WM. Chintaka Sandaruwan

Abteilung für Archäologie und Denkmalpflege, Rajarata Universität von Sri Lanka, Mihintale.

Einführung

Chintaka Sandaruwan

Der Beginn der menschlichen Zivilisation in Sri Lanka wird bis 125,000 fortgesetzt, sagt Dr. Deraniyagala. Aber die systematische Anpassung der Kultur an Sri Lanka beginnt im X. Jahrhundert vor Christus Devanampiya Tissa (BC. 250-210) ist eine Anerkennung, dass der Staat mit mahindāgamanayat Saison. Nachdem er zentriert Mahavihara Mönche von Sri Lanka Kultur und die Kultur und die Probleme der menschlichen Evolution stattgefunden hat. Das Kloster war die Schaffung eines Tempels Mahavihara in Anuradhapura zu sein. (C. 87-76) über drei Jahrhunderte kontinuierlichen Zustrom von Mönchen Generation vaṭṭagāmiṇi Sanctuary in dem Zustand während der Auseinandersetzungen mit der Mahavihara und Mahayana Ideen Lankan Gesellschaft und der Verbreitung (. Der Mutter XXXVII, Strophen: 1-16) Mahavihara, Abhayagiri verschiedene Sekte des Theravada, Mahayana, basierend auf zwischen den beiden Klöstern aufgeteilt werden kann in der Entstehung einer Reihe von Unter Agenturen zu sehen. Das Hauptmerkmal war die srilankische Monks Organisation Jahrhundert 6 Mahavihara und Abhayagiri chētavanārāmaya eine separate Sekte unter der Führung der drei Gruppen bekannt, den Tempel pævatimayi (Gunawardena, 1993: 7) vorzubereiten. In der Einleitung zu den verschiedenen Tempeln der vielen Inschriften und literarischen Quellen der Insel, wie Jahrhundert 5 Bereiche identifiziert werden können, um anzuzeigen, dass das ein Drittel der großen Sekten getroffen wurden. Der Tempel auf den Kriterien pabbatārāma aśōkārāmaya pankuliya genannt wird derzeit unterzieht ihn über die besondere Statue fragen.

Wie die gegenwärtige Pankuliya Buddha Statue erscheint

Die Ursprünge der Mahyana-Philosophie

XIX Jahrhundert v. Chr. Ist eine wichtige Periode der srilankischen Geschichte. Buddhismus basiert auf flexiblen, weil seit Jahrhunderten, bis die Situation ohne Probleme zwischen den verschiedenen Königen und Fürsten, Minister gab, verbreitete Buddhismus populär Rosy genommen wurden die Bevölkerung des Landes zu enthalten: Theravada schützen die Mahindagamanaya aufgetreten. Dies ändert sich im 1. Jahrhundert nach Christus. Dies liegt an der staatlichen Kontrolle dieser Ära König Walagamba දේශීය හා විදේශිය වශයෙන් ආක‍්‍රමණයකට මුහුණ දීමයි (මව. xxxiii :37-43). රාජ්‍යත්වය අහිමි වන රජු වනයෙහි සැගවෙමින් වාසය කරන සමයේ මහාවිහාරවාසි Kupikkalatins Theroගේ දානයෙන් ජීවිකාව ගෙනයයි. භික්ෂුව මෙම කළ කාර්යය වෙනුවෙන් රජු කුපික්කලවාසි තිස්ස තෙරුණ්ට වැටකේ පතක ලියා ආරාම පුජාවක් සිදු කරන අතර (එම, 51) රජු නැවත රාජ්‍යත්වයට පත් වීමෙන් පසුව ගිරි නිඝණ්ටාරාමය විනාශ කර අභයගිරි නම් නව විහාරයක් කරවා තිස්ස හිමියන්ට පුජා කරනු ලැබේ. මෙම ආරාම පුජාව පිළිගැනීමත් සමග ශාසනික වශයෙන් අර්බුධ ගණනාවකට හේතු සපයන අතර තිස්ස තෙරුන් මහාවිහාරයෙන් නෙරපීම, උන්වහන්සේගේ ගෝල හිමි වූ උසුලියාතිස්ස හිමි භික්ෂුන් 500 නමක් රැගෙන මහාවිහාරයෙන් නික්ම අභයගිරි විහාරයට යාම ඒ අතර වැදගත් වේ. පසුව ඉන්දියාවේ එල්ලාරාමයේ සිට පැමිණ වජ්ජිපුත්ත නිකායික ධර්මරුචි නම් භික්ෂුවක් ගුරු කර ගනිමින් ධර්මරුචි නම්න් නිකාය නාමයක් යොදා ගෙන නව දර්ශනයන්ට අභයගිරියට ඇතුළු වීමට අවස්ථාව සලසා දේ. මෙම අවස්ථාවේ දී අභයගිරි විහාරයට මහායානික දර්ශනය මුල්වරට ඇතුළු වීම සිදුව ඇත. පසුව මහාවංසය සඳහන් කරන පරිදි වෝහාරිකතිස්ස (ක‍්‍රි.ව. 214-236) රජ සමය තුළත්, ගෝටාභය (ක‍්‍රි.ව. 253-266) රාජ සමය තුළත් මෙම නව දර්ශනය නිසා ශාසනික වශයෙන් යම් යම් ගැටළු මතු වූ ආකාරය හඳුනාගත හැකි වේ. මහසෙන් (ක‍්‍රි.ව. 276-303) රාජ සමය මහායාන දර්ශනයේ දියුණුවට ලැබුණු වරප‍්‍රසාදයක් බව හඳුනාගත හැකි ය. සංඝමිත‍්‍ර නම් තම ගුරු හිමිගේ හා සෝණ ඇමතිගේ උපදෙස් අනුව ක‍්‍රියාත්මක වූ රජු අභයගිරි පාර්ශ‍්‍රවය හා වෙනත් ප‍්‍රදේශ ආශ‍්‍රිත මහායානික ධර්මය පෝෂණයටත් ව්‍යාප්තියටත් රාජ අනුග‍්‍රහය ලබා දීම සිදු කළ බව සාහිත්‍ය මුලාශ්‍රය තොරතුරු අනුව සනාථ වන අතර මහාවිහාරය විනාශ කර උදු වපුරා ථේරවාදි බුදු දහමේ විනාශයට ද කටයුතු කළ බව නිකාය සංග‍්‍රහයේ සඳහන් වේ. විනය ගැටලුවක් හේතු කර ගනිමින් මෙරට මුල්ම නිකාය භේදය ආරම්භ වූ බවත් එම හේතුවෙන් අනෙක් නිකාය පරයා සමාජය තුළ ඉස්මතුවීම අරභයා නව විහාරයට වෙනත් දර්ශනයන්ට ඇතුළු විමටත් පිළිගැනීමටත් අවස්ථාව ලබා දීම තුළ මහායාන දර්ශනය මෙරට ජනගත වූ බව උපකල්පනය කළ හැකි ය. 7 වැනි සියවස් වන විට මහායාන දර්ශනය අභයගිරි විහාරය ඉතා පෘථුල අන්දමින් ප‍්‍රචාරය කළ බව හියුංසාං වාර්තා සඳහන් කරයි (බුද්ධදත්ත, 2000:386). චීන ජාතික ෆාහියන් හිමි දක්වන ආකාරයට අභයගිරියේ භික්ෂුන් 5,000ක් පමණ වාසය කළ බව ද සඳහන් කරයි (බලගල්ලගේ, 2006:93). ඒ අනුව තම දර්ශන ව්‍යාප්ත කරනු ලබන උප ආයතන පද්ධතියක් ද අභයගිරිකයින් විසින් නිර්මාණය කර ගත් බව හඳුනාගත හැකි ය. මහායාන දර්ශනය සඳහන් සුත‍්‍ර, සංස්කෘති ලිපි, තාරා දේව ප‍්‍රතිමා, බෝධිසත්ත්ව ප‍්‍රතිමා ආදිය මෙම මහායාන දර්ශනය ව්‍යාප්ත කළ ස්ථාන තුළින් හමුවන සාධක වේ. අභයගිරි විහාරයට උතුරින් පිහිටා ඇති පන්කුලිය අශෝකාරාමය ද මහායානික බෞද්ධ ස්ථානයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වේ. මෙහි දී ඒ පිළිබඳ සාක්ෂි ද සොයා බලනු ලැබේ.

Feld Positionierung

ශී‍්‍ර ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ මධ්‍යම නුවරගම් පළාතේ අශෝකාරාම ග‍්‍රාම සේවා වසමට අයත් වන මෙම ක්ෂේත‍්‍රය කුට්ටම්පොකුණ සිට ගල්පාලම දක්වා දිවෙන මාර්ගයෙහි කිලෝමීටර් දෙකක් පමණ ගමන් කිරීමෙන් පසු ප‍්‍රධාන මාර්ගයෙන් දකුණු පැත්තට (ක්ෂේත‍්‍ර නාම පුවරු සවිකර ඇති ස්ථානයෙන්) හැරි තවත් කිලෝමිටරයක් පමණ ගිය විට පංකුලිය ක්ෂේත‍්‍රයට ලඟා විය හැකි අතර ඒ සඳහා හාල්පානු ඇලෙන් එගොඩ විය යුතුයි. වර්ථමානයේ දී මෙම ක්ෂේත‍්‍රය උතුරින් වගුරු බිමකින් ද, දකුණින් වෙල්යායකින් නැගෙනහිරින් මල්වතු ඔයෙන් හා බටහිරින් විශාල පොකුණකින් ද සිමා වී තිබේ.

Es gibt Meinungen über die Pankuli

ජනප‍්‍රවාද සාධක අනුව දුටුගැමුණු මහ රජුගේ පුත් වූ සාලිය කුමාරයා ස්වකීය භාර්යාව වු අශෝකමාලාවගේ නමින් අශෝකාරාමය කරවන ලද බවත් ඔවුන්ගේ පේ‍්‍රම වෘතාන්තය හා සම්බන්ධ මල් උයනෙහි එය පිහිටා තිබුණු බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වේ (සිංහල ශබ්ධ කෝෂය 1965:270). සාලිය විසින් අඩු කුලයේ කාන්තාවක වූ අශෝකමාලාව විවාහ කර ගත් නිසා ඔහුට රාජ්‍යත්වය අහිමි වූ බවත් අැතුළු නගරයට ඇතුළු වීමට ද තහනම් වූ බව පෙනේ. මෙම නිසා පුජණීය ස්ථාන වන්දනා කර ගැනීමට නොහැකි වූ නිසා මෙම ස්ථානය තෝරාගත් බව ජනප‍්‍රවාදයේ එයි. එයට හේතු වන්නේ මෙම ස්ථානයේ සිට ප‍්‍රධාන බෞද්ධ මධ්‍යස්ථාන වන රුවන්වැලි සෑය, අභයගිරිය, ඡේතවනාරාමය, මිරිසවැටිය හා මිහින්තලය යන ස්ථාන සියල්ල එකම ස්ථානයක සිට නැරඹිය හැකි වීමයි. වර්ථමානයේ දී ද අශෝකාරාමය හා සාලියපුර යන ප‍්‍රධාන ගම්මාන දෙකකට මැදිව මෙම ස්ථානය පිහිටා තිබිමෙන් මෙහි යම් සත්‍යතාවක් පවතින්නට ඇති බව සිතිය හැකි ය. මහාවංසයේ සඳහන් වන පරිදි ක‍්‍රිස්තු වර්ෂ 276ට ආසන්න කාලයේ දී මහසෙන් රජු (ක‍්‍රි.ව 276 -303) විසින් මෙහෙණවර දෙකක් අභයගිරියට උතුරින් කළ බව සඳහන් වේ (මව. xxxvii:43). එය ‘උතුරු අබාහෙබ’ හෙවත් උතුරු දෙසින් පිහිටි මෙහෙණවර ලෙස හඳුනාගත හැකි අතර එයින් එක් විහාරයක් වර්ථමාන පංකුලිය ලෙස උපකල්පනය කළ හැකි ය. භික්ෂු ශාසනය උදෙසා විවිධ වූ වෙහෙර විහාර ඉදිවන අතර භික්ෂුණින් සඳහා ද මෙහෙණවර ඉදිකර ඇත. එහි ආරම්භය දේවානම්පිය තිස්ස රාජ්‍ය සමය (ක‍්‍රි.පූ 250-210) දක්වා ම දිවයයි. භික්ෂුණින් සඳහා උපාසිකා මෙහෙණවරත්, හත්ථාළ්හක මෙහෙනවර ඇතුළු විහාර අංග නිර්මාණය කළ බව සඳහන් වේ (මව. xviii:13). මෙම යුගයට පසුත් විවිධ රාජ යුග තුළ භික්ෂුණින් සඳහා මෙහෙණවර සකස් කිරීම හා නඩත්තු කටයුතු සිදු කළ බව මහාවංසයේ මෙන්ම වංසත්ථප්පකාසිනියේ ද සඳහන් වේ. පසු කාලයේ දී මෙම ප‍්‍රදේශවලට ද්‍රවිඩ නාමයන් එක් විම නිසා උත්තර ප‍්‍රදේශය පන්කුලිය නමින් හඳුන්වා ඇති අතර එම ප‍්‍රදේශයේ පැවති මෙහෙණවර ද එම නමින් ම හඳුන්වා ඇත (සිංහල විශ්ව කෝෂය, 1965:270). මුල් යුගයේ දී මෙම ප‍්‍රදේශය ‘පාදෝන්නරුකුලිය’ ලෙස හඳුන්වා ඇතත් එවැනි නාමයක් පැරණි සාහිත්‍ය මුලාශ‍්‍ර අතර සඳහන් නොවේ (Zilva, Wekramasinghe 1928:256). මෑතක් වන තුරුම මෙහි ද්‍රවිඩයින් වාසය කළත් වර්තමානයේ දී හඳුනාගත නොහැකි ය.

Nach Sri Lanka Manju Architectural Canon Tempelschrein pabtata Kategorie gesprochen und wurde gōkulārāma-Vikranta Plan (Marasingha, 1993: xi) entworfen. Mahinda vierte Bergbaufirma entdeckte diesen Ort (c. 956-972) oder Firefox salamevan Parks Inschrift heißt es, dass für die meheṇavarak, dass die Arbeit der Reform des neuen Jahrhunderts (gleich).

පන්කුලිය පුර්ව පර්යේෂණ

Pankuliya wurde erstmals im 1892-Jahr durch Askese erforscht. Von Bell. Exploration und Bohrungen wurden in den archäologischen Informationen auf der Straße durchgeführt haben 1892 Archäologie Survey of Ceylon Jahresberichtes. Das Kloster in Verbindung mit dem Bau und die Planung von Mess Auslosung wird zwischen dieser Inschrift durchgeführt werden, die bestätigen, dass der Mönch meheṇavarak jantāgharayaṭa in der Nähe des Gebäudes des Westens gefunden wurde gemeldet. Paranawithana, Senaka Bandaranayake, Devendra Chandra vikramagamagē, Anuradha Seneviratne usw. müssen auch über die archäologische Stätte herauszufinden, und es scheint, dass der Hauptgrund ist die Statue des Buddha an diesem Ort.

Pankuliya Buddha-Statue

Pankuliya Buddha-Statue

පන්කුලියේ පුරාවිද්‍යා ස්ථානයේ ඇති හිඳි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ 1887 වර්ෂයේ දී ආර්.ඩබ්. අඊවර්ස් විසින් සොයාගත් බව සඳහන් වේ. හුණුගලින් නිර්මාණය කර ඇති මෙම බුද්ධ ප‍්‍රතිමාව ඒ වන විටත් විනාශ වීම් ගණනාවකට ලක්ව පැවති අතර ස්ථාන කිහිපයකින් විභේදනයට ලක්ව පැවති බව සඳහන් වේ. ප‍්‍රතිමා ලක්ෂණ අනුව බොහෝ විද්වතුන්ගේ ගෞරව ආදරයට පත් බුද්ධ ප‍්‍රතිමාවක් ලෙස මෙම බුද්ධ ප‍්‍රතිමාව දැක්විය හැකි ය. උසින් අඩි හතයි අගල් හයකින් ද පළලින් අඩි හයකින් යුක්ත වේ. බුද්ධ ප‍්‍රතිමාවක උස ගණනය කරනු ලබන්නේ නවතාල ක‍්‍රමයට අනව වන අතර අභයගිරි සම්ප‍්‍රදායට අයත් බුද්ධ ප‍්‍රතිමව උස ගණනය කරනු ලබන්නේ නළල මුදුනේ කෙස් කෙලවර සිට යටිපතුල දක්වා දුර ප‍්‍රමාණයයි (වික‍්‍රමගමගේ, 2006:49). ඒ අනුව සළකා බැලීමේ දී චතුර්මානය අනුව මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කර ඇති බව හඳුනාගත හැකි ය. හිඳි බුදු පිළිිමයක ප‍්‍රමාණමය සමතුලිතතාව රැක ගැනීම සඳහා නළලේ කෙස් කෙළවර සිට ආසනයට ඇති දුරත් වම් උරහිස සිට දකුණු දණහිසට ඇති දුරත් දකුණු උරහිස සිට වම් දණහිස දක්වා ඇති දුරත්, දණ දෙක අතර දුරත් සමාන වීම ප‍්‍රතිමා ප‍්‍රමාණ විද්‍යාවේ දී චතුර්මාන ලෙස සැළකේ (එම, 53). අභයගිරි සම්ප‍්‍රදායේ බුදු පිළිමවල ඇති තවත් ලක්ෂණයක් වන්නේ හිස මුදුනේ ඉහලය නේරාගිය බුදු රැස් සංකේතයයි (රංසිපුඤ්ඡය). මෙය චීන මුලාශ‍්‍රය අනුව උෂ්නීෂය ලෙස ද හඳුන්වයි. ජපානයේ ‘නික්කෙයි’ යනුවෙන් ද මෙම ලක්ෂණය හඳුන්වනු ලබන අතර ඉන්දීය මහායාන ශිල්ප ශාස්ත‍්‍ර ග‍්‍රන්ථ තුළ මෙම ලක්ෂණය හිස මුදුනේ ඇති ලක්ෂණය ලෙස දක්වයි (එම, 19). ඒ අනුව මහායානිකයින් උෂ්නිෂය ලෙස හඳුන්වනු ලබන්නේ හිස මුදුනේ මාංශමය හා අස්ථිමය නෙරීමක් බව හඳුනාගත හැකි අතර එය සෑම මහායානික බුදු පිළිමයකම දැකිය හැකි ය. ඒ අනුව අභයගිරි බුද්ධ ප‍්‍රතිමා සඳහා ද මෙම ලක්ෂණය පැමිණ ඇති අතර එය කේතුමාලා ලෙස හඳුන්වාදීමට Vaṁsatthappakāsaniya උත්සහදරා ඇත. අභයගිරියේ දෙවන සමාධිය ලෙස හඳුනාගන්නා ආසනඝරයේ ඇති බුද්ධ ප‍්‍රතිමාවත්, පන්කුලිය අශෝකාරාමයේ ඇති මෙම බුද්ධ ප‍්‍රතිමාවත් මෙම ලක්ෂණ දරයි. මෙම කේතුමාලා ලක්ෂණය මහාකාල නාගරාජයා අශෝක රජු සඳහා නිර්මාණය කළ බුදු පිළිමයේ ද වූ බව මහාවංසය හා සමන්තපාසාදිකාවේ සඳහන් වේ. එසේම මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ඇති තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ හිස මුදුණේ සිරස්පතක් සවිකර තිබු බවට සාධක හමුවීමයි. අගල් දෙක හමාරක් තරම් ගැඹුරකින් යුත්ත සිදුරක් ඒ සඳහා බුද්ධ ප‍්‍රතිමාවේ සිරසෙහි වේ. සිරස්පත බුදු පිළිමයට එකතු වන්නේ මහනුවර යුගයේ දී වේ. එසේ නම් මෙම ප‍්‍රතිමාව මහනුවර යුගයේ දී ප‍්‍රතිසංස්කරණයට ලක් වුණා ද නැතහොත් මුල් යුගයේ සිටම පැවතියාදැයි සොයා බැලිය යුතු වේ. මෙම සිරස්පත ශිලා නොවන වෙනත් මාධ්‍යකින් පවතින්නට ඇති බවත් එය බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කළ යුගයට පසුව සිදු කරන්නට ඇති බවත් උපකල්පනය කළ හැකි ය. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ හිස හා කෙස් දැක් වීමේ දී විභජ්ජවාදි සම්ප‍්‍රදායට අනුව යමින් දිය බින්දුවක් මෙන් රවුම් පිරිපුන් හිස හා නළල්පටක් බැන්දාක් මෙන් පිරිපුන් නළල් තලයකින් යුක්ත වේ. හිසකෙස් දක්ෂිනාවර්තව කැරකුණු බවක් හඳුනාගත හැකි ය. බුදු පිළිමයේ උර්ණරෝම ධාතුව දැක්වීම සිදු කර නොමැත. මුහුණ ඉතා රවුම් ආකාරයෙන් දක්වන අතර අඩවන් වූ දෙනෙත් තරමක් දික් වූ නාසය විශාල නොවු තොල්පෙති හා සිහින් දෙබෑම බුදු පිළිමයට පිරිපුන් භාවයක් ප‍්‍රකට කරයි.

Die Archäologische Untersuchung von Ceylon (Jahresbericht 1892)

බුද්ධ ප‍්‍රතිමාවේ සිවුරේ පවතින ලක්ෂණ ද ඉතා වැදගත් වේ. අනුරාධපුර යුගය නියෝජනය කරනු ලබන බුද්ධ ප‍්‍රතිමානවල වැදගත් ලක්ෂණයක් වන්නේ සිවුර ඇගටම ඇලෙන ආකාරයෙන් නිරූපණය කිරීම, ඒකාංශ පාරුපනයෙන් යුක්ත වීම ආදියයි. ඒකාංශ පාරුපන යනු එක් උරහිසක් පමණක් ආවරණය වන ලෙස සිවුර පෙරවීමයි. එය වම් උරහිස ආශ‍්‍රිතව සිදු කරයි. ලංකාවේ බුදු පිළිමවල බහුලවම භාවිත වන්නේ මෙම ක‍්‍රමයයි. වම් උරහිස හරහා වැටි ඇති චීවරය වම් අත මත එකතු කර ගනිමින් වම් කකුල මත විසුරුවා හැර තිබේ. මෙම ප‍්‍රතිමාවේ පිටුපස සිවුරේ රැලි දැක්වීම ද විශේෂ ලක්ෂණයකි. වම් උරහිස පැත්තෙන් එකතු වන සිවුර රැලි හතරක් ලෙසින් පහළටම රැගෙව විත් එය මුල් කර ගනිමින් සිවුරේ රැලි බෙදා දක්වා ඇත. එහි දි අගල් දෙකේ සිට අගල් හතර දක්වා වන සිවුරේ රැලි නිර්මාණය කර තිබීම වැදගත් වේ. මෙවැනිම ලක්ෂණ පවතින බුද්ධ ප‍්‍රතිමාවත් අභයගිරි ආසනඝරයේ ද හඳුනාගත හැකි ය. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ පවතින මුද්‍රාව ද ඉතා වැදගත් වේ. ප‍්‍රතිමාවේ දෙ අත් දැක්වීම විශේෂ ආකාරයට සිදු කර ඇති අතර එයින් බුදුන් වහන්සේ ධර්ම දේශනාවක යෙදෙමින් කිසියම් ගැටළුවක් නිරාකරණය කරනු ලබන අන්දම නිරූපණය කරන බව විද්වත් මතය වේ. දකුණු අතේ ඇඟිලි මැදින් කැඩි ගොස් ඇතත් එයින් විතර්ක මුද්‍රාව නිරූපණය වන අතර වම් අතෙන් කටක මුද්‍රාව නිරූපණය වන බව චන්ද්‍රා වික‍්‍රමගමගේ අදහස් දක්වයි. අනුරාධ සෙනවිරත්න දක්වන පරිදි මෙම ප‍්‍රතිමාවේ මුද්‍රාව අභය හා ආහ්වන මුද්‍රාවෙන් යුක්ත බව සඳහන් කරයි. මෙම ප‍්‍රතිමාව විරාසනයක් මත වැඩ සිටින අතර වර්ථමානයේ දී ඉදිකරන ලද පිඨීකාවක් මත වැඩ හිදී. බුද්ධ ප‍්‍රතිමා ලක්ෂණ අනුව මෙම බුදු පිළිමය පරණවිතානයන් දක්වන පරිදි හය වැනි සියවසට අයත් වන්නට ඇති බවත්, වනරතන හිමියන්ගේ අදහසට අනුව අටවැනි සියවසට වඩා පැරණි බවත්, ඩී.ටී. දේවේන්ද්‍ර මහාතා ක‍්‍රිස්තු වර්ෂ 4 වන සියවසට අයත් වන බවත්, වික‍්‍රමගමගේ මහතා මෙම බුද්ධ ප‍්‍රතිමාව ක‍්‍රිස්තු වර්ෂ 8 වන සියවසට අයත් වන බවත්, අනුරාධ සෙනවිරත්න දක්වන පරිදි මෙම බුද්ධ ක‍්‍රිස්තු වර්ෂ 9-10 වන සියවසට අයත් වන බව සඳහන් කරයි.

Zusammenfassung

අනුරාධපුර පන්කුලිය හෙවත් අශෝකාරාමය හුදකලා පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය යනු පබ්බතාරාම ගණයට අයත් විහාර සංකීර්ණයක් වන අතර භාවනායෝගී කටයුතු සඳහා භාවිත වන්නට ඇතැයි සිතිය හැකි ය. මෙම ස්ථානය වඩා ජනප‍්‍රියත්වයට පත්වන්නේ මෙම ස්ථානයේ ඇති බුද්ධ ප‍්‍රතිමාව නිසා ය. එයට අතරව විවිධ සාධක මත පිහිටා මෙම ස්ථානය භික්ෂුණි මෙහෙණවරක් යැයි සළකන නිසා ද වේ. පෙර දක්වන ලද තොරතුරු අනුව අභයගිරි විහාරය මහායාන දර්ශනය පිළිගත් අයුරුත් මහායානික අදහස් දරන උප ආයතන බිහිකළ බවටත් සාධක හමු වේ. මෙම ආරාමය ද මහායානික අදහස් ප‍්‍රකට කළ ස්ථානයක් බව සනාථ කිරීමට කරුණු ගණනාවක් හඳුනාගත හැකි ය. අභයගිරියට ආසන්නව පැවතිම ඉන් ප‍්‍රධාන වුවත් ඒ සඳහා සාක්ෂි අවශ්‍ය වේ. එය ප‍්‍රධාන වශයෙන් ආරාමයේ පවතින සාධක හා ආසන්න කලාපයේ පවතින සාධක අනුව වර්ග කළ හැකි ය. විහාර සැලස්ම නිර්මාණය කිරීමේ දීම මහායානික ඉගැනිවීම් අනුවම මෙම විහාරය නිර්මාණය කර තිබීම වැදගත් ලක්ෂණයකි. රෝලන්ඞ් සිල්වා දක්වන පරිදි මහාවිහාර සම්ප‍්‍රධායෙන් බිදි ගොස් වනවාසිව බිහි වූ ආරාම පංචාවාස ලෙසත් එම ආරාම සැලසුම් ආර මහායාන ග‍්‍රන්ථයක් වන මංජු ශ‍්‍රී භාශිත වාස්තුවිද්‍යා ශාස්ත‍්‍රය තුළ දක්වන පබ්බතාරාම ගණයට අයත් වන බවත් දක්වයි (මාරසිංහ, 1993:xi). පන්කුලිය ආශෝකාරාම ගෝකුලාරාම – වික‍්‍රන්ත සැලසුම අනුව නිර්මාණය කර ඇති බව වෝල්ටර් මාරසිංහ දක්වයි. මෙම ස්ථානයේ පවතින ගොඩනැගිලි සාධක දෙකක් ද එම ගොඩනැගිලි ආශ‍්‍රයෙන් ලැබුනු පුරාවස්තු ද මෙම ස්ථානය මහායානික ස්ථානයක් බවට සනාථ කරගත හැකි සාධක සපයයි. මහායානයට අනුව යක්ෂධාමය හා දිව්‍ය මණ්ඩපය ලෙස හඳුන්වන ගොඩනැඟිලිවලින් මහායාන බුදු දහමට අයත් යක්ෂ හා දෙවි දේවතාවන්ගේ ප‍්‍රතිමා තැම්පත් කිරීම සිඳු කළ බව මාරසිංහ දක්වන අතර බෙල් විසින් 1892 වර්ෂයේ දී මෙම ස්ථානයේ සිදු කළ කැනිම් අනුව එවැනි ගොඩනැඟිල්ලක ලක්ෂණ පවතින ගොඩනැගිල්ලක් හඳුනාගෙන ඇති අතර එම ස්ථානයෙන් මහායාන දේව ප‍්‍රතිමා කොටස් සොයාගෙන ඇත (ASCAR, 1892, plate:xxviii-xxix). මෙම ලිපියෙහි මුඛය පුරාවස්තුව වන ප‍්‍රතිමාව ද මහායානික ලක්ෂන අනුව නිර්මාණය වූ බුද්ධ ප‍්‍රතිමාවක් බව ඉහත දක්වන ලද කරුණු ආනුව සනාථ වේ. ආසන්න කලාපයේ ඇති අභයගිරි විහාරයත් විජයාරාමයත් මහායානයේ ප‍්‍රධාන ස්ථාන වූ නිසාවෙන් එම ආසන්නයේම ඇති පන්කුලිය තුළින් ථේරවාදි දර්ශනය පවත්වාගෙන යාමට ඉඩ දෙන්නට ඇති බව සිතිමට නොහැකිය. පන්කුලියේ භික්ෂුණින් වාසය කලේ නම් අනිවාර්යෙන්ම මහායානික භික්ෂු ආරාමයක් ආසන්න කලාපයේ පැවතිය යුතු අතර විනය කර්ම පෙහොය කර්ම හා උපදෙස් ලබා ගැනීමත් භික්ෂුන් වාසය කරන භූමි භාගයක් තුළ භික්ෂුණින්ගේ වාසස්ථාන සකස් විය යුතු බව භික්ෂූණි පාතිමොක්ෂයේ සඳහන් වේ. එම නිසා එම අවශ්‍යතාවන් මහායානික දර්ශනය ක‍්‍රීයාත්මක වූ අභයගිරියෙන් හෝ විජයාරාමයේන් ලැබිය යුතුම වූ නිසාත් මෙම ස්ථානය මහායානික දර්ශනය වූ ස්ථානයක් වශයෙන් උපකල්පනය කළ හැකි වේ.

Verwandte Dokumente

  • Mahavamsa, (1996), (Hrsg.) Sri Sumangala Nayaka Thera und Batuwantuduwa. Godage und Brüder, Colombo.
  • King, (1976), AV. Abteilung für Bildungspublikationen, Colombo.
  • Hettiarachchi, (1965), Die singhalesische Enzyklopädie, Kategorie 1, Department of State Printing.
  • Marasinghe, W. (1993), Manju Sri Lakshya Gärten, Piyasiri Printe System, Nugegoda.
  • Paranawitana, S. (1940, 1946), Archäologische BerichteAbteilung für Archäologie.
  • Amarasinghe, M. (2010), Buddha-Statue in Sri Lanka, Dayawansa Jayakody & Company, Colombo.
  • Silva. R, (1998), Unser kulturelles Erbe, Sekundäre Aspekte (architektonische Merkmale der Stadt Anuradhapura und heilige Orte der Anbetung)
  • Hemalatha, R. D. (2014), Anuradhapura Pankuliya AshokaramayaAugen. Godage und Brüder, Colombo.
  • Glocke, HCP (1892,1892), Archaeology Survey of Ceylon Jahresbericht, Regierungspresse, Colombo.
-

Dieser Artikel wurde zuerst auf der Website www.archaeeology.lk/sinhala auf 2017.08.30 veröffentlicht.

-
Werbung

1 KOMMENTAR

HINTERLASSE EINE ANTWORT

Bitte geben Sie Ihren Kommentar!
Bitte geben Sie Ihren Namen hier

Diese Seite verwendet Akismet, um Spam zu reduzieren. Erfahren Sie, wie Ihre Kommentardaten verarbeitet werden.