හෙළ බොදු හැදියාවේ බිහිදොර මිහින්තලාව
රු4,800.00 රු3,840.00
archaeology.lk කණ්ඩායමේ සම ප්රාරම්භක චන්දිම බණ්ඩාර අඹන්වල සම කර්තෘත්වය දරන මෙම පොත අප වෙබ් අඩවිය හරහා 20% වට්ටමක් සහිතව ලබා ගත හැකි ය.
මෙම කෘතිය රචනා කිරීමේ මුල් අරමුණ වූයේ මිහින්තලා ආරාමික පුද බිමේ සැරිසරන බැතිමතුන්ට විධිමත් මඟපෙන්වීමක් සිදුකිරීම වුවත්, කෘතිය සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේ දී පෙනී ගියේ එකී මුල් අරමුණු අභිභවමින් කෘතිය සම්පාදනය කෙරී ඇති බවයි. ඒ අනුව, මූලික අරමුණට අනුයාත ව සංචාරක මඟපෙන්වීමක් වශයෙන් මෙම කෘතිය පරිශිලනය කළ හැකි වුවත් ඊට වඩා මිහින්තලේ පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබාගැනීමට අපේක්ෂා කරන්නෙකුගේ අවශ්‍යතාව සැලකිය යුතු මට්ටමකින් සැපිරීමට ද මෙම කෘතිය ප්‍රමාණවත් වී ඇත්තේ සංචාරක තොරතුරු පමණක් නොව මෙකී ස්ථානය පිළිබඳ පාරිසරික, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තොරතුරු රැසක් ද සංග්‍රහ කර ඇති බැවිනි.
කාලාන්තරයක් තිස්සේ නටබුන් හා ජීවමාන සංස්කෘතිය අතර සැරිසරමින් ද පොතපත කියවමින් ද තොරතුරු සොයමින් වැය කළ කාලයේ අස්වැන්න මේ අයුරින් ඔබ අතට පත් වී ඇත.
B5 ප්‍රමාණයේ පිටු 284කි. ජැකට් කවරය ද සහිිත මැස්ම සහිත කවරය ය. වර්ණ පිටු 8කි.
චන්දිම බණ්ඩාර අඹන්වල හා ගාමිණි සමරනායක
- Additional information
- Reviews (0)
- පසු වදන
Additional information
Weight | 1.5 kg |
---|
Be the first to review “හෙළ බොදු හැදියාවේ බිහිදොර මිහින්තලාව”
ලාංකේය ඉතිහාසය දිගු ය, අඛණ්ඩ ය, විචිත්‍ර ය, එ මෙන් ම ගම්භීර ය. වර්ෂ දස සහශ්‍රකයකට එහා යන ප්රාග් ඓතිහාසික යුග පදනමක ගොඩනැඟුණු මෙම ඉතිහාසය අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණිය, කෝට්ටේ සහ මහනුවර ආදී සශ්‍රීක ඓතිහාසික යුග ගණනාවක් පසු කොට පැමිණ තිබේ. මෙම ඓතිහාසික යුග හැමෙකක් ම පාහේ බෞද්ධ සංස්කෘතික පදනමක් මත ගොඩනැඟී තිබීම විශේෂ කරුණකි. උක්ත යුග සෑම එකක ම පාහේ ලංකා ඉතිහාසය ඔපවත් කිරීමට ක්‍රියාකාරීව උරදුන් ප්රමුඛ ආරාම භූමි කීපයකි. ඒ අතුරින්, අනුරාධපුර මිහින්තලේ පුදබිමට හිමිවන්නේ අග්රස්ථානයකි. එය වසර දහස් ගණනක ලාංකේය සංස්කෘතියේ උරුමය දරා සිටින කඳුගැටයකින් සමන්විත ගිරි ආරාමයකි. චේතියගිරිය, සෑගිරිය, අම්බස්ථලය, මිස්සක පබ්බත, මිහින්තලය ආදි නම් රැසකින් හඳුන්වනු ලබන මෙය ආගමික, පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ජෛවවිවිධාත්මක හා පාරිසරික යන සෑම අංශයකින් ම සමන්විත ය. මෙබඳු භූමියක අධ්‍යයන ක්ෂේත්‍ර බොහෝ ය. එම අධ්‍යයන කාලෝචිත ය. අර්ථාන්විත ය. එහෙත් එබඳු අධ්‍යයනයක දී පර්යේෂකයෙකුට මතුවන අභියෝග බොහෝ ය.
එම අභියෝග අධිෂ්ඨානශීලී ව ජයගනිමින් පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල හා පුරාවිද්‍යා නිලධාරි ගාමිණි සමරනායක යන ශාස්ත්රමාමකයින් දෙපළ විසින් හෙළබොදු හැදියාවේ බිහිදොර : මිහින්තලාව නම් වූ මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත. චන්දිමගේ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රඥ පරිකල්පන ශක්තියට මුසු වූ රුහුණේ ඉපිද රජරට වාසභූමි කරගත් ගාමිණිගේ වෘත්තිය හා බැඳුණු දිගු කාලීන ප්‍රායෝගික ක්ෂේත්‍ර දැනුම ප්‍රයෝජනයට ගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබීම ප්රශස්ත ය. මිහින්තලයට වන්දනාව පිණිස හෝ සංචාරය පිණිස පැමිණෙන සාමාන්‍ය පාඨකයාටත්, ශාස්ත්රවන්තයින්ටත් ප්‍රයෝජනවත් වන නව කරුණු බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත කොට මෙම කෘතිය රචනා කොට ඇත. මෙය මිහින්තලය ගැන ලියැවුණු පොත් අතර තවත් එක් පොතක් නොව මිහින්තලය පිළිබඳ නව පර්යේෂණ කරුණු සහිත ව පූර්ණ දැනුමකුත්, තදාසන්න අප්‍රකට පූජනීය හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන රැසක් පිළිබඳ ව කරුණුත් ඉදිරිපත් කර ඇති ශාස්ත්‍රීය ග්රන්ථයකි.
මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, PhD, FSLCA
ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ.
Reviews
There are no reviews yet.