NH. Samara

N. H. Samara

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ ‌වෙළෙඳුනට වැදගත් ‌වෙළෙඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ වෙළඳාමට පැමිණි වෙළඳුන් දෙ දෙනෙකුගෙන් වෙළඳ භාණ්ඩ වලට වඩා ඉමහත් වටිනාකමකින් යුත් දායාදයක් ශ්‍රී ලාංකිකයනට ලැබී ඇත. ඒ අද ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් බවට පත්ව ඇති, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයIst.

බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජානන් වහන්සේට විලඳ, මී පැණි, අත්සුණු ආදියෙන් සමන්විත පළමු දානය පුජා කරන ලද්දේ ගැල් පුරා වෙළඳ බඩු රැගෙන ගිය තපස්සු und Bhalluka නම් වූ වෙළඳුන් දෙ දෙනෙකු විසිනි. එම පුජාව පිළිගත් බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යාණුමෝදනාවෙන් සිත් පහදවාගත් මේ වෙළඳුන් බුදුන් දහම් සරණගොස් බෞද්ධෝපාසකයන් වී වැඳුම්පිදුම් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් යමක් අයැද සිටින ලදී. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතුන් ස්වල්පයක් දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ‌වේ. මේ කේශ ධාතූන් රන් කරඬුවක තැන්පත් කොට වෙළඳාමේ යද්දී වන්දනා මාන කිරීම සඳහා රැගෙන ගොස් ඇත. ඒ වෙළඳුන් වෙළඳාම සඳහා ගිය බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ලංකාව ආදී රටවලදී එම කේශ ධාතූන් දෙනම බැගින් තැන්පත්කොට දාගැබ් පිහිටවූ බව කියති. බුරුමයේ රැන්ගුන් සෑයේ නිධන් කොට ඇත්තේ කේශ ධාතූන් බව සැලකේ. එමෙන්ම හියුන්සාන් නම් චීන භික්ෂුන්වහන්සේගේ ගමන් විස්තරවල ඇෆ්ගනිස්ථාන‌ෙයේ දී කේශ ධාතූන් නිධන් කොට තැනූ චෛත්‍යයකට වන්දනාමාන කරනු දුටු බව ලියා තිබේ.

ලක්දිවට වෙළඳාම සඳහා පැමිණි තපස්සු හා භල්ලුක වෙළඳුන් එකල ප්‍රධාන තොටුපලක් වූ ත්‍රිකුණාමලය පෙදෙසේ යාන් ඔය මුහුදට එක්වෙන තිරියාය ගල් වරායට ගොඩබට බවත්, පසුව ඒ අසල පිහිටි ගිරිකණ්ඩ පර්වතය නමින් හැඳින් වූ කදු මුදුනට ගොස් කේශ ධාතූන් තැන්පත් කොට තිබු මංජුසාව එහි ගල් පර්වතයක් මත තබා තම වෙළඳාම් ආදී කටයුතුවල යෙදුණු බවත්, ආපසු යනවිට ඒ මංජුසාව රැගෙන යාමට උත්සාහ ගනිද්දී එය ආපසු ගත නොහැකි ලෙස එම ගලටම සවිව තිබු බවත්, ඒ නිසා එය නිධන් කොට ඒ ස්ථානයේ මහත් භක්තියෙන් දාගැබක් තැනවූ බවත් පුරාවෘත වල සඳහන් වේ.

ක්‍රිස්තු වර්ෂ 733 රජ වූ අග්‍රබෝධි සිලාමෙඝ රජ සමයේ ලියැවුනු සෙල් ලිපියක් මෙහි ඇත. සංස්කෘත භාෂාවෙන් පල්ලව අක්ෂර වලින් ලියා ඇති පේලි 11 කින් සමන්විත අඩි 20 X 5 පමණ වූ මේ සෙල් ලිපිය ගිරිහඬු සෑය වර්ණනා කොට වන්දනා කෙරෙන ගීත 11ක් බව නිගමනය කොට ඇත. මෙහි අවසානයේ සඳහන් වන්නේ ගිරිකණ්ඩි චෛත්‍යය ත්‍රපුස්සක හා වල්ලික යන වෙළෙඳ ශ්‍රේණීන් විසින් පිහිටුවන ලද බවකි.

ගිරිහඬු සෑය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 45ක් පමණ උතුරෙන් පිහිටි තිරියාය ගමට මඳක් බටහිරින් වන මුහුදු මට්ටමෙන් අඩි 210ක් පමණ උස් වූ දර්ශනීය කඳු ගැටයක් මතයි. නිතිපතා දැල්වුණු පහනක් තිබුණු නිසා මෙය නිතුපත්පාන නමින් හැඳින්වී ඇත. එහෙත් ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල් ලිපි ආදිය ගවේෂණ කරන ලද 1929 පමණ කාලයේ දී මේ ප්‍රදේශය හඳුන්වා ඇත්තේ නිතුපත්පාණ ලෙස නොව තිරියාය ලෙසයි.

ගිරිහඬු සෑ මළුවට පිවිසෙන මාර්ගය පසෙක එකල නිතුපත්පාන වැවට යාන් ඔයෙන් ජලය ගෙනගිය ඇළ මාර්ගය තරණය කරන්නට තැනූ ගල් පාලමක නටබුන් දැකිය හැකි ය.

_DSC7398
ගල් පාලම

_DSC7400_DSC7401_DSC7402

පොකුණු

ගිරිහඬු සෑ මළුවට පිවිසෙන්නට පොකුණු දෙකක් අතරින් ඇති මග ඔස්සේ ඇති පියගැටපෙළ තරණය කළ යුතු වෙයි. මේ කලාත්මක පියගැට පෙළ ද රජ සමයේ ඉදි වූ Senarat Paranavithana ආදී විද්වතුන්ගේ නොමඳ පැසසුමට ලක්වූවකි. මේ පඩි පෙළ සඳහා නිර්මිත අත්වැල් ලීස්තර බේරා කැටයමින් යුත්, ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් හමු නොවූ ආකාරයේ අපුරු නිමැවුමකි.

_DSC7403

පියගැටපෙළ

මේ පඩිපෙළ ඔස්සේ ගියවිට සෙල් ලිපියද බැලිය හැකි ය. සෙල් ලිපියට අඩි 150ක් පමණ දුරකින් ඇල්දිය උල්පතක් ද ඇත. නැවත පඩි ඔස්සේ උතුරු දෙසට මඳක් ගියවිට එය බටහිර දෙසට හැරි ඇත. මේ වංගුවෙන් උතුරේ ලංකාවේ හැඩය ගත් අඩි 100 X 30 පමණ වූ පොකුණ අලංකාර නිර්මාණයකි. පඩි පෙළ ඔස්සේ තවත් ඉහලට නගින විට වාහල් කඩේ හා මළුවේ ප්‍රාකාරයේ නටබුන් හමු වේ. මෙහි උතුරු දෙසින් වන පියගැටපෙළ පාමුල පොකුණු දෙකක් හා ගල් කණු කොරවක් ගල් ආදියෙන් සමන්විත මැදුරක නටබුන් වේ.

_DSC7414

වාහල්කඩ දොරටුවෙන් ඇතුළු වූ පසු ගිරිහඬු සෑ වටදාගෙය හමුවේ. මෙහි වැලි මළුවේ පසෙක ගඩොලින් නිම වූ චෛත්‍යයක් හා අඩි 6.5 X 4 පමණවන තනි කළුගලින් නිම වූ ජල බඳුනකි. නැගෙනහිර පියගැට පෙලට වම් පසින් පිළිම ගෙයක නටබුන් දැකිය හැකිි ය. මේ ආසන්නයේ තවත් පිළිම ගෙවල් දෙකක නටබුන් පෙනේ. මේවායේ මුරගල් හා කොරවක් ගල් ආදිය අපුරු නිර්මාණ වේ.

_DSC7418
කළුගලින් නිම වූ ජල බඳුන

Vatadage

_DSC7438

මේ පුදබිමේ ඉතාමත් ආකර්ශනිය නිර්මාණය වන්නේ සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු වටදාගෙයයි. වටදාගෙය මධ්‍යයේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි. කුඩා පරිමානයේ සෑයක්ව තිබු මේ සෑය ද සිලාමේඝ රජ පුළුල් කොට බඳවා ඇත. දැන් මෙහි විෂ්කම්භය අඩි 32.5ක් පමණවන අතර වටදාගෙයි මලුවේ විෂ්කම්භය අඩි 79ක් පමණ වේ. මෙහි දාගැබේ සිට අඩි 3.25ක් හා අඩි 16 පමණ දුරින් වනසේ එක වටයක කුළුණු 16ක් හා අනෙකේ කුළුණු 32ක් වශයෙන් කුළුණු වට දෙකක් තිබී ඇත. කුළුණු හිස සමග තනි ගලින් නිම වූ පිට වටයේ කුළුනක උස අඩි 14.5ක් පමණ වේ. මිට අමතරව ලී කණු පෙලක් ද උපයෝගී කරගෙන වහල නිමකර තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ. වටදාගෙයට ඇතුළුවීම සඳහා සිව් ‌දෙ සින්ම වාහල්කඩ හතරකි.

_DSC7439

ඒ ඉදිරියේ සමාධි පිළිම තැන්පත් කර තිබු ගල් ආසන හතරකි. එක සමාධි ප්‍රතිමාවක් ශේෂව ඇත.

_DSC7420_DSC7421

වාහල් කඩවල ශෛලමය උළුවහු දෙකක් බැගින් ඇත. සලපතල මලුව වැලි මළුවට වඩා අඩි 4යි අඟල් 4ක් පමණ උසින් පිහිටි බැවින් ඊට පිය නැගීමට අලංකාර කැටයමින් යුත් මුරගල් හා කොරවක් ගල් සහිත පියගැටපෙළ හතරකි.

_DSC7419

ඒ කැටයම් ආදිය හා ඉදිරිපස සඳකඩ පහන් අනුරාධපුරයේ ථුපාරාම ආදියේ කැටයම් ආදියට වඩා පැරණි බව පෙනේ. වටදාගේ ඇතුලතින් බිත්ති අඩි 6ක් පමණ උස ය. පිටතින් අඩි 10.5ක් පමණ වේ. පනා බැම්ම අඩි 2යි අඟල් 4ක පමණ ගනකමින් යුක්ත ය.

_DSC7434

වටදා ගෙයට දකුණෙන් හා බටහිරින් ඔත් පිළිම ගෙයක හා හිටි පිළිම ගෙයක නටබුන් ඇත. තවත් විශාල ගොඩනැඟිල්ලක හා දෙවොලකැයි අනුමාන කෙරෙන නටබුන් ද දැකිය හැකි ය.

_DSC7433_DSC7437_DSC7435

ලෙන්

_DSC7404

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනෙන් පසු මේ පුදබිමේ ද ලෙන්වල කටාර කොටා මහ සඟරුවනට පුජා කොට ඇත. ක්‍රිස්තු වර්ෂ පස් වන සියවස පමණ වනවිට ගිරිහඬු සෑය පිහිටා ඇති පුදබිම නිතුපත්පාන යනුවෙන් හැඳින්වෙන රහතන් වහන්සේලා පවා වැඩසිටි ථෙරවාදී පුදබිමකි. අටවන සියවස පමණ වන විට මෙය මහායානික පුදබිමක් බවට පත්ව ඇති බව පෙනේ. තිරියාය සෙල් ලිපියෙහි අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්ව වරුන් ද වන්දනා කොට ඇත. අවලෝකිතේශ්වර බෝධි සත්වයෝ නාවිකයන්ගේ විශේෂ වන්දනාවට පාත්‍රවී ඇත. එහෙයින් වරායක් අසල වූ මේ පුදබිමද ජ්‍යාත්‍යන්තර සබඳතාවන් නිසා මහායානික ඉගැන්වීම් වලට විශේෂ තැනක් දෙන්නට ඇත. විදේශ වල ද ධර්ම ප්‍රචාරක කටයුතු කල අමෝඝ වජ්‍ර නම් මහායානික තෙරුන් වහන්සේ එකල මෙහි අධිපතිත්වය දරා ඇත.

පුරාවිද්‍යා ගවේෂණ වලින් අනාවරණය වී ඇති පිළිම ගෙවල් හයෙන් දෙකක් අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්වයන් උදෙසා යයි සිතති. 1983 දී කරන ලද කැනීම් වලදී කුඩා බුදු පිළිම 31ක් බෝධිසත්ව පිළිම 11ක්‌ හා තාරා දෙවඟනගේ කුඩා පිළිම 3ක්‌ හමු වී ඇත.

DSC06981
තිරියාය පරිශ්‍රයේ තිබී සොයාගත් වජ්‍රධර්ම ලෝකේශ්වර මහායාන ප්‍රතිමාවක් (කොළඹ ජාතික කෞතුකාගාරය)

දොළොස්වන සියවසේ දී සිදුවූ සොළී ආක්‍රමණ නිසා ජනයා මේ පෙදෙස් අතහැර ගිය බැවින් මේ පුදබිම වල් බිහි වින. සියවස් ගණනනාවක් තිස්සේ වනය තුල සැඟව තිබු මේ පුදබිම ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද මාහිමියන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැපවීමෙන් ඉටුකරනලද කාර්ය භාරය නිසා එලි පෙහෙළි වින. ඉන් පසු ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද නාහිමියන් මේ පුදබිමේ භාරකාරිත්වයට පත්විණ. එහෙත් 1985 දී පමණ කොටි ත්‍රස්තවාදීන් මේ ප්‍රදේශය ග්‍රහණයට ගෙන කරන ලද බෝම්බ පිපිරවීම් ආදී හේතු නිසා මේ පුදබිමේ ඉදිකර තුබූ ගොඩනැගිලි නැවත විනාශයට පත්විය. නැවත 2002 පමණ සිට මෙහි සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත.

_DSC7465
බෝධීීීීන් වහන්සේ

මේ පුදබිම දැක බලා ගැනීම මෙන්ම රැක බලා ගැන්ම ද අපේ යුතුකමයි.

girihanduseya
ත්‍රිකුණාමලයේ සිට ගමන් මඟ

-------------------------------------------------- -------------------------------
මෙම ලිපිය 2018.12.10 වැනි දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
-------------------------------------------------- -------------------------------
Werbung

1 KOMMENTAR

HINTERLASSE EINE ANTWORT

Bitte geben Sie Ihren Kommentar!
Bitte geben Sie Ihren Namen hier

Diese Seite verwendet Akismet, um Spam zu reduzieren. Erfahren Sie, wie Ihre Kommentardaten verarbeitet werden.