සිංහලේ විමුක්ති සටන
රු500.00
සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඌව වෙල්ලස්සෙන් නැගුණු සිංහලේ පළමු නිදහස් අරගලය
සුමේධ වීරවර්ධනගේ සිංහලේ විමුක්ති සටන ඉතාමත් ම වැදගත් මෙන් ම කාලීන වූ ද කෘතියක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. අවුරුදු දෙසීයකට පසු අද අපට මුහුණ පෑමට සිදු වී ඇති දේශපාලනික සටන සාර්ථක ව නිම කර ගැනීමට නම් 1815-1818 සිදු වූ අපේ ප්‍රථම නිදහස් අරගලය මැනවින් හැදෑරිය යුතු ය. සුමේධ වීරවර්ධනගේ අගනා කෘතිය ඒ සඳහා අපට මාගෝපදේශයක් වෙයි.
archaeology.lk වෙතින් නොමිලේ ලියාපදිංචි තෑපැලෙන් දිවයින පුරා බෙදා හැරේ.
- Description
- Reviews (2)
- Delivery(බෙදාහැරීම)
Description
සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඌව වෙල්ලස්සෙන් නැගුණු සිංහලේ පළමු නිදහස් අරගලය
සුමේධ වීරවර්ධනගේ සිංහලේ විමුක්ති සටන ඉතාමත් ම වැදගත් මෙන් ම කාලීන වූ ද කෘතියක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. අවුරුදු දෙසීයකට පසු අද අපට මුහුණ පෑමට සිදු වී ඇති දේශපාලනික සටන සාර්ථක ව නිම කර ගැනීමට නම් 1815-1818 සිදු වූ අපේ ප්‍රථම නිදහස් අරගලය මැනවින් හැදෑරිය යුතු ය. සුමේධ වීරවර්ධනගේ අගනා කෘතිය ඒ සඳහා අපට මාගෝපදේශයක් වෙයි. 1815-1818 කැරැල්ලක් සිදු වූයේ ඉංගිරිසින්ගේ පැත්තෙනි. එය ඉංගිරිසින්ට විරුද්ධ ව සිංහලයන්ගේ ප්‍රථම නිදහස් සටන ලෙස කලකට පෙර අපි හැඳින්වූයෙමු. එහෙත් තවමත් ඉංගිරිසින්ගෙන් ඉතිහාසය ඉගෙන ගන්නෝ එය කැරැල්ලක් ලෙස ම හඳුන්වති. ඔවුන්ට ඉංගිරිසි මනසක් නැත. එහෙත් ඔවුන්ගේ මනස් යටත්විජිතකරණයට ලක් වී ඇත. ඒ නිසා ම ඔවුහු සංස්කෘතික පුස්සෝ වෙති.
සිංහලයන් යුද්ධවලින් පැරදී නැත. ඇතැම් අවස්ථාවල තාවකාලික පසුබෑම් තිබුණ ද, ඒ ජයගැනීමේ ශක්තිය අපට තිබිණි. අපට ඒ ඒ කල අවශ්‍ය වූයේ නායකත්වයක් පමණකි. එදා රජවරු තුමූ ම යුද්ධයට ගිය හ. එබැවින් එකල දේශපාලන නායකත්වය හා හමුදා නායකත්වය යනුවෙන් නායකත්ව දෙකක් නො තිබිණි. එහෙත් අද වන විට තත්වය වෙනස් වී ඇත. අද හමුදා නායකත්වයට අමතර ව දේශපාලන නායකත්වයක් ද තිබිය යුතු ය.
1815 දී පමණක් නොව යුරෝපීයයන් 1506 දී මෙරට ආක්‍රමණය කළ දා සිට අපි ඔවුන්ගේ සටකපටකම්වලට බසට ගිවිසුම්වලට යට වීමු. පෘතුගීසීන් පැමිණ කොළඹ පාලනය ලබා ගත්තේ ගෙරිකඩක බිම් ප්‍රමාණයක් ඉල්ලමින් ය. එදා සිට අපි රැවටුණෙමු. අපට තවමත් ගිවිසුම් බස නුහුරු ය. ගිවිසුම්වල එක්තරා වියුක්ත බවක් තිබේ.
පොතේ පෙරවදනින් …
සිංහලේ විමුක්ති සටන – සුමේධ වීරවර්ධන
ISBN: 978-955-4964-03-7
2 reviews for සිංහලේ විමුක්ති සටන
Add a review
Delivery: 3-7 Working Days (by Free delivery from archaeology.lk via registered post)
Delivery Area: All Island
Pay on Delivery: Not Available
බෙදාහැරීම: වැඩ කරනා දින 3-7 ඇතුලත (archaeology.lk වෙතින් නොමිලේ ලියාපදිංචි තෑපැලෙන්) බෙදාහැරීමේ ප්‍රදේශ: දිවයිනේම පොත ලැබුණු පසු ගෙවීම්: අදාළ නොවේ
ajith Thalwatte –
Review for සිංහලේ විමුක්ති සටන
චන්දිම අඹන්වල –
මාතෘකා 12ක් යටතේ 1818 සිදු වූ අරගලය විස්තර කරන සරළ හා පහසුවෙන් කියැවිය හැකි පොතක්. මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ අගනා පෙරවදනකින් සමන්විත වී ඇති නිසා තවද තවිනාකම ඉහළ ගොස් ඇත. රට, දැය ගැන සිතව දේශමාමකයින්ගේ පොත් අතර තිබිය යුතු පොතකි.
රසවත්ව කියැවිය හැකි ලිපි එකතුවකි.