Advertisements

Book

  • ලක් දිව සෙල්ලිපිවලින් හෙළි වන සිංහල භාෂාවේ ප්‍රත්‍යයාර්ථ නාමයන්ගේ විකාශනය (ක්‍රි. පූර්ව 3 ශ.ව. – ක්‍රි.ව. 10 ශ.ව. දක්වා ) ශිලාලිපි සංග්‍රහය III වෙළුම

    0 out of 5

    මේ ශ්‍රී ලංකාවේ සෙල්ලිපි පිළිබඳ හදාරන  සෑම කෙනෙක් ළඟම තිබිය යුතුම පොතකි. මෙම පොතෙහි කතෘ වන්නේ ‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ආචාර්ය මාලිනී ඩයස් මහත්මිය වේ. මෙම පොත ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 1990 දී ප්‍රකාශයට පත් කරන ලද පොතකි.

    පිටු – 110

    රු1,150.00
  • ශ්‍රී ලංකා ශිලාලේඛන සංග්‍රහය IV වෙළුම – මහාචාර්යය ඇස්. පරණවිතාන

    0 out of 5

    ලංකා පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ ආචාර්යය (පසුව මහාචාර්යය) ඇස්. පරණවිතාන (පී.එච්.ඩී.) මහතා විසින් 1934-1941 කාලය තුළ සංස්කරණය කරන ලද ශ්‍රී ලංකාවේ ගලේ කෙටූ සහ අනෙකුත් අභිලේඛන ඇතුළත්
    එපිග්‍රැෆියා සෙයිලනිකා සංග්‍රහයේ IV වෙළුමේ සිංහල පරිවර්තනය වූ ශ්‍රී ලංකා ශිලාලේඛන සංග්‍රහය IV වෙළුම.

    පරිවර්තනය ඩබ්ලිව්. බී. මාකස් ප්‍රනාන්දු  (M. A. ලන්ඩන්)

    හිටපු පුරාවිද්‍යා සහකාර කොමසාරිස්

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි.

    2002

    පිටු – 232

    රු1,250.00
  • ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය – ආචාර්ය සිරාන් දැරණියගල

    0 out of 5

    මෙම කෘතිය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ප්‍රාග් ඉතිහාසඥයෙකු වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගලයන් විසින් රචිත ලියවිල්ලක සිංහල පරිවර්තනයකි. ආචාර්ය එච්. නිමල් ‌පෙරේරා හා ‌සෝමපාල ජයවර්ධන විසින් පරිවර්තනය ‌කෙරී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය හදාරණ හා ඒ පිළිබඳ උනන්දු සෑම අයෙකුගේ ම ‌පොත් රාක්කයේ අනිවාර්යයෙන් ම තිබිය යුතු පොතකි. පරිසරය, කාලනීර්ණය, අතීත පරිසරය, තාක්ෂණය, ජීවනෝපාය හා ජනාවාස, අභිචාර හා අවමංගල චාරිත්‍ර හා ජීව විද්‍යාත්මක මානව විද්‍යාව යන මාතෘකා ඔස්සේ ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ව සාකච්ඡා කර ඇත.

    සිතියම් හා ප්‍රාග් ‌ඓතිහාසික ගල් හා සත්ව අස්ති ‌මෙවළම් ආදියේ වැදගත් රූප සටහන් අන්තර්ගත ‌වේ.

     

    නව පාසල් ඉතිහාසය විෂය නිර්දේශය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ කොටස හැදෑරීමේ දී තම දැනුම වැඩිකර ගැනීමට භාවිත කළ හැකි අගනා ‌ලේඛනයකි.

     

    මෙම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් 1991 දී පළ කළ පොතකි.

    A5 ප්‍රමාණයේ පිටු 90 කි.

    රු220.00
  • ශිලාලිපි සංඥාර්ථවේදය – සුරෝෂන ඉරංග

    0 out of 5

    ශිලාලිපි සංඥාර්ථවේදය

    Semiotics of Stone Inscriptions

    ශිලාලිපි සංඥාර්ථ තුළින් නිරූපිත විඥානය හැඩගැස්වීමේ ශක්‍යතාව

    පිළිබඳ විමසුමක්

    සුරෝෂන ඉරංග

    B.A (sp) in Mass Media University of Colombo

    Sri Palee Campus MSSc in Mass Communication (Reading)

    University of Kelaniya

    රු350.00
  • සිංහලේ විමුක්ති සටන

    4.00 out of 5

    සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඌව වෙල්ලස්සෙන් නැගුණු සිංහලේ පළමු නිදහස් අරගලය

    සුමේධ වීරවර්ධනගේ සිංහලේ විමුක්ති සටන ඉතාමත් ම වැදගත් මෙන් ම කාලීන වූ ද කෘතියක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. අවුරුදු දෙසීයකට පසු අද අපට මුහුණ පෑමට සිදු වී ඇති දේශපාලනික සටන සාර්ථක ව නිම කර ගැනීමට නම් 1815-1818 සිදු වූ අපේ ප්‍රථම නිදහස් අරගලය මැනවින් හැදෑරිය යුතු ය. සුමේධ වීරවර්ධනගේ අගනා කෘතිය ඒ සඳහා අපට මාගෝපදේශයක් වෙයි.

    archaeology.lk වෙතින් නොමිලේ ලියාපදිංචි තෑපැලෙන් දිවයින පුරා බෙදා හැරේ.

    රු500.00
  • සීගිරි කුරුටු ගී I වෙළුම – මහාචාර්ය සෙනරත් පරණවිතාන

    0 out of 5

    මේ මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් තවත් විශිෂ්ට කෘතියකි.  මෙහි පළමු මුද්‍රණය 1954 දී ප්‍රකාශයට පත් කර ඇත. එය ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ අතර මෙම සිංහල  පරිවර්තනය මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් සිදුකර ඇත.

    එය පුරාවිද්‍යාව හදාරන මෙන්ම අපගේ අතීත උරුමයන් පිළිබඳ උනන්දුවන සියලුදෙනා ළඟ තිබිය යුතු ඉතා වැදගත් පොතකි.

    රු1,250.00
  • හෙළ බොදු හැදියාවේ බිහිදොර මිහින්තලාව

    0 out of 5

    archaeology.lk කණ්ඩායමේ සම ප්‍රාරම්භක චන්දිම බණ්ඩාර අඹන්වල සම කර්තෘත්වය දරන මෙම පොත අප වෙබ් අඩවිය හරහා 20% වට්ටමක් සහිතව ලබා ගත හැකි ය.

    මෙම කෘතිය රචනා කිරීමේ මුල් අරමුණ වූයේ මිහින්තලා ආරාමික පුද බිමේ සැරිසරන බැතිමතුන්ට විධිමත් මඟපෙන්වීමක් සිදුකිරීම වුවත්, කෘතිය සම්පාදනය කිරීමේ ක‍්‍රියාවලියේ දී පෙනී ගියේ එකී මුල් අරමුණු අභිභවමින් කෘතිය සම්පාදනය කෙරී ඇති බවයි. ඒ අනුව, මූලික අරමුණට අනුයාත ව සංචාරක මඟපෙන්වීමක් වශයෙන් මෙම කෘතිය පරිශිලනය කළ හැකි වුවත් ඊට වඩා මිහින්තලේ පිළිබඳ ක‍්‍රමවත් අවබෝධයක් ලබාගැනීමට අපේක්‍ෂා කරන්නෙකුගේ අවශ්‍යතාව සැලකිය යුතු මට්ටමකින් සැපිරීමට ද මෙම කෘතිය ප‍්‍රමාණවත් වී ඇත්තේ සංචාරක තොරතුරු පමණක් නොව මෙකී ස්ථානය පිළිබඳ පාරිසරික, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තොරතුරු රැසක් ද සංග‍්‍රහ කර ඇති බැවිනි.

    කාලාන්තරයක් තිස්සේ නටබුන් හා ජීවමාන සංස්කෘතිය අතර සැරිසරමින් ද පොතපත කියවමින් ද තොරතුරු සොයමින් වැය කළ කාලයේ අස්වැන්න මේ අයුරින් ඔබ අතට පත් වී ඇත.

    B5 ප්‍රමාණයේ පිටු 284කි. ජැකට් කවරය ද සහිිත මැස්ම සහිත කවරය ය. වර්ණ පිටු  8කි.

    චන්දිම බණ්ඩාර අඹන්වල හා ගාමිණි සමරනායක

    රු4,800.00 රු3,840.00
X