Kelum Nalinda Manamendra-Arachchi
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය,
වනජීවී උරුම භාරය

සාරාංශය: පසුගිය සියවස තුළ ශ‍්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම විද්වතා ලෙස ආචාර්ය පෝල් එඞ්වර්ඞ්
පීරිස් දැරණියගල සඳහන් කළ හැකිය. වසර 1900 උපත ලැබූ එතුමා කෞතුකාගාර අධ්‍යක්ෂ ලෙස
1963 තෙක්ම මෙරට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවටත්, සත්ත්වවිද්‍යා ක්ෂේත‍්‍රයටත් විශාල සේවයක්
කළ අග‍්‍රගන්‍ය පුද්ලයෙකි. එතුමා තම ජීවිත කාලය තුළ ශාස්ත‍්‍රීය ලිපි හා ග‍්‍රන්ථ හාරසියයක් පමණ
පළ කළ අතර ඒවා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ පරිශීලනයටත්, ආකර්ෂණයටත් භාජනය විය. මානව
විද්‍යාව, භෞතික මානව විද්‍යාව, පුරාවිද්‍යාව, පාෂාණිභූත විද්‍යාව, මත්ස්‍ය විද්‍යාව, උරග විද්‍යාව
ඇතුළු තවත් ස්වාභාවවිද්‍යා විෂය ක්ෂේත‍්‍ර ගණනාවකම ප‍්‍රවීණයෙක් වූ එතුමා ජාතික
කෞතුකාගාරයේ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික අධ්‍යක්ෂවරයාද විය. එතුමා ‘Balangoda dyn’ හෙවත් ශ‍්‍රී
ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ කළ අනාවරණය, මෙරට ප‍්‍රාග් ඉතිහාස අධ්‍යයන්හි නව
පරිච්ඡදෙයක් ආරම්භ කිරීමට සමත් විය. ජුරාසික, මයෝසීන හා ප්ලය ිස්ටොසීන ෆොසිල පිළිබඳව
ඔහු විසින් සිදු කළ පාෂාණිභූත පර්යේෂණ හේතුවෙන් ග්ලැසියර හා අන්තර් ග්ලැසියර
කාලපරිච්ෙඡ්ද තුළ ශ‍්‍රී ලංකාව හා ආසියාවේ අනෙකුත් කලාපයන්හි සතුන්ගේ ව්‍යාප්තීන් පිළිබඳව
නව මත බිහිවීමට දායක විය. ආචාර්ය පී.ඊ.පී. දැරණියගල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය
පිළිබඳවත්, පාෂාණිභූත විද්‍යාව පිළිබඳවත් කළ පර්යේෂණ මත පදනම්ව එතුමා විසින් මෙම
ක්ෂේත‍්‍රයට දැක්ව ූ දායකත්වය පිළිබඳව මේ ශාස්ත‍්‍රීය ලිපිය මඟින් අවධාරණය කෙරේ. අප
වර්තමානයේ සාකච්ඡා කරනු ලබන පුරාජෛවවිවිධත්ව පර්යේෂණයන්හි පුරෝගාමියා ඔහු වන
අතර වර්තමානයේ එම ස්වාභාවික දායාදය ආරක්ෂා කර ගනු වස් එතුමා විසින් අනාවරණය කරගත්
දත්ත බොහෝ සේ දායක වනු ඇත.

මෙම ලිපිය ආචාර්ය පී.ඊ.පී. දැරණියගල 39 වන ගුණානුස්මරණය වෙනුවෙන් පැවැත්වු පුරා ජෛවවිවිධත්ව සමුළුව 2012 පර්යේෂණ ලිපි සහ තොරතුරු පත්‍රිකා වෙළුමෙන් උපුටා ගන්නා ලදී. මෙම ලිපිය සිසුන් වෙනුවෙන් අප වෙබ් අඩවියේ පළ කිරීමට අවසර දුන් කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතාට අපගේ විශේෂ ස්තූතිය හිමි වේ.

සම්පුර්ණ ලිපිය මෙම දිගුව මත ක්ලික් කිරීමෙන් ලබා ගන්න. ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇත.

hysbysebion

GADWCH GYFLENWCH

Rhowch eich sylw!
Rhowch eich enw yma

Mae'r wefan hon yn defnyddio Akismet i leihau sbam. Dysgwch sut mae eich data sylwadau yn cael ei brosesu.