්‍ෂණ ප‍්‍රවේශය
පාර්ශ්ව කණ්ඩායම්වල මැදිහත්වීම විවිධ ප‍්‍රවේශ එනම් උපදේශාත්මකව සක‍්‍රීය සහභාගීත්වය විධිමත් නෛතික රාමුවක් හරහා සිදුවිය හැකි ය.

අගය මූල ප‍්‍රවේශයන්ගෙන් උරුම සංරක්‍ෂණ ශික්‍ෂණය සඳහා වූ වැදගත්ම දායකත්වය වන්නේ සංරක්‍ෂණ ක‍්‍රියාදාමය සඳහා ප‍්‍රජා මැදිහත්වීම, දිරිගැන්වීම සහ ප‍්‍රවර්ධනයයි. මෙකී ප‍්‍රවේශයන් සංරක්‍ෂණ වෘත්තිකයින් සතු අධිකාරීමය බලයක් නොවිය යුතු වුවත් ප‍්‍රායෝගික දුබලතාව නම් සංරක්‍ෂණ වෘත්තිකයින් සතුවන බලයයි. මෙහි දී නිරායාසයෙන්ම ඔවුන්ගේ බටහිර කේන්ද්‍රීය ද්‍රව්‍යාත්මක / ස්පර්ශනීය උරුම සංරක්‍ෂණ ප‍්‍රවේශය ක‍්‍රියාත්මක වීම නොවැළැක්විය හැකි ය. සෙසු පාර්ශ්වකරුවන් විවිධාකාරයෙන් සංරක්‍ෂණ ක‍්‍රියාවලියට දායක වුව ද සංරක්‍ෂණ ක‍්‍රියාවලිය ප‍්‍රායෝගිකව අධීක්‍ෂණය වන්නේ වෘත්තිකයින් හරහායග මේ අනුව සංරක්‍ෂණ වෘත්තිකයින්ද මේ ප‍්‍රවේශයේ දී ප‍්‍රායෝගිකව සක‍්‍රීය පාර්ශ්වකරුවන් පිරිසකි. අධිකාරී බලය ආයතනමය රාමුව හරහා කේන්ද්‍රගත වන්නේ ඔවුන් මත වන අතර සෙසු පාර්ශ්ව කණ්ඩායම් ඔවුන් හරහා තුලනය වීමක් සිදු වේ. ඒ අනුව මෙම ප‍්‍රවේශයේ ප‍්‍රායෝගික බව සැබැවින්ම ගැටලු සහගත ය (රූප සටහන 5ල 6).

නිගමනය

නූතන වටහා ගැනීමට අනුව උරුමය යනු දෙයක් (thing), ක්ෂේත‍්‍රයක් (site) ගොඩනැඟිල්ලක් හෝ ද්‍රව්‍යාත්මක භාණ්ඩයක් පමණක් නොවේ. ඒවා ඒ ආශ‍්‍රිතව සිදුවන ගතික ක‍්‍රියාදාමය අර්ථකථනයෙහිලා විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. Smith43 යෝජනා කරන්නේ උරුම ක්ෂේත‍්‍රය පවා අතීතය අනුස්මරණය කරන වර්තමාන ක‍්‍රියාදාමයට පහසුකම් සපයන ආධාරකයක් බවයි. මෙම අදහසට සමීප නිර්වචනයක් සපයන Harvey44 ද ප‍්‍රකාශ කරන්නේ උරුමය මානව ක‍්‍රියාදාමයන්ට සහ ආයතනයන්ට සම්බන්ධ ක‍්‍රියාවක් බවත්, ඒ හරහා සමාජ සංස්කෘතික අනන්‍යතාවක් ස්ථාපිත කිරීමක් සිදු වන බවත් ය. උරුමය කාලය තුළ ස්ථිතික හෝ අක‍්‍රීය වූ දෙයක්ද නොවේ. එය ගතික ක‍්‍රියාවලියක් වීම තුළ ස්ථාපිත අගයන් සහ අර්ථයන් අඛණ්ඩව නිර්මාණය වීමක්ද සිදු වේ.උරුම සංරක්‍ෂණය හරහා අනන්‍යතා සංරක්‍ෂණයක් සහ ඒ තුළින් උරුම ස්ථානය සාමාජීය, සංස්කෘතික ස්ථානයක් බවට පත් කිරීම වැදගත් ය. උරුමය භෞතික නියෝජනයක් සහ අස්පර්ශනීය සංකේතාත්මක ක‍්‍රියාකාරකම් හරහා සිදුවන නියෝජනයක් ද වේ. එහෙයින් උරුම සංරක්‍ෂණයක් හරහා වියුක්ත අනන්‍යතාවක් ප‍්‍රතිනිර්මාණය නොවිය යුතුය. ඒ තුළ ස්ථානීය අගයක් තිබිය යුතු ය. එය කිසියම් පුද්ගලයෙකුට, ප‍්‍රජා කණ්ඩායමකට, ජාතියකට ස්ථානගත කීරීමට පහසුවන අයුරින් සිදුවීම වැදගත් ය.

ක්ෂේත‍්‍රයක් තුළ සිදුවන්නා වූ අන්තර් ක‍්‍රියාව තුළින් ලබන අත්දැකීම හරහා ප‍්‍රජාවන් අතර බන්ධනයක් ජනිත කරවයි. මතකයන් බෙදා හදා ගැනීම, සංස්කෘතිය බෙදා හදා ගැනීම, අනන්‍යතා බෙදා හදා ගැනීම ආදිය ඊට අයත් අංශ කිහිපයකි.මෙබඳු ප‍්‍රාථමික ප‍්‍රජා අගයන් ද්විතීයික කිරීම උරුමයේ අවිච්ඡින්නතාව පිළිබඳ ගැටලු මතු කරයි. අනුරාධපුර, ජේතවන සහ අභයගිරි ස්තූප සංරක්‍ෂණ තුළින් පසක් වී ඇති යථාර්ථය නම් “ජීවමාන ආගමික උරුම සංකේතයන් සංරක්‍ෂණයේ දී ජාත්‍යන්තරව ස්ථාපිත සංරක්‍ෂණ මූලධර්ම සහ මෙහෙයුම් නිර්ණායකයන්ට වඩා දේශීය සංස්කෘතික ප‍්‍රජා අගයන් වැදගත් වන බවයි”. එනම්, සංස්කෘතික සන්ධාරය ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා සංස්කෘතික සන්ධාරයම සැලකිල්ලට ගත යුතුය යන්න ය.

උරුමය හුදෙක් පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික ලේඛනවලට සීමා කළ නොහැකි ය. එය යමෙකුගේ උරුමයකි. එය ද්‍රව්‍යමය වුවත් ප‍්‍රජා අනන්‍යතාවට සහ අයිතියකට සම්බන්ධ වේ. උරුමය වෙනුවෙන් කථා කිරීමේ අයිතිය කා සතු විය යුතු ද? එය ප‍්‍රජාව විය යුතු ද? විද්වතුන් / විශේෂඥයන් විය යුතු ද?. අතීත උරුම අර්ථකථනය රටින් රටට වෙනස් වන අතර ඒ තුළ ප‍්‍රජා අර්ථකථනය ඉතා ප‍්‍රබල වේ. හේතුව උරුමයේ අවිඡින්නතාව එය ප‍්‍රබල ගාමක බලවේගයක් වන බැවිනි. ඒ නිසාම ප‍්‍රජාව සිය අයිතිය ලෙස සලකන සංස්කෘතික අර්ථයන්ට ගරු කිරීම වැදගත් වෘත්තීමය ආචාර ධර්මයකි. නිදසුනක් ලෙස ගෝත‍්‍රික ඇබොරිජින් ප‍්‍රජාව සිය ගුහා චිත‍්‍ර නැවත නැවත ප‍්‍රතිචිත‍්‍රණය කිරීම (repaint) සිය අයිතියක් ලෙස සලකයි. මෙය නූතන සංරක්‍ෂණ විද්‍යාත්මක දෘෂ්ටියෙන් ගැටලු සහගත විය හැකි ය. එයට හේතුව විවිධ ප‍්‍රජාවන් තම අතීතය උරුමයන් සමග පවත්වන සබඳතාවේ වෙනසයි. ඒ තුළ ඒකීය බවක් නැති අතර පවත්නේ විවිධත්වයකි. මේ හේතුවෙන් සංරක්‍ෂණය උදෙසා විශ්වීය මූලධර්ම අනුගත කිරීම සැබැවින් ගැටලූ සහගත විය යුතුම ය. එහෙයින් ප‍්‍රජා මූල, අගයන් පාදක සංරක්‍ෂණය එහි ගතිකත්වයට මෙන් ම අවිච්ඡින්නතාවට බලපාන අතර තිරසාර භාවයට ද හේතු වේ. සංරක්‍ෂණයේ සාමාජීය කාර්යභාරයක් පවතී. එනම්, අතීත උරුමයන් වර්තමාන සමාජයට ඇති අදාළත්වයයි. එහෙයින් ජීවමාන උරුම ක්ෂේත‍්‍රවල සංරක්‍ෂණ ප‍්‍රතිපත්ති හා තීරණ ගැනීමේ දී සංස්කෘතික සන්ධාරයට ප‍්‍රමුඛත්වයක් දීම වැදගත් වන අතර තථ්‍යතාව, අද්විතීය විශ්වීය අගය, ආර්ථික අගය වැනි ද්විතීයික ඇගයීම් ද්විතීයික විය යුතු ය. ඒවා උරුමයේ ද්වීතියික ප‍්‍රජාවක් විසින් ආරෝපිත ගුුණයන් වන බැවිනි. ද්විතීයික ඇගයීම්වලට ප‍්‍රමුඛත්වය දී ප‍්‍රාථමික ඇගයීම් අවතක්සේරු කොට සංරක්ෂණය කිරීම දේශීය වශයෙන් අර්බුද නිර්මාණය වීමට හේතු වේ.

පූජනීයත්වය සංරක්ෂණය කිරීමේ දී සාමාජීය අභිප‍්‍රායන් හා ආකල්පයන් වැදගත් වේ. අපගේ තර්කය වන්නේ උරුම සංවාදය තුළ ප‍්‍රජා මතවාදයන්ල අවශ්‍යතාවන් සැලකිය යුතු ලෙස ආන්තිකකරණයකට හා නොසලකා හැරීමකට ලක් වී ඇති බවයි. උරුමය හා සාමාජීය අභිප‍්‍රායන් සලකා බැලීමේ දී ඒ හා බද්ධ අනන්‍යතාවන් තීරණාත්මක ය. අනුරාධපුර පූජනීය නගරය බෞද්ධ උරුමයක් වීම තුළ ඒ හා බද්ධ අනන්‍යතා ගතිලක්ෂණ තුළ පූජනීයත්වය (Sacredness), අධ්‍යාත්මික බව (Spirituality) ආදී සංවේදී කාරණා වැදගත් වේග උරුමය ගෝලීයකරණය වීම හරහා නිර්මාණය වන ලෝක උරුම සංකල්ප ආරෝපණය තුළ සංස්කෘතික සමාජාතිකරණ (Cultural homogenization) ව්‍යාපාරය හරහා උක්ත දේශීය අනන්‍යතා සඳහා සිදු වන බලපෑම තීරණාත්මක ය.

පාදක සටහන්

  1. J.L.Luxen, ‘‘Reflection on the Use of Heritage Charters and Conventions’’, Conservation: Getty Conservation Institute News Letter, 2004, 19 (2), pp. 4-9.
  2. Stovel et al. (eds.), Conservation of Living Religious Heritage, Rome: ICCROM,
  3. M.K. Smith, Issues in cultural tourism studies, London, Routledge, 2003, pp.99-116.
  4. UNESCO World Heritage Centre, Sacred City of Anuradhapura, Accessed on 12 September 2015, URL:  http:///whc.unesco.org./en/list/200/documents/
  5. L. Smith, Uses of Heritage, London: Routledge, 2006, pp. 29-42
  6. UNESCO World Heritage Centre, Sacred City of  Anuradhapura, Accessed on 12 September 2015, URL:  http:///whc.unesco.org./en/list/200/documents/
  7. UNESCO World Heritage Centre, Sacred City of  Anuradhapura, [Online Web], Accessed on 12 September 2015, URL:  http:///whc.unesco.org./en/list/200/documents/
  8. H.Stovel, ‘’Effective use of Authenticity and Integrity as world of heritage qualifying condition’’, City and Time, 2 (3):3 [Online Web], Accessed on 16 January 2017, URL: http//www. ct.ceci-br.org/article/
  9. J. Jokilehto, A History of Architectural Conservation, Amsterdam: Butterworth, 1999. pp. 304-319
  10. ibid. pp. 335-355
  11. ICOMOS, International Charter fer the Conservation and Resstoration of   Monuments and Sites, 1964.
  12. UNESCO, Convention concerning the Protection of the World Cultural and Natural Heritage, Paris, 1972.
  13. ICOMOS, The Nara Document on Authenticity, 1994.
  14. Silva, ‘‘Conservation of ancient monuments under tropical conditions with special reference to
  15. Ceylon’’, Ancient Ceylon,Vol. 3,Colombo, 1979, pp.297-314.
  16. G.Wijesuriya, Restoration of Buddhist Monuments in Sri Lanka: The Case for an Archaeological Heritage Management Strategy, Colombo, ICOMOS Sri Lanka, 1993, pp. 45 – 56.
  17. පී. අභයසුන්දර, බ‍්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද‍්‍ර විමර්ශනය, කොළඹ, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, 1994,
    95 පි.
  18. පී. අභයසුන්දර, බ‍්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර විමර්ශනය, කොළඹථරජයේ මුද‍්‍රණ දෙපාර්තමේන්තුව, 1994,
    17 පි.
  19. එමග18 පි.
  20. G.Wijesuriya,Restoration of Buddhist Monuments in Sri Lanka: The Case for an Archaeological Heritage Management Strategy, Colombo, ICOMOS Sri Lanka, 1993, p. 49.
  21. C.W.Nicholas, ‘‘Historical topography of Ancient and Medieval Ceylon’’, JRAS (CB), New Series 6,Colombo: 1963, p. 141.
  22. H. Ratnayake, Jetavanaramaya Project Anuradhapura, First Archaeological Excavation and Research Report, Colombo, Central Cultural Fund, 1984, pp. 18-25.
  23. UNESCO Sri Lanka Project of the the Cultural Triangle, ‘ Proposal for the conservation of the Jetavana Stupa’, Anuradhapura, Central Cultural Fund and Design Group Five International Pvt Ltd, 16. July,1995, pp. 8a, 8b 8c.
  24. M.P.Ranaweera, 2004 “Ancient stupas in Sri Lanka – Largest brick structures in the world’’, CHS Newsletter, No. 70, Construction History Society, London, 2006.
  25. UNESCO Sri Lanka Project of the the Cultural Triangle, ‘ Proposal for the conservation of the Jetavana Stupa’, Anuradhapura, Central Cultural Fund and Design Group Five International Pvt Ltd, 16. July, 1995.
  26. පී. බී. මණ්ඩාවල, “ජේතවන ස්තූපයේ සංරක්ෂණ මූලධර්ම හා ප‍්‍රතිපත්ති”, ජේතවන ස්තූප පුරාණය, කොළඹ:
    මධ්‍යම සංස්කෘතික අරමුදල, 2009, 207-229 පිටු.
  27. Ravi Ladduwahetty, ‘‘Abhayagiriya conservation complete after 17 years’’,Ceylon Today, 2014.05.03.
  28. ibid.
  29. ibid.
  30. Wijesuriya, ‘‘The past is in the present: Perspectives in caring for Buddhist heritage sites in Sri Lanka’’, in H. Stovel et al. (eds.),Conservation of Living Religious Heritage, Rome: ICCROM, 2005, p. 40.
  31. G.Wijesuriya, Restoration of Buddhist Monuments in Sri Lanka: The Case for an   Archaeological Heritage Management Strategy, Colombo, ICOMOS Sri Lanka, 1993, p. 76.
  32. අනුරාධපුර පූජා ප‍්‍රදේශ සැලසුම් යෝජනා ක‍්‍රමය, නාගරික සංවර්ධන අධිකාරීිය, 2008, 3-7 පිටු.
  33. අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම, නාගරික සංවර්ධන අධිකාරීිය, 2020, 1-3 පිටු.
  34. විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක‍්‍රමය, නාගරික සංවර්ධන අධිකාරීිය, 1999. 6පි.
  35. අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම, නාගරික සංවර්ධන අධිකාරීියල 2020, 3පි.
  36. අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම, නාගරික සංවර්ධන අධිකාරීිය, 2020, 3 පි.
  37. විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක‍්‍රමය, නාගරික සංවර්ධන අධිකාරීිය, 1999. 3 පි.
  38. එමග6 පි.
  39. G.Wijesuriya,Restoration of Buddhist Monuments in Sri Lanka: The Case for an Archaeological Heritage Management Strategy. Colombo: ICOMOS, Sri Lanka. 1993, p.42.
  40. L.Smith, Uses of heritage, London: Routeledge, 2006, pp.29-34.
  41. ICOMOS Charter for the Conservation of Places of Cultural Significance,1999, Accessed on9 January 2012, URL: http://www.icomos.org/australia/burra.html
  42. R.Mason and E.Avrami, ‘Heritage Values and Challenges of Conservation Planning’, in J.M. Teutonico and G. Palumbo, Management Planning for Archaeological Sites: An International Workshop organised by the Getty Conservation Institute and Loyola Marymount University, Los Angeles: The Getty Conservation Institute, May 2000, pp. 13−26.
  43. M.Demas,  ‘Planning for Conservation and Management of Archaeological Sites’   in J. M. Teutonico and G. Palumbo, Management Planning for Archaeological Sites: An International Work- shop organised by the Getty Conservation Institute and Loyola Marymount University, Los Angeles: The Getty Conservation Institute, May 2000, pp. 27−54.
  44. L. Smith, Uses of Heritage, London: Routledge, 2006, pp.44-47.
  45. D.C.Harvey, ‘‘Heritage pasts and heritage presents: Temporality, meaning and the scope of heritage studies’’, International Journal of Heritage Studies, 7 (4), pp.319-338.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.01.04 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here