Tuesday, November 12, 2019

‘ඊලාම්’ සංකල්පය හා කප්රුක

අයි.ඩී.එම්. විජේබණ්ඩාර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහනුවර. ප‍්‍රස්තූත විෂය කරුණ සම්බන්ධයෙන් වූ මෙම ලේඛනය මගින් උතුරුකරයේ පුරාතන අයිතිය මෙන් ම, දශක තුනක් තිස්සේ මෙරට කි‍්‍රයාත්මක ව පැවැති යුධමය වාතාවරණය ට හේතුවක් වූ දෙමළ ඊලාම් නිජබිම් සංකල්පය හෝ සාකච්ඡාවට බඳුන් නොකෙරේ. එහෙත් එකී නාම...

පුරාවිද්‍යා අන්තර්ජාල සාප්පුව

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දින දර්ශනය

නවතම ලිපි

ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 12 : ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ...

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳ උනන්දු අයගේ විශේෂ අවධානයට පාත‍්‍ර වී ඇති යුගයකි, ගල් යුගයේ මෑතම කාලපරිච්ඡේදය වන නවශිලා යුගය. මානව පරිණාම ගමන් මාර්ගයේ තවත් එක් විශේෂ යුගයක් වන මෙය අලුත් ගල් යුගය යන අරුත ගෙන එන අයුරින් නවශිලා හෙවත් නියෝලිතික කාලපරිච්ඡේදය (Neolithic Period) යනුවෙන් නම්කර ඇත. 'නියෝ' (Neo) යන්නෙන් නව හෙවත් අලුත් (New) යන්නත් 'ලිතික්' (Lithic) යන්නෙන් ගල් (Stone) යන්නත් අදහස් කර ඇත. ශබ්දකෝෂ හා විශ්වකෝෂයන්ගේ මෙම වචනය පිළිබඳ පරික්ෂා කිරීමේ දී හඳුනාගත හැක්කේ මානව පරිණාමයේ හමුවන ශිලා තාක්ෂණික යුගයේ අවසාන කාලපරිච්ඡේදය මෙම යෙදුමෙන් පැහැදිලි වන බවයි. ලංකාවේ දී නවශිලා යුගය, නියෝලිතික යුගය හා අලුත් ගල් යුගය වැනි විවිධ යෙදුම්වලින් මෙම කාලපරිච්ඡේදය හඳුන්වන බව දැකගත හැකි වේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 11 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය III/III...

මානවයා විසින් ප‍්‍රධාන වශයෙන් වින්දනය අරමුණු කරමින් කලාව පිළිබඳ ආකල්පය ඇති කරගන්නා අතර මානවයාගේ මනසේ ඇතිවන්නා වූ සංවර්ධනයේ ඵලයක් වශයෙන් ද කලාව කෙරෙහි ආශක්ත වීමට අවස්ථාව ඇතිකර ගනී. ගෝලීය මට්ටමින් සලකා බැලූ විට මානවයා ඉහළ පුරාශිලා යුගයේ අත්කරගන්නා මානසික ප‍්‍රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකෘති නිර්මාණය කරන බව පුරාවිද්‍යාඥයින් හා කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ලොක් ප‍්‍රකට දකුණු ප‍්‍රංශයේ ලැස්කෝස් ගුහා (අදින් වසර 20,000 පමණ) හා උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවන්හි (ක‍්‍රිස්තු පූර්ව 34,000-12,000) ඇතුළු භිත්ති මත සටහන් කර ඇති සත්ව රූ මේ සම්බන්ධයෙන් ඇති ලෝ ප‍්‍රකට සිතුවම් අතර පවතී. ඊට අමතරව ලෝකයේ විවිධ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වී ඇති පැස්බර බිත්තර කටුවල සටහන් කර ඇති සැරසිලි සටහන් මෙන් ම මැටියෙන් සකස් කළ මවුදෙවඟන නිරූපණය වේ යැයි සැලකෙන කාන්තා ස්වරූපි රූ කම් ද ඉහළ පුරාශිලා යුගයේ මානවයාගේ කලාත්මක චින්තනය ප‍්‍රකට කරන නිදර්ශක අතර පවතී. මේ නිර්මාණ කාලනීර්ණ වශයෙන් සලකා බැලූ විට ලංකාවේ මධ්‍යශිලා යුගය හා සැසදෙන 35,000-20,000ක් පමණ කාලයට ගමන් ගන්නා බව ද පෙනී යයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 10 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය II/III...

මෙම සියලුම දත්ත විග‍්‍රහ කර බැලීමේ දී ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයාට තම ආහාරය වශයෙන් සමබර ආහාර වේලක් ලැබීමට ඇති බව උපකල්පණය කළ හැකි ය.

සමුද්‍ර හා ජලාශ‍්‍රිත පුරාවිද්‍යාව

ලංකාවේ ඔරු වර්ගයේ යාත‍්‍රා

ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල. සංක්‍ෂේපය මෙරට ජල යාත‍්‍රා භාවිතය පිළිබඳ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈතට විහි දී යයි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය...

අභිලේඛන හා පුරා අක්‍ෂර විද්‍යාව

වාස්තු විද්‍යාව හා නිර්මිත පරිසරය

කලා හා කලා ඉතිහාසය

පොළොන්නරුව, ගල් විහාරයේ ප‍්‍රතිමා

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගල් විහාරය නමැති උත්කෘෂ්ඨ මනරම් බුද්ධ ප‍්‍රතිමා පන්තියකින් සමන්විත සිද්ධස්ථානය බිහි විය. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්ථය සහිත 'උත්තරාරාමය' යන නමින් හඳුන්වා ඇත. විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් පසු කාලයේ මෙම සිද්ධස්ථාන 'ගල් විහාරය' යන නමින් මහජනතාව අතර ප‍්‍රචලිත වන්නට ඇති බව මහැඳුරු ආරිය ලගමුවගේ අදහසයි (ලගමුව 1999:142). මහාවංසයේ මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකර වූ බව පැහැදිලිව සඳහන්ව ඇත.
X
X