ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය – ආචාර්ය සිරාන් දැරණියගල
රු220.00
මෙම කෘතිය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ප්රාග් ඉතිහාසඥයෙකු වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගලයන් විසින් රචිත ලියවිල්ලක සිංහල පරිවර්තනයකි. ආචාර්ය එච්. නිමල් පෙරේරා හා සෝමපාල ජයවර්ධන විසින් පරිවර්තනය කෙරී ඇත. ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය හදාරණ හා ඒ පිළිබඳ උනන්දු සෑම අයෙකුගේ ම පොත් රාක්කයේ අනිවාර්යයෙන් ම තිබිය යුතු පොතකි. පරිසරය, කාලනීර්ණය, අතීත පරිසරය, තාක්ෂණය, ජීවනෝපාය හා ජනාවාස, අභිචාර හා අවමංගල චාරිත්‍ර හා ජීව විද්‍යාත්මක මානව විද්‍යාව යන මාතෘකා ඔස්සේ ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ ව සාකච්ඡා කර ඇත.
සිතියම් හා ප්රාග් ඓතිහාසික ගල් හා සත්ව අස්ති මෙවළම් ආදියේ වැදගත් රූප සටහන් අන්තර්ගත වේ.
නව පාසල් ඉතිහාසය විෂය නිර්දේශය යටතේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ කොටස හැදෑරීමේ දී තම දැනුම වැඩිකර ගැනීමට භාවිත කළ හැකි අගනා ලේඛනයකි.
මෙම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් 1991 දී පළ කළ පොතකි.
A5 ප්‍රමාණයේ පිටු 90 කි.
- Additional information
- Reviews (0)
Additional information
Weight | 0.5 kg |
---|
Reviews
There are no reviews yet.