දිපාංජනී ඇල්ලේපොල

බදුල්ල ප්‍රදේශීය කාර්යාලය, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

ඡායාරූප – අනුරාධ පියදාස

vieta

මොණරාගල දිස්ති‍්‍රක්කයේ බුත්තල ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ, මාළිගාවිල ග‍්‍රාමය තුළ මෙම ඓතිහාසික භූමිය ස්ථානගත වී ඇත.

Ceļš

මෙම ස්ථානයට ළඟා විය හැකි මාර්ග කිහිපයකි. ඉන් එක් මාර්ගයක් ලෙස මොණරාගල, වැල්ලවාය මාර්ගයේ කුඩුකන් ඔය මංසන්ධියෙන් වමට හැරී ඔක්කම්පිටිය නගරයේ සිට කිලෝ මීටර් 7ක් පමණ පසු කළ විට මෙම ස්ථානයට ළඟා විය හැකි ය. අනෙක් මාර්ගය ලෙස බුත්තල නගරයේ සිට රජමාවත, කතරගම මාවත මාර්ගයේ වම්පසට ඇති ඔක්කම්පිටිය – නිදැල්ල මාර්ගයේ කිලෝ මීටර් 10ක් පමණ ගමන් කළ විට මෙම ස්ථානයට ළඟා විය හැකි ය.

භූ භෞතික පරිසරය

පහළ ඌවේ පහතරට වියළි කලාපයට අයත් දේශගුණික ලක්ෂණ වලින් සමන්විත පරිසරයකට උරුමකම් කියන මාළිගාවිල පුරාවිද්‍යාත්මක භූමිය ස්භාවික වන රක්ෂිත හා කඳු වළලූ කිහිපයකින් වට වූ භූමියක් ලෙස සැළකිය හැකි ය. අක්කර 200ක පමණ භූමි පරිසරයක විහි දී ඇති මෙම ස්ථානය යාල වන රක්ෂිතයේ උතුරු මායිමේ හා මධ්‍ය කඳුකරයේ ගිණිකොණ බෑවුමේ පිහිටා ඇත.

මාළිගාවිල භූමිය වියළි කලාපයට අයත් වූවත් පරිසර පද්ධතිය තෙත් කලාපයට ආවේණික වූ භූ භෞතික ලක්ෂණවලින් යුතු ඉහළ තත්වයක් පෙන්නුම් කරයි. වියළි කලාපයට ආවේණික දුර්ලභ ශාක හා සත්ව ගහණයකින් සමන්විත වූ මෙම ස්ථානය සදාහරිත වනාන්තරයක සෞන්දර්යය ඉස්මතු කරයි. මෙම භූමියේ ස්භාවික සෞන්දර්යය ඉහළ මට්ටමක පවතින නිසා දෙස්විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට හා ආගමනයට රුචිකත්වයක් දක්වන බව පෙනේ.

ඓතිහාසික පසුබිම

ඓතිහාසික මාළිගාවිල ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිට ම භික්ෂුන් වහන්සේලාට ‌යෝග්‍ය වූ ස්ථානයක් බව ඉතිහාසගත තොරතුරුවලින් හඳුනාගත හැකි ය. මෙම භූමියට තදාසන්න ව පිහිටා ඇති විවිධ කටාර ලෙන් හා ශිලා ‌ලේඛන තුළින් එම සාධකය සනාථ කරනු ඇත. මෙම ස්ථානය පිළිබඳ ඓතිහාසික සාධක සඳහන් කිරීමේ දී වංශකතා හා සාහිත්‍ය මූලාශ‍්‍රයන්, පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන් අධ්‍යනය කිරීම වැදගත් කරුණකි. වංශකතා මූලාශ‍්‍රවලට අනුව මෙකී විහාරය අරියකාරී විහාරය ලෙස හඳුනාගෙන ඇති අතර ආර්යකර විහාරය නමින් ද ව්‍යවහාරයේ සඳහන් වී ඇත.

මහාවංශයේ සඳහන් තෙරතුරු මඟින් ද මෙම ස්ථානය පිළිබඳ වැදගත් සාධක කිහිපයක් සඳහන් කළ හැකි ය. වර්තමානයේ මාළිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ ඇති බුදු පිළිමය පිළිබඳ මෙහි දී යම් සඳහනක් විද්වත් කතිකාවතට යොමු වී ඇත. ක‍්‍රිස්තු වර්ෂ 6 හා 7 යන සියවස් රුහුණු කුමාරයකු විසින් කණගාමය නම් ස්ථානයක දී ඉදිකරන ලද පිළිමයක් ලෙස මහාවංශයේ එන සඳහන මෙහි දී සලකා බැලිය යුතු ය. එහි දී වංශකතාකරු අරියාරි විහාරයට මල්වතු නම් ගම පූජාකර එහි සිත්කළු පිළිමයක් හා පිළිම ගෙයක් කරවූ බව විස්තර වේ.

ක‍්‍රිස්තු වර්ෂ 667 – 683 අතර කාලයේ රජකළ අග්ගබෝධි රජු කණගාමයෙහි දෘශ්‍යබාධිත රෝගින් සඳහා ආරෝග්‍ය ශාලාවක් ද එහි ම පටිවා විහාරයේ විශාල බුදුගෙයක් ද ගලින් නෙලන ලද බුදුපිළිමයක් සාදවන බව මූලවංශයේ සඳහන් වේ.

මාළිඟාවිල බුදු පිළිමය

ස්ඵටික හුණු ගලින් (ලවණ ගිරි පාෂාණය) නිමවන මෙම පිළිමය අඩි 45ක පමණ උසකින් සමන්විත වේ. ආන්ද්‍රා ශෛලයට අනුව නිර්මාණය කරන ලද මෙම පිළිමය මෙරට පිහිටි උසම හිටි පිළිමය ලෙස ද සැළකේ. සමභංග ඉරියව්ව හා අභය මුද්‍රව නිරූපිත ය. ඒකාංශ චීවරය රැළි සහිත ය. අඩවන් නේත‍්‍රා ය. සමචතුරදස‍්‍රාකාර හැඩයෙන් යුත් ගඩොළින් කළ සුවිශාල ප‍්‍රතිමා ගෘහයකි. මෙය ගෙඩිගේ සම්ප‍්‍රදායට අයත් පිළිම ගෘහයක් ලෙස සැළකේ. මෙම පිළිම ගෘහය තුළ පද්ම පීඨයක් සකසා මාධ්‍යයෙහි පිළිමය පිහිටුවා ඇත. ප‍්‍රතිමා ගෘහයට නැගෙනහිරින් ප‍්‍රදක්ශිනා පථයක්, පියගැටපෙළ 3ක්, සඳකඩ පහනක් සහ මුරගල් 2කී. ප‍්‍රතිමාව හා පිළිම ගෘහය වටා වැලි ඇතිරු මළුවකි. එහි පාදෝවනයක් ස්ථාපිත කර ඇත. මෙහි ශේෂ වී ඇති වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව පිළිම ගෘහය වටා ප‍්‍රාකාරයක් ද තිබෙන්නට ඇති බව සැළකිය හැකි ය. මෙම පිළිමය 1991 වසරේ දී රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලදී. 1991 වසර වනවිට පිළිමය කොටස්වලට කැඞී කැබලිව තිබිය දි වාර්තා වී ඇත.

මාළිඟාවිල බුදු පිළිමය (ඡායාරූපය – අනුරාධ පියදාස)

මෙම පිළිමය සහිත ආරාමය මූලවංශයේ 45 වන පරිච්ඡෙදයේ සඳහන් Dappula රජු විසින් හඳුන්වා ඇත. මෙම ප‍්‍රතිමා ගෘහයේ නිර්මාණ ලක්ෂණ අනුව හා යොදාගත් වාස්තුවිද්‍යා අංග අනුව ක‍්‍රිස්තු වර්ෂ 7,8 වන සියවස් වල ඉදිකරන්නට ඇති බව සැළකිය හැකි ය.

දඹේගොඩ බෝසත් පිළිමය

මාළිගාවිල බුද්ධ ප‍්‍රතිමාවට නැගෙනහිර දිශාවෙන් දඹේගොඩ බෝසත් පිළිමය පිහිටා ඇත. හතරැස් මාලක 5කින් යුත් ඉහළ කඳු මස්තකයේ මෙම පිළිමය පිහිටා ඇත.

මෙම බෝසත් පිළිමය ද ලංකාවේ මූර්ති නිර්මාණයෙහි විශේෂත්වයකට උරුමකම් කියයි. වංශ කතාවේ සඳහන් පරිදි නිර්මාණයෙහි විශේෂත්වයකට උරුමකම් කියයි. අග්ගබෝධි රජුගේ සොහොයුරු වු ‌දෙ වන දප්පුල රජු විසින් නිමවන ලද මෙම පිළිමය නිර්මාණය කිරීමට උපයෝගී කරගෙන ඇත්තේ ස්ඵටික හුණුගල් හෙවත් ලවණගිරි පාෂාණයයි.

දඹේගොඩ බෝසත් පිළිමය (ඡායාරූපය – අනුරාධ පියදාස)

චූලවංශයේ 45 වන පරිච්ඡේදයේ සඳහන් ‌දෙ වන දප්පුල රජු විසින් නිමවන ලද බෝසත් පිළිමය පිළිබඳ සඳහනේ දි මාලවත්ථ නම් ග‍්‍රමයේ අරියකාරී විහාරයට පූජා කළ අතර එම ස්ථානයේ රියනක් 15ක් උස මෛත‍්‍රී පිළිමයක් කර වු බව සඳහන් වේ.

මෙවැනි විශාල ලෙස හුණු ගලින් නිමවන ලද පිළිමයක් වෙනත් ස්ථානයක නිර්මාණය කිරීමෙන් පසු එම ස්ථානයට රැගෙන එන්නට ඇතැයි විද්වතුන්ගේ මතය වේ. කෙසේ වුව ද බෝසත් පිළිමයේ නිර්මාණ ලක්ෂණ කිහිපයකි. විශේෂයෙන්ම මෙම පිළිමය කිසිදු ආධාරකයක් නොමැතිව නිමවා තිබීම පුදුමසහගත තාක්ෂණ ශිල්පයක් ලෙස සැළකිය හැකි ය. සමභංග ඉරියව්වෙන් හිටි ඉරියව්ව නිරුපිත ය. පීඨය මත පිළිමය පිහිටුවා ඇත. ජටා මකුටය, ශිර්ශාභරණ, පැළඳ සිටියි. ධ්‍යාන මුද්‍රවෙන් යුත් බුද්ධ රූපයක් ජටා මකුටයේ ඉහළ නිර්මාණය කර ඇත. උඩුකය නිරුවත් වන අතර රාජාභරණ මෙන් ආභරණ පැළඳ සිටියි. කුණ්ඩලාභරණ, උදර බන්ධන, උර මාල, වළලූ හා පුන නූල ද නිර්මාණය කර ඇත. මහායාන බෞද්ධ සංකල්පය තුළින් පැවත එන බෝසත් පිළිමය වන්දනාමාන කිරීම ක‍්‍රිස්තු වර්ෂ 7, 8 සියවස ආරම්භ කර ඇති නිසා මෙම ප‍්‍රතිමාව ඉදිවන්නට ඇත. වර්තමානයේ දි ද මෙම පූජනීය පිළිමය වන්දනා මානයට පාත‍්‍ර වන අතර බොහෝ මිනිසුන්ගේ ලෙඩ සුවපත් කිරීමේ අද්විතීය බලයක් ඇතැයි යන විශ්වාසය ද වේ.

-------------------------------------------------- ---------------------------
මෙම ලිපිය 2019.1.21 වැනි දින  www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
-------------------------------------------------- ----------------------------
Sludinājumi

ATSTĀJ ATBILDI

Lūdzu, ievadiet savu komentāru!
Lūdzu, ievadiet savu vārdu šeit

Šī vietne izmanto Akismet, lai samazinātu surogātpastu. Uzziniet, kā tiek apstrādāts jūsu komentārs.