Priyantha Susil Kumar Marasching

මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව.

ප‍්‍රියන්ත මාරසිංහ

පොළොන්නරු යුගයේ රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් එවකට සිටි රජවරුන් විසින් අනුගමනය කළ ක‍්‍රියා මාර්ග සහ එහි සංවිධානය කෙසේ වී ද යන්න සොයා බැලීම මෙහි අරමුණයි. 1981 වසරේ සිට මේ දක්වා පොළොන්නරුවේ සිදුකළ කැනීම් හා ගවේෂණ මගින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාධක හා සාහිත්‍යය මූලාශ‍්‍රය අනුසාරයෙන් සාකච්ඡා කිරීම මෙහි මූලික අපේක්‍ෂාව වේ.

මධ්‍ය කාලීන ලංකාවේ පිහිටි රටේ ප‍්‍රධාන රාජධානි නගරය වූයේ පොළොන්නරුවයි. ශී‍්‍ර ලංකාද්වීපයේ කඩඉම් පොතේ පොළොන්නරුව සඳහන් ව ඇත්තේ නාම මාත‍්‍ර වශයෙන් පමණක් වුවත් එහි සීමා මායම් පිළිබඳව විස්තර නොවේ.1 ත‍්‍රී සිංහලේ කඩඉම් පොතේ පමණක් තෝපාවැවේ නුවර (පොළොන්නරුව) යනුවෙන් සඳහන් වේ. පළමු වරට පොළොන්නරුව ගැන සඳහන් වන්නේ III වන අග්බෝ රජුගේ (ක‍්‍රි.ව. 628) සමයේ ය. ඒ රජු පුලස්ති නගරයේ මහාපානදීප නමින් විහාරයක් කරවී ය.2 අනුරාධපුර යුගයේ මුල් භාගයේ පටන් පොළොන්නරුව අසල පිහිටි විජිතපුරය3 ඒ ප‍්‍රදේශීය ආරක්‍ෂා මධ්‍යස්ථානයක් විය. ඒ නිසා පොළොන්නරුවල පිහිටි රටේ සහ රුහුණු රටේ මායිමේ වැදගත් තැනක් හැටියට සලකන ලද්දේ ය.

පොළොන්නරුව රාජධානියක් වශයෙන් තෝරාගන්නා ලද්දේ ද රාජ්‍ය ආරක්‍ෂාව අතින් වැදගත් වූ නිසාවෙනි. අනුරාධපුර රාජධානි සමයේ IV වන අග්බෝ රජු (ක‍්‍රි.ව. 667-683) තාව කාලික ව ආරක්‍ෂිත කඳවුරු මධ්‍යස්ථානයක් වූ පොළොන්නරුව අගනුවර කර ගැනීමෙන් ද මේ බව තහවුරු වේ. අනුරාධපුරය උතුරින් පැමිණි ආක‍්‍රමණවලට නිරන්තරයෙන් ගොදුරු වූ අතර එයින් ආරක්‍ ෂාවීමේ උපක‍්‍රමයක් ලෙස රජවරුන්ට සිය බලඇණිත් සමග පොළොන්නරුවට පළායාමට සිදු විය.

දුටුගැමුණු රජ පටන් විජිතපුර බලකොටුව අනුරාධපුර පාලකයන්ගේ අනුග‍්‍රහය ඇතිව නිරන්තර සූදානමින් තිබූ බලකොටුවක් වූ බව අනුමාන කළ හැකි ය. වරින්වර මෙසේ පලා ආ රජවරු සමග පැමිණි බල සේනා බලකොටුව වටා තාව කාලික බලකොටු ද, දහස් ගණනින් ඉදි කරන්නට ඇත. මේ නිසා පොළොන්නරුව කඳවුරුනුවර නමින් ද හදුන්වන ලදි. රුහුණු හා පිහිටි දෙරට යා කළ ප‍්‍රධාන ම තොටුපල ද පිහිටා තිබුණේ බලකොටුවට හා කඳවුරු වලට දකුණින් පිහිටි මහවැලි ගෙඟ් ආසන්නතම ස්ථානයේ ය. ඒ අනුව, පොළොන්නරුව කඳවුරු නුවර නමින් හඳුන්වනු ලැබූ නිසාත් කඳවුරු අසල පිහිටි තොට, කඳවුරුදහස් තොට යන නමින් ව්‍යවහාර වන්නට ඇත. කඳවුරු දහස්තොට වර්තමානයේ දාස්තොට නමින් පමණක් හැඳින් වේ.

ප‍්‍රාදේශීය පාලන ක‍්‍රම

බලය විමධ්‍යගත කිරීම පොළොන්නරු යුගයේ රජවරුන් විසින් අනුගමනය කළ රාජ්‍ය ආරක්‍ෂක ක‍්‍රමෝපායයක් වශයෙන් දැක්විය හැකි ය. රාජ්‍ය පාලනයේ පහසුව සඳහාත් ආක‍්‍රමණ අවස්ථාවල දී සාමූහික ව මැඩ පවත්වා ගැනීම සඳහාත් ප‍්‍රදේශීය පාලන බලය විශ්වාසවන්ත පුද්ගලයෙකුට පැවැරූ බව පෙනේ. බොහෝ විට එවැනි තනතුරු රාජකීය පවුලේ උදවිය අතර බෙදීගිය බව පෙනෙන්නට ඇත. ඈපා, මාපා, යුවරාජ හා උපරාජ තනතුරු සහෝදරයන්ට දීම,4 VIR රජු සිය බාල සොහොවුරු වීරබාහු කුමරු උපරජ තනතුරේ පිහිටුවා දී දක්‍ඛිණ දේශය ද, ජයබාහු කුමරුට ඈපා පදවිය හා රුහුණු රට ද පවරා දුන් බව මහාවංසයේ සඳහන් වේ.5

Malla රජු විසින් ද ඈපා මාපා තනතුරු සිය සහෝදරයන්ට ම දීමෙන් මේ බව වඩාත් පැහැදිලි ව පෙනේ. වීරබාහු මළවිට තමපුත් වික‍්‍රමබාහු ඒ තනතුරට පත් කළේ ය. හැටදාගේ ප‍්‍රවේශ ශාලා බිත්ති ලිපිය හා ප‍්‍රීතිදාන මණඩප ලිපියේ ද ඔහු සමග තුලාභාර නැංගවුන් අතර වීරබාහු මාපාණන් සඳහන්වෙයි.6 වීරබාහු Mallaගේ පුතා බව ද, ඔහුගෙන් පසුව රජ වූ බවද මහවංසයත්,7 පූජාවලියත්8 කියයි. Mallaවික‍්‍රමබාහු නිමින් ඈපා කෙනෙකු සිටි බව හැටදාගේ ප‍්‍රවේශ ශාලා බිත්ති ලිපිය9 සාක්‍ෂි දරයි. වික‍්‍රමබාහු Mallaගේ බාල සෙහොයුරා බව ද මාපා වීරබාහුගෙන් පසුව රජ වූ බව ද මහාවංසය කියයි.10

පරාක්‍රමබාහු රජු දක්‍ඛිණ දේශය පමණක් භාර ව සිටිය දී තමා යටත් ප‍්‍රදේශයෙහි පාලන ක‍්‍රමය අලුතින් සකස් කළේ ය. මුළු රාජ්‍යය ම තමා යටතට පැමිණි පසු ප‍්‍රතිසංස්කරණය කරන ලද නීතිරීති මුළු රාජ්‍යයට ම පොදු වන සේ රාජ්‍ය තන්ත‍්‍රයට ඇතුළත් කරන්නට ඇතැයි සිතිය හැකි ය. පරාක‍්‍රමබාහු ලංකාද්වීපයේ බහු නායකත්වය නොකෙරෙන සේ රාජ්‍ය සූත‍්‍ර පවත්වන්නට සිතාගත් බව නිකාය සංග‍්‍රහය කියයි.11 ඒ අනුව, බහු නායකත්වය පරාක‍්‍රමබාහු රජු විසින් ඒ වෙනුවට මධ්‍යම ආණ්ඩු ක‍්‍රමයක් ඇති කළ බව කියැ වේ.

පොළොන්නරු යුගයේ රාජ්‍යය ආරක්‍ෂක ක‍්‍රමෝපායයන්ගේ ව්‍යූහය

රජු හා රාජ සභාව

රජු පාලන තන්ත‍්‍රයෙහි ප‍්‍රධානියා විය. ඒ අනුව, රජ්‍ය පාලන තන්ත‍්‍ර ව්‍යූහය සකස් වී ඇත්තේ රජු කේන්ද්‍ර කොට ගෙන ය. රජුට සහාය වීම සඳහා කිසියම් උපදේශක මණ්ඩලයක් විය. මහා විජයබාහු රජතුමා විසින් බුදල්නාවන්ට තඹ සන්නස ප‍්‍රදානය කිරීමේ දී ඈපා, මාපා, යුවරජ ඈ රාජගණා ප‍්‍රමුඛයෙන් සිංහාසනාරූඪ ව සිටි බව පනාකඩුව තඹ සන්නසෙහි සඳහන්වීමෙන් මේ බව පැහැදිලි වේ.12

රාජ්‍ය සභාවට නිරන්තරයෙන් ම හිත පක්‍ෂපාත පුද්ගලයන්ගෙන් තෝරා පත්කර ගැනීම තුළ රාජ්‍යයේ ආරක්‍ෂාව ශක්තිමත් වූ බව පෙනේ. උපරාජ/යුවරාජ තනතුර විශ්වාස කටයුතු කෙනෙකුට දෙන ලද්දකි. රජුගේ වැඩිමහල් සොහොයුරාට රජකම හිමිවූ අතර එවන් සුදුස්සෙකු නොමැති විට බෑණා සුහුරුබඩු වැනි කෙනෙකුට අයිති වීම බෙහෙවින් සිදු වී තිබේ.13 රාජ්‍ය සභාවේ ආදිපාද සහ මහාදිපාද වැනි ඉහල තනතුරු හෙබවූයේ බොහෝ විට ඔටුන්න හිමි කුමරුන් විසින් හෝ රජ පවුලේ අය වීම තවත් විශේෂත්වයකි.

රජ, යුවරජ, සෙනෙවිරත්, ඈපා, මාපා ආදී පංච ප‍්‍රධාන මහ සෙනඟ හැරුණු විට රාජ සභාවේ විවිධ කාර්යය භාරයන් දැරූ අමාත්‍ය මණ්ඩලයක් වූ බව පෙනේ. මොවුන් පත්කර ගැනීමේ දී ද පක්‍ෂපාතීත්වය හා විශ්වාසය මත සිදු වූ බව පෙනේ. තමා ඥානවන්ත වීර්ය සහගත පක්‍ෂපාත ඇමති මණ්ඩලයක් පත්කර ගත් බව ලීලාවතී රැජිණ සිය සෙල්ලිපියකින් ම හෙළි කිරීමෙන් මේ වග පැහැදිලි වේ.14 පරාක‍්‍රමබාහු රජු විසින් ද ඒ ඒ දනව්වල ද රටේ සීමාවල ද තමා විසින් වඩන ලද දැඩි භක්ති ඇති ඇමතියන් යෙදු බව ද දැක්වේ.15

පොළොන්නරු යුගයේ රාජවරුන්ගේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාව රැස් වූ රාජ සභා ගොඩනැඟිලි දෙකක සාධක දක්නට ඇත. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සැකැස්ම පිළිබඳ හොඳම සාධකය වන්නේ Malla රජුගේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවයි. ශෛලමය සිංහාසනය හා ඒ ඒ නිලධාරීන් අසුන්ගත් ආකාරය සඳහන්වන කුළුණු ලිපි එවකට මන්ත‍්‍රණ සභාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීමට ප‍්‍රමාණවත් සාධක වේ. දිනකට දෙ වරක් ඇමතිවරුන් හා උසස් නිලධාරීන් ද සමඟ මන්ත්‍රණ සභා වාර දෙකක් පැවැත්වෙන්නට ඇත. රජු උතුරු දිශාභිමුඛ ව සිංහාසනයේ වැඩහුන් කල දකුණත් පස ක‍්‍රමයෙන් යුවරාජ, ඈපා, සේනාපති, ප‍්‍රධානීන්, පොත්වරුන් ඇතුළු කායස්ථයන් පිළිවෙළින් අසුන් ගෙන සිටිබව පෙනේ. වම්පසෙහි ඇති අසුන්වල මුල් අසුන් දෙක හිස්ව පවතී. තුන්වන ආසනයේ සිට අගම්පඬි භාරක මාණ්ඩලිකවරු, චෞරාසිවරු, කඩඝෝෂ්ඨියේ ඇත්තන් අසුන්ගත් බවට සෙල්ලිපි සාධක සටහන් සාක්‍ෂි දරයි.

ආරක්‍ෂක සේනා සංවිධානය

රාජ්‍ය ආරාක්‍ෂාව සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවැරී තිබුණේ ආරක්‍ෂක සේවාවට ය. රාජ්‍ය ආරක්‍ෂක සේවාවේ ප‍්‍රධානියා හෙවත් යුද්ධ හමුදාවේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා වූයේ සේනාපතියි. යුද හමුදාවේ අණ දීම හැරුණු විට රාජ්‍ය පාලන කටයුතුවල ද යෙදුණු අවස්ථා දැකිය හැකි ය. රජුන් සිංහාසනයෙන් නෙරපීමට හා පත්කිරීමට තරම් බල සම්පන්න වූ සේනාපතියන් පිළිබඳව සඳහන් වේ. රාජ්‍යයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක තනතුරක් වූ සෙනෙවිරත් හෙවත් සේනාපති තනතුර ද රජු විසින් ප‍්‍රදානය කරන ලද්දේ ඉතාමත් විශ්වාස කටයුතු වූ පුද්ගලයෙකුට ය.

Dhatusena රජු16 und දෙ වැනි පරාක‍්‍රමබාහු රජු17 සිය සහෝදරියගේ පුතණුවන්ට දුන් බව පෙනේ. පළමු වැනි පරාක‍්‍රමබාහු රාජ්‍ය සමයේ ඇතිවූ යුද කටයුතුවල දී Gott නම් සේනාපතියාගේ දක්‍ෂ ක‍්‍රියා පටිපාටිය පිළිබඳව සඳහන් වේ. එසේම VIR රජු මැරූ මිත්ත නම් රාජද්‍රෝහී වූ සේනාපතියෙකු පිළිබඳවත් සඳහන් වේ.18 සහස්සමල්ලයන් රාජ්‍ය ධුරයේ පිහිට වූ ලොලුපැලෑකුලු දුත්තැටි ආබෝනාවන් සේනාපති තනතුරට පත්කිරීම සහස්සමල්ල රජුගේ පොළොන්නරු පුවරු ලිපිය කියයි.19 Lilavati රාජ්‍යත්වයට පත් කළ කිත්ති සෙනෙවියා “කිත් අගමැති” නමින් සසඳාවතේ සඳහන් වේ.20 අගමැති සෙනෙවිරද් ලක්විජය සං සිඟුසෙනෙවි යැයි සඳහන් වේ.21 කල්‍යාණවති und ධර්මාශෝකදේව සිංහාසනාරූඪ කොට රාජ්‍ය විචාලේ ආයස්මන්ත සෙනෙවි විසිනි.22 චමුනක්ක සෙනාපති විසින් Lilavati රාජ්‍යත්වයට පත් කරවීමත්, කිත්ති und පරාක‍්‍රම සෙනවියන් විසින් ලීලාවතී නැවත සිංහාසනයට පත් කිරීමත්23 අනුව සේනාපතියෙකු සතු බලය හා හැකියාව පැහැදිලි වේ. යුද්ධ හමුදාවේ සංවිධානය භාරකාරත්වය හා අණදීම සේනාපතිගේ කාර්යයක් විය. එසේ වුව ද, මහා යුද්ධයක දී යුද්ධ හමුදාවේ ප‍්‍රධාන අණ දීමේ කාර්යය රජතුමා විසින්ම කළ බව පෙනේ. මේ අනුව පොළොන්නරු යුගයේ දී සේනාපති තනතුර රාජ්‍ය ආරක්‍ෂාව කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි තනතුරුක් වූ බව පෙනේ.

ඇත්, අස්, රිය හා පාබල නම් වූ චතුරංගනී සේනාව පොළොන්නරු අවධිය වනවිටත් රාජ්‍ය ආරක්‍ෂක කාර්යයයේ යෙදී සිටි බව පෙනේ.24 Malla රජු විසින් තම බලය රටේ තහවුරු කිරීම සඳහා තමා සිවුරඟ සෙනඟ පිරිවරා තුන් රටේ සංචාරයේ යෙදුණ බව සිය ලිපිවල දක්වා ඇත.25 Malla රජුගේ සෙල්ලිපියක සිවුරඟ සෙනඟ කැටුව ඔහු ඉන්දියාවට ගිය බව ද26 12 වන සියවසට අයත් තවත් ලිපියක ඇත්, අස්, රථ හා පාබල යනාදියෙන් යුක්ත වූ සිවුරඟ සෙනඟ ගැන ද සඳහන් වේ.27

පොළොන්නරු යුගය වන විට නගරාරක්‍ෂක සේවයේ යෙදී සිටි නුවරවැසි සේනාව28 හා රටවැසි සේනාව නමින් වෙනම ම ආරක්‍ෂක සේවාවන් දෙකක් පිළිබඳ ව සඳහන් වේ.29 යුද කටයුතු සඳහා යොදවා නොගත් මොවුහු සිවිල් ආරක්‍ෂක සේවාවක් ලෙස ක‍්‍රියා කරන්නට ඇත. යුද්ධ කාර්යයන්හි දී සේනාව මදි වූ අවස්ථාවල දී පමණක් මොවුන්ගේ සහාය ලබාගෙන ඇත.

උමං විදීමෙහි දක්‍ෂ සොරුන්ගෙන් සැදුණු කණ්ඩායමක් බලකොටුවල පවුරු සහ උමං සෑරීම සඳහා යොදාගත් බවත් “සොරුන් දෙතුන්සියයක් තියුණු උල් ඇති මුව අං වලින් බිඳවූයේ ය” යන සඳහනට අනුව පෙනේ.30 මොවුන් අධිකරණයෙන් වරදකරුවන් වී දඬුවම් නියැම වූවන්වීමට බොහෝ විට ඉඩ ඇත.

ආරක්‍ෂක සේනාව සඳහා දේශීය භටයන් මෙන් ම විදේශීය භටයන් ද පොළොන්නරු යුගයේදීත් බොහෝ රජවරු යොදවාගත් බව පෙනේ. ගජබාහු රජුගේ සේනාවේ කේරළ, කර්ණාට, ද්‍රවිඪ භටයෝ ද සිටිබවත්31 පරාක‍්‍රමබාහු රජු යටතේ කර්ණාටයන්, කේරළයන් හා ද්‍රවිඪයන් සිටි බවත් වාර්තා වේ. පළමු වන විජයබාහු රජුගේ කාලයේ සිට වේලයික්කාර හමුදා මෙරට යුද හමුදාවට ඇතුළු ය. පක්‍ෂපාත හා විශ්වාසදායක සේවකයන් රජුට දුර්භාග්‍යයක් වූ විටෙක සියදිවි නසාගැනීමට දිවුරුම් දුන් යුධ භටයන් (මාරගෙන මැරෙන) බඳවා ගැනීම එකල එතරම් දුර්ලභ නොවීය. මොවුහු වේලයික්කාරයන් යන නමින් හඳුන්වනු ලැබූහ.32 පළමු වන පරාක‍්‍රමබාහු රජතුමාගේ 2,425,000ක් පමණ වූ රන්සිරි බඳින ලද අගම්පඬි හමුදාවක් ගැන ද නිකාය සංග‍්‍රහයේ සඳහන් වේ.33

නගර ආරක්‍ෂාවට හා යුද්ධ කාර්යයන් සඳහාත් රාත‍්‍රී සේවයට බඳවා ගන්නා ලද දහසකින් සැදි සඳඑළි දුනුවායන්34 ගදාධරයන් ආදී යොදාගත් භට හමුදාවකින් ද පොහොසත් වූ බව පෙනේ. දොරටු අටලු ආශ‍්‍රිතව සිටි ධනුර්ධරයන් හී තෝමර හා හෙල්ල භාවිත කරමින් සතුරන් මැඩ පැවැත් වූ බව35 සඳහන් වීමෙන් නගර ආරක්‍ෂාවෙහි නිරන්තර සූදානමකින් පසු වූ භටයන් යොදා තිබූ බවකි.

නාවික හමුදාව

ලාංකිකයන්ගේ නාවික කටයුතු පිලිබඳව මුල සිටම අසන්නට ලැබේ. හමුදාවක් ලෙස සංවිධානය වී තිබූ බවට සාධක වශයෙන් විදේශ ආක‍්‍රමණයන් සඳහා නැව් හා සෙබල බලමුළු සංවිධානයෙන් පෙනේ. සාගර ආරක්‍ෂාව ඇති කිරීම පළමු වරට දක්නට ලැබෙන්නේ පළමු වන මුගලන් කාලයේ දී ය.36 VIR සොළීරට ගොස් යුධ කරනු පිණිස මාතොට හා මැටිවල්තොට යන දෙ තැනක නැව් හා මාර්ගෝපකරණ රැස්කළ බව සඳහන් වේ.37

පරාක‍්‍රමබාහු රජු ඔහුගේ නාවික හමුදාව රාමඤ්ඤ දේශයට විරුද්ධ ව හමුදාවක් යැවීමේ පුවතේදී “නොයෙක් සිය ගණනින් නැව් විශේෂයෝ වහා සම්පාදනය කටයුත්තාහ”යි කළ නියෝගයක් පිලිබඳ ව මහාවංසය විස්තර කරයි.38 මෙම සිද්ධියට අනුව ප‍්‍රබල නාවික (ප‍්‍රබල බල සෙන්) ශක්තිය හා එහි සංවිධානාත්මක බව මැනවින් පැහැදිලි වේ. ලක්දිව මුහුදුබඩ ප‍්‍රදේශය ම එකම කර්මාන්ත ශාලාවක් බඳු වූ බවත් ඒ සියලු නැව් කම් නිමැවීමට පස් මසක් තරම් කාලවක් ගත වූ බවත් සඳහන් ව ඇත. භට සේනාවට වසරකට පමණ සෑහෙන සහල් ආදී මාර්ගෝපකරණ ද තියුණු හී වළකන අයෝමය හා ගෝන සමින් කළ සන්නාහ වැනි දසදහස් ගණන් යුද්ධෝපකරණ ද විෂ පෙවූ හී වලින් ඇතිවිය හැකි තුවාල සුව කිරීමට අවශ්‍ය බෙහෙත් වර්ග ද කල් තබාගත හැකි සේ හරක් අංවල දමා තිබූ බවත් සඳහන් වේ. ගංගා ඇළ දොළවලට විෂ මිශ‍්‍ර කිරීම මගින් සතුරන් අඩපණ කිරීමේ උපක‍්‍රම තිබූ බවත් ඊට සූදානමින් ඖෂධ වර්ග රැගෙන ගිය බව ද දැක්වේ. එසේම ශල්‍යකර්ම සඳහා අවශ්‍ය යකඩ අඩු වැනි උපකරණ සමග විශේෂඥ වෛද්‍යවරුන් සහ සහාය සේවිකාවන් ද මේ ගමනට එක්වූ බව ද දැක්වේ.

මුහුද මැදට එක් වූ නැව් රාශිය ගමන්ගත් දිවයිනක් සේ පෙණීමෙන් මෙහි විශාලත්වය අවබෝධ කරගත හැකි ය.39 මේවා රුවල් නැව් නිසා බොහොමයක් සුළි කුණාටු හේතුවෙන් විනාශ වූ අතර තවත් ප‍්‍රමාණයක් වෙනත් ප‍්‍රදේශයකට ගොඩබැස ඇත. එහෙත් ඉතිරි නැව් ප‍්‍රමාණයෙන් වුව ද අරමන දේශය ජයග‍්‍රහණය කිරීමට හැකි විය.40 නාවික කටයුතු පිළිබඳ අධීක්‍ෂණය කළ ආදිත්‍ය නම් ද්‍රවිඪ අධිකාරියෙක් පිළිබඳව ද මෙහි දැක්වේ.41

පරාක‍්‍රමබාහු පඬිරට යුද්ධයේ දී ද දකුණු ඉන්දියාව බලා නැව් සියගනනක් පිටත්කර ඇත.42 සතුරු සේනා දුර සිටම නිරීක්‍ෂණය කර එම නැව් ගැඹුරු මුහුදේ නවත්වා සේනාව යැවීම සඳහා ඔරු යොදාගත්බව සඳහන් වේ. මෙම පුවතට අනුව අනතුරක දී හෝ එවැනි අවස්ථාවක දී හෝ ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ජීවිතාරක්‍ෂක ඔරු නැව්වල සියගණනක් රඳවා තිබූ බව හැගේ. සද්ධර්මරත්නාකරයෙහි ‘ජය විරිදුලා සිටිනනව ලක්‍ෂ පසානූදහසක් නැවැනිමහ සෙනඟ’ යනුවෙන් සඳහන් කරයි.43

Malla රාමේශ්වරම ජයගත් බව සඳහන් වෙතත් ඔහුගේ නාවික හමුදා සංවිධානය විස්තර නොවේ.44 පරාක‍්‍රමබාහු und II ගජබාහු රජුගේ හමුදා අතර මුත්තාහාරය අල්ලා ගැනීමට කරන ලද සටන මුහුද මැද කළ සටනකි. Mahasen විසින් පෙරටු කරන ලද්දේ නැවින් දියපිට මුතු ආකරය වෙත ගොස් බල ඇත්තේ එහි සිටි දණ්ඩනාථයා සමඟ දිය මැද මහ යුද පැවැත් වී යනාදී වශයෙන් දැක්වේ.45

රටවැසි සේනාව

පොළොන්නරු සමය වන විට රාජ්‍ය ආරක්‍ෂාව කෙරෙහි යෙද වූ යුධ හා නාවික හමුදා බලඇණිවලට අමතර ව රටවැසි සේනාව නමින් ද ආරක්‍ෂක සේවාවක් වූ බව පෙනේ. මොවුහු රටවැසි සේනාව වශයෙන් නිතර සඳහන් වේ. ඇතැම්විට මොවුහු ඒ ඒ ගම් නියම් ගම් ආශ‍්‍රිත ව ජීවත් වූ ජනතාව ද විය හැකි ය. එහෙත් සාමාන්‍ය ජනතාව යුද්ධ කාර්යයන්හි දී යොදාගැන්මක් නොවී ය. ඒ අනුව, මොවුහු ග‍්‍රාම හා නගර ආරක්‍ෂවෙහි නිරත වූ සිවිල් ආරක්‍ෂක සේවාවක් වියහැකි යැයි ද සිතිය හැකි ය.

පරාක‍්‍රමබාහු රජු රෝහණයට විරුද්ධ ව ගෙනගිය සටන්වල දී රෝහණ හමුදාව ප‍්‍රමාණවත් නොවූ විට රටවැසි සේනාව සංවිධානය කර ගැනීමෙන් බලවත් වී නැවත නැවතත් යුද්ධයට ඉදිරපත් වී ඇත.46 ගජබාහු රජු සහ පරාක‍්‍රමබාහු රජු අතර වූ සටනේ දී ද වරින්වර රටවැසි සේනාව ආධාර කර ගැනීම සඳහන් වේ.47 VIR රජු රෝහණයේ කේශධාතු නායකට විරුද්ධ ව සටනට යන්නේ පංචයෝජන (පස්දුන්රට) රට්ඨයේ රටවැසි සේනාව සමගිනි.48 පරාක‍්‍රමබාහු රජුගේ සියලුු සේනාව රෝහණයේ සිට සටන් මෙහෙය වූ, සුගලාට විරුද්ධව සටනක යෙදුනු තීරණාත්මක මොහොතක කේරළයන් හා වේලයික්කාරයන් හා එක්ව කොට්ඨසාරයේ රටවැසි සේනාව රජරට අල්ලා ගැනීමට සටන් කර ඇත.49 මේ සිදුවීම අනුව පරාක‍්‍රමබාහු වැනි ප‍්‍රබල නායකයෙකුට පවා විරුද්ධ ව නැගීසිටීමට තරම් බලයක් ඔවුන් සතුවු බව පෙනේ. පරාක‍්‍රමබාහු රජු පළමු වර රජරට බලය ලබාගත් නමුත් ඔහුගේ බලය නැති කොට මානාභරණට රජරට ලබාදීමට මූලික ව කටයුතු කර ඇත්තේ ද රටවැසි සේනාවයි.50 ගජබාහු රජුට පක්‍ෂපාතී ව සිටි රටවැසි සේනාව මාර්ග කටු සහිත කිරීමෙන් හා ගස් කපා පෙරලීමෙන් දුර්ගම කර ඇත.51

අධිකරණය පාලනය හා දණ්ඩ නීති

රාජ්‍යය ආරක්‍ෂාව කෙරෙහි නීතිය සහ අධිකරණය ප‍්‍රධාන ම කාර්යයක් විය. යම් පුද්ගලයෙකු හෝ සමාජ කණ්ඩායමක් විසින් රාජ්‍ය ආරක්‍ෂාව හෝ පුද්ගල නිදහස උදෙසා හෝ බාධාකාරී වේ නම් ඔහුට රටේ පවතින නීතිය අනුව දඩුවම් පැමිණවීමට අධිකරණ පාලනය රාජ්‍යයක ආරක්‍ෂාව සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වේ. රාජ්‍යක පැවැත්ම හා ආරක්‍ෂාව උදෙසා අභ්‍යන්තර සාමය පවත්වාගෙන යාම උදෙසා අධිකරණය හා දණ්ඩ නීති විශේෂයෙන් ප‍්‍රයෝජනවත් වූ බවත් එය සෑම රාජ්‍යයකම පොදු ලක්‍ෂණයක් ව තිබූ බවත් පෙනේ.

අධිකරණ ශාලා මගින් නොයෙක් පළාත්වල සිදු වූ අයුතු ක‍්‍රියාවන් Malla රජතුමා මැඩපැවැත් වූ බව එතුමාගේ ප‍්‍රීතිදාන මණ්ඩප ලිපියෙහි දැක්වේ.52 අධිකරණ අමාත්‍යවරු අධර්මය සහමුලින් නැතිකර දැමූ බව ගල්පොත ලිපියෙහි53 ද දැක්වේ. කල්‍යාණවතී රැජිනගේ කාලයේ දී කරන ලද නීති සංග‍්‍රහයක් ගැනද සඳහන් වේ.54

ජනතාවගෙන් අයබදු ලබා ගැනීම තුළින් රාජ්‍යයට ඇති පක්‍ෂපාතීත්වය සනාථ කර ගැනීම සහ රාජ්‍ය භාණ්ඩාගාරයේ පෝෂණයත් ප‍්‍රධාන අපේක්‍ෂාවන් අතර වූ බව පෙනේ. රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය ජනතාව අතර නිරන්තර සම්බන්ධතාව ඇති කරගැනීම මෙහි තවත් අපේක්‍ෂාවකි. සොළී රජුට සුංවත් නොදී සුංවත් එකතු කිරිමට පැමිණි රාජ පුරුෂයන් වෙහෙසමින් කැමැති සේ හැසිරීම තුළින් සොළී පාලනය නොරිස්සූ බව හැගෙයි.55

යුද්ධයක දී මිනී මැරීමට වඩා උත්සාහ කර ඇත්තේ හැකි තරම් සතුරන් ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට ය.56 එසේ ජීවග‍්‍රහයෙන් අල්ලා ගන්නා ලද්දවුන් සුවසේ වසන පිණිස ජයග‍්‍රහක ස්වාමියා වෙත යැවූ බව ද සඳහන් වේ.57 පරාක‍්‍රමබාහු රජු කැරලිකරුවන් සිය ගණන් උල හිද වූ බවත් සමහරකු එල්ලා මරා පුච්චා අළු කළ බවත් සඳහන් වේ.58

විෂ පෙවූ ආයුධ භාවිතය ගැන දැනගෙන සිටි බවට සාක්‍ෂි ඇතත්59 කිසි විටෙක ඒවා භාවිත කළ බවට සාධක නැත. ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය බෙහෙත් වර්ග ගෝ හඟ බහාලන ලද බෙහෙත් යුද්ධයට ගෙනගිය බව පෙනේ.

බදු සහන

රාජ්‍යයේ චිරස්ථිතිය රඳා පැවතියේ එහි ආර්ථික තත්වය මත ය. රටේ පොදු ආර්ථික කටයුතු වෙනම ම අමාත්‍යයකු යටතේ සංවිධානය වී තිබිණි.60 අන්තරංග ධූර නම් වෙනම ම අමාත්‍යාංශයක් යටතේ සංවිධානය වූ මුතුමැණික් ආකරවලින් ලැබෙන ආදායම රාජ්‍ය භාණ්ඩාගාරයට ම ලැබුණි.61 මීට අමතරව පොළොන්නරු යුගයේ ආර්ථික තත්වය ආරක්‍ෂා කර ගැනීම උදෙසා අනෙක් ප‍්‍රධානතම ආදායම් මාර්ගය වූයේ ජනතාවගෙන් බදු අයකර ගැනීමයි.

Malla රජතුමාගේ සෙල්ලිපිවල අයබදු කීපක් ගැන සඳහන්වේ. එතුමා විසින් තමාට පෙර සිටි රජවරුන් අයකළ අධික බදු අඩුකොට ඇතැම් බදු ඉවත් කළ බව සඳහන් වේ. කන්තලේ පිහිටි ගල් ආසන සෙල්ලිපියෙහි ‘පිසඹුරුවත’ හා ‘කැති අඩ’ නම් බදු ක‍්‍රම දෙකක් ගැන සඳහන් ව ඇත.62 මෙයින් පිසඹුරුවත සම්පුර්ණයෙන් ම අත්හිට වූ බව දැක්වේ.63 මෙම බදු දෙකෙන් රජයට එතරම් ක‍්‍රමවත් ආදායමක් නෙලැබීම හේතුවෙන් අත්හලේ ද නැතහොත් ජනතාව වෙත බදු සහන ලබාදීමේ අපේක්‍ෂාවෙන් අත්හිටවූයේ ද යන්න සඳහන් නොවේ. කෙසේ හෝ ජනතාවගේ සිත් දිනාගැනීමත් ඒ තුළින් රාජයයේ චරස්ථිතිය සඳහා ජනතා ප‍්‍රසාදය ලබාගැනීමේ අපේක්‍ෂාව ද මේ තූළ අනිවාර්යයෙන් ම තිබෙන්නට ඇතැයි ද සිතිය හැකි ය.

රාජ්‍ය ආරක්‍ෂක විධික‍්‍රම

ගරිල්ලා සටන් ක‍්‍රම සහ රහස් ඔත්තුසේවා

අතීත රජවරු ස්වකීය රාජ්‍යය තුළ පවත්නා විවිධ බලවේග සහ රජුට විරුද්ධ ව පැන නැගෙන නොයෙක් ක‍්‍රියාමාර්ග සමඟ ආක‍්‍රමණ පිළිබඳ තොරතුරු ද වැසියන්ගේ ජීවන තත්වය පිළිබඳ සැබෑ ස්වරූපය ද දැනගනු වස් රජවරුන් විසින් පුහුණු කරන ලද චරපුරුෂයන් යෙද වූ බව පෙනේ.

චර පුරුෂ සේවය අවශ්‍ය වන්නේ රටක යුද්ධයක් හෝ රාජ්‍ය බලය පැහැර ගැනීමට කුමන්ත‍්‍රණ සහ අරගල පවතින විට දී ය. පොළොන්නරු යුගය මේ සියලු ආකාරයේ ක‍්‍රීයාකාරකම්වලින් ආකුල වූ කාල පරිච්ඡේදයක් විය. ඒ අනුව බලයට පැමිණි සියල්ලන් ම පාහේ රාජ්‍යාරක්‍ෂක ක‍්‍රමෝපායයක් වශයෙන් ප‍්‍රදේශ අධිකාරීන්ගේ සේවය හා චර පුරුෂ සේවය අත්‍යාවශ්‍ය සාධකයක් වූ බව පෙනේ.64

ලක්දිව රජවරුන්ගේ චරපුරුෂ සේවාව විදේශීය රටවලත් පැතිර තිබූ බවට සාධක හමුවේ. Agbo රජු ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් සේන රජු පරතෙරට පලාගොස් සිටි මිහිදු කුමරු චරපුරුෂයන් යොදා මරා දැමූ බව මහාවංසයේ දැක්වේ.65 ගජබාහු රජු සොළීරට ආක‍්‍රමණය කිරීමට ඉදිරිපත් වූයේ ද එවැනි රහසිගත සංචාරයක දී දැනගත් තොරතුරක් මත බව විස්තර වේ. මහා පරාක‍්‍රමබාහුගේ චරපුරුෂ සේවාව චුලවංශයේ දැක්වෙන ආකාරයට දක්‍ෂිණ දේශයේ තම සුළුපියා ලඟසිටි තරුණ පරාක‍්‍රමබාහු රජරටට පලාගොස් ගජබාහු වෙත සිටි කාල සීමාව තුළ දී ඔහු විසින් නූවර සැම තැන ම චරපුරුෂයන් යොදා තිබේ.

ගජබාහු රජුගේ චරපුරුෂ සේවාවේ අරමුණ වූයේ බැහැර මණ්ඩලවල වැසිය ජනතාව අතරින් රජු කෙරෙහි කළකිරුණු අප‍්‍රසාද ඇති ජනතාවත් රජුට පක්‍ෂපාති ආදර ඇති ජනතාවත් වෙන් වෙන්ව හඳුනා ගැනීමයි. ඒ සඳහා නොයෙක් උපාය දන්නා නොයෙක් භාෂාවන්හි නිපුණ ඉතා විශ්වාස සහගත පක්‍ෂපාතී පුද්ගලයන් විවිධ වේශ ගන්වා චරපුරුෂයන් වශයෙන් යොදවා ඇත.66 චරපුරුෂයන් වශයෙන් සිටි පුදගලයන් විෂ විද්‍යාව දත් අය, රස විද්‍යාව, දත් අය, නලුවන් නැට්ටුවන්, ගායකයන්, වාදකයන්, වෙළෙන්දන්, තාපසයන්, භූත විද්‍යාව දත් අය සහ ශ‍්‍රමණයන් ද සිටි බව සඳහන් වේ.67

ඉන්පසු බලකොටුවෙන් පිටත දී සිදුවූ සටනක දී පරාජයට පත්වූ ගජබාහු රජු තම පුරයට වැදී දොර අගුලු ගන්වා ආරක්‍ෂා වූ බව වාර්තා වේ. එහි දී පරාක‍්‍රමබාහු රජුගේ හමුදාව බලකොටුවේ පවුරු අටලු හා දොරටු බිඳීමට පටන්ගති. එවිට එම පුරයේ සිටි පරාක‍්‍රමබාහු රජුගේ චරපුරුෂයන් දොර විවෘත කොට ඇත.68

කපා දැමූ ගස් හා කටු සහිත වැල්වලින් මාර්ගය දුර්ගම කිරීමෙන් ඒ හරහා පැමිණෙන සතුරන්ට සැඟ වී පහර දීමේ ක‍්‍රමයක් පැවති බව පෙනේ.69 බොහෝවිට ස්වාභාවික ගිරි දුර්ග, වන දුර්ග, පංක දුර්ග, ජල දුර්ගවලට අමතරව කෘතිම දුර්ග නිර්මාණය කොට සැග වී සිට පහර දීමේ සටන් ක‍්‍රම ද රාජ්‍ය ආරක්‍ෂාව සඳහා යොදාගෙන ඇති බව පෙනේ.

විදේශීය සබඳතා

පොළොන්නරු යුගයේ රජවරුන්ගේ විදේශ සබඳතා ආශ‍්‍රයෙන් ද රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ ඇතැම් ක‍්‍රියා පිළිවෙත් දැකිය හැකි ය. මේවා ආගමික හා ඤාති සබඳතා මෙන්ම හිතෛෂීභාවය තහවුරු කිරීමේ අරමුණින් ඇතිකර ගත් බව පෙනේ.

මහා විජයබාහු රජතුමා කාලිංග මහීපාල වංශයෙහි උපන් තිලෝකසුන්දරී නම් බිසවක විවාහ කරගත් බවත්,70 පසුව ඇගේ ඥාති සහෝදර සහෝදරියන් ලංකාවට පැමිණි බවත්71 සඳහන් වේ. මහා විජයබාහු රජ වී නොබෝ කලකින් චෝළ රාජ්‍යය වටා පිහිටි චෝළ විරෝධී රටවල් සමඟ මිත‍්‍ර ගිවිසුම් ඇතිකරගත් බව මහාවංසයෙන් පෙනේ.72

අරමණ හෙවත් රාමඤඤ දේශයෙන් සුංකම් පිණිස ඇතුන් ගැණීමත්73 පසුව භික්‍ෂූ මූලිකත්වයෙන් ඇති කළ සමගිය අනුව අරමණ රටින් අවුරුදු පතා බොහෝ ඇතුන් එවීම පිණිස ගිවිසුමක් ඇති කරගත් බව ද74 මදුරාපුරයේ කුලසේඛර නම් සතුරු රජු විසින් වැටලූ කල්හි පරාක‍්‍රම පඬි රජුගේ ඉල්ලීම පරිදි පරාක‍්‍රමබාහු රජුගේ ලංකාපුර දණ්ඩනාථ සෙනවියාගේ ප‍්‍රධානත්වයෙන් සේනා උදව්වට යවා රාජ්‍ය ආරක්‍ෂා කරදුන් බව සඳහන් වේ.75

රාජ්‍ය ආරක්‍ෂක විධික‍්‍රම

රාජ්‍ය ආරක්‍ෂක විධික‍්‍රමයන් අතර විශේෂ ස්ථානයක් හිමි වන්නේ යුද්ධ අවස්ථාවන්හි දී යෙදු උපක‍්‍රමවලට ය. යුද්ධවල දී වටලෑම වැනි නොයෙක් ප‍්‍රයෝග හා උපක‍්‍රම අනුගමනය කර තිබේ. Dutugamunu රජු සිය මෑණියන්ගේ උපදෙස් පරිදි බලකොටු දෙතිසක් කරවූයේ ය. එහි රාජාර්හ සේසත් දරන්නා වූ රජ රූ දෙතිසක් ද කරවීමෙන් පැහැදිලි වන්නේ සතුරා මුලා කිරීම මගින් අඩපණ කිරීම වැනි ප‍්‍රයෝග හා උපක‍්‍රම යෙදූ බවයි.76

පොළොන්නරු යුගයේ පැවති යුද්ධයන්හි දී වාතිගිරිය ඛදිරංගණිය77 ආදී තාවකාලික බලකොටුවලින් මහත් ප‍්‍රයෝජනයක් ගත්බව කොඩ්රින්ටන් මහතා කියයි. මහතොට මැටිවල් තොට ආදී ඇතැම් තොටුපලවල රාජ්‍ය ආරක්‍ෂාව කෙරෙහි නිරන්තර සූදානම්පිට තිබූ බව පෙනේ. අවශ්‍ය වූ විටෙක් එක් විධානයකින් ක‍්‍රියාත්මක වන සතුරු ආක‍්‍රමණවලට මුහුණ දීමට සූදානම් වූ වේලයික්කාර සේනා මේවායෙහි සේවයේ යොදවා තිබීමෙන් ක්‍ෂණික විහිදුම් බලකායවලින් හමුදාව සන්නද්ධ වී සිටි බව පෙනේ.78

ස්වාභාවික ආරක්‍ෂාව

කිසියම් රාජ්‍යයක භෞමික පිහිටීම රාජ්‍යයේ ආරක්‍ෂාව කෙරෙහි විශේෂයෙන් හේතුවෙයි. පොළොන්නරු නගරයේ ආරක්‍ෂාව කෙරෙහි ද ස්වාභාවික පිහිටීම මහත් රුකුලක් වූ බව පෙනේ. බටහිරින් මාතලේ කඳු පන්තියත්, නැගෙනහිරින් දිඹුලාගල කඳු පන්තියෙත් පිහිටීම ආරක්‍ෂිත නගරයක් වශයෙන් නිර්මාණය වීමට ඉවහල් වන්නට ඇතැයි සිතිය හැකි වේ. එසේම පොළොන්නරු රාජධානියේ දකුණු දිග මෙන්ම පිහිටි රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් නැගෙනහිර සිට නිරිතදිග දක්වා පැතිරීගිය මහවැලි79 නදියේ පිහිටීම විශිෂ්ඨ ස්වාභාවික සාධකයකි. වයඹ දිගින් පිහිටි මින්නේරියේ නාගලකන්ද Mahasen රජුගේ ඔත්තු බැලූ ස්ථානයක් වූයේ ද මෙම පිහිටීම නිසා විය යුතු ය.

ස්වාභාවික හා විශේෂයෙන් නිර්මාණය කොටගත් වාරි පද්ධති ආශ‍්‍රයෙන් ජල හා පංක දුර්ගවලින් ගහන නගරයක් ලෙස පොළොන්නරු රාජධානියේ කේන්ද්‍රස්ථානය නිර්මාණය කොට තිබේ. තෝපා වැවෙන් නගරයේ බටහිර ආරක්‍ෂාවත් ඉන් සැපයූ ජලයෙන් නගරය වටා දිවෙන දිය අගල්වලින් සෙසු දිසාවලින් ආරක්‍ෂාවත් සලසාගත් බවට පැහැදිලි සාධක තවමත් ඉතිරි ව පවතී.

පුර, නගර හා බලකොටු නිර්මාණය

නගර නිර්මාණයේ දී විශේෂ අවධානයක් යොමු වූයේ ඇතුළු පුරයේ ආරක්‍ෂාව කෙරෙහි ය. එහි විශේෂත්වය වූයේ රාජ්‍ය පාලකයා වූ රජුගේ මාලිගය, රාජ්‍ය මන්ත‍්‍රණ සභාව සහ අනෙකුත් රාජකීය පරිහරණය සඳහා වූ ගොඩනැඟිලි ඒ තුළ පිහිටා තිබීමයි. මේ අනුව රාජකීයයන්ගේ ඇතුළු පුරය සඳහා උස්බිම් කඩක් යොදා ගැනුණේ ඒ වටා පහසුවෙන් දිය අගල පංක දුර්ග නිර්මාණය පහසු කරගැනීමේ අපේක්‍ෂාව ඇතිව ය. උස් භූමිය වටා ඒ මත ඉදි කළ උස් ප‍්‍රාකාරයකින් ද සමන්විත වූයේ අභ්‍යන්තර ඉදිකිරීම් සතුරු ප‍්‍රහාරවලින් ආරක්‍ෂා කර ගැනීමේ අටියෙනි.

ප‍්‍රමාණයෙන් නගර ප‍්‍රාකාරය උතුරේ සිට යාර දහසක් තරම් ඈතට විහි දේ. නැගෙනහිරට යාර 1,800කි. බටහිරින් තෝපා වැවේ බැම්ම ය. හරස් අතට ඉදිකර ඇති පවුර යාර 500කි. මේ අනුව නගරය යාර 6,850 හෙවත් සැතපුම් 4කට මදක් අඩු බවට ගණනය කර ඇත.80

නගරාරක්‍ෂක පවුර මත ඇතුළත අන්තයෙන් පිටත නිරීක්‍ෂණයේ යෙදුණු මුර සෙබළුන්ට ගමන් කළ හැකි පථයකින් ද යුක්ත ය. එහි විශේෂිත ස්ථානවල ඉදිකළ ආරක්‍ෂිත මුර කුටි හෙවත් බිහිදොර අට්ටාල දැකිය හැකි ය.81 පවුරට පිටතින් පාමුල ගැඹුරු දිය අගලකි. දිශානුගත ව තනාතිබූ ප‍්‍රධාන ප‍්‍රවේශක දොරටු මුරකුටි සහිත ව ඉතා ආරක්‍ෂාකාරි ක‍්‍රමයකට ඉදි කොට තිබේ. VIR රජතුමා විසින් පොළොන්නරුවෙහි දිගු පුළුලින් හා උසින් යුත් ගැඹුරු දිය අගලක් සතුරන් විසින් නොනැසිය හැක්කා වූ තුඟු තහවුරු පවුරක් කර වූ බව මහාවංසයේ සඳහන්වීමෙන් මේ බව මනාව පැහැදිලි වේ.82

පරාක‍්‍රමබාහු විසින් පුලස්තිපුරය විශාල කිරීමේ දී ශක්තිමත් පවුරු ආදියෙන් සමන්විත කළ බව දැක්වේ. මෙයින් ඔහුගේ නගරාරක්‍ෂක සංවිධානයේ ශක්තිමත් බව පෙනේ. නගර ප‍්‍රාකාරයෙන් පිටත වූ පෙර රජුන්ගේ කාලවල පවුරු වළල්ලෙන් බැහැර කර වූ කඳවුරු වට කොට ඔහු විසින් නගර ප‍්‍රාකාර කර ඇත. තව ද අනුක‍්‍රමයෙන් එකිනෙකට කුඩා වූ තවත් ප‍්‍රාකාර තුනක් කරවා ඇතුළත වීථි ද කරවීය. ස්වකීය රජමාලිගය වට කොට අනු ප‍්‍රාකාර මණ්ඩලයක් ද කරවීය.83

විජිතපුර බලකොටුව පොළොන්නරුවේ අසන්නට ලැබෙන පැරණිත ම හා ප‍්‍රබලත ම බලකොටුවකි. පොළොන්නරු යුගය වනවිටත් ශත්තිමත් ව පැවැති බවත්, ක‍්‍රියාකාරී තත්වයෙන් යුතු වූ බවත්, පැවති යුධ සටන්වල දී එහි දායකත්වය අනුව පැහැදිලි වේ. භද්දකච්චානා කුමරිය සමඟ පැමිණි විජිත ඇමැතියා විසින් ජනාවාස පිහිටුවාගත්තේ විජිත ග‍්‍රාමයේ ය. Pandukäbhaya සමය වනවිට මෙය විජිතනගර බවටත් පත්විය. මෙහි මුළින්ම බලකොටුවක් ලෙස වර්ධනය කරන්නේ Elara රජු විසිනි. Dutugamunu රජු විසින් එය අත්පත් කර ගැනීමෙන් පසු ඒ අසල කඳවුරු බැඳගත් ස්ථානය කඳවුරුපිටිය84 ලෙසින් හඳුන්වා ඇත. එම “කඳවුරු පිටිය > කඳවුරු වෙල” බවටත් වර්තමානයේ කදුරුවෙල බවටත් පත්ව ඇත්තේ මෙය යැයි අනුමාන කළ හැකි ය. මෙය රුහුණු හා පිහිටි රටවල රාජ්‍ය සීමාව වූ මහවැලි ගඟ ආසන්නයේ පිහිටා තිබූණි. විජිතපුර බලකොටුව නැගෙනහිර පැත්තෙන් මහවැලි ගඟත් බටහිර සීමාවෙන් පිහිටි තෝපා වැව නිසාත් උතුරින් පොළොන්නරු නගරය නිසාත් අතිශයින් ආරක්‍ෂිත බලකොටුවක් විය. අනුරාධපුරයට උතුරින් පැමිණි ආක‍්‍රමණවල දී ආරක්‍ෂිත ව සැඟව සීටීමට ද මෙම බලකොටුව වැදගත් වූ බව පෙනේ.

පොළොන්නරුවේ සොළි බලකොටු ජයගැනීම සඳහා මහා විජයබාහු රජතුමා විශාල පූර්ව සූදානමකින් හා සංවිධානයකින් කටයුතු කළබව ඒ සමීපයෙහි ස්ථිර කඳවුරක් පිහිටුවීමෙන් පෙනේ.85 මෙම ස්ථිර කඳවුර පසු කාලීන ව විජයරාජපුරල, පුලස්තිපුරල, ජනනාථපුරල, පරාක‍්‍රමපුර ආදී නම්වලින් හැඳින් වූ පොළොන්නරු නුවර විය හැකි ය. එහි බදාම යොදා උස් සම මළුවක් සකස් කොට නොබිඳිය හැකි පවුරු ශක්තිමත් කළ බවත් ඒ වටා දිගු පුළුලින් යුත් ගැඹූරු දිය අගලකින් හා සතුරන් විසින් නොනැසිය හැක්කා වූ තුඟු තහවුරු පවුරක් කරවූ බවත් වැඩිදුරටත් මේ පිළිබඳව දැක්වේ.86

බියපත් වූ සොළිහු නුවරට පිවිස වසන ලද පුර දොර අටලු ඇසුරු කරමින් යුද්ධ කළ බවත් VIRගේ සේනාවට සොළි බලකොටුව අල්ලා ගැනීමට මාස එක හමාරක් ගත වූ බවත් සඳහන්වේ.87 මෙසේ පූර්ව සූදානමක් සහිත හමුදාවකට වූව ද මෙය යටත් කර ගැනීම සඳහා ගත වූ කාලය දෙස බැලීමේ දී බලකොටුව කොතරම් ශක්ති සම්පන්න ව හා ලගාවිය නොහැකි ආරක්‍ෂිත උපක‍්‍රමවලින් යුක්ත ව තිබුණේ ද යන්න සිතාගත හැකි ය. VIR රජු විසින් ජයගත් සොළී බලකොටුව ඉන් පසු විනාශ නොකොට සිය බල මධ්‍යස්ථානයක් බවට පත්කර ගන්නට ඇත. ගජබාහු රජු කාලයේ ද බලකොටුව සියලුු ආරක්‍ෂා සංවිධානයෙන් යුක්ත වූවක් බවට සාධක ඇත. පරාක‍්‍රමබාහු රජු විසින් ගජබාහුගේ බලකොටුවේ දොරටු අටලු හා බිහිදොර බිඳීමට අදහස් කළ බවත්88 ඉන්පසු බලකොටුවෙන් පිටත දී සිදුවූ සටනක දී පරාජයට පත්වූ ගජබාහු රජු තම පුරයට වැදී දොර අගුලු ගන්වා ආරක්‍ෂා වූ බවත් වාර්තා වේ. එහි දී පරාක‍්‍රමබාහු රජුගේ හමුදාව බලකොටුවේ පවුරු අටලු හා දොරටු බිදීමට පටන් ගත්විට පුරයේ සිටි චරපුරුෂයන් දොර විවෘත කොට දී ඇත.89

විජිතපුර බලකොටුව Elara සමයේ දොරටු 4කින් හා පරිකා තුනකින් යුක්ත වූ බව සඳහන් වේ.90 එහි අටළොස් රියන් උස පවුරු තොරණ එසේම ලොහොකම් කළ දොර සතුරන් විසින් බිඳ හෙළීමට අපහසු වූ බව සඳහන් වේ. දුටුගැමුණු රජුගේ ඇතු සුණු ගඩොල් බිඳ යදොරට පැමිණි විට දෙමළුන් විසින් ඇතුගේ පිට මත කැකෑරූ ලොහොගුලි හා මැලියම් දැමූයේ තොරණ උඩ සිට ය.91 කඩොලැතු දෙ දළින් ඇන දොර බින්දේ ය. එළිපත පයින් පහළේ ය. දොර බා සහිත ඒ යකඩ දොර බිම වැටුනි. එවිට තොරණෙහි සුන්බුන් ඇතුපිට පතිත වන්නට විය.92

පොළොන්නරුවේ පිටත නගර ප‍්‍රාකාරයේ දකුණු බැම්මේ සිට හූවක දුරක් තරම් ආසන්නයේ විජිතපුර බලකොටුව පිහිටා ඇත. විජිතපුරය ආසන්න වශයෙන් සතරැස් සැතපුමක් පමණ භූමියකින් යුක්ත වේ. වටා ඉදිකළ දිය අගල සහ ප‍්‍රාකාරය අද නාගරීකරණයත් සමග ඇති වූ සංවර්ධනය හේතුවෙන් ක‍්‍රමයෙන් විනාශ වී ගොසිනි.

පොළොන්නරුවේ භාවිතා කළ අවි ආයුධ

රාජ්‍යයේ ආරක්‍ෂාව හා සාමය පවත්වා ගැනීමටත් සිංහාසනය හිමිකරගැනීමට නිරන්තරයෙන් පැමිණෙන දේශීය හා විදේශීය ආක‍්‍රමණ මැඩ පැවත්වීමටත් යුද්ධ බලය හා ආයුධ සන්නද්ධ හමුදා පාලන බලයක් තිබිය යුතු ය. රාජ්‍ය ආරක්‍ෂක විධික‍්‍රම අතර අවිආයුධ හා සන්නාහ ක‍්‍රමයන්ගේ වැදගත්කම පැහැදිලි වේ. පොළොන්නරුවේ කැනීම්වලින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාධක මීට හොඳම නිදසුන් වේ.

පොළොන්නරු යුගයේ රචිත අභිධානප්පදීපිකාව අනුව ආයුධ වර්ග සතරක් දැක්වේ. පාවිච්චියේ ස්වභාවය අනුව මේවා වර්ග කර ඇති බව පෙනේ. මුත්තාමුත්ත යනු, අතින් මුදා හෝ නොමුදා පාවිච්චියට ගතහැකි දඬුමුගුරු ආදියයි. අමුත්ත, යනු අතේ තබාගෙන පමණක් පාවිච්චියට ගතහැකි සිරි කිරිච්චි ආදියයි. පාණිමුත්ත, යනු අතින් මුදා හැරිය හැකි ආයුධයි. මේවාට දුර සිට දමා ගැසීමෙන් පහරදිය හැකි අඩයටි හෙල්ල ආදිය ඇතුළත් වේ. යන්තමුත්ත, කිසියම් යන්ත‍්‍රයක ආධාරයෙන් දුර සිට සතුරාට පහර එල්ල කළහැකි දුණු හී ගල්දුණු ආදියයි.93 යන්ත‍්‍ර මුක්ත වූ ඔබමොබ පැතිර යන්නාවූ ප‍්‍රමාණාතික‍්‍රාන්ත පාෂාණ94 පිළිබඳව නොයෙක්වර මහාවංසයේ සඳහන් වේ. මේ පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක පොළොන්නරුවෙන් හමු වී තිබීමෙන් ඒ පිළිබඳ වැඩියමක් හැදෑරිය හැකි ය.

දැව සහ ලණූ හෝ සම්වලින් සෑදු දුනු දක්නට නැතත් ඒ සඳහා උණ්ඩ වශයෙන් යොදගත් ප‍්‍රමාණයෙන් සෙන්ටි මීටර් 10 සිට සෙන්ටි මීටර් 20 දක්වා වූ විශ්කම්භයකින් යුතු විශාල ප‍්‍රමාණයේ ගල් බෝල හමු වේ.

පුර දොරටු හා ආරක්‍ෂිත මුරකුටි ආශ‍්‍රිතව හමු වූ දුනුගල්

නගර දොරටු සහ නගර ප‍්‍රාකාර ආශ‍්‍රිත ව ඇති මුරකුටිවලින් මේවා බහුලව හමු වීමෙන් මේවායෙහි උපයෝගිතාව ඉතාමත් පැහැදිලි ය. කිසියම් දුරක සිට මෙවැනි ස්ථානවලට දුන්නක ආධාරයෙන් එල්ල කළ බවක් මින් හැගේ.

මීට අමතරව පොළොන්නරුවෙන් හමු වී ඇති කඩුව (සිරිය), හෙල්ල (අඩයටිය කොන්තය තෝමරය), සොටිය (කිරිච්චි වර්ගයක්) හිස්වැසුම, ශූලපාද, යදම් (දෑත එක්කොට දමන ලද මාංචු) විලංගු (දෙපය එක්කොට දමන ලද දම්වැලක්), දම්වැල, හී තුඩ, යවුල, ඒකධාරා, ද්විධාරා (ද්විශූල) ත‍්‍රි ශූලය වැනි ආයුධ යුධ කටයුතුවල දී පොළොන්නරු යුගයේ භාවිත කළ බවට සාධක වේ.

සාහිත්‍ය මූලාශ‍්‍රයවලට අනුව පොළොන්නරු යුගයේ යුධ කටයුතු සඳහා භාවිත යුද්ධෝපාය ක‍්‍රම අනුව ද තත්කාලීන යුද්ධ සංවිධානය හා යුධ මෙවලම් පිළිබඳ දළ අදහසක් ලබාගත හැකි ය. තියුණු උල් හා කටු95 අගල් හා දිය අගල් තුළ ඇතිරීම සතුරා අඩපණ කිරීමේ ප‍්‍රධාන යුද්ධෝපාය ක‍්‍රමයක් ලෙස භාවිත වූ බව පෙනේ. අගල්වලින් බැහැර පෙදෙස්වල ශූලපාදයන් හෙවත් හුල් පා ඇතිරීම පිළිබඳව සඳහන් වේ.96 ශූල යන්නෙන් හුල් හෙවත් උල් යන අදහස දෙයි. පා යන්නෙන් පාද හෙවත් ආධාරක යන අදහසත් ගම්‍ය වේ. ඒ අනුව, ශූලපාද යනු ආධාරක සහිත උල් ආයුධයක් බව පැහැදිලි ය.

එක් උලක් සෙන්ටි මීටර් 6.5ක් තරම් දිගින් යුත් උල් හතරක් සහිත මෙවැනි උපකරණ කිහිපයක් පොළොන්නරුවේ පර්යේෂණ මගින් හමු වී තිබේ. මේවා බිම ඇතිරීමේ දී නිරායාසයෙන්ම එක් උලක් උඩට සිටින ලෙසත් උල් තුනක් ආධාරක පාදයන් ලෙසත් සිටින අයුරින් බිම පතිත වේ. ආධාරක පාදයන්හි පිහිටීම අනුව ඒ මත වැටෙන දැඩි පීඩනයක් පවා නොසෙල් වී දරා සිටීමේ හැකියාවක් මෙම උපකරණය සතුව පවතී. මහාවංස විස්තරයට අනුව යුද්ධ අවස්ථාවල දී ශූලපාදයන් ඇතිරීමක් පිළිබඳව සඳහන් වුවත් එහි නිර්මාණ ලක්‍ෂණ පිළිබඳ ව මෙතෙක් පැහැදිලි රූපයක් නොතිබිණි. මහාවංස විස්තරය හා සැසඳීමේ දී ශූලපාද නමින් දක්වා ඇත්තේ පොළොන්නරුවෙන් හමු වී ඇති උල් හතරක් සහිත උපකරණය ම බව පැහැදිලි ය.

යුධ උපක‍්‍රමයක් ලෙස බිම ඇතිරූ හුල්පා හෙවත් ශූලපාද

සමූහ වශයෙන් ශූලපාදයන් ඇතිරීමෙන් යුධ පෙරමුණේ ගමන් ගන්නා ඇත්, අස් හා පාබල සේනා පවා අඩපණ කිරීමේ ලා විශාල දායකත්වයක් සපයන්නට ඇති බව එවකට පැවැති යුධ සංග‍්‍රාමයන්හි තත්වය අනුව නිගමනය කළ හැකි ය. මෙමගින් තත්කාලීන මෙවලම් තැනූ ශිල්පීන්ගේ තාක්‍ෂණික ඥානයත් යුද්ධෝපක‍්‍රමයන්ගේ සංවිධානාත්මක භාවයත් මනාව ඉස්මතු කරයි.

මහාවංස විස්තරයට අනුව මධ්‍ය කාලීන ලංකාවේ පැවැති යුද්ධෝපාය ක‍්‍රම කිහිපයක් පිළිබඳ ව කරුණු අනාවරණය කරගත හැකි ය. කටුවැට සිටුවීම, අගල් කැනීම, ආවාට කැනීම හා ඒවායෙහි අතුරු නැති සේ තියුණු උල් හා කටු ඇතිරීම, බොරුවළවල් කැපීම (හාත්පස වැලි හා පුරාණ පර්ණයෙන් වස්වා බලන්නවුනට යායුතු මාර්ග සමාන කරවා …), ක්‍ෂණවේධී ධනුර්ධරයන් යෙදවීම, ගල් දුණුවලින් විදීම, ගිනි දල්වන ලද උණදඬු පන්දම් විසිකීරීම, යකඩ දම්වලින් ගැටගැසූ රත් වූ යකඩ උල් ඇදීම97 වැනි යුද්ධෝපාය ක‍්‍රම එවකට භාවිත කළ බව සඳහන් වේ.

යුද්ධයේ සංකේතයක් සේ සැළකිය හැකි ප‍්‍රධාන යුධ උපකරණයක් වන කඩුව හා පළිහ98 පොළොන්නරු යුගයේ යුද්ධ සංවිධානයේ දියුණුව කියාපාන සාධකයන්ය. වංශකතාගත විස්තර අනුව Vijay රජු ද හස්තායුධයක් වශයෙන් කඩුවක් පාවිච්චි කළබවට සාධක තිබේ.99 සිංහල දේශයට හා සිංහලයන්ට ම අනන්‍ය වූ ලක්‍ෂණ ඇති සිංහල කඩු විශේෂයක් තිබූ බවත් රජුන් සතු කඩු කස්තාන නු හී වැනි හස්තායුධ පාලනය කරන සේවකයන් සිටි බවත් මහා පරාක‍්‍රමබාහු රජුගේ වීරත්වය සම්බන්ධ පුවතකින් පැහැදිලි වේ.100 පරිහරණ අවශ්‍යතා අනුව සාදාගත් අවි ආයුධ අතර ආත්මාරක්‍ෂක හස්තායුධයක් වශයෙන් ද කඩුව භාවිත කර ඇත. විශේෂයෙන් ප‍්‍රභූවරුන් සඳහා පැළඳිය හැකි සේ කොපුවක් සහිතව සාදා තිබූ බව කසුබ් රජු සිය සිරියෙන් ගෙල සිඳ සිරිය කොපුවෙහි ලූ බව සඳහන් වීමෙන් පෙනේ.101

තලය, මිට සහ අත් ආවරණය සහිත විවිධ ප‍්‍රමාණවලට අයත්, කඩු මිට සහිත තලය අත් ආවරණයට එක් වූ පසු කඩුවේ ස්වභාවය දැක්වෙන නිර්මාණයක්

පොළොන්නරුවෙන් හමුවන කඩුවල නිර්මාණ තාක්‍ෂණය අනුව කොටස් කිහිපයකින් සමන්විත ව සාදා තිබේ. කඩු මිට මධ්‍යයෙන් ගමන් කරන කුඩා කූරකි. දෙ පැත්ත කැපෙන සේ තලා මුවහත් කරන ලද තලයකි. කඩු පහරවලින් අතේ ඇඟිලිවලට සහ මැණික් කටුව කොටසට වියහැකි හානි අවම කර ගැනීම සඳහාත් කඩු තලය දිගේ ලිස්සා එන කඩුපහර පසෙකට ලිස්සා යෑමටත් සකස්කළ අත් ආවරණයකි. අතින් දැඩිසේ ග‍්‍රහණය කරගත හැකි සේ හැඩගන්වා තැනූ මිටකි. මිටෙහි පහත කෙළවර කඩු තලය අත් ආවරණය හා කඩුමිට යන කොටස්වල වෙන්වීම වැළක්වීමට යෙදු පාස්සන ලද කොටසක් ද දැකිය හැකි ය. මේ අනුව, මේවා කොටස් වශයෙන් වෙන්වෙන්ව සාදා පසුව එකලස් කළබවක් පෙනේ. අත සහ ඇඟිලි කොටස ආවරණය වන පරිදි සියලු කොටස් එකට පෑස්සීමෙන් තැනූ අවස්ථා ද හමු වේ.

විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුත් කඩු පොළොන්නරුවෙන් හමුවී තිබේ. ශේෂ සාධක අනුව, දැනට කෞතුකාගාර ප‍්‍රදර්ශනය සඳහා තබා ඇති දිගින් සෙන්ටි මීටර් 86ක් (අඩි 2 අඟල් 10) සහ බරින් ග‍්‍රෑම් 860ක් හා දිගින් සෙන්ටි මීටර් 84ක් (අඩි 2 අඟල් 9) සහ බරින් ග‍්‍රෑම් 560ක් ද වූ කඩු දෙක ප‍්‍රමාණයෙන් විශාල කඩු දෙකකි. රසායනික හා භෞතික ඛාදනය හේතුවෙන් තැනින් තැන පතුරු ගැල වී ඇති අතර හොඳ තත්වයෙන් තිබෙන විට එහි තලය සෙන්ටි මීටර් 5ක තරම් පළලකින් හා සෙන්ටි මීටර් 90 (අඩි 3)ක පමණ දිගකින් යුක්ත වන්නට ඇත.

කඩු පහරවලින් සතුරු සිරුරු දෙබෑ කිරීමෙන්102 කඩුවල තියුණු බව ශක්තිසම්පන්න බව පැහැදිලි වේ. දේශීය මෙන්ම විදේශ රටවලින් ගෙන්වූ කඩු වර්ග බොහෝ ප‍්‍රමාණයක් පිළිබඳ ව දඹදෙණි අස්නෙහි සඳහන් වේ.

පොළොන්නරු සමයේ දී යුද්ධ භටයන් සන්නාහ සන්නද්ධ ව සිටිබව ඒත්තු ගන්වන සිද්ධීන් වංශකතාවේ එයි.103 “මී සම් මුවා සන්නාහ කරවා ගෙන මහසෙන් සරහාගෙන” යන සඳහනට අනුව මී හරක් සමින් කළ යුද්ධ සන්නාහයක් පැළඳ සිටි බව තහවුරු වේ. තවද සම් හැට්ට104 ඇඳ සිටි බවක් ද දැක්වේ. එසේම, ලංකාපුර සෙනවියා ඇතුළු බලසේනාව පඬිරට තල්විල් තොටට ගොඩබැසීමේ පුවතේ දී “නැව්හි දී ම සියළු සේනාව සන්නද්ධ කරවා ඉතා ගැඹුරෙහිම නැව් නවත්නා බැවින් එහිම බටකල සියලු සේනාවගේ සන්නාහයන් තෙමෙන හෙයින් එක් කඳ ඔරුවලට නැංවීමෙන්” යනාදි වශයෙන් සඳහන් වීමෙන් සන්නාහය තෙමෙන සුළු වූවක් බව ද තවදුරටත් පැහැදිලි වේ.105

සන්නාහයෙන් සන්නද්ධ වූ යුධ භටයන් පැළඳි ආරක්‍ෂිත හිස් වැස්ම පිළිබඳව සඳහන් නුවූව ද පොළොන්නරුවෙන්

ආරක්‍ෂිත හිස්වැස්මක යකඩ රාමුවක්

හමු වී ඇති හිස් පළඳනාවක ශේෂ යකඩ රාමුව ඒ පිළිබඳ සංකල්ප චිත‍්‍රයක් මවන තරම්ය . ග‍්‍රෑම් 295ක බරකින් හා සෙන්ටි මීටර් 26 උසකින් සෙන්ටි මීටර් 21 පළලකින් යුත්ත ය. හිස පැළඳීමෙන් පසුව දෙකන් සහිත හිස කොටස සඳහා මෙයින් ආරක්‍ෂාව සැපයේ. සෙන්ටි මීටර් 15 තරම් වූ පළලින් හා මිලි මීටර් 0.4 පමණ ඝණකමින් යුත් යකඩ පතුරක් හිස් වැස්මේ වටදාරය හා කේන්ද්‍රය හරහාත් ගමන් කරයි. මීට අමතරව නළලත දෙපස සිට හිස පිටුපස මධ්‍යය දක්වා ද යකඩ පතුරක් යොදා තිබීමෙන් හිසෙහි අවදානම් ස්ථානවලට පූර්ණ ආරක්‍ෂාවක් සැලසේ. මෙහි ශේෂ කොටස්වලට අමතරව පදම් කරන ලද සත්ව හම් විශේෂයකින් හෝ තුනී ලෝහ තහඩුවකින් හාත්පසින් ආවරණය කොට තිබෙන්නට ඇත. බොහෝ විට සන්නාහයට සරිලන පරිද්දෙන් මී සම්වලින් හෝ ගෝන සම්වලින් සම්පූර්ණ වන්නට ඇති බව සිතිය හැකි ය.

තදාශ‍්‍රිත සාධක හා සැසැඳීමේ දී ඉහත විස්තර කරන ලද කඩුව හා තරුණ පුද්ගලයෙකුගේ හිස් කබල සහිත ඇට සැකිල්ල ද හිස් වැස්ම හමු වූ ස්ථානය ආසන්නයේ තිබී හමුවූ ඒවා ය. පිටත දිය අගලෙහි එකම ස්ථරයක තිබීම අනුව සෙබලෙකුගේ බවට නිගමනයකට එළඹ ඇත (?). මෙම ආරක්‍ෂක හිස් වැස්ම විශේෂිත පුද්ගලයෙකු සඳහා නිර්මාණය වූවක් ද? නැතහොත් ආරක්‍ෂක යුධ භටයෙකු විසින් පැළැඳියේ ද? යන්න නිශ්චිතව කිව නොහැකි ය. මෙතෙක් කරන ලද පර්යේෂණවලින් හමු වී ඇත්තේ එක් හිස් වැස්මක් පමණක් බැවින් බොහෝවිට මෙය යුධ පෙරමුණට යන රජුට හෝ යුධ සේනාපති වැනි උසස් නිලයක් සතු පළඳනාවක් හෝ විය හැකි ය.

පොළොන්නරුවෙන් හමු වී ඇති හෙල්ලවලින් කිහිපයක්

පාණිමුත්ත ආයුධ ගණයට අයත් හෙල්ල දුර සිට දමා ගැසීමෙන් පහර දිය හැකි ආයුධයක් ලෙසත් හස්තායුධයක් ලෙසත් යුධ කටයුවල දී හෙල්ල භාවිත කොට ඇත. පැතලි යකඩ තලයක් සහිත මෙහි දැවමය මිටක් සවි කිරීමට කළ බෙරය සහිත කොටසකි. යුද්ධයේ දී අතිශය ප‍්‍රයෝජනවත් උපකරණයක් ලෙසත් රාජාභිෂේක මෙන්ම පෙරහැර වැනි ආගමික උත්සව අවස්ථාවල දී මුර ආයුධයක් ලෙසත් භාවිත කළ බවට සාධක ඇත. නිර්මාණ ලක්‍ෂණ අනුව අලංකාර බොරදම් වළලු සහිත ඇණ රහිතව ලීයකට සවි කළහැකි පරිද්දෙන් සියුම් ලෙස ඔපදැමූ ලක්‍ෂණ සහිත හෙල්ල එවැනි උත්සව කටයුතු සඳහා යොදා ගන්නට ඇති බව සිති හැකි ය. ඇණයක් මගින් ශක්තිමත් කළ ලීයකට සවිකළ හැකි හෙල්ල යුධ කටයුතු සඳහා පාවිච්චියට ගන්නට ඇති බවත් සිතිය හැකි ය. සෙන්ටි මීටර් 35 දක්වා දිගින් හා සෙන්ටි මීටර් 4.5 ක් දක්වා පළලින් යුත් පත‍්‍රය සහිත විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුත් ඉහත වර්ග දෙකටම අයත් බෙරය සහිත හෙල්ල ගණනාවක් පොළොන්නරුවෙන් හමු වී ඇත.

යවුල් වර්ග දෙකක්

හෙල්ලට සමාන නිර්මාණ ලක්‍ෂණ ඇති එහෙත් පත‍්‍රය වෙනුවට තියුණු උලක් (ඒකධාරා) සහිත යවුලක් ද හමු වී ඇත. සෙන්ටි මීටර් 37ක් දිගින් යුත් මෙහි තියුණු අග කොටස කැඩී ගොසිනි. හෙල්ල සේම දැව මිටක් සවිකළ හැකි පරිද්දෙන් නිමවා තිබේ. වංශකතාවේ සඳහන් අගල් සහ ජල දුර්ග ආදියෙහි සමූහ වශයෙන් සිටුවීමට හා බොරු වළවල් තුළ සිටුවීමට භාවිත කරන්නට ඇත. නැතහොත් ඇත්, අස්, සේනා හසුරුවන්නන් විසින් හස්තායුධයක් ලෙස හෝ මෙය භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි ය.106

උල් පිහියක් හෝ කිණිස්සක් වශයෙන් පාවිච්චියට ගන්නට ඇතැයි සිතිය හැකි උපකරණයක් ද කැනීම් මගි

උල් පිහි හෝ කුඩා ප‍්‍රමාණයේ කඩු හෝ කිණිසි

න් සොයාගෙන තිබේ. නිර්මාණ ලක්‍ෂණ අනුව දෙ පැත්ත කැපෙන සේ මුවහත් කළ තලයකි. දැවමය හෝ ඇත්දත් මිටක් සවිකොට තිබූ බවක් පෙනේ. සෙන්ටි මීටර් 36ක තරම් දිගින් යුත් තලයෙහි සහ මිටෙහි කොටසක් ශේෂව පවතී. ලෝහමය මිට දෙකට පලා එහි මධ්‍යයේ තලය සිරකොට දෙපසින් තලන ලද ඇණ දෙකක් මගින් ශක්තිමත් කොට ඇත. හස්තායුධයක් ලෙස යුධ කටයුතුවල දී භාවිතයට ගන්තේ ද නැතහොත් ආත්මාරක්‍ෂක ආයුධයක් ලෙස ඉන පැළැඳියේ දැයි නිශ්චිත නැත.

පළමුද්දක් සහිත ද්විශූලයත් දැවමය මිටකට සවිකළ හැකි යවුලත් දුන්නක් වැනි දුර විදිය හැකි උපකරණයක ආධාරයෙන් සතුරාට පහර දීමට භාවිත කළා යැයි සිතිය හැකි හී තුඩත් ඉන් ප‍්‍රධාන වේ. පළමුදුව සහිත ද්විශූලය දිගින් සෙන්ටි මීටර් 29කි. කඳ සෙන්ටි මීටර් 1.5ක පමණ ඝණකමකින් යුක්ත ය. සෙන්ටි මීටර් 3.5ක විශ්කම්භයකින් යුත් පළමුදුව සහිත ඉහල කොටස මුදුවලින් අලංකාර කොට ඇත. අනෙක් අග‍්‍රයෙහි සෙන්ටි මීටර් 6.5ක පමණ දිගින් යුත් අර්ධ කවාකාර උල් දෙකකි. හස්තායුධයක් ලෙස පාවිච්චි කිරීමටත් එල්ලා තබාගත හැකි ලෙසත් නිර්මාණය කර තිබීම මෙහි විශේෂත්වයකි.

යවුලක් හෝ හෙල්ලක් ලෙස භාවිතයට ගත් දිගින් සෙන්ටි මීටර් 30.5 තරම් වූ මෙම උපකරණය පරාක‍්‍රමබාහු මාලිගය ආසන්නයේ තිබී හමු වූවකි. යවුලෙන් සෙන්ටි මීටර් 20 ක ප‍්‍රමාණය ඇතුළත කුහරය සහිතව සකසා තිබීමෙන් දැවමය මිටක් සවිකර තිබූ බව පැහැදිලි ය. මිට ශක්තිමත් කිරීම සඳහා පැති දෙකකින් එකිනෙක හරහා යන පරිදි යෙදු ඇණ තුනක් යොදා දෙපසින් තලා තිබේ. සෙන්ටි මීටර් 10.5 තරම් වූ අග‍්‍රය චතුරශ‍්‍රාකාර උල් හැඩයක් ගනී. මෙහි නිර්මාණ ලක්‍ෂණ අනුව හෙල්ලක් පරිද්දෙන් දුර විදීමෙහි හැකියාවක් සහ හස්තායුධයක් ලෙස පරිහරණය කිරීමේ හැකියාවක් ද පවතී.

යන්ත‍්‍රමුක්ත ආයුධ අතර ප‍්‍රමුඛ ස්ථානයක් හිමිවන්නේ දුන්නටයි. මහාවංස විස්තරවලට අනුව සඳඑළි දුනුවායන් දහසකින් පමණ යුක්ත වූ හමුදාවක් පරාක‍්‍රමබාහු විසින් සංවිධානය කර තිබූ බව සඳහන් වේ.107 මීට අමතරව තීක්‍ෂණ වේධී හා ක්‍ෂණවේධී ධනුර්ධරයන් ද දුනුවිදීමෙහි හමුදාවේ සිටි බවට දැක්වේ.108 යුද්ධයක දී මුලින් ම භාවිතයට ගන්නේ දුර සිට විදිය හැකි දුනු හී ආදියයි. ශරවර්ෂා109 පිළිබඳව සඳහන්වීමෙන් යුද්ධයෙහි භයංකාරත්වය හා වැටෙන හී ප‍්‍රමාණය ධනුර්ධරයන්ගේ මහත්වය පෙන්වන්නකි.

ඊතලවල කෙළවරට ගැට ගැසීමට යොදාගත් යකඩ හී තුඩු සහ බටවලට සවි කිරීමෙන් හෝ ලී දඬුවලට ගැට ගැසීමෙන් දුර විදිය හැකි පරිදි සැකසූ යකඩ උණ්ඩ යොදාගත් බවට සාධක හමු වී ඇත. තියුණු අග් ඇති හී110 විෂ පෙවූ හී111ගාග ආදි හී වර්ග දෙකක් තිබූ බවට සාධක ඇත. හමු වී ඇති ප‍්‍රමාණයෙන් තරමක් විශාල හී තුඩකි. එය සෙන්ටි මීටර් 18.3ක් දිගින් යුක්ත ය. සෙන්ටි මීටර් 4.5ක විශ්කම්භයකින් හා සෙන්ටි මීටර් 7ක දිගින් යුත් ඉදිරිපස උල් තුඩකි. තුඩ කොටසින් පසුව සෙන්ටි මීටර් 9.5ක තරම් කඳ කොටසක් ද පසු කෙළවර සෙන්ටි මීටර් 1.5ක විශ්කම්භයකින් යුත් කොටස දැවමය බටයකට හෝ ලීයකට සවි වන්නට ඇත. මෙහි නිර්මාණ ලක්‍ෂණ අනුව ඉදිරිපස තුඩෙහි බර (ග‍්‍රෑම් 1,135) හා හැඩය අනුව සුළං විනිවිද යා හැකි පරිද්දෙන් සකසා තිබීමත් හේතුවෙන් බොහෝවිට හීයක් ලෙස හෝ හස්තායුධයක් ලෙස භාවිත වන්නට ඇති බව සිතිය හැකි ය.

යුධ කටයුතුවල දී භාවිත යවුල හා හීතුඩ

ජීවග‍්‍රහයෙන් අල්ලාගත් සතුරන් රඳවා තබා ගැනීමේ ක‍්‍රමයක් වශයෙන් විලංගු ලෑම සහ යදම් බැඳීම එවකට ප‍්‍රචලිත ක‍්‍රමයකි. දෙ අත් සහ පා විලංගු ලෑම සඳහා භාවිත කළ විලංගු කුට්ටම ද එවැන්නකි. සෙන්ටි මීටර් 18.5ක දිගින් යුත් පුරුක් 7කි. එහි දෙකෙළවර සෙන්ටි මීටර් 6.5 විශ්කම්භකින් යුත් දෙපස වළලු දෙකකි. ප‍්‍රමාණයෙන් මේ හා සමාන මාංචු දම්වැල් කිහිපයක කොටස් පොළොන්නරුවෙන් හමු වී ඇත.

විලංගු හෝ මාංචු දම්වැල්

සේවා ඇගැයීම් හා දිරිගැන්වීම්

පොළොන්නරුවේ රජවරුන් අනුගමනය කළ රාජ්‍යාරක්‍ෂක ක‍්‍රමෝපායයන් අතර හිතවාදීන් දක්‍ෂයන් හා සටන් ජයගත් සේනාපතීන් ඇගයීම හා අභිවෘද්ධි සැළසීමේ න්‍යාය කැපී පෙනේ. තනතුරු හා ප‍්‍රසාද දීමෙන් තව තවත් උනන්දු කරවීමෙන් දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කර ගැනීම සඳහා අනුගමනය කළ ක‍්‍රියාමාර්ගයකි. මහා විජයබාහු, පරාක‍්‍රමබාහු, Malla, මාණාභරණ, සුගලා ආදී සියල්ලන් ම මෙම ක‍්‍රමවේදය අනුගමනය කළ බවට සාධක දැකිය හැකි ය.

පොළොන්නරුව කෞතුකාගාරයෙහි ප‍්‍රදර්ශනයට තබා ඇති වීරගල්

පරාක‍්‍රමබාහු තීරණාත්මක සටනකට සූදානම්වීමට පෙර හා සටනින් පසුව ද තම සේනාපතීන්ට ධනධාන්‍ය හා ගරු නම්බු නාම පරිත්‍යාග කොට සතුටු කරවූ බව දැක්වේ. මායාගේහාධිපතීන්ට අධිකාරි පදවි ද, කිත්ති සංඛනායකයන්ට ලංකාධිකාරී ධුරය ද, දණ්ඩනායක දෙ දෙනාට කේශධාතුනායක හා නගරගල්ල පදවි හා බොහෝ ඉසුරු දුන් බව දැක්වේ.112 තවත් අවස්ථාවක ඇමතීන්ට සුදුසු පරිදි තනතුරු දී ඉසුරෙන් සංග‍්‍රහ කිරීමෙන් ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කළහ.113

දොරටියාව සන්නසේ හා රුවන්වැලි දාගැබ් පුවරු ලිපියේ ද සඳහන් වන ලොකේනාවන් ඇතුළු ලොලුපැලෑකුලු පවුල Mallaගේ හා කාලිංග වංශයේ අභිවෘද්ධිය සඳහා නිතර ක‍්‍රියා කළවුන් බව පැහැදිලි ය.114 Mallaට පාණ්ඩ්‍ය ආක‍්‍රමණය සාර්ථක කරදුන් ලක්විජය සිගු සෙනෙවි තාවුරු නා සේනාපතියා ද මෙසේ තනතුරු හා පමුණු ලද්දෙකි.

පරාක‍්‍රමබාහුට විරුද්ධ ව රුහුණ ආක‍්‍රමණය මෙහෙය වූ සුගලා115 මිණිමුතු හා තානාන්තර දුන් බව මහාවංසයේ එයි. ලොකේ නාවන්, ලොලුපැලෑකුලු, ලක්විජය සිඟු සෙනෙවි තාවුරුනා, විජය යාන්තැන්නාවන් මෙසේ තුටු පඩුරු හා පදවි තානාන්තර ලද්දෝ වෙති. තුටු වූ සිත් ඇති මොවුහු නිරන්තරයෙන් ම ඔහුගේ හා රාජ්‍යාරක්‍ෂාව කෙරෙහි නිරන්තරයෙන් සැදී පැහැදී සිටින්නට ඇත.

රට වෙනුවෙන් දිවි පුදන වීරයන් මියගිය පසු දෙව්ලොව ගිය බවත්116 මාණාභරණාදී සතුරන් යමපුර දුර්ගයට ගිය බවත්117 මහාවංසයේ එන විස්තරවලට අනුව වීරත්වය ඇගයීම පොළොන්නරු යුගයේ තිබූ බවට සාධක වශයෙන් හමු වී ඇති ස්මාරක හෙවත් වීරගල් දැක්විය හැකි ය. මේවා තුළින් ද මහජනතාවගේ සිත් තුළ රාජ්‍යය ආරක්‍ෂා කරගැනීම සඳහා කැප වී වීරත්වයට පත්වන ලෙසට ව්‍යංගයෙන් කළ පෙළඹීමක් දැයි හැගේ.

රට වැසියාගේ අවධානය තමා වෙත නතු කරගැනීම ද රාජ්‍ය ආරක්‍ෂක ක‍්‍රමෝපායයෙහි ලා Malla රජු අනුගමනය කළ තවත් එක් ක‍්‍රියාමාර්ගයක් දැයි සිතේ. සාමාන්‍ය රටවැසියා ගෞරවයෙන් හා විශ්වාසයෙන් පිළිගත්තේ ය. ඔවුනට කරුණාවෙන් අවවාද දුන්නේ ය. මේ අවවාද ඇතුළත් සුචරිත ශිලාලේඛන කොටවා රාජද්වාරයන්හි පිහිටු වී ය. මෙවැනි එක් ලිපියක් පොළොන්නරුව උතුරු දොරටුව අසල පිහිටුවා තිබේ.118

මෙ වැනි අභිපේ‍්‍රරණයන් පිළිබඳව වෛදික ධර්ම ශාස්ත‍්‍ර ග‍්‍රන්ථ මගින් ඉදිරිපත් කළ යුදයෙහි මළ අය එවෙලේම දෙව්ලොව උපදිති යන සංකල්පය පසුව සංස්කෘත කවියන් විසින් යුද වැනුම්වල දී සාහිත්‍යයට එකතු කරන ලදි. මහාභාරතයෙහි එන යුද වැනුම්වල දී දිව්‍ය අප්සරාවන් යුද බිමට පැමිණ අහසේ සිට යුද විරුවන් වෙත මල් හෙළමින් සුවඳ සුණු ඉසිමින් අගර දගර පානා බව දැක්වේ. කව්සිළුමිණ ද දිව්‍ය අප්සරාවන් යුද බිම අහසෙහි බලා සිටින බව වර්ණනා කොට ඇත.

බිතුසිතුවම් ශිල්පීහු ද යථොක්ත අදහස චිත‍්‍ර මගින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන ඇත. මහියංගන ධාතු ගර්භයේ අඳින ලද සිතුවම් අතර යුද හරඹ දක්වන සෙබලෙකුට අහසේ සිට පවන් සලන අප්සරාවකගේ සිතුවමක් වෙයි.

කාලිදාසගේ රඝුවංශයෙහි යුද්ධ වර්ණනාවක ද යුද බිමෙහි මළ යුද විරුවෙකු එවෙලේම දෙව්ලොව ඉපිද දිව්‍ය අප්සරාවක් උකුලෙහි තබාගෙන පෙම් කෙළිමින් ඊට ස්වල්ප වේලාවකට කලින් තමා සටන් කළ යුද බිමෙහි නටමින් තිබූ තමාගේ කවන්ධ රූපය දෙස බලා සිටි අයුරු වර්ණනා කොට ඇත. ඒ අනුව ඉසුරුමුණි පෙම් යුවල ද මෙම සංකල්පය ඉදිරිපත් කළ ඵලකයක් විය හැකි ය.

සීගිරි බලකොටුවේ බටහිර බෑවුමෙහි ඇඳි අප්සරාවන්ගේ රූප ද මෙම සංකල්පය තහවුරු කරන්නකැයි සිතිය හැකි ය. තම රජු වෙනුවෙන් අභීතව සටන් කොට මිය ගිය හොත් එවේලෙහිම ඔවුන්ට ලැබෙන දිව්‍යමය ත්‍යාගය වූ අප්සරාවෝ හිසට ඉහලින් සිට වඩාත්ම දක්‍ෂ ලෙස සටන් කරන යුද විරුවා තෝරා පිළිගැනීමට පෙළගැසී සිටින අයුරින් නිරන්තර නෙත ගැටෙන සේ සිතුවම් කිරීමෙන් යුදෙව්වන් තුළ ධෛර්යය ඇති කිරීමට යෙදූ උපක‍්‍රමයක් විය හැකි ය.

-------------------------------------------------- --------------------------------
මෙම ලිපිය 2019.1.28 www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
-------------------------------------------------- -------------------------------
Werbung

HINTERLASSE EINE ANTWORT

Bitte geben Sie Ihren Kommentar!
Bitte geben Sie Ihren Namen hier

Diese Seite verwendet Akismet, um Spam zu reduzieren. Erfahren Sie, wie Ihre Kommentardaten verarbeitet werden.