පුජ්‍ය බැරගම සද්ධානන්ද හිමි1 හා එච්.පී. අනුර ගුණවර්ධන2

1 පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය., 2 තිහගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය.

සං‌ක්ෂේපය

Baragama Saddhananda Thero

රෝහණ රාජධානියට අයත් බෞද්ධ සිද්ධස්ථාන අතර නයිගල ආරාම සංකීර්ණයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. ජනප‍්‍රවාද වලට අනුව, මහානාග y defensa රජවරුන්ගේ අනුග‍්‍රහයෙන් මෙම ආරාම සංකීර්ණයේ ආරම්භය හා සංවර්ධනය සිදු වේ. ආරාම පරිශ‍්‍රය හැදින්වීම සදහා වර්තමාන සමාජ ව්‍යුහයේ නයිගල යන වචනය ව්‍යවහාර වුව ද ඒ පිළිබදව කිසිදු ඵෙතිහාසික සදහනක් මුලාශ‍්‍රයවල සදහන් නොවේ. බොහෝ විට, එම නාමය පරිහානි සමයෙන් පසුව ද්වීතික පරිහරණ සමයේ ආරාම සංකීර්ණය හැදින්වීම සදහා යොදන ලද්දක් විය හැකි ය. ආරාම පරිශ‍්‍රයේ දක්නට ලැබෙන සෙල්ලිපිවල එහි පැරණි නාමය කාලපබ්බත විය හැකි බව දක්වයි. එය සාධනිය ලක්ෂණයකි. තව ද ආරාම සංකීර්ණයේ පිහිටීම හෙවත් සංස්කෘතික භූ දර්ශනය පිළිබදව විමසීමේ දි එකී අදහස වඩාත් තීව‍්‍ර කරයි. පැරණි ගිරුවායට අයත් පාරිසරික හා භූගෝලිය පසුබිම ස්භාවයෙන්ම තැනිතලා සන්දර්භයට අයත් වුවකි. ආරාම සංකිර්ණයට අයත් ඉදිකිරිම් හා භාවිත සීමාව ස්භාවික කළු ගල්තලාවක විහි දී යන ආකාරයට නිර්මාණය වුවකි. පැරණි පිවිසුමේ සිට ආරාමයට පැමිණෙන ඕනෑම අයෙකුට පළමු වෙන්ම දර්ශනය වන්නේ සම උසකින් නිර්මිත කළු ගල් තලාවකි. එකී ලක්ෂණය වර්තමාන භූ දර්ශයේ වුව ද දැකගත හැකි ය. එය එසේ නම් 18 වන සියවසෙන් පසුව නයිගල යනුවෙන් මෙම ආරාම සංකීර්ණය හැදින්වුව ද අතිත සමාජ සන්දර්භය තුළ කාලහපව් හෙවත් කාලපබ්බත යනුවෙන් ව්‍යවහාර වන්නට ඇති බව පිළිගැනිම අතීශයෝක්තියක් නොවේ.

introducción

නයිගල ආරාම සංකීර්ණය අනුරාධපුර යුගයේ මුල් අවධියේ ආරම්භ වී පබ්බතාරාමයක් ලෙස සංවර්ධනයට පත් ආරාම සංකීර්ණයකි. එකී ආරාම සංකීර්ණයේ ස්වරූපය හඳුනාගැනීම වැදගත් වන අතර ඒ සදහා මුලාශ‍්‍රය සාධක හා සංස්කෘතික භූ දර්ශනය අතර ගොඩනැඟුණු සන්දර්භය තේරුම් ගැනිම අනිවාර්ය අංගයකි. මන්දයත් ඕනෑම ස්ථානයක සන්දර්භය හා පරිහරණය පිළිබදව කුමන හෝ අදහසක් ලබා ගැනිමට නම් එම එකී සිමාව හෝ ස්ථානය පිළිබදව හදුනාගැනිම වැදගත්ය. මෙම පර්යේෂණයේ මුලික අරමුණ මුලාශ‍්‍රයගත තොරතුරු හා බද්ධ සංස්කෘතික භූ දර්ශනය පිළිබදව අවධානය යොමු කරමින් ආරාම සංකීර්ණයක් ලෙස සමාජගතවිමේ දී භාවිත පැරණි නාමය කුමක්ද යන්න පැහැදිලි කිරීමයි.

මෙහිදි අධ්‍යනයේ පහසුව සදහා නයිගල විහාර පරිශ‍්‍රය පිහිටි ගිරුවාපත්තුවේ ඵෙතිහාසික පසුබිම පිළිබදව පළමු වෙන්ම සංක්‍ෂිප්තව අවධානය යොමු කෙරේ. ඊට අමතරව වර්තමාන නයිගල විහාරයේ පැරණි නාමය කාලහපබ්බත යනුවෙන් අර්ථ දැක්විමේ යුක්තියුක්ත භාවය පිළිබදව කරුණු දැක්වේ. මෙහි දි සංස්කෘතික ඉදිකිරිම් හා බැදුණු සංස්කෘතික භූ දර්ශනය පිළිබදව විශේෂ අවධානය යොමු කිරීමට අපේක්ෂිතය ඊට අමතරව පසු කාලිනව සිදු වු දේශපාලනික, සමාජික පසුබිම හරහා පරිහරණය ද්විතික අවස්ථාවේ නයිගල විහාරය යනුවෙන් ව්‍යවහාර වු ආකාරය පිළිබදව කරුණු විමසීමට අපේක්ෂිත ය.

metodología

දත්ත රැස්කිරීම සදහා සමාජ විද්‍යා අධ්‍යයනවල දි දත්ත රැස් කිරීම සදහා යොදා ගන්නා ක‍්‍රමවේද කිහිපයක් භාවිත කරන ලදී. විශේෂයෙන්ම නීරික්ෂණය, සහභාගිත්ව නිරීක්ෂණය, සම්මුඛ සාකච්ජා, කේවල අධ්‍යනය ඒ අතර වැදගත් වේ.

අපගේ මුලිකම උපන්‍යාසය නම් ආරාම සංකීර්ණය වර්තමානයේ නයිගල ලෙස හැදින්වුවන් එහි පැරණි නාමය නයිගල විය නොහැකි බවයි. මුලික මුලාශ‍්‍රය අධ්‍යයනවල දි නයිගල හෝ ඒ හා සම්බන්ධ සටහනක් ඵෙතිහාසික මුලාශ‍්‍රයවල දක්නට නොලැබුනද කේෂ්ත‍්‍ර නිරික්ෂණය අවස්ථාවේ දි ආරාම භුමියේ ශිලාලේඛනවල පැරණි නාමය පිළිබදව යම් අදහසක් සදහන් විම සාධණීය ලක්ෂණයකි. ඒ අනුව අපගේ උපන්‍යාසයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරිම සදහා සංස්කෘතික භු දර්ශනය පිළිබදව විශේෂ අවධානය යොමු කරන ලදි. එහිදි දත්ත රැස්කිරිම වැඩි වශයෙන් ගුණාත්මක දත්ත රැස්කිරිමේ විධික‍්‍රමය හරහා සිදු විය.

ප‍්‍රතිඵල හා සාකච්ජාව

නයිගල තදාශි‍්‍රත ප‍්‍රදේශයේ ඵෙතිහාසික පසුබිම

ගිරි ජනපදයට හෙවත් ගිරුවා දනව්ව පිළිබද ඵෙතිහාසික තොරතුරු මුලින්ම අපට ක‍්‍රිස්තු පූර්ව 6 වන සියවසේ දි පමණ අසන්නට ලැබේ. උතුරු ඉන්දියාවේ සිට පැමිණි ආර්ය සංක‍්‍රමණිකයින් ක්‍ෂශ්‍රීක දකුණු ප‍්‍රදේශවල ජනපද පිහිටුවා ගත් බව වංශකතාවල දැක්වේ. භද්දකච්චායනා කුමරියගේ සොහොයුරු රෝහණ කුමාරයා මුල් ජනාවාස පිහිටුවා ගැනිම ඒ අතර ප‍්‍රධාන වේ (මහාවංශය 1994:9,9-10). ඒ ආකාරයට ආරම්භ වු දකුණේ ආර්ය ජනාවාසකරණය Pandukabhaya සමය වන විට වර්ධනීය ලක්ෂණ පෙන්නුම් කරයි (මහාවංශය 1994:10,29). විශේෂයෙන්ම Pandukabhaya කුමරු ශිල්ප ඉගෙන ගත් පණ්ඩුල බ්‍රාහ්මණයාගේ ග‍්‍රාමය දකුණු දිග පණ්ඩුල ග‍්‍රාමයේ පිහිටි බව වංශකතාවල සදහන් වේ. ඒ අනුව, ඇතැම් උගතුන් Pandukabhaya ශිල්ප ඉගෙනගත් පණ්ඩුලග‍්‍රාමය ගිරිපා දනව්ව හෙවත් ගිරුවා පත්තුවේ පිහිටි බව තර්ක කරයි. එකී අදහස එකහෙලා පිළිගැනිමට නොහැකි වුවත් මුලාශ‍්‍රයගත තොරතුරුවලට අනුව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට පෙර රෝහණ ප‍්‍රදේශය ක්‍ෂශ්‍රීක සමෘද්ධිමත් ජනාවාසකරණයට ලක්ව තිබු කලාපයක් බවට පත්ව තිබු බව සදහන් කරයි (සෝරත2002:92-105).

Pandukabhaya කුමාරයාට නයිගල විහාරයට වයඹ දෙසින් පිහිටි කසාගල අවටින් හත්සියයක් පමණ පිරිසක් එකතු වු බව මහාවංශයේ සදහන් වේ. ඊට අමතරව බ‍්‍රාහ්මණයන්ගේ යැපීම් සදහා දෙනු ලැබු ගොදුරුගම අග‍්‍රහැර ලෙස හඳුනාගැනිම සාධනීය ලක්ෂණයකි. ඒ අනුව, මහාවංශයේ සඳහන් වන පණ්ඩුකාභයට එකතු වු 700ක් පිරිස ගිරුවාපත්තුවේ කසාගල ග‍්‍රාමයෙන් එකතු වුවා නම්, බමුණන්ට දෙනු ලැබු ග‍්‍රාමය වර්තමාන අග‍්‍රහැර ලෙස සාධනීය ලෙස හඳුනාගත හැකි නම් පැහැදිලි වශයෙන්ම වර්තමාන නයිගල තදාශි‍්‍රත ප‍්‍රදේශය පැරණි ගිරිකඩ රට හෙවත් ගිරිපා දනව්ව ලෙස හදුනාගත හැකි ය.

වර්තමාන නයිගල ආශි‍්‍රත තදාශිත ප‍්‍රදේශය ක‍්‍රිස්තු පූර්ව 6 සියවසට පෙර සිට ජනාවාසකරණයට ලක්ව තිබු ප‍්‍රදේශයක් බව පැහැදිලි ය. එසේම ක‍්‍රිස්තු පූර්ව ආරම්භක සියවස වන විට රෝහණයේ සැලකිය යුතු ප‍්‍රධාන ආගමික ආයතනයක් බවට පත් වන්නට ඇත. ඊට කදිම නිදසුනක් ලෙස ආරාම සංකීර්ණයේ දක්නට ලැබෙන ඉපැරණි වජ‍්‍රාසනය වැදගත් සාධකයකි. මන්දයත් වජ‍්‍රාසනය හා සම්බන්ධ වන්දනය බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය විමට පෙර වන්දනාමානයට ලක් වු නිර්මාණ වේ. එසේම ක‍්‍රිස්තු වර්ෂ 4-5 සියවස වන විට මෙම ආරාම සංකිර්ණයේ ස්වර්ණමය අවධිය නියෝජනය කරන බව ආරාම සංකීර්ණයට අයත් ශිලාලේඛණ ප‍්‍රමාණවත් සාක්ෂි සපයයි. ක‍්‍රිස්තු වර්ෂ 3-4 සියවසට අයත් ලිපියෙහි කහවනු 100ක් ලබාදි වහලුන් නිදහස් කල බවක් සදහන් වන අතර ක‍්‍රිස්තු වර්ෂ 4-5 සියවසට අයත් දෙ වන ලිපියෙහි පැහැදිලි වශයෙන්ම ආරාමය පරිශ‍්‍රයේ සිදු කෙරෙන අරියවංශ දේශනාව පැවැත්වීම සදහා කහවනු පරිත්‍යාග කල බව සදහන් වේ (නාගොඩවිතාන 2016). ශිලාලේඛනයට මීටර 40 පමණ දුරින් 2013 වර්ෂයේ සිදු කළ පුරාවිද්‍යා කැනීම මගින් ද අරියවංශ දේශනාව පැවැත්වුවා යැයි සැකකරන එළිමහන් මණ්ඩපයක් සොයා ගැනිම ද වැදගත් ලක්ෂණයකි (කැණිමේ වාර්තාව 2013).

නූතන ව්‍යවහාරය තුළ මෙම විහාරය නයිගල යනුවෙන් හැදින්වුව ද ක‍්‍රිස්තු වර්ෂ 4-5 සියවස් වන විට හැදින්වුයේ කාලහපබ්බත විහාරය නමින් බව උපකල්පනය කිරීමට ප‍්‍රමාණවත් සාධකයක් ලෙස සෙල්ලිපි වැදගත් වේ. පළමු වැනි ලිපියෙහි දෙවන පෙළහි කා(ළහ)පබව යනුවෙන් දැක්වේ.

මහවරම . . . . . . සම

ණයහ කා(ළහ) පවච

හෙරහි වහරල චිදි කොටු

(කහ) වණ සියයත කොටු

. . . . . . . . . . (ස) ච සතෙනට පනි

significado

මහවර (නම් ප‍්‍රදේශයේ වසන) සමාර නැමැත්තා කලහ පව (කාළහ පබ්බත) විහාරයට කහවනු 100 ක් දී වහරල මුදවන ලදී. මේ පින සියලු සත්වයන්ට වේවා!

මේ ලිපියට අනුව විහාරයේ නම සදහන් වන ස්ථානයේ මෙම අකුරු දෙකක් පමණ මැකි ගොස් ඇති අතර අනුමාන වශයෙන් මෙය කා(ළහ) පව ලෙස ගලපා ගත හැකි ය. මෙම ලිපියේ කළහපව යනුවෙන් සදහන් කර තිබීමෙන් පැහැදිලිව කිව හැක්කේ මෙම විහාරස්ථානය ආරම්භ අවධියේ භාවිත වු නාමය නයිගල නොව කාලහපබ්බත යන්නයි. එපමණක් ද නොව ක‍්‍රිස්තු වර්ෂ 4-5 සියවසට අයත් දෙ වන ශිලාලේඛණය පිළිබදව අවදානය යොමු කිරිමේ දි එම ලිපියේ දෙවන පෙළෙහි “කළහ පවන මහ විහරහි අරි . . . . . . ” යනුවෙන් දැක්වේ. එනම් කාළහ පබ්බත විහාරයේ අරියවංශ දේශනාව සදහා යන්නයි.

සිධම ද . . . . . . . (පිතහවය) . . . . . . .

කාළහ පවන මහ විහර හි අරි . . . . . . . .

. . . . . . . . . . . . . කහවන දින එකසිය

. . . . . . . . . . . . . . (අභයච) . . . . . . .

significado

යහපතක් වේවා . . . . පුතාගේ . . . . . කළහ පර්වත මහා විහාරයෙහි ආරි(යවංශ සුත‍්‍ර දේශනාව සදහා) කහවනු සියයක් ලබා දි ඇත.

ශිලා ලිපියේ දෙවන ජේදයේ කළහ පවන මහ විහාරය යනුවෙන් සදහන්ව තිබිම වැදගත් සාධකයකි. මීට පෙර සදහන් කළ පළමු වන ශිලා ලේඛනයෙහි මෙම නම ඒ ආකාරයට ම භාවිත කර ඇත. මෙම ශිලා ලේඛනයේ මහා විහාරි යන වචනය සදහන් කර තිබීම තුළින් අතිතයේ කාළහ පබ්බත විහාර මහා විහාරයක තත්වයෙන් පැවතුන බව ගම්‍ය කරයි” (නාගොඩවිතාන 2016). වර්තමානයේ නයිගල විහාරයේ පැතිරි ඇති පුරාවිද්‍යා නටබුන් දෙස බලන විට මෙම ප‍්‍රකාශයේ ඇති සත්‍යතාව මනාව පැහැදිලි වේ. අක්කර 50ක පමණ භූමිභාගයක පැතිර ඇති ස්තූප 6ක පමණ නටබුන් අද ද වනගතව පවතී. නාග පොකුණ නමින් හැදින්වෙන දිගින් අඩි 110ක් පමණ විශාල ජලය නොසිදෙන පොකුණ සහ ගල්තලාව පුරාවට දක්නට ඇති කුඩා කුඩා පොකුණ ද මහානාග යුව රජු විසින් ඉදිකළා යැයි සැලකෙන පැරණි විහාරයේ නටබුන් ආදිය ඒ අතර වැදගත් වේ.

කාලපබ්බත විහාර හා සංස්කෘතික භූ දර්ශනය

දැනට මෙම විහාරස්ථානය පිහිටිමේ සංස්කෘතික භූ දර්ශනය පිළිබද අවධානය යොමු කිරිමේ දි කාලපබ්බත යනුවෙන් මේ විහාරය හැදින්වීම සිදුවන්නට ඇති බව සිතිය හැකි ය. කාලපබ්බත යන්නෙහි අර්ථය කළු වර්ණයෙන් යුත් පර්වතය යන්නයි. මෙම විහාරස්ථානයේ විහාර අංගවල පිහිටිමේ ස්වභාවය මැනවින් අධ්‍යනය කළහොත් විහාරස්ථානයට ඇතුළුවිමේ ප‍්‍රවේශ මාර්ගය වර්තමානයේ භාවිත වන මාර්ගය නොව ඊට ප‍්‍රතිවිරුද්ධ දිසාවෙන් පවතින්නට ඇතැයි සිතිය හැකි ය. ප‍්‍රධාන ස්තූපය, අවශේෂ ස්තූපයන් 7 සියල්ල දක්නට ලැබෙන්නේ මෙම ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රවේශමාර්ගය හා සම්බන්ධව ය. වර්තමානයේ වුව ද ප‍්‍රදේශයේ වැඩි ජනගහනයක් සිටින ජනාවාස පවතින්නේ වර්තමාන ප‍්‍රවේශ මාර්ගයට ප‍්‍රතිවිරුද්ධ දිශාවේ තිබෙන ප‍්‍රවේශ මාර්ගය තිබෙන දිසාවේ ය. වර්තමාන වීරකැටියේ සිට රන්න දකුණට දිවෙන මාර්ගය මෑත කාලින ඉදිකිරිම් නිසා ක‍්‍රමිකව සිදු වු සංවර්ධනයන් සමඟ ගමනාගමන පහසුකම් හේතුකොට ගෙන එම විහාරයේ පැරණි ප‍්‍රවේශ මාර්ගයේ දිසානතිය වෙනස්කර ඇති බව සිතිය හැකි ය.

වර්තමාන ප‍්‍රවේශ මාර්ගයට (වීරකැටිය – රන්න) ප‍්‍රතිවිරුද්ධ දෙසින් තිබෙන ගම්මානවල සිට මෙම විහාරස්ථානය පිහිටි භූමි දර්ශනය දෙස බලන්නෙකුට පැහැදිලිව පෙනෙන්නේ කි‌ලෝ මීටර් 2ක් පමණ පැතිර තිබෙන කළුගල් තලාවයි. මෙලෙස දර්ශනය වන කළුගල් තලාව මත පිහිටා තිබෙන මෙම විහාරය ක‍්‍රිස්තු පූර්ව 3-4 සිට කාළහපබ්බත වෙහෙර යනුවෙන් ව්‍යවහාර කරන්නට ඇති බව සංස්කෘතික භූ දර්ශන අධ්‍යනයන් ඔස්සේ අනුමත කළ හැකි ය.

'නයිගල’ නාමයේ ව්‍යවහාරය

යටත් විජිත පාලකයන්ගේ ග‍්‍රහණයට නතුවිමත් සමඟ මිෂනාරි ආගමික ව්‍යාපාරයන්වල ක‍්‍රියාකාරිත්වය සමඟ තවදුරටත් මෙම විහාරස්ථානය සතු උරුමය පමණක් නොව එම විහාරස්ථාන පිළිබද ජනතාව තුළ මතකය ද කාලයක් සමග වැළලි ගියේ ය. කාලපබ්බත විහාරයට සහ එම මුල් යුගයේ ව්‍යවහාර වු කාලපබ්බත යන නාමයට ද අත් වු ඉරණම මෙය ම විය.

දහහත්වන සියවසේ අගභාගය හා දහඅට වන සියවසේ මුල් භාගයේ දි පමණ දකුණු ප‍්‍රදේශයේ ආරම්භ වු බෞද්ධ පුනරුද ව්‍යාපාරයන් සමග මෙම විහාරස්ථානයේ බෞද්ධාගමික පසුබිම නැවත පුනර්ජිවනය ලැබිම ආරම්භ විය. වසර හාරසියක පමණ කාලයක් තුළ ජනතාවගෙන් ඇත් වි තිබු මෙම විහාරස්ථානයේ ඵෙතිහාසික කථාන්දරයේ දෙවන අදියර ආරම්භ වන්නේ මේ සමගයි. මෙහිදි පැරණි මුලාශ‍්‍රයාගත තොරතුරු බොහොමයක් අභාවයට ගොස් තිබු අතර 18 වන සියවසෙන් පසු නයිගල ඵෙතිහාසික පදනම ගොඩනැගෙන්නේ බොහෝ විට ජනප‍්‍රවාදගත තොරතුරු ඇසුරිනි. කාලපබ්බත වෙහෙර යන නාමය යටපත් වි නයිගල යන නාමය ව්‍යවහාරයට එන්නේ 18 වන සියවසේ ආරම්භයත් සමග බව සිතිය හැකි ය.

නයිගල වෙහෙර යන නාමය නාගයන්ගේ සබදතාවක් සමග නිර්මාණය වු බව ජනප‍්‍රවාදගත තොරතුරු අධ්‍යනයේ දී පැහැදිලි වන කාරණයකි. මෙම විහාරස්ථානයේ ආරම්භය සමග නාගයෙකු හා සම්බන්ධ ජනප‍්‍රවාදගත කථා ප‍්‍රවෘත්තියක් ගෙතී ඇත. මෙම විහාරස්ථානය ආරම්භ කලා යයි සැලකෙන මහානාග යුවරජු විරකැටියේ මණ්ඩාඩුව ගමේ මාලිගාවක් තනා පදිංචි වී සිටි අතර එක්තරා නියං කාලයක දි මාලිඟාව ඉදිරියට පැමිණි සුදු නාගයෙකු මාලිඟාව ළග සිට ආපසු හැරී යන්නට විය. රජු නාගයා පසුපස යන විට ඌ එක්තරා ගල්තලාවක් මත දී අතුරුදහන් වි ඇත. රජතුමා ඇතුළු පිරිස අවට සුපරික්ෂා කර බලන විට ජලය පිරුණු පොකුණක් දැක සතුටට පත්ව මෙම භුමීය මහා පුණ්‍යභූමියක් යැයි සිතා මෙහි විහාරස්ථානයක් ඉදිකිරිමට තීරණය කළ අතර එම විහාරස්ථානය නයිගල වු බව ජනප‍්‍රවාදගත මතවාදයයි. විහාරස්ථානයේ ආරම්භක අවධියේ සිටම මෙම ජනප‍්‍රවාදගත තොරතුරු එකල සමාජයේ පැවතුන ද නයිගල යන නාමය නොව කාලපබ්බත යන නාමය ව්‍යවහාර වන්නට ඇත. එසේත් නැතිනම් මෙවැනි ජනප‍්‍රවාදගත තොරතුරු 18 වන සියවසේ සමාජගත වන්නට ඇතැයි ද සිතිය හැකිි ය. විහාරස්ථානයේ බෝධිය අසල ඇති ගල් පර්වතයේ නාගයෙකුගේ රූපයක් කොටා තිබීම මෙම ජනප‍්‍රවාදගත තොරතුර සනාථ කරන සාධකයකි. නාග රූපයක් කොටා ඇති පර්වතය යන අර්ථයෙන් නයිගල යන නම ව්‍යවහාරයට පැමිණි බවද සිතිය හැකි ය. මෙම නාග රූපය විහාරස්ථානයේ ආරම්භක අවධියේ සිටම පැවතුනේ ද එසේත් නැතිනම් 18 වන සියවසෙන් පසු කාලීනව කොටන ලද්දක් ද ස්වභාවික ක‍්‍රියාකාරකම් හේතුකොට ගෙන නිර්මාණය වුවක් ද යන්න ගැන නිශ්චිත සාධක කිසිවක් සොයාගත නොහැක. නමුත් කාලපබ්බත යන්න භාවිත කරමින් ලියැ වි ඇති ගිරිලිපි දෙකේ බ‍්‍රාහ්මීය අක්ෂරවල ස්වභාවය අනුව ක‍්‍රිස්තු පූර්ව (3-4 හා 4-5) සියවස්වලට අයත් බව පැහැදිලි ය.

විහාරස්ථානයේ පාරම්පරිකව පැවත එන වෙදකම අද ද නොනැසී පවති. යටත් විජිත සමයේ ලංකාවේ බුදු සසුන පිරිහි පැවතුන යුගයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශාසන පුනරුදයන් සමග 18 වන සියවසේ නයිගල බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වුයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලැබු මුල්ගිරිගල විහාරාධිපති ධුරය දැරූ වටරක්ගොඩ ධර්මපාල හිමියන්ගේ පස්වන ශිෂ්‍ය වු කටුවන අත්ථදස්සි හිමියන් ය. උන් වහන්සේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1,800 දී ය. ක‍්‍රිස්තු වර්ෂ 1908 දී පමණ මෙම විහාරස්ථානයේ අධිපතිත්වයට පත්වන දෙනගම ශිලානන්ද මාහිමියන්ගෙන් නයිගල වෙද පරම්පරාව ආරම්භ වේ. අග‍්‍රහැරේ සෝමරතන මාහිමියන් (1954) හරහා පැවත ආ නයිගල වෙද පරම්පරාවේ උරුමය රැක ගනිමින් තලාවේ නන්දසාර හිමියන් අදත් දේශිය වෙදකම ඉදිරියට ගෙන යමින් සිටියි. විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා යටතේ වර්ධනය වු මෙම පාරම්පාරික වෙදකම ප‍්‍රසිද්ධියක් ඉසුලූයේ වසවිෂ හා සර්ප විෂ සදහා ය. නාගයින් දෂ්ට කල ඕනෑම පුද්ගලයෙකු එදා රැගෙන ආවේ නයිගල පන්සලට ය. නයි විෂට චිරප‍්‍රසිද්ධ වෙදකම දන්නා යතිවරයන් වැඩ සිටිම මෙම විහාරස්ථානයට ව්‍යවහාර වන නයිගල නාමය සමඟ බැදී පවති. එම වෙද පරම්පරාවේ ආරම්භය 18 වන සියවසේ සිට ඇරඹුණු බැවින් මෙම විහාරස්ථානයට නයිගල යන නාමය ව්‍යවහාර වන්නට ඇත්තේ 18 වන සියවසෙන් පසුව බව සනාථ කරන තවත් සාධකයකි.

මෙම තොරතුරුවලට අමතරව නාගයන් හා බැදුණු ජනප‍්‍රවාදගත තොරතුරු විශාල ප‍්‍රමාණයක් මෙම විහාරස්ථානය සමඟ බැදි පවති. නයිගල නයි හැව මුළු රුහුණේම ප‍්‍රසිද්ධ කථා ප‍්‍රවෘත්තියකි. සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකුගේ සිරුර ආවරණය කල හැකි තරමේ අතිවිශාල නයිහැවක් මෙම විහාරස්ථාන භූමියේ තිබී හමු වී ඇති අතර ඒ කාලයේ නයිගල නයි හැව නමින් කවිකොළයක් ද නිර්මාණය කර එම නයි හැව ජනතාවට ප‍්‍රදර්ශනය කර ඇත. මෙම සිදු විම සියැසින් දුටු පුද්ගලයන් තවමත් මෙම විහාරස්ථානය ආසන්න ග‍්‍රාමයේ සිටිති. විශාල කැලෑබද ප‍්‍රදේශයක් තුළ පිහිටා ඇති මෙම විහාරස්ථාන භූමියේ දරුණු නාගයන්ගේ හැසිරීම සුලභ දර්ශනයකි.

මෙම ජනප‍්‍රවාදගත තොරතුරු 18 වන සියවසෙන් පසුව සමාජගත වී ඇතැයි සිතිය හැකි අතර එම තොරතුරුවලට අනුව මෙම විහාරස්ථානයට නයිගල වෙහෙර යන නාමය පටබැදී ඇති බවත් අතිතයේ මෙම විහාරස්ථානය සදහා භාවිත වු නාමය වන්නේ කාලපබ්බත යන නාමය බවත් තහවුරු වේ. නයිගල ඵෙතිහාසිකත්වය සැබෑ ලෙස ඉදිරියට ගෙන යාමට නම් කාල පබ්බත විහාරය යන නාමය නැවත ව්‍යවහාරය සදහා සමාජගත කිරිම යෝග්‍යය දෙයකි.

Bibliografía relacionada

  • සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ දේවරක්කිත පඩිතුමා (1994), Mahavamsa, රත්න පොත් ප‍්‍රකාශකයෝ.
  • කොත්මලේ අමරවංශ හිමි (1969), Inscripciones adhesivas, එම්.ඩි.ගුණසේන සමාගම.
  • නාගොඩ විතාන, බුද්ධි (2015), රුහුණු ඉතිහාසයට නව තොරතුරු ගෙනෙන වීරකැටිය නයිගල රජමහා විහාරයේ අප‍්‍රකාශිත ගිරි ලිපි දෙකක්.
  • විජේවර්ධන, එස්.එන් හා ඩි.එම්.එස්.ඩි. බණ්ඩාර, සමාජීය විද්‍යා ප‍්‍රවේෂය, Dioses y hermanos, Colombo.
  • සෝරත, අලුත්වැ‌වේ (2002), බෞද්ධ රෝහණය, Editoriales Sarasavi, Nugegoda.
-------------------------------------------------- --------------------------------
මෙම ලිපිය 2019.1.14 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------- --------------------------------
anuncios

DEJA UNA RESPUESTA

Por favor, introduzca su comentario!
Por favor, introduzca su nombre aquí

Este sitio usa Akismet para reducir el correo no deseado. Descubra cómo se procesan los datos de sus comentarios.